වේගවත් රොබොටික් පී.සී.ආර් පරීක්ෂණ පහසුකම් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට

0
5
14 නොවැම්බර්, 2020
වමේ සිට දකු­ණට: සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් – වෛද්‍ය අසේල ගුණ­ව­ර්ධන, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි­ආ­රච්චි, ඩය­ලොග් ආසි­ආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධා­යක සුපුන් වීර­සිංහ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා වේගවත් රොබොටික් පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම් සැලසීමට කටයුතු කර ඇත. කොවිඩ් – 19 පිටුදැකීම සඳහා වන ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා ඉටුකරන කාර්යයේ තවත් පියවරක් ලෙස ඩයලොග් විසින් රොබොටික් පහසුකම්වලින් සමන්විත පරීක්ෂණ කට්ටල 4000 ක් පරිත්‍යාග කරන ලදී.

2020 අප්‍රේල් මාසයේදී කොවිඩ් 19 පිටුදැකීම වෙනුවෙන් සිදුකළ මෙහෙවර යටතේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට රු. ලක්ෂ 2000 ක් පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙ‌ලෙ හි සමාරම්භය ලෙසින් ඉන් සති කිහිපයකට පසුව මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇඳන් 10 කින් යුත් නවීන පහසුකම්වලින් සමන්විත දැඩි සත්කාර ඒකකයක් ලබාදීමට හැකි විය. ඉදිරියේදී තවත් දැඩි සත්කාර ඒකක සංවර්ධනය කර පුළුල් කිරීමට නියමිතයි. නව තාක්ෂණික රොබොටික් පී.සී.ආර්. පහසුකම් මගින් පී.සී.ආර්. පරීක්‍ෂණ සහ ප‍්‍රතිඵල නිකුත් කිරීමේ කාලය පැය 8 සිට පැය 2.5 ක කාලයක් දක්වා අඩු කිරීමට සමත් වීම සුවිශේෂී වූ කරුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here