සයිබර් අවකාශයට Tele Series එකක් Cyber Beggars

0
15
නොවැම්බර් 12, 2020

Netflix ඇතුළු සමාජ මාධ්‍යයන් ඔස්සේ TV Series නැරඹීම ලාංකේය ප්‍රේක්ෂකාගාරයට අලුත් අත්දැකීමක්. ටෙලිවිෂනයට කොටු වුණු ප්‍රේක්ෂකාගාරය දැන් කෙමෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වෙමින් ටෙලිනාට්‍ය ඇතුළු විවිධ රසාංග නැරඹීමට පටන්ගෙන හමාරයි. Cyber Beggars කියන්නේ එවැනි ප්‍රේක්ෂකාගාරයක් උදෙසා නිර්මාණය වුණු TV Series එකක්. මේ ගැන වැඩි විස්තර කතා කරන්න අපි එහි තිරරචනය සහ අධ්‍යක්ෂණය කළ කසුන් මහේන්ද්‍ර හීනටිගල නම් තරුණ නිර්මාණකරුවා සම්බන්ධ කරගත්තා.

මොකක්ද මේ Cyber Beggars කියන්නේ?

Cyber Beggars කියන්නේ TV Series එකක්. මේකේ පළවෙනි season එක කොටස් දහයයි. VIU app එක වෙනුවෙන් තමයි අපි මේ Cyber Beggars කියන TV Series එක කරන්නේ. මෙහි විශේෂත්වය වෙන්නේ මේ කතාව සත්‍ය කතාවක් ඇසුරෙන් මම ලිව්වේ.

 

මෙහි කතාව මොකක්ද?

ලංකාවේ නූතන සයිබර් මාධ්‍ය හරහා මිනිසුන්ව මංකොල්ල කන කොල්ලො කෙල්ලන්ගෙ කල්ලියක් තමයි මේ කතාවට පාදක කරගෙන තියෙන්නේ. මේක ලංකාවේ කාලයක් සිදුවුණු සහ වර්තමානයෙත් වෙමින් පවතින සිදුවීම් මාලාවක්. මේක නූතන යාචක පරම්පරාව හා සබැඳී කතාවක්. Cyber Beggars කියලා මේකට මම නම දැම්මෙත් ඒ නිසයි.

 

කොහොමද “Cyber Beggars”ලට ලැබෙන ප්‍රතිචාර?

දැනට කොටස් සුළු ප්‍රමාණයක් මුදාහැරලා තියෙන්නේ. මේ වෙද්දි ඒ ටිකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපේ කලා ක්ෂේත්‍රයේ මිත්‍රයෝ සහ බහුතර ප්‍රේක්ෂකාගාරය විසින් සැලකිය යුතු මට්ටමේ විචාර, අලුත් දේවල්, මෙමඟින් ඔවුන් විඳීන දේවල් ආදී හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. පළමු වැනි season එකේ කොටස් දහයයි. මේ ලැබෙන ප්‍රතිචාර සහ ප්‍රේක්ෂකාගාරයේ කැමැත්ත අනුව ඊළඟ ඉඥචඵධද කරනවා. මේ වෙද්දි මම ඒ සඳහා වැඩ කටයුතු කරගෙන යනවා. මේ කතාවේ ඉවරයක් නැහැ.

 

ඔබේ කණ්ඩායම ගැන මතක් කළොත්?

මේ සඳහා ජනප්‍රිය සහ දක්ෂ නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වුණා. නිනෝ ජයකොඩි, කළණ ගුණසේකර, චමත්කා ලක්මිණි, සුදත් ඇන්තනී, තීන පෙරේරා, ශානක ප්‍රනාන්දු, මිලින්ද මඩුගල්ල, කසුනි කාවින්දි ඒ අය අතර ඉන්නවා. විශේෂයෙන්ම අපි ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ද සම්බන්ධ කරගත්තා. සුසිලා කෝට්ටගේ වගේ ප්‍රවීණ රංගන ශිල්පීන් මේකට සම්බන්ධ වුණා. කැමරා අධ්‍යක්ෂණය චින්තක සෝමකීර්ති, කතාව තිරරචනය සහ අධ්‍යක්ෂණය මගේ. සංගීත අධ්‍යක්ෂණය දිනේන්ද්‍ර ජයවීර, මාලිංග මධුසංක කලා අධ්‍යක්ෂණය කළා. නිෂ්පාදන කළමනාකරු විදිහට චානක නිරෝෂන් වැඩ කළා.

 

රංගන ශිල්පීන්ගෙන් ලැබුණු දායකත්වය කොහොමද?

ඔවුන්ගෙන් ලැබුණු දායකත්වය ඉතාම හොඳයි. මම වැඩ කරන්නේ මගේ පිටපත් එක්ක. මම යම් චරිතයක් ලියන්නේ ඊට අදාළ රංගන ශිල්පීන් තීරණය කරලා. මේ Cyber Beggars ලිව්වෙත් රංගන ශිල්පීන්ව ඔළුවේ තියාගෙන. මේ හැමෝම තමන්ට ලැබුණු චරිතය ඉතාම හොඳට කතාබහ කරලා කලබලයක් නැතුව කළා. මේක අපි හැමෝටම අලුත් අත්දැකීමක් වුණා. කොටස් දහයක් වගේ සුළු ප්‍රමාණයක් වුණාට අපි වැඩි ශ්‍රමයක් දාලා මේ වැඩේ කළා. රංගන ශිල්පීන් වගේම මගේ කණ්ඩායමේ හැමෝම හොඳ සහායක් දුන්නා.

 

මේ TV Series වැඩේ ලංකාවට අලුත්. අවදානමක් ගන්න බයක් හිතුණේ නැද්ද?

පෞද්ගලිකව මම තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරන්න කැමතියි. තරුණ්‍යය නියෝජනය කරන අය හැටියට අපි හැමවෙලේම යවත්කාලීන වෙන්න ඕනේ. ලෝකේ Netflix, Amazo වගේ නිෂ්පාදන ආයතන හරහා විශාල වශයෙන් චිත්‍රපටි ආදී නිර්මාණ බිහිවෙනවා. සිනමාශාලා වෙනුවට ඔවුන් සමාජ මාධ්‍ය භාවිත කරනවා. ලංකාවෙත් සිනමාවට කලාවට ආදරය කරන නිර්මාණකරුවන් වගේම ප්‍රේක්ෂකයා පවා මේ මොහොතේ ලෝකේ නව ප්‍රවණතා සමඟ යාවත්කාලීන වෙලා ඉන්නේ. TV Series කියන එක අලුත් වුණාට හොඳ නම් ඒක භාරගන්න ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. ඒ ප්‍රේක්ෂකාගාරය ගැන සහ වැඩේ ගැන විශ්වාසය තියලා තාක්ෂණික මාධ්‍ය ගැන යම් කැමැත්තක් තියෙන නිසා මම අවදානමක් නැතුව මේ වැඩේ කරනවා. මම හිතන විදිහට ටෙලිවිෂන් මාධ්‍ය මේ අවස්ථාවේදී ප්‍රේක්ෂකාගාරය එන්න එන්න බැහැර කරනවා. මම ටෙලිවිෂන් මාධ්‍යයට විරුද්ධයි කියන එක නෙමෙයි. ඒත් ටෙලිනාට්‍ය පවා දැන් youtube මාධ්‍ය හරහා බලනවා. අද වෙද්දි youtube මාධ්‍ය හරහා ඕනේම වෙලාවක ලංකාවේ හොඳ නිර්මාණ බලන්න පුළුවන්. ඒ නිසා Mobile App එකක් හරහා මේ නාට්‍ය යන එක අවදානමක් විදිහට නෙමෙයි අභියෝගයක් විදිහටයි මම භාරගත්තේ. මම හිතනවා ඒ අභියෝග සාර්ථකව අවසන් කළා කියලා.

 

ඒ කියන්නේ දැන් ටෙලිවිෂන් එකේ බලාධිකාරිය බිඳ වැටෙමින් පවතිනවා?

ලංකාව කියන්නේ දූපතක් වුණාට අපි හැම මොහොතෙම ලෝකෙත් එක්ක යාවත්කාලීන වෙන්න ඕනේ. ටෙලිවිෂන් එක දැන් එක තැන පල් වෙන ගතියක් තියෙනවා. ටෙලිවිෂන් එකට ඒක සිද්ධ වුණේ රසාස්වාදය පැත්තෙන් සහ වින්දනය පැත්තෙන් හොඳ නිර්මාණ බිහි වීම අල්ප වීමත් එක්ක. කලාව කියන්නේ ආනන්දය ලැබෙන දෙයක් කියනවානේ. ඒ ආනන්දය ටෙලිවිෂන් මාධ්‍යයෙන් ලැබෙනවාද කියලා ගැටලුවක් තියෙනවා. ඒ නිසා ප්‍රේක්ෂකාගාරය විසින් යම් වේදිකවක් හොයමින් පවතිනවා. මම හිතනවා දැන් අලුත් මාධ්‍යයකට සහ මොහොතකට යා යුතුයි කියලා.

 

මේ කසුන්ගේ පළමුවෙනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය නේද?

ඔව්. මගේ කෙටි චිත්‍රපටය “අපි දැන් කොහෙද යන්නේ” ජාත්‍යන්තර සම්මාන කීපයකට නිර්දේශ වුණා මීට කලින්.

 

ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?

ඉන්දීය චිත්‍රපටි නිෂ්පාදනයක මම ලාංකේය ගීත රචකයා හැටියට සම්බන්ධ වුණා. ඒ චිත්‍රපටය ලබන වසරේ තිරගත වීමට නියමිතයි. ඉන්දියාවේ තිරගත වෙන ගමන්ම ලංකාවෙ ප්‍රේක්ෂකාගාරයටත් ඒක බලන්න පුළුවන්. එහි නම ඉඥජධදඤ ඉඩධඹ. ඒ.ටී. ඥානම් කියන දෙමළ අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයක්. ලංකාවේ රංගන ශිල්පීන්ගෙන් හේමාල් රණසිංහ එහි රංගනයෙන් දායක වුණා. එහි ගීත රචකයා හැටියට මම සම්බන්ධ වුණා. කසුන් කල්හාර, උරේෂා රවිහාරි, කුෂානි සඳරේඛා ගායනයෙන් සම්බන්ධ වෙනවා. මම ලංකාවේ ප්‍රධාන නාළිකාවක් එක්ක ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here