ඉතියෝපියාවේ සිට එරිත්‍රියානු අගනුවරට රොකට් ප්‍රහාර

0
14
එරිත්‍රියාවේ අගනුවර වන අස්මාරා ගුවන්තොටුපල අසලට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබේ. ඉතියෝපියාවේ ටයිග්‍රේ ප්‍රදේශයෙන් එම ප්‍රහාර එල්ලවී ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික සදහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ
 
ඉතියෝපියාවේ උතුරු ටයිග්‍රේ ප්‍රදේශයෙන් එල්ල වූ රොකට් ප්‍රහාර සෙනසුරාදා අසල්වැසි එරිත්‍රියාවේ අගනුවරට එල්ල වූ බව රාජ්‍ය තාන්ත්‍රිකයින් පස් දෙනෙකු පවසා ඇත. ඔවුන් සදහන් කර ඇත්තේ රජයේ හමුදා සහ බෙදුම්වාදී කණ්ඩායමක් අතර ගැටුම ඉතියෝපියාවේ දේශ සීමාවෙන් ඔබ්බට පැතිරී ඇති බවයි.
 
සෙනසුරාදා සවස අස්මාරා ගුවන් තොටුපළට අවම වශයෙන් රොකට් ප්‍රහාර දෙකක් එල්ල වූ බව රාජ්‍ය තාන්ත්‍රිකයින් තිදෙනෙකු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here