ආදා­යම් ඉපැ­යීමේ විෂ­ම­තාව නිවැ­රදි කර­ගත යුතුයි

0
22
19 සැප්තැම්බර්, 2020

ව සහ­ස්‍රය ආර­ම්භ­යේ­දීම ලෝකයේ සංව­ර්ධ­නය වෙමින් පව­තින රට­ව­ල්වල එනම් මන්ද­ගාමී සංව­ර්ධිත රට­වල බලා­පො­රොත්තු වූ සංව­ර්ධන ඉල­ක්ක­යන් සපු­රා­ලී­මට නොහැකි වීම සම්බ­න්ධ­යෙන් ජාත්‍ය­න්තර වැඩ­මුළු හා ජාත්‍ය­න්තර කති­කා­වන් ගණ­නා­වක්ම ඇති විය. කෙසේ හෝ වේවා 80 දශ­කයේ අග­භා­ගය වන විට ලෝකයේ සංව­ර්ධ­නය සම්බ­න්ධ­යෙන් කතා කළ විද්‍යා­ඥ­යන් බොහෝ දෙනෙක් මතු­ක­රනු ලබන කාර­ණා­වක් නම් ලෝකයේ දියුණු වෙමින් පවත්නා රට­වල් සහ තුන්වැනි ලෝකයේ මේ කුල­ක­යන්ට අයත් රට­වල් අත­රට ලංකා­වද අයත් වීමයි. එයට මූලික හේතුව වූයේ ලංකාව යටත් විජි­ත­ක­ර­ණ­යට ලක්වූ රටක් වීමයි. සංව­ර්ධ­නය පිළි­බඳ කතා කරන ලද බොහෝ ආර්ථික විද්‍ය­ාඥ­යන් අතර මූලි­ක­ත්වය ගත් විද්‍යා­ඥ­යන් වන ඒ.කේ. කුමාර් සෙන් (1998 නොබෙල් ත්‍යාග ලාභි­යෙක් වෙයි), පාර්තා දාස් ගුප්තා, කල්ගෝ­නා­රාන් මේයිල, කෙනත් ඇරෝ, තෝමස් ස්ටේනර් සහ ඩේවිඩ් ක්ෂරෙඩ් මයි­කල් හැමන්ඩ් සහ ක්ෂු මාකර් වැනි ආර්ථික විද්‍යා­ඥ­යන් මේ සම්බ­න්ධ­යෙන් කති­කා­වන් ගොඩ­න­ඟ­න්නට විය.

 

ඒ ආර්ථික විද්‍යා­ඥ­යන් මේ පිළි­බඳ බලපෑ හේතු සාධක කිහි­ප­යක් ඉදි­රි­පත් කළහ. ඒ අනුව තුන්වැනි ලෝකයේ රට­වල් සංව­ර්ධ­නය නොව­න්නට හේතුව එම රට­වල් බට­හිර ආකෘ­තින් අනු­ග­ම­නය කිරීම ප්‍රධාන හේතු සාධ­ක­යක් ලෙස පෙන්වා දෙයි. වෙනත් දියුණු රට­වල ආකෘ­තින් යටත් විජි­ත­ක­ර­ණ­යට ලක්වූ රට­ව­ලට එත­රම් නොගැ­ළ­පෙන බව පෙන්වා දෙති. එමෙන්ම ඒ රට­වල් අර­මුණු කර­ගත් දේ ඉටු කර ගැනී­මට නොහැකි වීමට හේතුව ලෙස මේ විද්‍ය­ඥ­යන් සඳ­හන් කරනු ලබන්නේ කාල­යක් යටත් විජි­ත­ක­ර­ණ­යට ලක්වී සිටි හෙයින් නව යටත් විජි­ත­ක­ර­ණය එනම් ජාත්‍ය­න්තර ණය උඟු­ල­කට එම රට­වල් හසුවී කාල­යක් ගත­වීම අව­ශේෂ හේතු සාධක බවය. මේ සඳහා විකල්ප සංව­ර්ධන මාව­තක් අවශ්‍ය බව ඔවුන් සඳ­හන් කර ඇත.

ඒ අනුව ලංකාව වැනි දියුණු සංව­ර්ධිත රට­ව­ලට අතී­ත­යේදී යටත් විජි­ත­ක­ර­ණ­යට ලක්වූ රටක් ලෙස ඇති අත්දැ­කීම් ගැන සොයා බැලී­මක් කළ යුතුය. එසේ ම මේ සම්බ­න්ධ­යෙන් නැවත කිය­වී­මක් අවශ්‍ය බව සඳ­හන් කරයි. 1948 නිද­හ­සින් පසුව 1977 කාල පරා­සය තුළ අප ආවෘත ආර්ථික ප්‍රති­ප­ත්තිය අනු­ග­ම­නය කරන ලදී. මේ කාල පරා­සයේ ආණ්ඩු වෙනස් වුණත් අපේ ආර්ථි­කය තිබුණේ ආවෘත ආර්ථික ප්‍රති­පත්ති මතයි. එනම් සාපේක්ෂ වශ­යෙන් අභ්‍ය­න්ත­රා­ව­ලෝ­කන ප්‍රති­ප­ත්ති­යක් අනු­ග­ම­නය කළේය. නමුත් සංව­ර්ධන අර­මුණු ඒ ඔස්සේ ඉටු කර ගැනී­මට නොහැකි වූ නිසා ම 1977දී බල­යට පත් වූ රජය 1978 සිට විවෘත ආර්ථික ප්‍රති­ප­ත්ති­ය­කට මාරු විය. 1978 සිට 2008 අද දක්වාම සාපේක්ෂ වශ­යෙන් අඩු වැඩි වශ­යෙන් විවෘත ආර්ථික ප්‍රති­ප­ත්ති­යක් අනු­ග­ම­නය කරන ලදී. පර­ම්පරා දෙකක යුග දෙකක මේ අත්දැ­කීම් ගත් විට අපි අපේක්ෂා කරන ලද සංව­ර්ධන ඉලක්ක සපුරා ගැනී­මට අපිට නොහැකි විය. එයට හේතු වූ කාරණා සම්බ­න්ධ­යෙන් නැවත කියවා බැලිය යුතු බව ඒ ආර්ථික විද්‍යා­ඥ­යන් පැහැ­දිලි කරන තවත් කරු­ණකි. මෙවැනි ඌන සංව­ර්ධිත රට­වල් පිළි­බඳ ආර්ථික විද්‍යා­ඥ­යන් සඳ­හන් කරන්නේ මේ සියලු දේ පිළි­බ­ඳව නැවත කිය­වී­මක් අවශ්‍ය වන බවයි. මෙවැනි රට­ව­ලට ගෝචර වනුයේ තුලිත ආර්ථික ප්‍රවේ­ශ­යකි. අපි ඉතා ඉක්ම­නින් තුලිත ආර්ථික ප්‍රවේ­ශ­ය­කට යෑමට අව­ශ්‍යයි. රටක් ලෙස ගොඩ නැඟී­මට මාර්ග­යක් අප විසින් ම ගොඩ නඟා ගත යුතුයි. පසු­ගිය කාල වක­වා­නුව තුළ මෙරට ගොඩ­නැ­ඟීම සම්බ­න්ධ­යෙන් කති­කා­වන් ගොඩ නඟ­මින් පැවැති කාල­ප­රා­සය අත­ර­තුර ලෝක වසං­ග­ත­යක් ලෙස මේ කෝවිඩ් 19 වසං­ග­තය මතු විය. මේ වසං­ග­තය රටක් ලෙස අපිට දැඩි බල­පෑ­මක් එල්ල කළ අතර ලෝකය යථා තත්ත්ව­යට පත්වී­මට කල් පමා­වක් ඇති­වනු ඇත.

මේ රටේ ආර්ථි­කය ගොඩ නඟන්නේ කෙසේද යන්න නව මාන­ය­කින් ගොඩ­නැ­ඟී­මට මෙය හොඳම සන්දි­ස්ථා­න­යක් ලෙස හැඳි­න්විය හැකිය. නව මුහු­ණු­ව­ර­කින් නව මාන­ය­කින් මේ ඔස්සේ බැලී­මේදී අපට ම ගැළ­පෙන සංව­ර්ධන මාන­යක් තෝරා නොගැ­නීම සහ අපට ආවේ­ණික අයි­තීන් හඳුනා නොගැ­නීම යන කාරණා පිළි­බඳ අප නැවත සලකා බැලිය යුතුය. අපිට අනන්‍ය වූ දේ නිවැ­ර­දිව හඳුනා ගැනී­මේදී අපේ ඉලක්ක සපුරා ගැනී­මට නම් තුලිත­යන් තුනක් අත්පත් කර ගත යුතු බව පැහැ­දිලි වනු ඇත. එහි පළමු වැන්න අභ්‍ය­න්තර තුලිත­යක් ඇති කර ගැනීම, බාහිර තුල­න­යක් ඇති කර ගැනීම, පාරි­ස­රික තුල­න­යක් ඇති කර ගැනීම යන කාරණා මේ තුලිත ආර්ථි­ක­යක ගොඩ­නැ­ඟීමේ නව මුහු­ණු­වර වෙයි.

මෙහි පළ­මු­වැන්න පිළි­බ­ඳව සැල­කි­ලි­මත් වුව­හොත් රටක ආදා­යම් විය­ද­මට සමාන කර ගැනීමේ ක්‍රම­වේ­දය කුඩාම ඒක­කය වන කුටු­ම්බයේ ආදා­යම කුටු­ම්බයේ විය­ද­මට තුලිත කර­ගත යුතුය. එවැනි තුලිත කුටු­ම්බ­ව­ලින් සැදුණු ගමක් තුලිත ගමක් වෙයි. එවැනි ගම්මා­න­ව­ලින් සැදුණු රටක් තුලිත රටක් වෙයි. කුඩාම ඒක­කයේ සිට රට දක්වා තුල­නය කර­මින් පැවැ­ති­ය­හොත් ගෝලිය ප්‍රවා­හ­යක් දක්වා ගමන් කිරී­මට හැකි වෙයි. කුඩාම ඒක­කය තුල­නය කර ගැනීම මෙහි මූලික සංක­ල්පය මෙන්ම ආර­ම්භ­යද වෙයි. එහිදී මුහුණ දෙන ගැටලු දෙකක් වෙයි. එනම්, කුඩාම ඒක­කය ආද­ය­මට විය­ද­මට ප්‍රමා­ණ­වත් නොව­න්නේද, ඒ අනුව අන­වශ්‍ය විය­දම් කපා හැරීම තුළින් ආද­යම් විය­දම් තුලිත කර ගැනී­මට අපට හැකි වෙයි. නමුත් අපි දුටු කරු­ණක් නම් අඩු ආදා­ය­ම්ලා­භීන් පිරි­සක් වන අතර ඒ පිරි­සට ආදා­යම විය­ද­මට ප්‍රමා­ණ­වත් නොවෙයි. ඒ ජන කොට­ස්වල විය­දම ස්ථාව­රව තබා ගැනී­මට ආදා­යම වැඩි කර ගැනීමේ ක්‍රියා­මා­ර්ග­ව­ලට යා යුතුයි. මේ සඳහා ජනතා ආර­ක්ෂණ දැලක් ( peopls safetynet) එළිය යුතුයි. මේ ආකා­ර­යට කුටු­ම්බය ශක්ති­මත් රටක ආදා­යම විය­දම සීමා කිරී­මට සහ අය­වැය තුල­නය කර ගැනී­මට ආර්ථික ප්‍රති­පත්ති මෙහෙය විය යුතුයි.

දේශීය වශ­යෙන් නිෂ්පා­ද­නය කර­න්නට නොහැකි දේ අපි පිට­ර­ටින් අප­න­ය­නය කරයි. දේශීය වශ­යෙන් පරි­භෝ­ජ­නය කර අති­රි­ක්තය අපි අප­න­ය­නය කරයි. ඉහළ යන ආන­යන විය­දම ඉතා කුඩා අප­න­යන විය­ද­ම­කින් පියවා ගැනී­මට හැකි නොවෙයි. ජාත්‍ය­න්තර ගෙවුම් ශේෂය තුළ බර­ප­තළ අර්බු­ද­ය­කට මුහුණ පා ඇත. මේ මඟින් තුළින් මතු වී ඇති විදේශ විනි­මය අර්බු­දය විසඳා ගත යුතුයි. කෝවිඩ් වසං­ග­ත­යත් සමඟ විදෙස් ආදා­යම් ලැබෙන මාර්ග ඇහිරී ඇත. මේ අර්බු­දය හමුවේ බාහිර තුල­න­යක් අත් පත් කර­ගන්නේ කෙසේ ද ? යන්න සම්බ­න්ධ­යෙන් අප අව­ධා­නය යොමු කළ යුතුය. කෝවිඩ් 19 වසං­ගත තත්ත්ව­යත් සමඟ වර්ත­මා­නයේ ආන­යන පාල­නය කිරීම්, සීමා කිරීම් ඉතා වැද­ගත් වෙයි. පිය­වර දෙක­කින් මේ පිය­වර ගත යුතුයි. දේශීය වශ­යෙන් නිෂ්පා­ද­නය කළ හැකි නමුත් විදේ­ශ­ය­න්ගෙන් ආන­ය­නය කරන භාණ්ඩ සීමා කළ යුතුයි. විදේ­ශීය වශ­යෙන් ගෙන්වන භාණ්ඩ පාල­නය කිරී­මට නම් නීති­රිති සම්බා­ධක යොමු කර මේවා නතර කළ යුතුයි. මේ පාල­නය තුළ දේශීය පාරි­භෝ­ගි­ක­යාට යම් අර්බු­ද­කාරී තත්ත්ව­යක් ඇති වෙයි. එසේ නම් කළ යුතු වන්නේ කඩි­න­මින් ඒ භාණ්ඩ නිෂ්පා­ද­නය රට තුළ සිදු කිරී­මයි.

දේශීය වශ­යෙන් නිෂ්පා­ද­නය කර­න්නට නොහැකි දේ සඳහා ආන­යන මත ආන­යන ආදේශ ඇති කර­ගත යුතුයි. මේ අනුව පළමු පිය­වර තුළ ස්වයං පෝෂිත වීමද දෙවැනි පිය­ව­රේදී ආන­යන ආදේ­ශ­න­යන් රට තුළ ඇති කිරී­මද කළ යුතුයි. එවිට ජාතික ආර්ථී­ක­යක් ගොඩ­නැ­ඟී­මෙන් ස්වයං පෝෂ­ණය විය හැකියි. ඉන්පසු දෙවැනි පිය­ව­රේදි ස්යංප්‍ර­බූධ විය හැකියි. විදේ­ශීය වශ­යෙන් ආන­ය­නය කර­මින් සිටි, දේශීය වශ­යෙන් නිෂ්පා­ද­නය කළ නොහැකි දෑ දේශීය වශ­යෙන් නිෂ්පා­ද­නය කළ හැකි තත්ත්ව­යක් ඇති කළ යුතුයි. මේ ක්‍රියා­මාර්ග දෙකට බාහිර තුලන අව­ශ්‍යයි. ආන­යන සීමා­වන් ආන­යන තුල­න­යන් කළ යුතු වන්නේ රටට අවශ්‍ය කරන දෑ පම­ණක් ආන­ය­නය කළ යුතු නිසාය. විදේශ වින­මය ගල­නය වීමක් එම­ඟින් සිදු වන නිසාය.

අප ව්‍යවස්ථා සංශෝ­ධ­නය හරහා ඇති කළ යුතු වන්නේද මේ සංක­ල්ප­යයි. රට කෙරෙහි ආද­ර­යක්, සිත් ඇද ගන්නා­සුලු දේශ­හි­තෛශී වැඩ­පි­ළි­වෙ­ළක් ඇති කළ යුතුයි. ඒ සඳහා ආක­ල්ප­මය වර්ධ­න­යක් අවශ්‍ය වේ. ආක­ල්ප­මය වර්ධ­න­යක් ඇති කර­ගත හැක්කේ කෙසේ­දැයි අප සාකච්ජා කළ යුතුය. දේශීය අය වැය සම­ත­යට පත් කර බාහිර තුල­න­යක් ඇති කර ගත හැකි­වෙනු ඇත.

ආන­යන අප­න­යන විය­දම තුල­නය මගින් පාරි­ස­රික තුලනය පාල­නය කළ නොහැ­කියි. එය ගෝලිය අව­ශ්‍ය­තා­ව­යක් වෙයි. උදා­හ­ර­ණ­යක් ලෙස ඉන්දි­යාවේ බලා­ගා­ර­ය­කින් වායු­ගෝ­ල­යට මුදා හරින කාබන් මොනො­ක්ස­යිඩ් ඊසාන දිග මෝසම හරහා ලංකා­වට පැමි­ණිය හැකියි. නිරිත දිග මෝසම හරහා මැඩ­ගැ­ස්ක­රය දෙසින් රට තුළට පැමි­ණිය හැකියි. අපි ඒ පාරි­ස­රික හානිය නොක­ළත් ගෝලිය හානි­ව­ලට මුහුණ පෑමට සිදු­වෙයි. ගෝලීය වශ­යෙන් සම්බන්ධ වී තිර­සර අනා­ගත පර­ම්ප­රා­වන්හි සංව­ර්ධ­නය ඇති කළ යුතුයි. පාරි­ස­රික තුල­න­යක් අපි ඒ හරහා ඇති කර­ගත යුතුයි. අපේ භූමි­යට, අපේ සම්ප­ත්ව­ලට අපි ආද­රය කළ යුතුයි. එසේ ආද­රය කරන පිරි­සක් ඇති කළ යුතුයි. ලෝකයේ දියුණු රට­වල පරි­ස­ර­යෙන් ලබා­ගන්නා යහ­පත් අය­හ­පත් දෑ සම්බ­න්ධ­යෙන් ගිණුම් ගත කර යහ­පත් දෑ ධන ගිණුම් ලෙසත් අය­හ­පත් දෑ ඍණ ගිණු­ම්ව­ල­ටත් ඇතු­ළත් කර­මින් ඒවා සම­තුලිත­යට පත් කර­ගැ­නීම සිදු කරයි. මේවා හරිත ගිණුම් ලෙස හඳු­න්වයි. මෙවැනි මූල­ධ­ර්ම­ය­කට අප පැමි­ණිය යුතුයි.

අව­සාන වශ­යෙන් සඳ­හන් කළ යුතු වන්නේ ආක­ල්ප­මය වශ­යෙන් වෙන­සක් ඇති කර ගැනී­මයි. විවිධ ආගම් නියෝ­ජ­නය කරන අපේ රටේ දහම් පාසල් දරුවෝ සිටිති. දහම් පාසල හරහා අපේ රටේ ආක­ල්ප­මය වෙනස් වීම් කළ හැකි ක්‍රම­වේ­ද­යන්ට අප යා යුතුය. දහම් පාස­ලක උගන් වන්නේ අදාළ ආගමේ නාය­ක­යකු වන අතර දහම් පාසල සම්බ­න්ධ­යෙන් තව­මත් මේ සමා­ජයේ පිළි­ගැ­නී­මක් ඇත. මවු­පි­ය­න්ටද ඒ සම්බ­න්ධ­යෙන් කිසි­යම් විශ්වා­ස­යක් ගොඩ නැඟී ඇත. ඒ අය හරහා මේ ආක­ල්ප­මය වෙනස නව පර­ම්ප­රා­වට ගල­නය කිරී­මට අපට හැකිය.

රාජ්‍ය තාන්ත්‍රික වශ­යෙන් මේ පාලන යාන්ත්‍ර­ණ­ය­කට සුදා­නම් වේ නම් අපි ඒ සඳහා දාය­ක­ත්වය දැක්විය යුතුයි. අපි රටක් ලෙස ගත් විට අපේ රටේ විශාල වශ­යෙන් රටේ අව­ශ්‍යතා වෙනු­වෙන් කැප­කි­රීම් කරන පිරි­සක් බිහි වී ඇත. දිළිඳු ජන­කො­ටස් මේ රටේ අනා­ග­තය වෙනු­වෙන් දරු­වන් වෙනු­වෙන් කැප කිරීම් කරයි. අඩු අදා­යම් ලාභීන්, බොහෝ අපේක්ෂා නොමැති බලා­පො­රොත්තු නැති, සරල ජිවිත ගත කරන පිරි­සක් මේ රටේ වෙති. ඒ අයගේ කැප­වීමේ වටි­නා­ක­මක් නොදැ­නෙයි. ඒ පිරි­සට සමා­ජයේ හඬක් හෝ බල­යක් නැත. රටේ සම්පත් භුක්ති විඳින අත­ළො­ස්සක් තම සුඛෝ­ප­භෝගී ජීවිත ගත කිරීම වෙනු­වෙන් තීන්දු තීරණ ගැනීම නිසා අපේ රටේ සංව­ර්ධ­න­යට බාධා පැමිණ ඇත. ආදා­යම් ඉපැ­යීමේ විෂ­ම­තාව රටක් ලෙස අපි නිවැ­රදි කර­ගත යුතුයි. ආදා­යම් ඉපැ­යීම ක්‍රම­වේ­දය වෙනස් කළ හැකි නම් එය තුලිත ආර්ථික ප්‍රවේ­ශයේ සාධ­නීය මාර්ගය මෙන්ම නිවැ­රදි දිශා­න­තිය තීන්දු කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here