මිනුවන්ගොඩ පොකුර ගැන විමර්ශනය කඩිනම් කරන ලෙස වැඩබලන පොලිස්පතිට දන්වයි

0
10
මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් කොරෝනා පොකුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කළ පොලිස් කණ්ඩායම පිළිබඳව වහාම තමා දැනුවත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.
 
සිය උපදෙස් අනුව මේ දක්වා කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවට නිරීක්ෂණය කර ඇති බව නීතිතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දන්වා ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය කියා සිටියාය.
 
මේ සම්බන්ධයෙන් පසුගිය 27 සහ 29 යන දෙදින වැඩ බලන පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇතත් පළපුරුදු කණ්ඩායමක් මේ දක්වා පත් කර නොමැති බවට තොරතුරු පවතින බව නීතිපතිවරයා විසින් නිරීක්ෂණය කර ඇත.
 
සමස්ත රටවාසීන්ගේ ජීවිත වලට බලපෑමක් වී ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ඉහළම ප්‍රමුඛතාවය දෙන ලෙසද අදාළ විමර්ශන නිළධාරීන්ගේ නාමලේඛනය හැකි ඉක්මණින් තමන්ට යොමු කරන ලෙසටද නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here