බන්ධනාගාරවල තදබදය අඩුකිරීමට උපදෙස්

0
10
කොවිඩ් -19 වසංගතය පැතිර යෑම පාලනය කිරීම සඳහා රිමාන්ඩ් බන්ධනාගාරවල තදබදය අඩුකිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඉල්ලීම පරිදි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.
 
ඒ අනුව නීතිපති, දප්පුල ද ලිවේරා මහතා විසින් සංශෝධනය කරන ලද උපදෙස් සහ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.
 
ඒ අනුව දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත ඇප දියහැකි සැකකරුවන්ට ඇප දෙන ලෙසත් අනෙක් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසත් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදේශ දුන් බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here