24 C
Colombo
Tuesday, November 24, 2020

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...
More

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    මිනුවන්ගොඩ කොරෝනා පොකුර ගැන පරීක්ෂණයට පත් කළ නිලධාරීන්ගේ තොරතුරු දෙන්න – නීතිපති වැඩබලන පොලිස්පතිට කියයි

     

    මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ වයිරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ විමර්ශන නිලධාරීන් පිළිබඳ තොරතුරු තමාවෙත වහා දන්වන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (05)  උපදෙස් දුන්නේය. වැඩබලන පොලිස්පතිවරයාට දුන් උපදෙස් මත වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මේවන විටත් කිසිදු විමර්ශනයක් ආරම්භ කර නොමැති බවට දැනගැනීමට ලැබීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (05) නැවතත් ලිඛිතව මෙම උපදෙස් ලබාදීම සිදුකළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

    සිද්ධිය විමර්ශනය සඳහා පත්කළ නිලධාරීන්ගේ නාම ලේඛනය තමාවෙත වහා එවන ලෙසට ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් දී ඇත.

    මිනුවන්ගොඩ වෛරස් පොකුරේ ව්‍යාප්තියෙන් මුළු රටටම දැඩි අවදානම් සෞඛ්‍ය තත්ත්වයක් උද්ගතවී ඇති බව පෙන්වාදෙන නීතිපතිවරයා මෙවැනි තත්ත්වයක් යටතේ මෙම විමර්ශනයට ඉහළ ප්‍රමුඛතාවක් ලබාදී අදාළ විමර්ශන නිලධාරීන් කණ්ඩායම් පත්කරන ලෙසට ද වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබා දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

    මෙම විමර්ශනය සඳහා නීතිමය උපදෙස් එම විමර්ශන කණ්ඩායම් හට ලබාදීම තම නෛතික වගකීමක් බවද වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිඛිත උපදෙස් ලබාදෙමින් නීතිපතිවරයා අවධාරණය කර ඇත.

    මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මනුෂ්‍ය ජීවිතයට සිදුව ඇති අන්තරාදායක තත්ත්වය සම්බන්ධයෙන් සිදුකෙරෙන අපරාධ විමර්ශනයට ඉහළ ප්‍රමුඛතාවක් ලබාදෙමින් පොලිසියේ විවිධ කොට්ඨාසවලින් ජ්‍යෙෂ්ඨ දක්ෂ සහ පළපුරුදු නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ මට්ටමේ විමර්ශන කණ්ඩායමක් තෝරාගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා ට පසුගිය (29) උපදෙස් දුන්නේය.

    නීතිපතිවරයා පසුගිය 27 වැනිදා ලබාදුන් උපසදස් මත වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙහි විමර්ශන කටයුත්ත කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබුණ ද එම කොට්ඨාසයේ නිලධාරීන් කිහිපදෙනකුටම කොවිඩ් වෛරසය වැළදී ඇති බවට නීතිපතිවරයා වෙත වාර්තා වීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයාට මෙම උපදෙස් ලබාදීම සිදුකළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

    ඒ අතර පසුගිය 26 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කිහිපදෙනකුටම කොවිඩ් රෝගය වැළදී ඇති බව නීතිපතිවරයා වෙත වාර්තා වූ බව පැවසූ රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය එවැනි තත්ත්වයක් තිබියදී පසුගිය 28 වැනිදා වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙහි විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාස වෙත භාරදී ඇති බවට නීතිපතිවරයා ට වාර්තා වූ බවද පැවසුවාය.

    මෙවැනි තත්ත්වයක් මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමට අපහසු බවද කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දීමක් සිදු කර ඇති බවටද නීතිපතිවරයා ට වාර්තා වී ඇතැයි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

    අදාළ විමර්ශනයකගේ ප්‍රගතිය ⁣ලබන නොවැම්බර් 13 ට පෙර තමා වෙත ඉදිරිපත් කරන ලෙසට ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා පසුගිය 27 වැනිදා උපදෙස් දී තිබුණි.

    බ්‍රන්ඩින්ස් ආයතනයේ වෛරස් ව්‍යාප්තිය එම ආයතනයේ පාලකයන්ගේ නියෝජිතයන්ගේ ඍජු නොසැලකිල්ල හෝ රජයේ නිලධාරීන්ගේ,නිලධාරියකුගේ නොසැලකිල්ල හෝ අපරික්ෂාකාරිත්වයෙන් යන කවර ආකාරයකින් සිදුව ඇද්ද යන්න සම්බන්ධයෙන් සොයාබලන ලෙසට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් දී තිබුණි.මෙම සිද්ධිය විමර්ශනය සඳහා මනා පළපුරුද්දක් ඇති නිලධාරීන් තෝරාගෙන විමර්ශනය සිදුකරන ලෙස ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් දී තිබුණිඅපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 393 2 වගන්තිය අනුව නීතිපතිවරයාට පැවරී ඇති බලතල මත මෙම සිද්ධියට අදාළව විමර්ශන ඇරැඹීමට එසේ උපදෙස් දී ඇත.

    දණ්ඩ නීති සංග්‍රහයේ හෝ නීරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ වරදවල් සිදුකර ඇද්ද යන්න පිළිබඳ විමර්ශනය කරන ලෙසද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් දී ඇත.

     

     

    කුමුදු හෙට්ටිආරච්චි

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.