එල්.පී.එල් 21 වැනිදා ඇරඹීමට සියල්ල සූදානම්

0
15
31 ඔක්තෝබර්, 2020

තරග 23කින් සමන්විත ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් මස 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. හම්බන්තොට සූරිය වැව ක්‍රීඩාංගණයේදී තරගාවලියේ සමාරම්භක උත්සවය මේ 21 වැනිදා ප.ව.3.00ට පැවැත්වෙන අතර, තරගාවලියේ පළමු තරගය එදින රාත්‍රී 7.30ට ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන කොළඹ කිංග්ස් සහ ලසිත් මාලිංග නායකත්වය දරන ගාල්ල ග්ලැඩියේටර්ස් අතර පැවැත්වේ.

කණ්ඩායම් 5 කින් සමන්විත මෙම තරගාවලිය තුළ එක් සංචිතයකට ක්‍රීඩකයින් 20 දෙනකු ඇතුළත් වේ. ඒ සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමට කණ්ඩායම් හිමිකාරීත්වයට අවස්ථාව උදා විය. ඒ අනුව නම් කෙරෙන සංචිතයෙන් අතිරේක ක්‍රීඩකයන් සිව් දෙනෙකු එක් කර ගැනීමට ද ඔවුන්ට අවස්ථාව සලසා දී තිබුණි.

එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 16ක් ඇතුළත් වන අතර ඉන් 10දෙනකු දේශීය ක්‍රීඩකයන් ය. ඊට ඇතුළත් විදේශීය ක්‍රීඩකයන් ගණන 6 කි. තරගයකදී මෙම විදේශීය ක්‍රීඩකයන්ගෙන් සිව් දෙනෙකුට එකවර ක්‍රීඩා කළ හැකි අතර, තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම විශේෂිත වූ ආකාරයකට සිදු කෙරේ. ඒ අනුව සෑම කණ්ඩායමකටම දේශීය සන්නාම (Icon Player) සහිතව දේශීය සුවිශේෂී ක්‍රීඩකයකු නම් කර, කණ්ඩායම් නායකත්වය සඳහා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. එකී පත් කිරීම හැරුණු කොට අනෙකුත් ක්‍රීඩකයන් 19 දෙනා තෝරා ගැනීමේ පූර්ණ අයිතිය අදාළ කණ්ඩායම්වල හිමිකාරීත්වය පැවරිණි. එසේ වුවත් මෙම ක්‍රීඩකයන් බෙදී යා යුතු ආකාරය කිසියම් පාටිපාටියට අනුව සිදු විය.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීමේ (player Draft) අවසන් අදීරය අද දින සිදු කිරීමට නියමිත අතර, එහිදී කණ්ඩායම්වල සම්පූර්ණ කළ යුතු ක්‍රීඩකයින් මෙන්ම තරගාවලියෙන් ඉවත්ව ගිය ක්‍රීඩකයින් නිසා ඇති වී තිබෙන පුරප්පාඩු පිරවීම සඳහා දෙස් විදෙස් ක්‍රිඩකයින්ට අවස්ථාවක් හිමි වේ.

පෙර සඳහන් කළ සුවිශේෂී ක්‍රීඩකයා හැරුණු කල සමස්ත සංචිතය තෝරා ගැනීම ප්‍රධාන කොටස් 07 කට සිදු වේ.

ජාතික සහ දේශීය තරගාවලියන්හිදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයන් 258 දෙනෙකු කාණ්ඩ 4 ක් යටතේ ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රීඩක තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කර තිබුණි.

එහිදී විදේශ රන් (Gold Local) කාණ්ඩය යටතේ ක්‍රීඩකයන් 21 ක්, දේශීය ක්ලැසික් (Classic Local) කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 36 ක්, නැගී එන දේශීය (Emerging Local) කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 109 ක් සහ අතිරේක දේශීය(Supplementary Local) කාණ්ඩය යටතේ ක්‍රීඩකයන් 92 දෙදෙනකු නම් කර තිබුණි. මේ වන විට එලෙස විවිධ කාණ්ඩ යටතේ නම් කළ ක්‍රිඩකයන් 6ක් මෙම තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇත. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩෘ රසල්, දකුණු අප්‍රිකානු ක්‍රීඩක ෆෆ් ඩු ප්ලෙසිස් සහ ඩේවිඩ් මිලර්, එන්ගලන්ත ක්‍රීඩක ඩේවිඩ් මලාන් සහ ලියම් ප්ලන්කට්, ඉන්දීය ක්‍රීඩක මන්වින්දර් බිස්ලා එල්.පී.එල් තරගයෙන් ඉවත් වනු ඇති.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 21 වනදා සිට දෙසැම්බර් 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here