24 C
Colombo
Monday, November 23, 2020

රිමාන්ඩ් සිරකරු තදබදයට කඩිනම් විසදුමක්

    බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන සිරකරු තදබදයට හේතුවී ඇති රිමාන්ඩ් සිරකරුවන් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගවලට එළඹීම කෙරෙහි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ විශේෂ අවධානය...
More

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    මහජන ධනය ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය අකුරටම ඉටු කරමින් සිටිනවා – ඇමැති විමල් වීරවංශ

    Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නරටේ වගා කළ හැකි කහ ගැන ජනාධිපතිතුමා ගත් තීන්දු එලෙසමයි- රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන කොමිෂන් සභා යහපාලන කාලයේ වැඩ කළේ හිටපු අගමැති රනිල්ට හා විපක්ෂ...

    තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට.

    The post තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.

    පරිසර හිතකාමි විෂබීජනාශක හැදූ තරුණ විද්‍යාඥයා

    නූතන තාක්ෂණය සහ ජීවන තත්ත්ව හේතුවෙන් ලොව පරිසරය දැඩි ලෙස දූෂණය වී ඇත. නුදුරු අනාගතයේ කොවිඩ්-19ටත් වඩා භයානක වසංගත පවා ඇති වීමේ තර්ජනයකට ලෝකයම මුහුණ දෙමින් පවතී. එමෙන්ම බලයට ඇති තණ්හාව නිසා ලෝකයේ බලවත් රාජ්‍ය, ජීව විද්‍යාත්මක අවි ලෙස රෝග කාරක මාරාන්තික ක්ෂුද්‍ර ජීවීන් සහ විවිධ වයිරස නිර්මාණය කරමින් පවතී. මේවා යුදමය තත්ත්වවලදී සතුරන් විනාශ කිරීමට භාවිත කිරීමෙන් මුළු ලොවම විනාශ වීමට ඉඩකඩ ඇත. එබැවින් තුන්වැනි ලෝකයේ රටක් වශයෙන් මේ වසංගත මෙන්ම ක්ෂුද්‍ර ජීවීන් මඟින් සිදු කරන විනාශකාරි ක්‍රියාවලට මුහුණ දීමට දැන් සිටම සූදානම් වීම ශ්‍රී ලාංකික පර්යේෂකයන්, විද්‍යාඥයන් සහ නවොත්පදකයන් කටයුතු කිරීම ඉතා වැදගත් කටයුත්තකි.

    මේ සඳහා විද්‍යඥයකු, පර්යේෂකයකු සහ නවෝත්පාදකයකු වන ආචාර්ය ප්‍රසංග ගයනාත් මන්තිලක විසින් ඔහුගේ පර්යේෂණ කණ්ඩායම සමඟ නිෂ්පාදන කිහිපයක් දැනටමත් හඳුන්වා දී තිබේ. ජනාධිපති සම්මානලාභි විද්‍යාඥයකු සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ඔහු සුප්‍රකට රිසර්ච්ගේට්හි වර්ගීකරණය අනුවද ලෝකයේ හොඳම පර්යේෂකයන් 10 අතරේ සිටින ද්‍රව්‍ය විද්‍යාඥයෙක් සහ නැනෝ තාක්ෂණවේදියෙකි. ඔහු ඉතා ළාබාල වියේදී ආචාර්ය උපාධියක් ගත් තරුණ විද්‍යාඥයෙකි. ඔහු ඛනිජ සම්පත් රැසකට අගය එකතු කර නිෂ්පාදන විශාල ප්‍රමාණයක් සහ නොයෙකුත් භාවිත සඳහා නැනෝ පරිමාණයේ ද්‍රව්‍ය රැසක් නිෂ්පාදනය කර පේටන්ට් බලපත්‍ර 9ක් සමඟ අන්තර්ජාතික පර්යේෂණ ප්‍රකාශන 100කට අධික ප්‍රමාණයක් පළ කර ඇත.

    ඔහුගේ නවතම පර්යේෂණ අනුව සකස් කළ අහිතකර ක්ෂුද්‍ර ජීවීන් විනාශ කළ හැකි නිෂ්පාදන කිහිපයකි. මෙහි පළමු නිෂ්පාදනය ක්ෂුද්‍ර ජීවී නාශක දියර විශේෂයකි. ඒ දියරයට වයිරස, බැක්ටීරියා, පුස් මෙන්ම කොරෝනා වැනි වයිරස පවා විනාශ කළ හැකිය. මේ දියරයේ විශේෂත්වය වන්නේ එය ඕනෑම නිෂ්පාදනයකට නිෂ්පාදන ක්‍රියාවලියේදීම ඇතුළත් කළ හැකි වීමයි. එනම් මෙය අන්තර්ගත කිරීමෙන් පිරිසුදුකාරක වන සැනිටයිසර්, අත්සේදුම්, සබන්, සේදුම් දියර, ඩිටර්ජන්ට් ආදිය නිපදවිය හැකිය. මෙහිදී සාමාන්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් නොකර මේ දියර ඇතුළත් කළ හැකිය. එමෙන්ම මේ දියරය රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදනවලට කෙළින්ම ස්ප්‍රේ කිරීමෙන් ඒ රෙදිපිළි 99.9%ක් බැක්ටීරියා නාශක තත්ත්වයට පත් වේ. බොහෝ වරක් සේදීමේදී පවා ගුණය නොවෙනස්ව පවතී. උදාහරණ ලෙස ඇඟලුම්, මුවවැසුම්, තුවා, ලේන්සු, බෑග්, අත්වැසුම් සහ තිර රෙදි සේදීමට සුදුසු වේ. එමෙන්ම මේ දියර විශේෂය තීන්ත, ආලේපන නිෂ්පාදන සඳහාද සුදුසු වේ. මේ වන විට මෙම නිෂ්පාදනය භාවිත කර මෙරට පෞද්ගලික සමාගමක් විසින් පොතක් නිෂ්පදනය කර ඇත. මේ නිෂ්පාදනයේ විශේෂත්ව වන්නේ මෙය 100%ක් කාබනික වීම එනම් සිල්වර් වැනි බැර ලෝහ අඩංගු නොවීම, පරිසර හිතකාමි වීම, නිෂ්පාදන සදහා අන්තර්ගත කිරීමේ පහසුව, ඉතා මිල අඩු බව, එකවර බොහෝ ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමාණයක් එකවර විනාශ කිරීමේ හැකියාවයි (වයිරස, බැක්ටීරියා, පුස් ආදිය එක්වරම විනාශ වේ). විෂ ද්‍රව්‍ය හෝ සිරුරට අහිතකර ද්‍රව්‍යය අන්තර්ගත නොවේ. මේ නිෂ්පාදනය මේ වන විට Virtual Industrial Solutions පෞද්ගලික සමාගම විසින් කර්මාන්ත සඳහා හඳුන්වා දෙමින් පවතී. එමෙන්ම මේ නිෂ්පාදනය අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කර මහජනතාවට භාවිත කළ හැකි නිෂ්පාදන, සමාගම් කිහිපයක් මඟින් මේ වර්ෂාවසානයේ වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට නියමිතය.

    මීට අමතරව ප්‍රසංග මහතා මේ වන විට වායුසමනවලට ඇතුළත් කළ හැකි සහ ගෘහ ආශ්‍රිතව භාවිත කළ හැකි, අහිතකර ක්ෂුද්‍ර ජීවීන් විනාශ කර අහිතකර විෂ වායු ඉවත් කළ හැකි උපාංගයක් නිෂ්පාදනය කරමින් සිටියි. එම නිෂ්පාදනය තව මාස කිහිපයකින් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. මේ ක්ෂුද්‍ර ජීවී නාශකවලට අමතරව ප්‍රසංග මහතා තවත් පර්යේෂණ ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර, ඒවා අතර කුණු දූවිලි නොරඳන ස්වයං පිරිසුදුකාරක ගුණය ඇති තීන්ත, පිරිසුදුකාරක, ආලේපන සහ කර්මාන්තවල යන්ත්‍රසූත්‍ර ස්වයං පිරිසුදු කරන ආලේපන විශේෂයකි. මීට අමතරව දැනට ජාතික පර්යේෂණ සභාවේ අනුග්‍රහයෙන් දියවැඩියා සහ මුල් අදියරේ දියවැඩියාව සහිත පුද්ගලයන් සදහා රුධිරගත සීනි මට්ටම ස්වයංක්‍රීයව හඳුනාගෙන එය පාලනයට ඖෂධ සිරුරට නිකුත් කළ හැකි සහ අනතුරුදායක අවස්ථාවකදී රෝහලට හෝ වෛද්‍යවරයට දැනුම් දෙන මෘදුකාංගයක් සහිත ඇඟලුමක් නිපදවමින් පවතී. මෙමඟින් ජීවිත රැසක් බේරාගැනීමට හැකිය. රටට ආනයනය කරන බොහෝ දේ රට තුළම නිපදවා, රටේ නව කර්මාන්ත බිහි කිරීම සහ පවතින කර්මාන්ත දියුණු කිරීම ඔහුගේ බලාපොරොත්තුවයි.

     

    පී.කේ. බණ්ඩාර

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    ඉන්දියාවේ ධර්මපූරිහි ගැඹුරු ළිඳකට වැටුණු අලියකු ගොඩගනී

    දකුණු ඉන්දියාවේ ධර්මපූරිහි ඉතා ගැඹුරු ළිඳකට වැටී සිටි විශාල අලියකු ගොඩගැනීම හැකි වී තිබේ. මේ සඳහා 50කින් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගි වී තිබේ. ගම්වාසීන්...

    ලොව දුගී රටවලට කොරෝනා එන්නත ලබා ගැනීමේදී දුෂ්කරතා

    ලෝකයේ දුප්පත්ම රටවල්වලට කොරෝනා එන්නත ලබා ගැනීමේ දී ඇතිවන දුෂ්කරතා ගැන ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් කනගාටුව ප්‍රකාශ කර ඇත. ඇය මේ බව ප්‍රකාශ කර...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.