හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාව දැන් සංචරණ සීමා ආරක්‍ෂා කරනවා

0
13
හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාව මේවන විට සියයට 99ක් සංචරණ සීමා ආරක්‍ෂා කරමින් කටයුතු කරන බවට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සදහන් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
 
ගුවන් හමුදාව ඩ්‍රෝන යානා තාක්‍ෂණය භාවිතයෙන් සිදු කරනු ලබන නිරීක්‍ෂණය කිරීම් ඔස්සේ මේ බව තහවුරු වී ඇත. විශේෂයෙන්ම කොළඹ උතුර, හොරණ වැනි ප්‍රදේශවල මෙම නිරීක්‍ෂණ කිරීම් වැඩි වශයෙන් සිදු කරනු ලැබේ. 
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා අද(14) උදෑසන සදහන් කර සිටියේ මේවන විට මුහුණු ආවරණ නොපැළදවීම හා දුරස්ථභාවය ආරක්‍ෂා නොකිරීම හේතුවෙන් පුද්ගලයින් 201දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවය. එසේම ඊයේ දිනයේ දී 25දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මීගමුව ප්‍රදේශයෙන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය. 
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here