මනසින් නොවැටෙමු වැටි වැටි නැඟිටිමු

0
15

කොවිඩ්19 වසංගතය හේතුවෙන් ලංකාවේ ප්‍රජාව විශාල ගැටලු රැසකට මුහුණ පාමින් සිටින බව හඳුනාගෙන ඇත. එහිදී විශේෂයෙන්ම ඇති වී තිබෙන වසංගත තත්වය හමුවේ සමාජීය වශයෙන් මිනිසුන් බොහෝ ලෙස පීඩා විඳියි. වර්තමානය වන විට කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පැන නැඟී ඇති අහිතකර තත්වයන් පිළිබඳව හඳුනා ගැනීමේදී විශේෂයෙන්ම තරුණ ප්‍රජාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ හැකිය. කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යාමත් සමග තාරුණ්‍යයේ දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිළිබඳ විශාල අභියෝග රැසක් මතු වී ඇත. එහිදි බොහෝ තරුණ තරුණියන්ට තම රැකියා අහිමි වීම, විදේශගත වූ තරුණ තරුණියන් ඒ ඒ රටවල සිර වීම හා ලංකාවට පැමිණි තරුණ  තරුණියන් නැවත පිටරට යෑමට නොහැකි වීම මෙන්ම අද වන විට විශාල රැකියා ප්‍රමාණයක් අහිමි වීම පෙන්නුම් කරනු ලබයි. මෙහිදී විශේෂයෙන්ම ගමෙන් නගරයට ගොස් විශාල ගැටලු රැසකට මුහුණ පා ඇති අතර, ඔවුන්ගේ එදිනෙදා කටයුතු අඩාල වීමක් ද මෙහිදි හඳුනා ගත හැකිය.

අධ්‍යාපනය ලබන්නවුන්ට තම අධ්‍යාපනය බොහෝ විට කලකට හෝ අතරමග නවතා දැමීමට සිදුවීම අධ්‍යාපන කටයුතු තවදුරටත් කල් යාම ආදී බොහෝ අර්බුධකාරී තත්ව රැසක් නිර්මාණය වී ඇති බව හඳුනාගත හැකිය. online  ඉ‍ෙගන ගැනීමේ ක්‍රමවේදයකින් අධ්‍යාපනය ලැබීමට සිදුවීම ආදි තත්ව රැසක් නිර්මාණය වී‍ තිබේ. බොහෝදෙනෙකුට මේ සඳහා පහසුකම් නොමැති වීම හේතුවෙන් ඉතා අපහසු කටයුත්තක් ලෙස ද මෙය දැක්විය හැක. එමෙන්ම මෙම

තත්වය හේතු කොටගෙන අපේක්ෂිත තත්ත්වය බිඳ වැටීම මගින් ප්‍රධාන වශයෙන්ම තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට නොහැකිවීමේ දි තරුණ තරුණියන් මානසික ලෙසින් බිඳ වැටීමකට ලක් වීම පෙන්නුම් කරයි.       

එහිදී වර්තමානය වන විට තරුණ තරුණියන් කාලය කා දැමීමට හුරු වී ඇති අතර, විශේෂයෙන්ම මානසික බිඳවැටීම්වලට ලක් වීමට ද පත්ව ඇත. එහිදී අනාගතය පිළිබඳව හුදෙකලා බවක් හා අවිනිශ්චිතතාවයක් මෙවන් වාතාවරණයකදී ඇති විය හැකි බව යුනිසෙෆ් ආයතනය ද පෙන්වා දී තිබේ. අද වන විට නොයෙක්  කායික, මානසික ගැටලුවලට ශාරිරික මානසික බිඳවැටීම් ආදී තත්ත්වයන්වලට පත්ව ඇති බව ද හඳුනාගත හැක. කොරෝනා වයිරසයට පවතින අනිසි බිය හේතු කොටගෙන වත්මන් තරුණයන් බොහෝදෙනෙක් විවිධ පීඩාවන්ට පත්ව ඇති අතර, යම් යම් පිරිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ද හඳුනාගත හැක.

ඉන් මිදීමට නොහැකි වීම තුළ ද මානසික වැටීම්වලට සහ නිදන්ගත රෝග, පවුල් ආරවුල් සහ ආවේගකාරී සිතිවිලි මතු වීම සඳහා ඉඩකඩ විවර වී ඇත. පසුගිය දිනක හෝමාගම ප්‍රදේශයේ 27 හැවිරිදි තරුණයකු තම මවට කොරෝනා රෝගය ආසාදනය වීමේ පීඩනයත් සමග සියදිවි නසාගත් පුවතක් වාර්තා විය. අද වන විට තරුණ ප්‍රජාවගේ ආත්ම ශක්තිය හීන වී ඇති අතර, දිනෙන් දින රටේ ගැටලු නිර්මාණය වීමේ ප්‍රවනතාව ද වැඩි වී ඇත. ඒ සඳහා මානසික පීඩනය ද හේතු වී ඇත. එමෙන්ම නිසි ලෙස සෑම ක්ෂේත්‍රයක් තුළම අවධානය යොමු කරමින් තරුණ ප්‍රජාව නැවතත් දිරි ගැන්වීමට බලධාරීන් කටයුතු කළ යුතුය. විශේෂයෙන් පෞද්ගලික වශයෙන් තමන්ගේ අනාගතයේ සාර්ථකත්වය උදෙසා අඩුපාඩු හදා ගැනීම පමණක් සිදු නොකර සමස්තයේම අනාගත සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීමට අවධානය යොමු කළ යුතුය. එමෙන්ම මෙවැනි  වසන්ගත රෝග අවස්ථාවන්වලදී ඇති විය හැකි

මානසික තත්ත්ව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ  යුතු අතර, එවැනි අවස්ථා පාලනය කිරීමට යහපත්  මානසික තත්ත්වයක් ගොඩනැඟීමට කටයුතු කළ යුතුය. විශේෂයෙන්ම සියලු දෙනා මැදිහත්ව මෙම කරුණු සඳහා  නිසි කටයුතු ගැනීම සඳහා නිසි පියවර ගනිමින් හැකි විගස කටයුතු කිරීමට අවධානයට යොමු කළ යුතුය.

 

 සංජානා තන්ත්‍රීගේ 

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

කැළණිය විශ්වවිද්‍යාලය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here