24 C
Colombo
Tuesday, November 24, 2020

ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...
More

    Latest Posts

    මෘත දේහයක දින 27කට පසුවත් කොරෝනා වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ!

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක...

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    හැමදාමත් chance නෑ

    මේ ජීවිතය තුළ අපට බොහෝ අවස්ථාවන් හිමි වන්නේ නැත. දෙවරක් හෝ තුන්වරක් ලැබෙන අවස්ථාවන් හඳුනාගෙන අප අපට හිමි ඉසව් සොයා යා යුතු ය. මිනිසුන් සිතන ආකාරය ගැන හෝ ලෝකය කියන කතන්දර ගැන වදවීමට ගියහොත් අපට ජීවිතය මඟහැරෙනු ඇත. සදාකාලයටම අහිමි කරගත් අවස්ථාවන් ගැන පශ්චාත්තාප වීමට අපට සිදු වනු ඇත.

    අපි පවසන තරම් ජීවිතය නපුරු නොවේ. වරද අපගේය. අත ළඟටම එන අවස්ථාවන් අහිමි කරගන්නේ අපය. ජීවිතය කරුණාවන්තය. පළමු අවස්ථාවත් දෙවැන්නත් මඟහැරගෙන තිබියදීත් අප ගැන අනුකම්පාවෙන් තවත් අවස්ථාවක් ලබා දෙයි. එහෙත් එය පෙර අවස්ථා තරම් පහසු නැත. සංකීර්ණය. හිමි කර ගැනීමට වෙහෙසිය යුතු ය. 

    ජීවිතය පිළිබඳ වූ අනවබෝධය හෝ නොතේරුම්කම් නිසාම බොහෝ දෑ අපෙන් ගිලිහී ගොස්ය. අවස්ථා හා සිද්ධි පිළිබඳව මෙන්ම පුද්ගල චරිත ගැන ද යම් තරමක අවබෝධයක් ලැබෙන කල්හි ඇතැම් විට අප ප්‍රමාද වැඩිය. එහෙත් තවමත් අවස්ථාවක් තිබිය හැකිය. සෑම විටම බලාපොරොත්තු සහගත වීම ජීවිතය පහසු කරවන්නකි. තමන්ට සැබෑවටම අවශ්‍ය දේ පිළිබඳව හදවතේ විශ්වාසයත් ධෛර්යයත් තිබේ නම් යා යුතු මාර්ගය සොයා ගැනීම අපහසු නොවේ. 

    ජීවිතය රැඳී තිබෙන්නේ සමාජය, සංස්කෘතිය හෝ අනෙකා විසින් තහවුරු කරන ලද තත්ත්ව සහතික මත නොව ඔබේ හිතේ සැනසීම සතුට පවතින තැනය. එය ඔබටත් මටත් විශේෂ මෙන්ම අනන්‍ය වූවකි. එහෙයින්ම සමාන පියාපත් ඇත්තෝ එකම අහසක හමු වනු ඇත. 

    ඔබේ අවස්ථාව මඟනොහැර ගන්න. ජීවිතය අපට බොහෝ අවස්ථාවන් ලබා දෙන්නේ නැත

     

     කුශාන්ති අනුරාධා බණ්ඩාර

     

    Latest Posts

    මෘත දේහයක දින 27කට පසුවත් කොරෝනා වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ!

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක...

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.