24 C
Colombo
Tuesday, November 24, 2020

මහජන ධනය ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය අකුරටම ඉටු කරමින් සිටිනවා – ඇමැති විමල් වීරවංශ

Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නරටේ වගා කළ හැකි කහ ගැන ජනාධිපතිතුමා ගත් තීන්දු එලෙසමයි- රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන කොමිෂන් සභා යහපාලන කාලයේ වැඩ කළේ හිටපු අගමැති රනිල්ට හා විපක්ෂ...
More

    Latest Posts

    ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

    ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...

    යුදහමුදාවෙන් හදිසි ආපදා කළමනාකරණයට විශේෂ සේනාවක්

    ශ්‍රී ලංකා යුද හමුදා 58වන සේනාංකය යටතේ 'හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්' නිර්මාණය කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

    මැදපෙරදිග සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව

    මැදපෙරදිග රටවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන්...

    අද කාලගුණ වාර්තාව

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී.370 දුරින් (9.3N,84.5E) මුහුදු ප්‍රදේශයේ...

    ඇන්දෙන එකත් ආතල් එකක්

    තී හා තා ලියූ සුරත් ද මැල්
    නොවැම්බර් 12, 2020

    “…අපේ සුරතල් නාම කෙතරම් සාමාන්‍යකරණීය වීද යතොත් කාලයක් යද්දි අපිටත් නොදැනීම ප්‍රසිද්ධ සභා තුළ පවා මේවා කියවුණා.

    “ආ උඹලා දෙන්නා දැන් කතා කරන්නේ සම්භාව්‍ය සිංහල භාෂාවෙන් නේද?“

    දිනක් මෙය ඇසූ අප මිතුරු චින්තන විමසුවා

    “සම්භාව්‍යයයි, අසභ්‍යයයි අතර අතර වෙලාවකට මහ ලොකු වෙනසක් නැහැ“

    ධ්වනිතාර්ථවත්ව පැවසූ මගේ ව්‍යංගය ඔහුට වැටහුණේ නෑ

    මිත්‍රයාගේ ප්‍රශ්නයෙන් නව දැනුමක් පහළ වුණා. දෙදහස් පන්සිය වසක් ඉපැරණි ප්‍රෞඪ ඉතිහාසය ගැන දැනුණේ මහ ආඩම්බරයක්. තී සහ තා වචන දෙක ඉපැරණි සිංහල භාෂාවට ඇතුළුවන්නට ඇත්තේද මෙම අර්ථයෙන්ම බැව් වැටහුණා. පුරාණ හෙළ බස් වියත්හු දැන හිඳ තියෙනවා ගෞරව සම්ප්‍රයුක්තව රටවැසියන් ඇමතිය යුතු ආකාරය…. “ඔයා“ වගේ ඔක්කාරයට එන වචන භාවිතය තහනම් කර සියලු ලක්වැසියන්, පුරුෂයන් “තා“ ලා වශයෙන්ද ස්ත්‍රීන් “තී“ ලා වශයෙන්ද හැඳීන්විය යුතු යැයි අපි (ගීත් හා දිව්‍යා) මනස් ආණ්ඩුවට යෝජනාවක් ගෙනාවා.“….

     

    මේ සුරත් ද මැල් සිය පළමුවැනි නව කතාව වන තී හා තා හි අර්ථය සිය පොතේ පළමුවැනි පරිච්ඡේදයෙන්ම පාඨකයාට ගෙන එන ආකාරයයි. එහි පිළිවෙළ මා විසින් තරමක් වෙනස් කරන ලද්දේ පුවත්පතේ පිටුවේ ඉඩ ගැන සැලකිලිමත් වූ නිසාය. මා සුරත් හඳුනන්නේ නවකතා රචකයකු ලෙස නොව මා කර්තෘමාණ්ඩලිකයකු ලෙස සේවය කළ පුවත්පත් දෙකකම කර්තෘත්වය දැරූ සුන්දර නිහතමානි ද මැල් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාගේ පුත්‍රරත්නය ලෙසය. පසුව ආබාධ සහිතවූවන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නඟන සමාජ ක්‍රියාකාරකයකු ලෙසය. කොළඹ සහ කැලණිය සරසවිවලින් පශ්චාද් උපාධි හදාරා, පෝලන්තයේ උච් සරසවියේ සිනමාකරණය පිළිබඳ හැදෑරූවකු ලෙසය. මෙවර ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන වසරේ නිර්මාණශීලි නවක දායකත්වය මෙන්ම 2020 ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ අවසන් වටයට තෙරුණු විශිෂ්ටතම නවකතා අතරට එක් වූ ඔහුගේ පළමු ලේඛන කර්තව්‍යය ‘තී හා තා’ පිළිබඳවත් ඔහුගේ අනාගත කලා ජීවිතය පිළිබඳවත් සුරත් ද මැල් සමඟ කළ කෙටි කතාබහක් මෙසේ සටහන් තබමි.

     

    ඔබ වැඩි වශයෙන් අවධානය යොමු කළේ සිනමාකරණයට. ඒත් දැන් නවකතාකරුවෙක් වෙලා?

    එක එක්කෙනා එක එක මාධ්‍ය හොයාගන්නවානේ තමන්ගේ අත්දැකීම් හෝ මතවාද හෝ කියන්න. මට කියන්න ඕනෙ දේ කියන්න සුදුසුම මාධ්‍යය වුණේ මේ පොත කියලා හිතුණා. ඒකයි වුණේ.

     

    ඔබ මෙය උත්තම පුරුෂයෙන් ලියා තමන්ගේ අත්දැකීමක් වගේ අපට කියනවා, කතාකරන භාෂාවෙන්?

    නවකතා ලියන හැමෝම කොහොමත් ලියන්නේ කාගේ හෝ කුමක් හෝ අත්දැකීමක්නේ. මේ පොතෙත් තිබෙන්නේ එක්කෙනකුගේ චරිතයක් හෝ අත්දැකීමක් නෙවෙයි. හැබැයි සත්‍ය අයගෙ තොරතුරු තිබෙනවා. නම් ගම් වෙනස් වුණාට. මම හිතන්නේ ඕනෑම නවකතාවක් තුළ ඒ නවකතාකරු ඉන්නවා. උත්තම පුරුෂයෙන් නවකතා ලිවීම අපේ රටේ දකින්න ලැබුණා, මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදුදා, සිරි ගුණසිංහගේ හෙවණැල්ල වගේ කතාවල. හැබැයි මට ඕනෙ වුණේ උත්තම පුරුෂයෙන් සහ කටවහරෙන් ලියන්න. මොකද මේ කතාව කියන්න පහසුම ක්‍රමය ඒක. ඒත් මම ඒක හිතලා ගත්ත තීරණයක් නෙවෙයි. කර්තෘ ප්‍රධාන චරිතයක් වනවා වගේම පාපොච්චාරණයක් කරනවා වගේ වෙද්දි මෙහෙම ලියැවුණා. මාධ්‍යය කුමක් වුවත් අපි කරන්නේ යම් සිදුවීමක් නැවත ලියන කියන එකනේ… ඒ වෙලාවෙදි වඩා ප්‍රබල මේ විදිහ කියලා තමයි දැනුණේ.

     

    පළමුවෙනි නිර්මාණයම මේ විදිහට කරද්දි සැකයක් මතු වුණේ නැද්ද?

    අභියෝගයක් තිබුණා. මොකද තමන්ගේ කතාවක් කියද්දි යම් අවාසියකුත් තියෙනවානේ. කෙනෙකුට මගේ කතාව නැත්නම් පාපොච්චාරණයක් අහගෙන ඉන්න තියෙන වුවමනාව මොකක්ද? එහෙම කාටවත් වුවමනාවක් නෑනේ. හැබැයි, ඒක අහනවා නම්, එතැන විශේෂත්වයක් තියෙන්න ඕනෑ. මොකද හැම කෙනාටම කියන්න කතාවක් තිබෙනවා. ලෝකේ ඒ වගේ කතා බිලියන හතකට වඩා තියෙනවා. ඒ අතරින් විශේෂ වන විදිහ තමයි තිබුණ අභියෝගය.

     

    ඔබ මෙහි බොහෝ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා ගැන කතා කරන්නේ සංයමයක් සහ උපහාසයක් සමඟ කියලයි දැනෙන්නේ?

    මේ පොතේ මම අසභ්‍ය කියන කිසිදෙයක් යොදලා නැහැ. සමහර පොත්වල මම කියවලා තියෙනවා කුණුහරුප එහෙම්මම තියෙනවා. මටත් එහෙම කරන්න තිබුණා. ලිංගික දර්ශන ලියද්දි සමහරු ඒවා ලියන්නේ රූපක මවමින්. ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි. හැබැයි මම කල්පනා කළා, කුණුහරුප නොවන විදිහට කීවාමයි ඒවායේ ගතිය තියෙන්නේ. ඒ වගේම මට ඕනෙ වුණේ මේ හැම දේකම තිබෙන හාස්‍යය මතු කරන්න. ඒ නිසා සිදු වීම අවසානයේ හෝ හාස්‍යය මතු කරන්න උත්සාහ කළා. එතකොට තමයි මටත් ලියන එක විනෝදයක් වින්දනයක් වන්නේ. ඒ වගේම තී හා තා කියද්දි ඒකේ හරි වචන නොදැන පොත දකින කෙනා ඇන්දෙන එකත් පොඩි ආතල් එකක්නේ.

     

    මේ කතාවේ උපහාසය සේම විශාල දේශපාලනයක්, සමාජ සංස්කෘතික විවරණයක් තිබෙනවා?

    අපේ රටේ දේශපාලනය ගැන කියද්දි මාරම දේ තමයි, එක්කෝ ලංකාවේ දේශපාලනය දිහා බලාගෙන ඉඳලා තරහා ගිහින් පැලිලා මැරෙන්න ඕනේ. නැත්නම් සටන් කරන්න ඕනේ. බැරිනම් ඒ දිහා හිනාවෙලා බලන්න පුරුදු වෙන්න වෙනවා. හැම කිලෝමීටරයකටම පන්සලක් පල්ලියක් ගානේ තියෙන නිතර බණ අහන මිනිස්සු නිතර මරාගන්න බලාගෙන ඉන්නේ මොකද? ඒකේම අනෙක් පැත්ත තමයි මේ දේශපාලනඥයන් ආදීන් ගන්න ආතල් එක දිහා බලලා අපිත් ආතල් ගන්න එක. ඒ කියන්නේ දේශපාලනය දිහා උපහාසයෙන් බලන එක. අපි විනෝදෙන් බලන්නේ ක්‍රිකට් මැච් දිහා විතරයි වගේනේ ඉන්නේ. අනෙක් වෙලාවට තව එකෙක්ට පොල්ලෙන් ගහන්නේ කොහොමද කියලානේ බලාගෙන ඉන්නේ. මොකද අපේ දේශපාලනය අපිම තීරණය කරලා, ඊට පස්සේ අපි මේ පාලනය වන සිස්ටම් එක ගැන පුදුම ක්‍රෝධයකින් ඉන්නවා. දැන් කවුරුත් සටන් කරන්නෙත් නෑනේ. ඉතින් පුපුරලා මැරෙනවාට වඩා හොඳයිනේ මේ අපිම කරන දේ දිහා හාස්‍යයෙන් බලන එක. එතකොට අපට සතුටෙන් ජීවත් වන්න පුළුවන්.

     

    සංස්කෘතික ආදී කරුණු ගැන කියන්න තියෙන්නේ අපි කරන නිර්මාණයට අවංක වීම අවශ්‍යයි කියලායි. අපි කතා ලියන්නත් පුරුදු වෙලා තියෙන්නේ අවංකව නෙවෙයිනේ. සංස්කෘතිය ගැන හිතන්නේ ආරක්ෂා කරගෙන ඉන්න දෙයක් කියලා. ඒත් එළියට පේන සංස්කෘතියේ නෙවෙයිනේ අපි ඇත්තටම ජීවත් වන්නේ. ඇත්තෙන්ම රෙද්දක් පොරවගෙන තමයි සංස්කෘතිය ගැන අපි කතා කරන්නේ. හරි සංස්කෘතිය තිබෙන්නේ රෙද්ද ඇතුළේ. අපි සොයිසා පුරයේ මහල් නිවාසවල එහෙම කාලයක් ජීවත් වුණා. මගේ ජීවිත කාලය පුරා මම දැක්ක සැබෑ සංස්කෘතිය තමයි ලීවේ. සමහර වෙලාවට නිර්මාණකරුවන් කරන්නේ ඒ කොටස සුදු රෙද්දකින් වැසීම.

     

    කොහොමද ප්‍රතිචාර?

    සම්මාන ලැබුණා හෝ නැහැ කියනවාට වඩා රසිකයන් පොත කියවනවාද කියන එකයි මම හිතන්නේ හොඳම ප්‍රතිචාරය. සරසවි ප්‍රකාශකයන් මේ වෙද්දි පොතේ හත්වැනි මුද්‍රණයටත් ගිහින්. ඕනෑම විචාරයක් ප්‍රතිචාරයක් සමබරව ගැනීම හැර විශේෂ තැකීමක් නැහැ.

     

    අපේ රටේ කෙතරම් හොඳ පොතක් ලියැවුණත් අන්තර්ජාතික මට්ටමට නොයන්නේ පරිවර්තනය නොවන නිසා?

    මගේ මූලිකත්වයකින් නම් නෙවෙයි, හැබැයි පොත කියවලා ඊට කැමැති වුණ කෙනෙක් තී හා තා දැන් පරිවර්තනය කරගෙන යනවා.

     

    මට හිතෙන විදිහට මෙය නවකතාවකට වඩා ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයේ කතාවක් වගේ?

    එහෙම අදහසකුත් තිබෙනවා. චිත්‍රපටයකට නඟන්න තාම සාකච්ඡා මට්ටමෙන්.

    Latest Posts

    ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

    ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...

    යුදහමුදාවෙන් හදිසි ආපදා කළමනාකරණයට විශේෂ සේනාවක්

    ශ්‍රී ලංකා යුද හමුදා 58වන සේනාංකය යටතේ 'හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්' නිර්මාණය කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

    මැදපෙරදිග සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව

    මැදපෙරදිග රටවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන්...

    ඔක්ස්ෆර්ඩ් කොවිඩ් වැක්සිනය සාර්ථක බවට වාර්තාවක්

    බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය නිෂ්පාදනය කෙරෙන කොවිඩ් එන්නත, කොරෝනාවට එරෙහිව සියයට 70ක් සාර්ථක මෙන්ම ආරක්‍ෂිත බවට එරට මාධ්‍ය වාර්තා කර ඇත.    එම ප්‍රතිඵල නිකුත් වූයේ ඔක්ස්ෆර්ඩ්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.