විදේශීය තරු 22ක් LPLහි කඳවුරු බඳිති

0
13
24 ඔක්තෝබර්, 2020

දෙවරක් කල් දැමූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රිකට් තරු 23 අතරට ක්‍රිස් ගේල්, ෆෆ් ඩු ප්ලෙසි, ෂහිඩ් අෆ්රිඩි සහ කාලෝස් බ්‍රැත්වේට් ඇතුළත් වුහ.සෑම එල්පීඑල් කණ්ඩායම් පහකටම විදේශිය ක්‍රීඩකයන් හය දෙනෙකු ඇතුළත් කර ගැනිමට අවසර දී ඇති අතර ඔවුන්ට ඉතිරිව ඇති ස්ථාන පිරවීම සඳහා නොවැම්බර් 1 වනදා දක්වා කාලය ලබාදී තිබේ. බටහිර ඉන්දීය කොදෙව් ගේල් සහ දකුණු අප්‍රිකාවේ ඩු ප්ලෙසිස් මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරති.

තරග 23 කින් යුත් විස්සයි20 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මුලින් අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොවිඩ්19 වෛරස් වසංගතය හේතුවෙන් මුල්වරට කල් දැමිමට සිදුවිය. ක්‍රීඩකයන්ට පැමිණ දින 14 ක් නිරෝධායනය ක්‍රියාවලියට යටත්ව කටයුතු කිරිමට සිදුවනු ඇත.තරගාවලිය නොවැම්බර් මස 21දින ආරම්භ වී දෙසැම්බර් මස 13 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ හා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කොට ඇත. ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මේ වසරේ ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද කොවිඩ්19 වසංගත තත්ත්වය හේතුවෙන් නොවැම්බර් 21 දක්වා කල් ගියේය. එහෙත් කොවිඩ්19 යම් දුරකට පාලනය නොවුණහොත් නියමිත පරිදි මෙම තරගාවලිය ආරම්භ කිරීමේ ගැටලුවක් ද පවති. සල්මන් ඛාන්ගේ පවුලේ උදවිය මහනුවර ‘ටස්කර්ස්‘ කණ්ඩායම මිලට ගෙන තිබේ. නිරෝධායන සීමා කිරීම් හේතුවෙන් බංග්ලාදේශය පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්විමට තිබු ටෙස්ට් තරගමාලාව අත්හිටුවා තිබේ.

 

කොළඹ කිංග්ස්

ඇන්ජලෝ මැතිව්ස්, ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, අමිල අපොන්සු, අෂාන් ප්‍රියංජන්, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩර්සේ, තික්ෂල ද සිල්වා, තරිදු කෞෂාල්, ළහිරු උදාර, හිමේෂ් රාමනායක, කලණ පෙරේරා, තරිදු රත්නායක, නවෝද් පරණවිතාන

විදේශීය ක්‍රීඩකයන්-ඇන්ඩ්‍රේ රසල් (බටහිර ඉන්දීය කොදෙව්), ෆෆ් ඩු ප්ලෙසී (දකුණු අප්‍රිකාව), මන්ප්‍රීත් සිං (ඉන්දියාව), මන්වින්දර් බිස්ලා (ඉන්දියාව), රවින්දර්පාල් සිං (ඉන්දියාව)

පුහුණුකරු-ඩේව් වට්මෝර්

 

ගාල්ල ග්ලැඩියේටර්ස්

ලසිත් මාලිංග, දනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, අකිල ධනංජය. මිලින්ද සිරිවර්ධන, ලක්ෂාන් සඳකන්, ෂෙහාන් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, මොහොමඩ් ෂිරාස්, ධනංජය ලක්ෂන්, චානක රුවන්සිරි, සහන් ආරච්චිගේ, දුවිදු තිලකරත්න

විදේශීය ක්‍රීඩකයන්- ෂාහිඩ් අෆ්රිඩි (පාකිස්තානය), කොලින් ඉන්ග්‍රැම්(දකුණු අප්‍රිකාව), හස්රතුල්ලා සසායි (ඇෆ්ගනිස්තානය), මොහොමඩ් අමීර් (පාකිස්තානය), සර්ෆරාස් අහමඩ් (පාකිස්තානය), අසාම් ඛාන් (පාකිස්තානය)

පුහුණුකරු-මොයින් ඛාන්

 

 

දඹුල්ල හෝක්ස්

දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, ළහිරු කුමාර, ඹ්ෂද ප්‍රනාන්දු, කසුන් රාජිත, ළහිරු මදුශංක, උපුල් තරංග, ඇන්ජලෝ පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, පුලින තරංග, අෂේන් බණ්ඩාර, දිල්ෂාන් මධුශංක, කවින්දු නදීෂාන්, සචිදු කොළඹගේ

විදේශීය ක්‍රීඩකයන්-ඩේවිඩ් මිලර් (දකුණු අප්‍රිකාව), කාලෝස් බ්‍රැත්වේට් (බටහිර ඉන්දීය කොදෙව්), සමිත් පටෙල් (එංගලන්තය), පෝල් ස්ටර්ලින් (අයර්ලන්තය)

පුහුණුකරු-ජෝන් ලුවිස්

 

යාපනය ස්ටැලියන්ස්

තිසර පෙරේරා, වනිදු හසරංග, අවිෂ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, බිනුර ප්‍රනාන්දු, මිනෝද් භානුක, චතුරංග ද සිල්වා, මහේෂ් තීක්ෂන, චරිත් අසලංක, නුවනිඳු ප්‍රනාන්දු, කනගරත්නම් කපිල්රාජ්, තිවේන්ද්‍රම් දිනෝෂාන්, යියකාන්ත් යිෂ්කාන්ත්.?

විදේශීය ක්‍රීඩකයින් – ඩේවිඩ් මිලන් (එංගලන්තය), ෂොයිබ් මලික්, උස්මාන් ෂිවාරි , අසීෆ් අලි (පාකිස්තානය)

පුහුණුකරු-තිළිණ කණ්ඩම්බි

 

මහනුවර ටස්කර්ස්

දේශීය ක්‍රීඩකයන්: කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, කමිඳු මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, ප්‍රියමාල් පෙරේරා, කවිෂ්ක අංජුල, ලසිත්ඇඹුල්දෙනිය, ළහිරු සමරකෝන්, නිශාන් මධුශංක, චාමික එදිරිසිංහ, ඉෂාන් ජයරත්න.

විදේශීය ක්‍රීඩකයින්: ක්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව්), ලියම් ප්ලන්කට් (එංගලන්තය), වහබ් රියාස් (පාකිස්තානය), නවීන්-උල්-හක් (ඇෆ්ගනිස්තානය).

පුහුණුකරු-හෂාන් තිලකරත්න

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here