24 C
Colombo
Tuesday, November 24, 2020

චීනය සඳෙන් පස් සාම්පල ගෙන ඒමට සූදානම්

චීනය සඳෙන් සාම්පල නැවත ගෙන ඒමේ අභිලාෂකාමී මෙහෙයුම දියත් කරයි   සඳේ පාෂාණ සාම්පාල එකතු කිරීම සදහා චීනය විසින් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. එවැන්නක් සිදු...
More

    Latest Posts

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    ජනාධිපතිවරයා වූ පසු ඊට පෙර ඔහු දන්නා කරුණක් සම්බන්ධයෙන් අධිකරණයට තොරතුරු ලබාදීම මග හැරීමේ බලයක් ව්‍යවස්ථාවෙන් ලබාදී නැහැ.

    “ලලිත් සහ කුහන්  අතුරුදන් කිරීමට අදාලව සාක්ෂි දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවීම ගැන වන නඩුව අද අභියාචනාධිකරණයේදී විභාග විය. අභියාචනාධිකරණ තීන්දුවට අනුව ගෝඨාභය...

    චීනය, ඉන්දියාව, ඇමරිකාව අපේ රට ආක්‍රමණය කරමින් ඉන්නවා.

    ජනතා විමුක්ති පෙරමුණ අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ විශේෂ කරුණක් පදනම් කරගෙන. ආණ්ඩුව කොළඹ වරාය අවසන් හුස්ම හෙළීමට නියමිත තත්වයකට පත්කර තිබෙනවා. කොළඹ වරාය...

    ලලිත්-කුහන් නඩුවට සාක්ෂියට කැඳවන නියෝගය අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි.

    ලලිත් – කූගන් පැහැර ගෙනගොස් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ කැඳවීමට බලයක් යාපනය...

    මඩුවන්ගේ පියාසැරිය

    විද්‍යා ප්‍රබන්ධය

    මහානායක හාමුදුරුවන්ට එදා ඇත්තටම යන්න හිතුණා. දවස් තුනක් විතර එක දිගට අල්ලලා හිටිය හිම වරුසාව තුරල් වේගන යනකොට හාමුදුරුවො තදින් වහල තියෙන ජනෙල් වීදුරු දිහා බලල කල්පනා කළා: ‘හිම පියලිවලට වීදුරු හීරෙනවද? නැත් නම් ඒ මට පේන හැටිද? උත්තරය කුමක් වුණත් මම හිම වැටෙන හැටි බලන්න යන්න ඕනැ නේද?’

    හාමුදුරුවන් මුලින්ම කළේ ඝනකම මේස් යුගල තුන-හතරක් එක උඩ එක පැලඳගත්ත-එක. ඊළඟට කපු පොරෝනා දෙකක් ඉහේ ඉඳලා පාදාන්තය දක්වා පෙරවගත්තා. හැබැයි ඒක නෙවෙයි අමාරු වැඩේ: කාටවත් නෑහෙන්න රෝද පුටුව ඇදගෙන එන-එක.

    බර දොර ලෑලි තෙතටයි හිම කැටිවලටයි තවත් බර වෙලා. ඒක දෙපැත්තට පැද්දිලා විවර වුණේ බිම හූරගෙන, හිම කඩාගෙන. ඒකත් එක්ක බර සුළං රැල්ලක් හාමුදුරුවන් මතට කඩාගෙන වැටුණා, හිම අහුරු එක්කම. හීතල දැනුණේ හීතල පහර මිටියක් ඇඟේ ගිලිලා ගියා වගේ. “කවදා දැකපු සිසිරයක්ද මේ!” හාමුදුරුවන් තමන්ටම කියාගත්තේ ඒ වේදනාවෙන් නම් නෙවෙයි. අමුතුයි! අපූරුයි! ලෝකෙම සුදුපාට පෙරවගෙන නිඳි. දොර පිටුපසින් ඇදගෙන හාමුදුරුවන් රෝදපුටුවේ රෝද කැරකුවා. ‘චරස්’ හඬින් හිම තළාගෙන රෝදපුටුවේ රෝද බිම ස්පර්ශ කළා. “යං පුතේ!”

    පන්සලේ දකුණු වලාකුළු බැම්ම හිම ගොඩවලින් කළ බැම්මක් වෙලා. ගල් අල්ලලා කොන්ක්‍රීට් තීරු දෙකක් දාපු පාර නිකම්ම නිකම් සුදු පාට තලාවක් වෙලා. හාමුදුරුවන් ඔළුව උස්සලා බැලුවා. වෙනදට වම්පසින් කළු-කොළ-දුඹුරු මිශ්‍රණයකින් අහසට නැඟගෙන යන කන්ද අඳුරු සුදෙන් කළ පවුරක් වගේ වෙලා. අහසෙයි, කන්දෙයි, දර්ශන පථය බොඳ කළ හිම පියලි සහ මිහිදුමයි අතර ඒ හැටි වෙනසක් නෑ. හරියට වලාකුළක් උඩ ඉන්නවා වගේ. ‘ක්‍රීක් ක්‍රීක්’ හඬ, ‘චරස් චරස්’ හඬට මුසු වුණා. ඒ හඬ සුළඟේ ඒකාකාරි හෝ හෝ හඬින් මනාව මුදුවට මුසු වෙලා, ඔබ දියේ ගිලුණාම කන්වලට දැනෙන හඬ රික්තය: අන්න ඒ රික්තය නිර්මාණය වෙලා තිබුණා.

    හාමුදුරුවන් හෙමීට හෙමීට දින කීපයකට කලින් වාහන ඔසවාගෙන හිටිය මහා කළු තාර පාර අයිනට ආවා. කලබලයක් නැතුව, හෙමීට, හිමේ ගැඹුරු රෝද සලකුණු දෙකක් තියාගෙන පාර පැන්නා. පාර දෙපස බලන්න ඕන නෑ. මනුස්ස ප්‍රාණියකු තබා වෙනදා ගස් හිස් ආක්‍රමණය කරගෙන කෑගහන පරෙවියෙක්වත් නෑ.

    පාර අග පදික වේදිකාවට රෝද පුටුව තල්ලු කරන්න මහන්සි වෙන්න සිද්ධ වුණා. බෝ ගහ වටේ බැම්මයි, හිම බරට කඩාවැටිච්ච තහඩු බස් නැවතුම්පොළයි අතරින් රිංගුව රෝද පුටුව මොහොතකට නැවතුණා. හාමුදුරුවන්ට රෝදය කරකවන්න අමතක වුණා. හුස්ම හිර වුණා වගේ දැනුණා, ඒ හිර වීම ඇතුළෙන් ඈතට පැතිරුණු දර්ශනය දරාගන්න උත්සාහ කළා. වැව… දළදා මාලිගාව… ඈතින් බැස යන ඉර… කිසිදාක අවසන් නොවන තැඹිලි පාට වගුරා ගත් ජල තරංග… කිමිදෙන, කිමිදී විත් කෑගසාගන්නා දිය කාවුන්… තේජස් ගමනින් පාවෙන හංසයන්… වලාකුළු බැම්මට එපිටින් යන එන පුංචි මිනිස් රූප… ඊට ඉහළින් එන රන් වහලයේ දීප්තිය… තේවා හඬ නැත. සුදු පාට! හිම තලය! ඈතට ගොස් කැරකෙන හිම පියලි අතර ම අතුරුදන් වන හිම තලය!

    හාමුදුරුවන්ට තවත් ඈතට යන්න ඕනැ වුණා. ඇවිදින්න තරම් වැව් තලය ශක්තිමත් ඇති. ඝනකම් අයිස් කුට්ටියක් වෙලා ඇති. සමහර විට රෝදපුටුවෙ හීන් රෝද දරාගන්න පුළුවන් තරමටම ඝනකම් නැති වෙන්නත් පුළුවන්. කමක් නෑ. ඒක නතර වෙන්න හේතුවක් නෙවෙයි. පුංචි තල්ලුවක් එක්ක රෝදපුටුව වැව්කණ්ඩිය දිගේ පහළට ලිස්සල ගියා. මේකත් හරිම සීත ඍතුවක්!

    ඒක අඩි පහක විතර ලිස්සා යෑමක්. අඟල් කිහිපයක් හිම බිඳගෙන රෝදපුටුව නතර වුණා. හාමුදුරුවන් ඊළඟට සිද්ධ වෙන්න නියමිත දියේ ගිලී යෑම බලාපොරොත්තුවෙන් හිටියා. ඒත් මිදුණු දිය ස්තරය නොසැලී හිටියේ ආරාධනාවක් කරනවා වගේ. ‘ක්‍රීක් ක්‍රීක් ක්‍රීක්…’ සුදෙන් වැසුණු තලාව දිගේ තැඹිලි පැහැ පුල්ලියක් හෙමීට හෙමීට ඉස්සරහට ඇදුණා. වෙනදා වැව වටේ යන්න ඕනැ ගමන, අද වැව මැදින්.

    හාමුදුරුවන් ආපහු හැරිලා බැලුවෙ නෑ. මේ තමා ගමන. අඩි විස්සකට තිහකට වඩා එපිට පෙනෙන්නට තුරල්ව ගිය හිම වරුසාව මැදින් දැන් පුංචි දූපතත් ප්‍රදීපාගාරයක් වගේ තනියම වෙව්ල වෙව්ල හිටිය කණාටු වෙච්ච ගහත් දැන් පේනවා. තවත් අඩි කීපයකින් හාමුදුරුවන් ගමන නතර කළා.

    හිම ගොහොරුව සෙලවුණා. සර්පයකු වගේ ඇදිලා ගැහිලා නිසල වුණු යමක්. මඩුවාගේ වල්ගය අග. හාමුදුරුවන් ආපහු යන්න පටන් ගත්තා. “අවුරුදු එකසිය එකක්. අන්තිමට මම හිමේ ඇවිදිනවා.” හාමුදුරුවන් තමන්ටම කියාගත්තා.

    රෝදය ආපහු කැරකෙන්න ගත්තා. කාලය රෝදයේ රිද්මයට බොහොම හෙමීට ගත වන්න ගත්තා. මඩුවා ආයේ වල්ගේ හෙල්ලුවෙ නෑ. කම්මැළිකමට වැතිරිලා හිටියා. පුටුව වල්ගේ අසලින් ඉස්සරහට ගියා, හිම පියලි අතරින් රත්තරන් පාට දීප්තිය පේනකල්. ඊළඟට හාමුදුරුවන් නතර වෙන්න තීරණය කළා. දළදා මාලිගාව!

    දැවැන්ත මඩුවකු පත්තිරිප්පුව වැලඳගෙන හිටියා. වහලේ අග ඉඳල බිම ගෑවෙන තරම්ම ලොකු ඇඟ. ඒ ඇඟෙන් පැන නැඟිලා යකඩ වැට උඩින් වලාකුළු බැම්ම උඩින් ඇවිත් වැවේ අඩක් පමණ දිගට ඇදුණ වල්ගය. හාමුදුරුවන් ඒ දර්ශනය දිහා බලාගෙන හිටියේ කිසිම හැඟීමක් නැතුව. ඒ මිනිස් මනසකට හැඟීම් එන්නත් කරනවට වඩා විසල් අරමුණක් තියෙන දර්ශනයක්. හාමුදුරුවන් ඔහේ බලාගෙන හිටියා.

    “මහණෙනි, සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලු ය. නොපමාව…”

    බුද්ධ වචනය! ඒ වචනවල තේරුම් අරන් හිටියට වඩා වැඩි යමක් තිබෙනව කියල ආවේ ක්ෂණික විස්මයක්! ඉතිහාසයක් පුරාවට මිනිස් ජීවිත, ගොඩනැඟිලි, සබඳතා, ශිෂ්ටාචාර විනාශ වෙලා ගිහින් තිබෙනවා. ඒත් ඒවා ආයෙ එනවා, යනවා, එනවා. අවසානයක් නැති චක්‍රයක්. සමහර විට බුදුන් වදාළේ ‘සංස්කාර ධර්මතාවේ’ නැසෙන සුලු බවද?

    මහානායක හාමුදුරුවන්ගේ මූණට ආවේ යාන්තම් හිනාවක්.

    “නොපමාව කුසල් දහම් හි යෙදෙන්න.”

    ඉතිරි වදන් කිහිපය. “නොපමාව කුසල් දහම්හි යෙදෙන්න. ඒත්… ඒත්…”

    හාමුදුරුවන් කල්පනා කළා. “ඒත් මොකටද? තේරුමක් තිබෙනවද?”

    ශෝකයකට නොවෙයි, ඒත් රැළි වැටුණු ඇස්වලින් කඳුළු ගලාගෙන ආවා. හැබැයි ඇහෙන් එළියට එන්නත් කලින් මිදිලා නතර වුණා.

    සීතල හෙමින් හෙමින් හදවතට ළඟා වුණා.

    ‘අමුතුම සීත ඍතුවක්!’

    හදවත නතර වුණා.

     

    මතු සම්බන්ධයි…

    තාරක කල්දේරා

    Latest Posts

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    ජනාධිපතිවරයා වූ පසු ඊට පෙර ඔහු දන්නා කරුණක් සම්බන්ධයෙන් අධිකරණයට තොරතුරු ලබාදීම මග හැරීමේ බලයක් ව්‍යවස්ථාවෙන් ලබාදී නැහැ.

    “ලලිත් සහ කුහන්  අතුරුදන් කිරීමට අදාලව සාක්ෂි දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවීම ගැන වන නඩුව අද අභියාචනාධිකරණයේදී විභාග විය. අභියාචනාධිකරණ තීන්දුවට අනුව ගෝඨාභය...

    චීනය, ඉන්දියාව, ඇමරිකාව අපේ රට ආක්‍රමණය කරමින් ඉන්නවා.

    ජනතා විමුක්ති පෙරමුණ අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ විශේෂ කරුණක් පදනම් කරගෙන. ආණ්ඩුව කොළඹ වරාය අවසන් හුස්ම හෙළීමට නියමිත තත්වයකට පත්කර තිබෙනවා. කොළඹ වරාය...

    ලලිත්-කුහන් නඩුවට සාක්ෂියට කැඳවන නියෝගය අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි.

    ලලිත් – කූගන් පැහැර ගෙනගොස් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ කැඳවීමට බලයක් යාපනය...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.