2020 යෞවනයේ ඩයරිය

0
15

නොවැම්බර් 08

කොවිඩි ගේ දොරකඩටම ඇවිල්ලා. ඊයෙ පෙරේදා දවස් දෙක තුනේම ඇවිල්ලා ගිහින්. කව්රුවත් දන්නෙ නෑ. නොදන්න නිසාම උදේ පාන්දර ෆෝන් කාඩ් එකක් ගන්න කඩේට ගියා. පල්ලම් බහිද්දි හන්දියෙ හිටපු පොලිස් රාලහාමි ඇඟිල්ලක් දික්කරගෙන එළෙව්ව ගෙදරටම.

” මැරෙන්න ද ⁣යකෝ යන්නෙ. දන්නෙ නැද්ද මේව lock down කියලා” තව මොන මොනවද මහ හයියෙන් කෑ ගහල කිව්වා. අම්මට… කියලත් අම්ම ගැනත් මතක් කරා. මයෙ හිතේ අම්මලගෙ පරණ පරණ යාළුවො වෙන්න ඇති. ඒකනෙ අම්මවත් මතක් කරේ.

නොවැම්බර් 09

අද උදේ ඉතින් වැඩි උනන්දුවක් කරේ නෑ උදෙන්ම නැඟිටින්න. මොකද ඉතිං අපි lockdown සීන් එකේ ඉන්න කට්ටියනේ. ඒ හින්දා ඇඳටම වෙලා හිටියා. ඇඳටම වෙලා හිටියත් ඉතින් මම කල්පනා කරේ මේ ඇහැටවත් පේන්නැති වසංගතයකින් වෛරසයකින් අපිව ආරක්ෂා කරන්න දත කන පොලිස් රාලහාමිලා පහුගිය කාලාන්තරයක් තිස්සේ ස්ත්‍රී දූෂණ, මංකොල්ල, පාතාල, කුඩු කේස්වලට අත දාලා ඒව මේ රටින් තුරන් කරා නම් මේ රට සුරපුරයක් වෙන්නත් ඉඩ තිබ්බා නේද කියලා. අනේ මන්දා ඉතින්. කොහොම වුණත් ඕන් සැලියුට් එකක්. මේ වෙලාවෙ කරන මෙහෙයට.

නොවැම්බර් 10

අද උදේ බොස්ගෙන් කෝල් එකක්. ඔෆිස් ආවේ නැත්තේ ඇයි කියලා අහන්න. බොස්ට ඒක ඒ හැටි තේරුම් කරන්න තරම් මට කාලයක් තිබ්බේ නෑ. සර සර සර ගාලා බැණගෙන ගිහින් ලොක්කා ෆෝන් එක තිබ්බා. මටත් කියාගන්න ටිකක් තිබ්බා. කියාගන්න වුණේ නෑ ලොක්කා

ෆෝන් එක තියලා.

“අනේ බුදු සර් පුළුවන්නං ලෝක පාලන දෙවියන්ගෙන් හරි කමක් නෑ පර්මිෂන් අරගෙන මාව ඔෆිස් එකට ගෙන්න ගන්න. දවස් දෙකක් ගෙදර ඉඳලා කන් දෙක ගොඩවෙලා. ඒ තරම් ගෙදර එවුන් මගේ ගුණ වයනවා”

ඒ ටිකත් මට ලොක්කාට කියාගන්න තිබ්බනං මසුරන්

නොවැම්බර් 11

අද දවසම ගෙදර සිනමා ලන්තයක් උදේ නැඟිට්ට වෙලාවෙ ඉඳලා හවස් වෙනකන් ෆිල්ම් තුනකට වැඩිය බැලුවා. Nonstop. නිදාගන්න ඇඳට ගියාට පස්සෙ තමයි තේරුනේ බලපු ෆිල්ම් වලින් කිසිම වැඩක් නෑ කියලා. මොකද ෆිල්ම් තුනම කළවම් වෙලා. මෙලොව දෙයක් ඔළුවේ නෑ. ඒවත් හරියට අද කාලේ ඉන්න එවුන් කියන සින්දු වගේ. අග මුල මැද හොයාගන්න බෑ. සියල්ල කළවම්.

නොවැම්බර් 12

පහුගිය මාර්තු මාසෙ එක්ක බලනකොට ලෝකයේ කොවිඩ් තත්ත්වය සාමාන්‍යයි කියල තමයි හිතෙන්නේ. ඒත් ලෝකයෙන් වෙන් කරලා ගත්තම අපේ රට විතරක් සාමාන්‍ය තත්ත්වයෙන් මිදිලා අසාමාන්‍ය තත්ත්වයට ගමන් කරන බවක් පෙන්නුම් කරනවා. හැබැයි ඒ ලංකාවේ මාර්තුවල තත්ත්වෙත් එක්ක සංසන්දනය කරනකොට. අදත් මරණ පහක්

නොවැම්බර් 13

අද ටිකක් සැරටම හිතුව අනාගතය ගැන. සමහර කෙල්ලො කොල්ලො ඉන්නෙ මේ වෙනකොටත් සමනල හීනවල අතරමං වෙලා. එහෙම සමනල හීනත් එක්ක අපේ රට ගොඩදාන්න නම් කවදාවත්ම බෑ. ඒක නිසා ධනාත්මක විදියට හිතල අපිත් ගොඩ ගිහින් රටත් ගොඩදාන්න පුළුවන් විදියක් තමයි මං අද කල්පනා කරේ. බලමු.

නොවැම්බර් 14

 

වර්තමාන පෙම්වතී මේ දවස්වල අවුල් . කවුද ඉතින් දන්නේ කෙල්ලො නේ අප්පා. උන්ගෙ ප්‍රශ්නවලට උත්තර හොයන්න සක්කරයටවත් බෑ. ඕන දවසක කතා කරපංකො කියලා මං පාඩුවේ හිටියා. ඒත් අද පරණ පෙම්වතී මට කතා කරා. සමහරවිට ඒකිගේ කොල්ලා මේ දවස්වල ඒකිත් එක්ක අවුල් ඇති.

ඉසුරු හේවගේ – මාතර

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here