24 C
Colombo
Monday, November 23, 2020

රිමාන්ඩ් සිරකරු තදබදයට කඩිනම් විසදුමක්

    බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන සිරකරු තදබදයට හේතුවී ඇති රිමාන්ඩ් සිරකරුවන් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගවලට එළඹීම කෙරෙහි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ විශේෂ අවධානය...
More

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    මහජන ධනය ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය අකුරටම ඉටු කරමින් සිටිනවා – ඇමැති විමල් වීරවංශ

    Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නරටේ වගා කළ හැකි කහ ගැන ජනාධිපතිතුමා ගත් තීන්දු එලෙසමයි- රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන කොමිෂන් සභා යහපාලන කාලයේ වැඩ කළේ හිටපු අගමැති රනිල්ට හා විපක්ෂ...

    තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට.

    The post තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.

    වසර මිලියනයක් පරණ රොබස්ටස්ගේ හිස් කබල

    වසර මිලියන දෙකකට පළමුව මිහි මත ජීවත් වූ මානවයකුගේ හිස්කබලක් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් ආසන්නයෙන් සොයාගැනිණි. ඒ අස්ථි කොටස් සොයාගෙන තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ පර්යේෂකයන් පිරිසක් විසිනි. විද්‍යාඥයන් විශ්වාසය පවසන්නේ මානව පරිණාමය පිළිබඳ තොරතුරු තවදුරටත් අනාවරණය කරගැනීමට මේ හිස්කබල ඉතා වැදගත් වනු ඇති බවයි. එයට හේතුව සොයාගෙන ඇති මේ හිස්කබල එයට අදාළ සම්පූර්ණ අස්ථිවලින් සමන්විතව තිබීමයි. වසර මිලියන ගණනකට ඉහත ජීවත් වූ මානවයකුට අයත්, විනාශයට පත් නොවූ සම්පූර්ණ හිස් කබලක් විද්‍යාඥයන් අතට පත් වන්නේ කලාතුරකිනි.

    හිස්කබල අයත් වන්නේ පැරන්ත්‍රෝපස් රොබස්ටස් නමැති මානවයාට බවත්, එය පිරිමියකුගේ හිස් කබලක් බවත් තහවුරු කරගෙන ඇත. පැරන්ත්‍රෝපස් රොබස්ටස් හැඳින්වෙන්නේ හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ ඥාති සහෝදර විශේෂයක් වශයෙනි. පැරන්ත්‍රෝපස් රොබස්ටස් සහ හෝමෝ ඉරෙක්ටස් යන මානව විශේෂ දෙකම නූතන මානවයාගේ ඍජු මුතුන්මිත්තන් බව විද්‍යාඥයෝ පවසති. එම මානව විශේෂ දෙකම පෘථිවිය මත වාසය කළේ එකම කාල පරාසයකදීය. එසේ වූවත් මේ මානව විශේෂ දෙක සතුව පැවැති ලක්ෂණ එකිනෙකට වෙනස් බව අනාවරණය වී ඇත. පැරන්ත්‍රෝපස් රොබස්ටස් මානවයන්ට, හෝමෝ ඉරෙක්ටස් මානවයන්ට සාපේක්ෂව කුඩා මොළයක් සහ විශාල දත් තිබුණු බව සඳහන් වේ. පැරන්ත්‍රෝපස් රොබස්ටස් මානවයන්ගේ දත් විශාල වී තිබෙන්න ඇත්තේ ඔවුන් දෘඪ ශාක කොටස් ආහාරයට ගන්නට හුරු වී සිටි නිසා බව විද්‍යාඥයන්ගේ මතයයි. දෘඪ ශාක කොටස් ආහාරය ගැනීමේදී වැඩි බලයක් යෙදීමට සිදු වන නිසා ඒ මානවයන්ගේ දත් විශාලව හා ශක්තිමත්ව තිබුණු බවට සැකයක් නැත. හෝමෝ ඉරෙක්ටස් මානවයන් ආහාරයට ගෙන තිබෙන්නේ මාංසමය සහ ශාකමය යන දෙවර්ගයේම ආහාරය. ඒ ආහාර චර්යාව අනුව ඔවුන්ගේ දත් සැකසී තිබී ඇත. පැරන්ත්‍රෝපස් රොබස්ටස් මානව විශේෂය හෝමෝ ඉරෙක්ටස් මානව විශේෂයට පෙර වඳ වී ගොස් තිබේ.

    පර්යේෂක ආචාර්ය ඇන්ජෙලින් ලීසේ පවසන්නේ මෙවැන්නකි. “අප අතට පත් වන හුඟක් පොසිලවල දක්නට ලැබෙන්නේ එක් දතක් පමණයි. විනාශයට පත් නොවූ මෙවැනි සම්පූර්ණ හිස්කබලක් විද්‍යාඥයන් අතට පත්වීම ඉතා වැදගත්…”

    ඔස්ට්‍රේලියාවේ මෙල්බෝර්න්හි ලා ට්‍රෝබේ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් අතට මේ හිස්කබල පත් වූයේ 2018 වසරේදීය. එහෙත් මේ හිස්කබල පිළිබඳ සෙසු අනාවරණයන් කරගැනීම සඳහා විද්‍යාඥයෝ පසුගිය කාලයම ගත කළහ. පැරන්ත්‍රෝපස් රොබස්ටස් මානවයාගේ හිස්කබල සොයාගත් ස්ථානයට ආසන්න ස්ථානයකදී හෝමෝ ඉරෙක්ටස් දරුවකුගේ හිස් කබලක් 2015දී සොයාගැනිණ. ඒ හෝමෝ ඉරෙක්ටස් හිස්කබලත් මෙයට වසර මිලියන දෙකකට පමණ ඉහත ජීවත් වූ මානවයකුගේ බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

    ******************************

    සමු ගන්න සැරසෙන පොපා ලැන්ගුර්

    නව වානර විශේෂයක් මියැන්මාරයේ වනාන්තර පෙදෙසකින් සොයාගැනේ. මේ වානර විශේෂය සොයාගෙන තිබෙන්නේ එරට පොපා කඳුකර පෙදෙසිනි. ඒ කඳුකරය ඉතා දුෂ්කර පෙදෙසක පිහිටා ඇත. නව විශේෂය නම් කර තිබෙන්නේ ද ඒ කඳුකර පෙදෙසේ නාමයද එකතු කරගනිමිනි. ඒ අනුව නව විශේෂය හැඳින්වෙන්නේ ‘පොපා ලැන්ගුර්’ (Popa langur)නමිනි. වානර විශේෂය විද්‍යාත්මක වශයෙන් හඳුන්වන්නේ ‘ට්‍රැකීපිතිකස් පොපා’ (Trachypithecus popa) යනුවෙනි.

    නව වානර විශේෂය වෙත විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබෙන්නේ එම විශේෂය පිළිබඳ පළමුවෙන්ම තොරතුරු වාර්තා වන විටත් එය වඳ වී යෑමේ බරපතළ අවදානමකට මුහුණ දී ඇති බැවිනි. වාර්තාවන්හි දැක්වෙන අන්දමට එම විශේෂයෙන් මේ වන විට සිටින්නේ 200කට අඩු ජීවීන් සංඛ්‍යාවකි. නව විශේෂයේ ගහනය අඩු නිසා ඔවුන් පොපා වනාන්තර පෙදෙසින් සොයාගැනීම පවා දුෂ්කර බව විද්‍යාඥයෝ පවසති. දැනට ඉතිරි වී ඇති ගහනය දැකිය හැකි වන්නේ පොපා වනාන්තරයේ ආගමික ස්ථානයක් පිහිටා ඇති පෙදෙසට ආසන්නයේ බව විද්‍යාඥයන්ට සනාථව ඇත.

    ‘පොපා ලැන්ගුර්’ යනු ශාකවල පත්‍ර ආහාරයට ගෙන ජීවත් වන වානර විශේෂයකි. ඔවුන්ගේ පෙනුම වෙනස් වන්නේ, දෑස් උපැස් යුවළක් පැලඳුවාක් මෙන් බැහැරට දිස් වන අන්දමට වර්ණවත් වී ඇති නිසයි. ඔවුන්ගේ ශරීරය වැසී ඇත්තේ අළුවන් රෝමවලිනි. ‘පොපා ලැන්ගුර්’ විශේෂයේ ජීවීන්ගේ ස්වරූපය පිළිබඳ විද්‍යාඥයන් සතුව පැවැතියේ ඉතා සීමිත තොරතුරු ප්‍රමාණයකි. එම විශේෂයේ ආදර්ශ කිහිපයක් ලන්ඩන්, ලීඩ්න්, නිව් යෝර්ක් සහ සිංගප්පූරු කෞතුකාගාරවල තැන්පත් කර තිබේ. විශේෂය පිළිබඳ වැඩිදුර අධ්‍යනය කිරීම සඳහා විද්‍යාඥයන්ට ඒ ආදර්ශ වෙත යොමු වීමට සිදුව තිබිණ. ආදර්ශවලින් ගත් තොරතුරු අනුව ‘පොපා ලැන්ගුර්’ වානරයන්ගේ දේහ ලක්ෂණ අවබෝධ කරගන්නට විද්‍යාඥයන්ට හැකි වූයේ ය. එහිදී ‘පොපා ලැන්ගුර්’ වානරයන්ගේ වලිගයේ සහ කන්වල ලක්ෂණවලට විද්‍යාඥයන්ගේ අවධානය විශේෂයෙන් යොමු වූ බව වාර්තා වෙයි.

    ‘පොපා ලැන්ගුර්’ වානරයන්ගේ ගහනය පහළ වැටීමට හේතු වී තිබෙන්නේ වනාන්තරය ආශ්‍රිතව සිදු වන දඩයම ය. ඒ හැරුණු විට වන විනාශය නිසා ‘පොපා ලැන්ගුර්’ වානරයන්ට වාසස්ථාන අහිමි වීමත් බරපතළ ගැටලුවක් වී ඇත. මේ විශේෂයේ දැනට ඉතිරි වී සිටින ජීවීන් ප්‍රමාණය රැකගැනීම, වනාන්තරය ආශ්‍රිත ප්‍රජාවන්ගේ වගකීමක් බව වනජීවි බලධාරීහු පෙන්වා දෙති.

     

     

    ***********************

    වසර 30,000කට පසු මතු වූ නිවුන් බිලින්දෝ

    පළමු වරට නිවුන් දරුවන් ගැන වාර්තා වන්නේ මානව ඉතිහාසයේ කවර දිනක සිටදැයි කිසිවෙක් නොදනිති. එසේ වුවත් වසර තිස් දහසකට පෙර මිහි මත ජීවත් වූ නිවුන් දරුවන් දෙදෙනකු පිළිබඳ තොරතුරු ආවරණය කරගැනීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. මේ තොරතුරු අනාවරණය කරගෙන තිබෙන්නේ ඔස්ට්‍රියාවේ ක්‍රෙම්ස්-වොච්බර්ග්හි ග්‍රැවේටියන් පුරාවිද්‍යා කැණීම් ක්ෂේත්‍රයෙනි. බිලිඳුන් දෙදෙනකුට අයත්, එකිනෙකට ආසන්නයේ තිබුණු අස්ථි කොටස් සමූහයක් විද්‍යාඥයන් සොයාගෙන ඇත. ඒ අස්ථි කොටස් සම-නිවුන් පිරිමි දරුවන් දෙදෙනකුට අයත් බව විද්‍යාඥයෝ පවසති. විද්‍යාඥයන් මේ බැව් තහවුරු කරන්නේ අස්ථි කොටස් ආශ්‍රිතව ඩීඑන්ඒ පරීක්ෂාවක් සිදු කිරීමෙන් අනතුරුවය.

    නිවුන් දරුවන් මිය ගොස් තිබෙන්නේ කවර හේතුවක් නිසාද යන්න ගැන පැහැදිලි අනාවරණයක් නැත. එසේ වුවත් ඔවුන් මෙයට වසර 30,000කට පමණ පෙර ජීවත්ව ඇති බව සනාථව ඇත. ඔවුන් දෙදෙනා මිය ගොස් ඇත්තේ එක ආසන්න කාලයකදී වුවත් අවස්ථා දෙකකදී බව පුරා විද්‍යාඥයෝ පවසති. එක් නිවුන් දරුවකු මරුමුවට පත්ව තිබෙන්නේ ඔහුගේ උපතින් මාස 6ත්-7ත් අතර කාල සීමාවකදීය. අනෙක් නිවුන් දරුවා ජීවිතක්‍ෂයට පත් වන්න ඇත්තේ උපතින් සති 13ත්-සති 14ත් අතර කාලයකදී බව විද්‍යාඥයන්ගේ නිගමනයයි.

    නිවුන් දරුවන් දෙදෙනාගේ අස්ථි කොටස් සොයාගෙන තිබෙන්නේ ඕවලාකාර වළක භූමදානය කර තිබියදීය. ඔවුන්ගේ සිරුරු භූමදානය කරන්න පළමුව එම්බාම් කර ඇති බවද තහවුරු සනාථව තිබේ. ඔවුන්ගේ දේහ එම්බාම් කිරීමට භාවිතයට ගෙන ඇත්තේ රතු පැහැ මැටි විශේෂයකි. සිරුරු භූමදානය කර තිබෙන්නේ දරුවන්ගේ හිස් නැඟෙනහිර පැත්තට සිටින පරිදිය. ආභරණද පලඳා සිරුරු භූමදාන කර ඇත. ඒ බැව් තහවුරු වන්නේ බාල දරුවාගේයැයි උපකල්පනය කරන දේහයේ උකුළ ප්‍රදේශයේ මැමත් දළවලින් සැකසූ පබළු පටක්ද අනෙක් දරුවාගේ බෙල්ලේ බෙල්ලන් හා සිවල් දත් යොදා සකස් කළ මාලයක්ද තිබීමෙනි. මේ දරුවන් පැලියෝලිතික කාලයේ මුල් අවධියේ ජීවත් වන්න ඇතැයි කියාද විද්‍යාඥයෝ අනුමාන කරති.

    මේ බිලිඳු දරුවන්ගේ දේහ භූමදානය කළ ස්ථානයට ආසන්න ප්‍රදේශයකදී තවත් බිලිඳු දරුවකුගේ දේහයට අයත් අස්ථි කොටස් සොයාගන්නට විද්‍යාඥයන්ට හැකිව තිබේ. ඒ අස්ථි කොටස් මාස තුනක් වයසැති බිලිඳකුට අයත් බැව් සනාථ කර ඇත. ඔහු පෙර කී නිවුන් බිලින්දන් දෙදෙනාගේ ඥාති සහෝදරයකු විය හැකි බව විද්‍යාඥයන්ගේ මතයයි.

     

     BBC / mail online ඇසුරෙනි

    මංජුලා විජයරත්න

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    ඉන්දියාවේ ධර්මපූරිහි ගැඹුරු ළිඳකට වැටුණු අලියකු ගොඩගනී

    දකුණු ඉන්දියාවේ ධර්මපූරිහි ඉතා ගැඹුරු ළිඳකට වැටී සිටි විශාල අලියකු ගොඩගැනීම හැකි වී තිබේ. මේ සඳහා 50කින් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගි වී තිබේ. ගම්වාසීන්...

    ලොව දුගී රටවලට කොරෝනා එන්නත ලබා ගැනීමේදී දුෂ්කරතා

    ලෝකයේ දුප්පත්ම රටවල්වලට කොරෝනා එන්නත ලබා ගැනීමේ දී ඇතිවන දුෂ්කරතා ගැන ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් කනගාටුව ප්‍රකාශ කර ඇත. ඇය මේ බව ප්‍රකාශ කර...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.