24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    හිත් රිදීම් නම් බොහොමයි

    - Advertisement -
    නව පරපුරේ රංගන ශිල්පිනී ලක්නිමා උපේන්ද්‍රි
    නොවැම්බර් 5, 2020

    දෙරණ නාළිකාවේ විකාශය වන මුතුලෙන්දොර නාට්‍යයේ සමදරා ලෙස රඟපෑවේ ඇයයි. ලක්නිමා උපේන්ද්‍රි ලෙස අපි ඇය ඔබට හදුන්වා දෙමු.

    කොහොමද ලක්නිමා?

    - Advertisement -

    මේ දවස් වල නම් ෂූටිං නැහැනේ. ඒ නිසා ගෙදරට වෙලා ඉන්නවා.

    සමදරා කියන චරිතය ඔබට වඩා සුවිශේෂියි නේද?

    ඔව්. සමදරා කියන්නේ මුතුලෙන්දොර නාට්‍යයේ ප්‍රධාන චරිතවලින් එකක්. මම එහෙම චරිතයක් නිරූපණය කළ පළවෙනි අවස්ථාවයි මේ. අනික සමදරා කියන්නේ සීනිබෝල චරිතයක් නෙමෙයි. හරිම කඨෝර චරිතයක්. ඇය හේන් කොටනවා, පොළට ගිහින් බඩු විකුනනවා. ජීවිතය ගෙනියන්න මහපොළොව සමඟ හරි හරියට හරඹ කරනවා. මටත් ඇත්තටම දැනුණු චරිතයක් තමයි සමදරා කියන්නේ. අනික සමදරා චරිතය නිසා මාව ගොඩාක් පිරිසක් හඳුනා ගත්තා. හිතුවට වැඩිය ඒ චරිතය ගැන මිනිස්සු කතා බහ කළා. ඒ වගේ ප්‍රතිචාර ලැබෙද්දී හිතෙන්නෙ මම සමදරා කියන චරිතයට සාධාරණයක් ඉටු කළා කියලායි.

    - Advertisement -

    කොහොමද ඔබ නිළියක් ලෙස ගමන අරඹන්නේ?

    මම මිසිස් ශ්‍රී ලංකා තරගයට සහභාගි වුණා මලික් රණසිංහ කියන මහත්මයාගේ මඟපෙන්වීම යටතේ. ඊට පසුව සහාය අධ්‍යක්ෂ තරිඳු ඉලංගකෝන් කියන මගේ යාළුවගෙ මාර්ගයෙන් ටෙලිනාට්‍යවලට එන්න අවස්ථාව උදා වුණා. මඩොල් කැලේ වීරයෝ තමයි එහෙම රඟපාපු පළවෙනි ටෙලි නාට්‍යය. ඊට පසුව සුරංග සතරසිංහ මහත්මයාගේ කන්තෝරු මෝරු නාට්‍ය මාලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඔය නාට්‍ය දෙකෙන් පසුව තමයි මුතුලෙන්දොර සමදරාගේ චරිතය ට මට ආරාධනා ලැබෙන්නේ.

    - Advertisement -

    දැන් දිගට ම නිළියක් විදියට ඉන්නද කල්පනාව?

    එහෙම තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි මම ආස නෑ සීනිබෝල චරිත කරන්න. මම හිතනවා එහෙම චරිත කළා කියලා මට ලැබෙන දෙයක් නැහැ. මේ වන කොට සෑහෙන්න නාට්‍ය ප්‍රමාණයකට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් ඒ චරිතවලට මාව ගැළපෙන්නෙ නැහැ කියලා මට හිතෙනවා. අනික ඒ චරිත මට දැනෙන්නේ නැහැ. එහෙම චරිත කරලා වැඩක් නෑ කියලයි මට හිතෙන්නේ. ඉඳලා හිටලා එක චරිතයක් කළත් කමක් නැහැ ඒක වෙනස් එකක්නම්.

     

    ඔහොම චරිත ප්‍රතික්ෂේප කරන එක ඔබේ රංගන ජීවිතයට අවාසියක් නොවේද?

    ඒක නම් එහෙම තමයි. නමුත් මට දැනෙන්නේ නැති චරිත කරන්නේ මොකටද. හෙමින් ගමනක් ගියොත් ඒක ස්ථාවරයි කියලයි මට හිතෙන්නේ. අනික වෙනස්ම චරිත කළාම ඒවා මිනිස්සුන්ට හොඳටම මතක හිටිනවා. එහෙම චරිතාංග නිළියක් වෙන්නයි මට ඕනේ.

     

    රඟපාන චරිතවලට ඔබට හොඳ ගෙවීමක් ලැබෙනවා ද?

    මට චරිතයකට කතා කළාම කවදාවත් මට කීයක් ගෙවනවද කියලා මම අහල නැහැ. මම අහන්නේ ඒ චරිතය මොන වගේ එකක්ද කියලා. චරිතය ගැන වැඩි විස්තරයක් මං අහනවා. එහෙම අහල රඟපාපු චරිත වලට මට හොඳ මිලකුත් ලැබිලා තියෙනවා. ඒක නිසා අමුතුවෙන් මිල ගණන් අහන්න යන්නේ නැහැ මම.

     

    මේ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන යද්දි හිත් රිදීම් එහෙම වෙලා නැද්ද?

    හිත් රිදීම් නම් අනන්තයි අප්‍රමාණයි. එහෙම සිදු වීම් වෙච්ච මුල් කාලේ නම් හිත හරියට රිදුණා. යහළුවන් කියලා මම ළං කර ගත්තු අය තමයි වැඩිපුරම හිත රිදවලා තියෙන්නේ. අන්තිමේ එයාලා කේලම් කිය කිය එයාලගේ ගමන යනවා. අපේ වැරදිත් කියනවා. ඒ අයට යාළුකම් වැඩක් නෑ. අනුන්ව කපල හරි තමන්ගේ ගමන යන්නයි උත්සාහ කරන්නෙ. එහෙම ගිහින් වැඩක් නැහැ. මම දැන් ඔය වගේ සිදුවීම්වලින් හොඳටම පාඩම් ඉගෙන ගෙන තියෙන්නෙ.

    මොනවද ඔබේ ඉදිරි වැඩ කටයුතු?

    තිසුල දීප තඹවිට අයියා කරන අලුත් නාට්‍යයට මට කතා කරලා තියෙන්නේ. ඒකෙ නම කළු රළ පෙළ. මම නිතරම කතා කරමින් මට කරන්න තියෙන ඒ චරිතය ගැන විස්තර අහනවා. තව චිත්‍රපටයකටත් කතා කරලයි තියෙන්නේ.

    ලක්නිමා ගේ පදිංචිය කොහෙද?

    මම මීපේ.

    උපන් දිනය?

    ජනවාරි 13.

    ඉගනගත්ත පාසලත් මතක් කළොත්?

    අවිස්සාවේල්ල ජනාධිපති විදුහල.

    ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?

    හරිම උත්සාහවන්ත කෙනෙක්.

     

     

    කසුන් ශානක

     

     
    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.