24 C
Colombo
Wednesday, November 25, 2020

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...
More

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    JW.org කණ්ඩායමෙන් නව ගෝලීය ප්‍රචාරණ වැඩසටහනක්

    14 නොවැම්බර්, 2020

    ශුද්ධ වූ බයිබල් අධ්‍යාපනය ප්‍රායෝගික ජීවිතයට හුරු කරවමින් ප්‍රජාව සත්‍යගරුක සහ වගකීම් සහගත පුරවැසියන් බවට පත්කර ලීමේ අරමුණෙන් යුතුව නව ගෝලීය ප්‍රචාරණ වැඩසටහනක් දියත් කිරීමට JW.org කණ්ඩායම පියවර ගෙන ඇත. බයිබලයේ ඉගැන්වීම් සහිත Watchtower සඟරාවේ විශේෂ කලාපයක් නොවැම්බර් මාසයේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාවට, රාජ්‍ය නිලධාරීන්,අධිකරණ නිලධාරීන් ඇතුළුව පොදුවේ මහජනතාව අතට නොමිලේ පත් කිරීම සඳහා JW.org කණ්ඩායම කටයුතු සම්පාදනය කර ඇත.

    නව සංස්කරණයෙන් සහ අධ්‍යයනයට පහසු ලෙසින් නිමවූ මෙම Watchtower සඟරාව භාෂා 300කට වැඩි සංඛ්‍යාවකින් පළවන ලොව එකම සඟරාව වේ.

    නොවැම්බර් මාසයේ විශේෂ කලාපයක් ලෙස එළිදැක්වූූ Watchtower (මුරටැඹ) සඟරාවේ කවරයේ කතාව මෙවර අරුත් ගැන්වුණේ What is God’s Kingdom’ යනුවෙනි. මෙවර කවරයේ කතාවෙන් බයිබලයේ ඉගැන්වීමට අනුව ලෝකය පිළිබඳ අනාවැකි ඉදිරිපත් කෙරේ. කෝවිඩ් 19 වසංගතයට මුහුණපා සිටින මුළු මහත් සමාජය පිළිබඳව දයානුකම්පාවෙන් බයිබල් වදන් තුළින් ප්‍රීතිමත් නව ජීවිතයකට ආරම්භයක් ලබා දීම සඳහා බයිබල් ඉගැන්වීම් සරලව සමාජයට ගෙන යෑම මෙම සඟරාවේ පළවු සියලු ලිපි තුළින් ගෙන හැර දැක්වීමට උත්සාහ කර ඇත. එමෙන්ම දේව රාජ්‍ය පිළිබඳ ගැටලු , මෙහි ජීවන ප්‍රතිලාභය කුමද යන කරුණු පිළිබඳවත් අවධාරණය කෙරේ. නොවැම්බර් මාසයේදී පළ වූ මෙම විශේෂ Watchtower සඟරාව තුළ ශතවර්ශ ගණනාවක් පුරා මිනිස් චිත්ත සන්තානයේ කැකැරෙමින් තිබු ප්‍රශ්න ගණනාවකට පිළිතුරු ලබා දීමත් ඉදිරියේදී ඇති වන යහපත් කාලය පිළිබඳවත් සමාජයට නිරාවරණය කරයි.

    කෝවිඩ් 19 වසංගතය මුළු ලෝකයම වෙලා සිටින අවස්ථාවක දියත් කෙරෙන මෙම ගෝලීය ප්‍රචාරණ වැඩසටහන මුළුමනින්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඒ ඒ රටවල සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා ඇති සෞඛ්‍ය නියාමනයන් අකුරට පිළිපදිමින් ක්‍රියාත්මක කිරීමට JW.org කණ්ඩායම කටයුතු කරනු ඇත. මීට අමතරව ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින් මෙම ගෝලීය ප්‍රචාරණ වැඩසටහන සිදු කෙරෙනු ඇත. Watchtower සඟරාවේ නොවැම්බර් කලාපය www.JW.org. යන වෙබි අඩවියට පිවිස භාගත කර ගැනීමේ පහසුව ද සලසා ඇත.

    වර්තමානයේදී ලොව පුරා මිලියන 8.6ක් JW.org සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන් ලෙස රටවල් 240ක් පුරා සිය ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන යන අතර JW.org සාමාජිකයන් ලෙස කටයුතු කරන අතර ඔවුන් විවිධ වාර්ගික සහ සංස්කෘතික වටපිටාවක් සහිත ප්‍රජාවක් ලෙස හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාව තුළ JW.org සාමාජිකයන් 7000කට අධික පිරිසක් ක්‍රියාකාරීව සිටී. www.JW.org. වෙබ් අඩවිය ලොව වැඩිම භාෂා සංඛ්‍යාවකට පරිවර්තනය වූ එනම් භාෂා 1020කින් ක්‍රියාත්මක වන එකම වෙබ් අඩවිය වන අතර ශ්‍රී ලංකාව තුළ මෙය සිංහල, දෙමළ, ඉංග්‍රීසි, චීන සහ සංඥා භාෂාවන්ගෙන් ක්‍රියාත්මක වෙති. මෙම වෙබ් අඩවිය තුළින් විශේෂ සාකච්ඡා, දේශන, පොත් , සඟරා, ශ්‍රව්‍ය දෘෂ්‍ය අධ්‍යාපන වැඩසටහන් සහ බයිබල් ඉගැන්වීම් පිළිබඳව මනා හැදෑරීමක් ලබා ගත හැකිය.

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.