24 C
Colombo
Wednesday, May 19, 2021
More

    Latest Posts

    බිම්පුත් ෆයිනෑන්ස් සමාගමේ ධනාත්මක වර්ධනයක්

    - Advertisement -
    14 නොවැම්බර්, 2020

    කොවිඩ් අර්බුදය මධ්‍යයේ වුවද, ඉකුත් ජුනි-සැප්තැම්බර් මූල්‍ය කාර්තුව තුළ ඉහළ ධනාත්මක වර්ධනයක් අත්කර ගැනීමට මෙරට මූල්‍ය සේවා අංශයේ ප්‍රකට සමාගමක් වන බිම්පුත් ෆයිනෑන්ස් සමාගමට හැකිවී තිබේ. අභියෝගකාරී කාලසීමාවකදී එවන් වර්ධනයක් අත්කරගැනීමට මාර්ගෝපදේශනය ලබාදුන් රජයටත්, විශේෂයෙන් ම ශ්‍රී ලංකා මහ බැංකුවටත්, බැංකු සහකරුවන් හා පාරිභෝගිකයින් ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ටත්, බිම්පුත් ෆයිනෑන්ස් සමාගම සිය කෘතවේදීත්වය පළ කර සිටී.

    වසංගත කාලසීමාව තුළ බිම්පුත් ෆයිනෑන්ස් ආයතනයේ මුදල් ප්‍රවාහයට මෙන්ම පොලී ආදායමට ද දැවැන්ත බලපෑමක් ඇති වූ නමුදු, තම පාරිභෝගිකයන්ගේ අසීරුතා මැනවින් අවබෝධ කරගනිමින් 40,000ක පමණ පාරිභෝගික පිරිසකට ණය සහන කාල පරිච්ඡේද ලබාදීමට සමාගම පියවර ගෙන තිබුණි. ආර්ථිකමය අභියෝගයකට මුහුණපා සිටින තම පාරිභෝගිකයන්ට මූල්‍ය සහනයක් හිමිකර දීම, එහි අරමුණ විය.

    - Advertisement -

    මේ අතර ඉකුත් වසරේදී ඇති වූ පාස්කු ප්‍රහාරය හමුවේ මතු වූ ඍණාත්මක ආර්ථික පරිසරය තුළ පවා ශක්තිමත්ව නැඟී සිටීමට බිම්පුත් ෆයිනෑන්ස් සමාගමට හැකි විය.

    තම ව්‍යාපාර මෙහෙයුමට සමගාමී ශක්තිමත් ව්‍යාපාර මූලිකාංග පවත්වාගෙන යාම සඳහා බිම්පුත් ෆයිනෑන්ස් සමාගම හඳුන්වා දී ඇති ඒකාබද්ධ ක්‍රමෝපාය සැලසුම හා සුවිශේෂී ව්‍යාපාර මාදිලිය හේතුවෙන්, මෙවන් අවිනිශ්චිත කාලසමයක පවා පාරිභෝගිකයන්ට සේවා සැලසීමට හැකිවී තිබේ. විශේෂයෙන් ම නියාමන අවශ්‍යතාවක් මත සමාගම සකසා ඇති ප්‍රාග්ධන සම්පාදන සැලසුම ද මේ වනවිට මහ බැංකුවේ සැළකිල්ලට බඳුන් වෙමින් පවතී. බිම්පුත් ෆයිනෑන්ස් සමාගම ඉකුත් කාර්තුවේදී ධනාත්මක ව්‍යාපාර තත්ත්වයක් ළඟා කරගනුයේ මේ සියල්ල මධ්‍යයේ වීම කැපී පෙනේ.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.