24 C
Colombo
Tuesday, November 24, 2020

ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...
More

    Latest Posts

    මෘත දේහයක දින 27කට පසුවත් කොරෝනා වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ!

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක...

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    ‍ඓතිහාසික නිදන්ගල රාජකීය බළකොටුවක්ද? රාජ්‍ය භාණ්ඩාගාරයක්ද?

    25 ජනවාරි, 2020

    මතුගම මෝල්කාව කෙළින්කන්ද හා කලවාන කුකුළේගඟ බලාගාර මාර්ගයේ ගිය විට මීපාගම ජලාශය ආසන්නයේ පවතින ඓතිහාසික හා සංස්කෘතික අගයකින් යුතු නිදන්ගල රාජකීය වස්තු තැන්පත් කළ රාජකීය යුද්ධ බළකොටුවක් බව දැන් අනාවරණය වෙමින් පවතී.

    මහා පරාක්‍රමබාහු, වළගම්බා, විජයබා, දුටුගැමුණු මහා රජවරුන් ගේ රාජ්‍ය සමයන්හි පමණක් නොව ඊට ඈත අතීතයේ රාවණ යුගය තෙක් මෙම ඓතිහාසික, නිදන්ගල, පුරාවෘත්තය ඇදී යයි.

    මහා සබරගමු සංස්කෘතියේ අලුත්ම අලුත් පිටුවක් ඇරඹෙන ‘නිදන්ගල’ ආශ්‍රිත ඉපැරණි නෂ්ඨාවශේෂ මෙන් ම මහා වනාන්තරයේ ජෛව විවිධත්වය රත්නපුර මහ පොළොවේ ජනිත වන වෛදුර්ය මානික්‍යයන්ටත් වඩා අගයකින් යුතු බව අනාගතයට සාධක සහිතව ඔප්පු වනු ඇත.

    නිදන් කළ ගල – නිදන්ගල යැයි ද මෙම මනස්කාන්ත ගල් තලය පුරා ඉපැරැණි රාජකීය වස්තූන් නිදන් කර ඇතැයි ද පරම්පරා ගණනාවක සිට තවමත් ප්‍රචාරය වන සත්‍යයකි.

    “අපි ඒ දවස්වල වෙසක් මල් නෙළන්න නිදන් ගලට යනවා. ගලේ හැම තැනම ලස්සන ගල් කටාරම්, ගල් වළවල් ගල් නිමැයුම් තිබුණා. මහා හාස්කම් පිරුණ නිදන් අරක් ගත් බහිරවයන් සිටින මහා ගුප්ත භූමියක් ලෙසයි අපේ ඉපැරණියෝ කියන්නේ. අපි තවමත් ඒ මතයට ගරු කරනවා‍.”

    මේ කතාව අපට හෙළි කළේ පාලින්ද නුවර විශ්‍රාමික ග්‍රාම නිලධාරි මහතෙකි.

    පුරාවිද්‍යා ගවේෂක ප්‍රවීණ ලේඛක මතුගම සෙනෙවිරුවන් මහතා නිදන්ගල යුද බළකොටුවක් බව අනාවරණය කළේ අප කළ විමසුමකදී ය.

    “නිදන්ගල තදාසන්නයේ බැලුම්ගලය. එ සමඟම කොඩිප්පිලි කන්දය. බැලුම්ගල කියන්නේ බලන ගලයි. ඒ කීවේ ආරක්ෂාව පිළිබඳව සෙවුම් බැලුම් කළ ගල් තලාවය. කොඩිප්පිලි යන්න – කොඩි එසවූ ගල යන අරුතයි. රාජ්‍යයේ හදිසි තොරතුරු පණිවුඩ දැනුම් දීමට කොඩිය ඔසවන ස්ථානය පිහිටි කන්දයි. කොඩිප්පිලි කන්ද කියන්නේ මේ නිදන්ගල අසලම තියෙනවා ගමක්. බාම්පාර ගම කියන්නේ පාර බලන කියන එකයි. බලන් පාර – බාම් පාරයි.

    තවත් පැත්තකින් අර කෙළින් කන්දේ යෝධ ගල් වැටයි. එය හරියට චීන මහා ප්‍රාකාරය වාගේ රාජකීය කඳවුරක් හෝ රාජ්‍යයක් ආරක්ෂා කිරීමට ඉදිකළ දැවැන්ත ගල් ප්‍රාකාරයයි. එය කිලෝමීටර් හත අටක් දිගට පැතිර පවතිනවා. මේ ගල් ප්‍රාකාරයත් අද තර්ජනයට ලක්ව පවතිනවා. ගල් ප්‍රාකාරයට නැගෙනහිරින් තමයි බැලුම්ගල පවතින්නේ. ගල් ප්‍රාකාරයට තවත් පහළින් පැළැන් ගඟයි. ඒ ආසන්නව වීදියබණ්ඩාර කුමාරයා ඉදිකළ රාජකීය වාස භවනයි.

    මා නිදන්ගල ප්‍රදේශයේ වෙස්වලා ගෙන හදිසි සංචාරයක නිරතවූයේ එම භූමිය විවිධ කණ්ඩායම් වල ආක්‍රමණයට ගොදුරුව ඇති බව මඟදී මුණ ගැසුණු කිහිප දෙනෙකුගේ අදහස් සැලකීම නිසා ය.

    එහෙත් මෙයට මාස හත අටකට පෙරදී මෙහි දැකීමට තිබුණු මනුෂ්‍ය ක්‍රියාකාරකම් අතර ගල සිදුරු කර වළවල් හාරා කණු සිටුවන ලද බවට වූ සලකුණු සහ පොකුණ මෙන් ම සඳකඩ පහණක සලකුණ පවා කිසිවකු හෝ කණ්ඩායමක් විසින් විනාශ කර ඇති බව පරිසරවේදියෙකු වන සුසිල් ප්‍රියන්ත ගමඇතිගේ හෙළි කරයි.

    “මෙය ඓතිහාසික අතින් බොහොම වටිනා සංරක්ෂණය කළ යුතු ගවේෂණය කළ යුතු රාජකීය යුද්ධ බළකොටුවක් යන්න මගේ අදහසයි.

    කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මාතර, කටුවන ලන්දේසි බළකොටුවලට පහරදී ජය අරන් කලවානේ සබරගමුවේ වීරයින්ට සන්නස් ගම්වර ප්‍රදානය තියෙනවා. මෙයට කුකුළු කෝරලය කියන නම හැදිලා තියෙන්නේ පොර කොටන කුකුළෙකුගේ දක්ෂතාවය දැකලා පැහැදුණු රජතුමා කුකුළා අරන් ගිය පුද්ගලයාට ගම්වර ප්‍රදානය කළා. ඊට පසුවයි කුකුළු කෝරලය වූයේ. රජ්ජුරු‍වෝ නිදන්ගල, ප්‍රදේශයේ වාසය කළ බව මේ තුළින් ද ඉතා පැහැදිලියි.

    දික්ගම්පල් කෝරලයෙන් ගෙනා 
    කුකුළු පොරකොටන්ඩ 
    කොක් හඬලා පටන් ගත්තු 
    අනික් කුකුළා මරා ලන්ඩ 
    විත් මැති යුධ කරපු නිසා 
    මහ වාසළ සතුටු වන්ඩ 
    එදා පටන් නම තැබුවයි 
    කුකුළු කෝරලය කියන්ඩ

    (සබරග‍මුවේ පැරණි ලියවිලි)

    සෙංකඩගල කීර්ති ශ්‍රී රාජසිංහ රජු උමං මාර්ග ඔස්සේ මෙම නිදන්ගල ආරක්ෂිත ස්ථානයට පැමිණ ආරක්ෂිතව සිටිය බවත් මේ අවධියේ පොර කුකුළා ගේ සිද්ධිය වුණු බවත් මේ නිසා තහවුරු වෙනවා ඔහු පවසයි.

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් මෙම සටන්වලදී දක්ෂතාවන් දක්වන ලද වීරෝධාර සබරගමුවේ නායකයින් කිහිපයක් වේ.

    කුකුළේගම හපුගොඩ සන්නස, කොළොන්නේ සන්නස, ඇමිටියගොඩ අලහකෝන් සන්නස, බුලුවානේ ඒකනායක සන්නස, හැවක්දෙණියේ ගම ඇති රාලගේ ගම් පත්කඩය ආදී වශයෙන් ප්‍රදානය කළ සන්නස් කිහිපයකි.

    සබරගමුව ප්‍රදේශයට සිංහල රාජසමයේදී කළුතර පස්යොදුන් කෝරලයෙන් වැඩි කොටසක් ද අයිතිව පැවැති බව පැහැදිලිය.

    අද වනවිට සබරගමුවේ සහ බස්නාහිර පළාතේ සීමා මායිමේ මෙම නිදන්ගල හෙවත් රාජ බළකොටුව පැවතීම නිසා පළාත් දෙකෙන් ම යුද්ධ සෙන්පතියන් සෙනෙවියන්, යුද භ‍ටයින් පුහුණුව ලබන්නට ඇති බව නිසැකය.

    රාවණ රාජ්‍ය සමය තෙක් ඈතට විහිදුන අතීතයක් ඇති සබරගමුව රාම රාවණ යුද්ධයට සම්බන්ධව ද තිබේ. රාම කුමාරයා විසින් දණ ඔබා ඊතලය අදින ලද ප්‍රදේශය දෙකනගල යැයි ප්‍රසිද්ධව පවතින බව ජනතාව පවසති. මෙම නිදන්ගල පිහිටි ගල් තලාව තුළට රාවණ රජු දඬුමොනරයක නැඟී පැමිණ ඇති බව තවත් අදහසකි.

    යුද ශිල්පයෙහි ද අංගම්පොර සටනෙහි ද කැලෑ සටන් වල ද දක්ෂ හේවායින් දුටුගැමුණු, මහා පරාක්‍රම, විජයබා, ගජබා රජවරුන්, වීදිය බණ්ඩා සෙන්පතියන් ගේ අවධීන් දක්වා සබරගමුව කලවාන හා පස්යොදුන් රට සිට යුද පිටියට ගොස් ඇති බව ඓතිහාසික පොත්වල ඇත.

    කෝට්ටේ සිට වීදියබණ්ඩාර සෙන්පතිදුන් පාලින්ද නුවර රාජ්‍ය ගොඩ නැගීමේදී මේ නිදන්ගල ආරක්ෂිත යුද කඳවුර ආසන්නව රාජකීය මාලිගාව ඉදිකරන්නට එක් හේතුවක් වන්නට ඇත්තේ ද නිදන්ගල යුද කඳවුර ගැන අවධානය යොමු කළ නිසා විය හැකි ය.

    සිංහරාජයට ආවේණික ජීවීන් ඖෂධ වර්ග, දුර්ලභ ගණයේ සත්ව ශාක ප්‍රජාවක් නිදන්ගල කැලයේ සිටී.

    සබරගමුවේ මහා පොළොවෙන් උපදින ඉන්ද්‍ර නීල මරකත, පසිංගල් වෛරෝඩි මැණික් වලටත් වඩා ඉහළ අගයක් නිදන්ගලට ඇති බව සමහරු කියති. එසේ පවසන්නේ රාජකීය යුගවල තැන්පත් කළ රන් රිදී මුතු මැණික් රාජකීය ආභරණ සහ රාජකීය ඉතිහාසය මේ කැළෑවේ සැඟවී පවතිනවා යන විශ්වාසය ඇතිවය.

    කලවාන ප්‍රාදේශීය ලේකම් සංජීවනී කන්ඩම්බි මහත්මිය ගෙන් මෙම නිදන්ගල පිළිබඳව විමසීමේදී ඇය පවසා සිටියේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අපි මේ සැඟවුණු අතීතය හාරා අවුස්සන්නට ගවේෂණය කරන්නට භාරදීමට අවශ්‍ය කටයුතු කරනවා. මේ ගැන ගවේෂණය කළ නිලධාරීන්ගේ අදහස වුයේ එය කඩිනමින් කළ යුතු බවයි.

    නන්දන කෝට්ටේගොඩ

    Latest Posts

    මෘත දේහයක දින 27කට පසුවත් කොරෝනා වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ!

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක...

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.