24 C
Colombo
Tuesday, November 24, 2020

චීනය සඳෙන් පස් සාම්පල ගෙන ඒමට සූදානම්

චීනය සඳෙන් සාම්පල නැවත ගෙන ඒමේ අභිලාෂකාමී මෙහෙයුම දියත් කරයි   සඳේ පාෂාණ සාම්පාල එකතු කිරීම සදහා චීනය විසින් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. එවැන්නක් සිදු...
More

    Latest Posts

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    ජනාධිපතිවරයා වූ පසු ඊට පෙර ඔහු දන්නා කරුණක් සම්බන්ධයෙන් අධිකරණයට තොරතුරු ලබාදීම මග හැරීමේ බලයක් ව්‍යවස්ථාවෙන් ලබාදී නැහැ.

    “ලලිත් සහ කුහන්  අතුරුදන් කිරීමට අදාලව සාක්ෂි දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවීම ගැන වන නඩුව අද අභියාචනාධිකරණයේදී විභාග විය. අභියාචනාධිකරණ තීන්දුවට අනුව ගෝඨාභය...

    චීනය, ඉන්දියාව, ඇමරිකාව අපේ රට ආක්‍රමණය කරමින් ඉන්නවා.

    ජනතා විමුක්ති පෙරමුණ අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ විශේෂ කරුණක් පදනම් කරගෙන. ආණ්ඩුව කොළඹ වරාය අවසන් හුස්ම හෙළීමට නියමිත තත්වයකට පත්කර තිබෙනවා. කොළඹ වරාය...

    ලලිත්-කුහන් නඩුවට සාක්ෂියට කැඳවන නියෝගය අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි.

    ලලිත් – කූගන් පැහැර ගෙනගොස් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ කැඳවීමට බලයක් යාපනය...

    සාගරවල තෙල් ඉහිරුම් පවිත්‍ර කිරීමට තාක්ෂණික නව මං

    ෆොසිල ඉන්ධන සම්පත කෙතරම් සීමාසහිත වුව ද දිනපතාම පාහේ ටොන් ගණනින් සාගර ජලයට නිස්කාරනේ මුදා හැරෙන බොර තෙල්වල අඩුවක් නම් දක්නට නැත. ඉකුත් අගෝස්තු මාසයේදී මුරුසි දූපත් අසළ ක්‍රියා විරහිත තත්ත්වයට පත් වූ එම්.ඩබ්. වකාෂියෝ නැවේ සිද්ධිය බඳු මේ ඇතැම් සිදු වීම් නොවැළැක්විය හැකි ඒවා වුව ද, එවැනි තෙල් ඉහිරුම්වලින් සාගර පරිසරයට සේම සමස්ත පරිසර පද්ධතියටම සිදු වන හානිය සුළුපටු නොවේ. පිරිසුදු කිරීමට මාස කීපයක් හෝ ඇතැම් විට වසර කිහිපයක් වුවද ගත විය හැකි මෙබඳු බොරතෙල් ඉහිරුම්, ෆොසිල ඉන්ධන භාවිතය සිදු වන තාක් කල් ලොවෙන් තුරන් වීමක් ගැන බලාපොරොත්තු තැබිය නොහැකි නිසාම, එවැනි තත්ත්වයන්ගෙන් දූෂණය වන සාගරය වඩාත් කාර්යක්ෂම ලෙස පිරිසිදු කිරීමේ නව උපක්‍රම හඳුන්වා දීමට විද්‍යාඥයන් ඉදිරිපත්ව සිටී. ඇමරිකාවේ ඉලිනොයිහි නෝර්ත් වෙස්ටර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විනායක් ඩ්‍රාවිඩ් හා විකාස් නන්ද්වානා යනු එලෙස සාගර පරිසරය රැක ගැනීමට පෙරට පැමිණි විද්‍යාඥයෝ දෙදෙනෙකි.

     

    ජල විකර්ෂණය

    තෙල් ඉහිරුම් පරිසරයට වඩාත් හිතකාමි අයුරින් හා කාර්යක්ෂම ලෙස ඉවත් කිරීමට සමත් තාක්ෂණයක් හඳුන්වා දීමට ප්‍රමුඛත්වය දුන් මහාචාර්ය ඩ්‍රාවිඩ් හා නන්ද්වානාගේ නව නිපැයුම වූයේ සාගර ජලයේ වන තෙල් තට්ටු ක්‍රමානුකූලව තෝරා-බේරාගනිමින් ඒවා අවශෝෂණය කළ හැකි විශේෂිත ‘ස්පොන්ජයකි’. ක්‍රියාකාරිත්වය අනුව සරලව ස්පොන්ජයක් කියා හැඳින්වුව ද, එය එසේ මෙසේ ස්පොන්ජයක් නොව ජලය විකර්ෂණය කරමින්, බොර තෙල් පමණක් අවශෝෂණය කිරීමට සමත් චුම්බක නැනෝ ආකෘති හා කාබන් පදනම් කරගත් විශේෂිත මතුපිටකින් යුතු වූවකි. තෙල් අණුවලට බැඳෙමින්, සිය බර මෙන් තිස් ගුණයක බරකින් යුතු බොර තෙල් ප්‍රමාණයක් අවශෝෂණය කොටගෙන, රඳවාගත හැකි මේ සුවිශේෂ ස්පොන්ජය යාන්ත්‍රිකව මිරිකා, ඉන් අවශෝෂිත තෙල් ඉවත් කෙරෙන තුරු ඒවා රඳවා තබාගත හැකි බව පර්යේෂණාත්මකව සාර්ථකව තහවුරු කෙරී තිබේ. සාගර ජල තරංග කෘත්‍රීමව නිර්මාණය කළ පසුබිමකදී අධිකව ගැස්සීමට ලක් වීමේදී වුව, ස්පොන්ජය තුළ රඳවාගත් තෙල් පිටතට කාන්දු නොවීම, පරිසරය සුරැකීමෙහි ලා මේ නිර්මාණයේ වැදගත්කමත්, කාර්යක්ෂමතාවත් ඉහළ නංවන්නකි.

    මුරුසි දිවයින් අසළ සිදු වූ තෙල් ඉහිරුමෙන් හානියට ලක් වූ වෙරළබඩ මුහුදු ශාක ප්‍රජාව ඉන් ගලවා ගැනීමට සාර්ථකව භාවිත කළ බවට අනාවැකි පළ වන මෙම ස්පොන්ජය සාගරවල තෙල් ඉහිරුම් සඳහා පමණක් නොව ගොඩබිම් ප්‍රදේශවල තෙල් ඉහිරුම් ඉවත් කිරීමට ද යොදාගත හැකිය. මුරුසි දූපත් අසල ඉහිරුණු තෙල් ඉවත් කිරීමේ යෙදුණු යාත්‍රාවක් පෙරළී සිදු වූ අනතුරෙන් නාවිකයන් තිදෙනකු මිය ගොස්, තවත් තිදෙනකු අතුරුදන් වීම වැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වාගැනීමටද මේ නව නිපැයුම ආධාරයක් වන්නේ, මිනිස් සහභාගිත්වයෙන් තොරව පවිත්‍ර කිරීමේ කටයුතු කිරීමට ඊට හැකියාව ඇති බැවිනි. නැවත නැවත භාවිත කිරීමේ හැකියාවෙන් යුතු මේ ස්පොන්ජය එහි කාලය අවසන් වූ පසු වුව ද, ලිතියම් අයන කෝෂ සඳහා වන ඉලෙක්ට්‍රෝඩ ලෙස භාවිතයට ගැනීමේ හැකියාවෙන් යුතුය. ඉන් අවශෝෂණය කරගැනෙන බොර තෙල් ද යළි භාවිතයට ගත හැකි නිසා, සාගර දූෂණයට ඉවහල් වූ පාර්ශ්ව වෙතම ඒවා යළි අලෙවි කිරීමට හැකිය. මහා පරිමාණයේ අතිදැවැන්ත පාරිසරික ගැටලුවකට දුන් නැනෝ පරිමාණයේ විසඳුමක් වන මේ බොර තෙල් අවශෝෂණ ස්පොන්ජය, ප්‍රතිචක්‍රීකරණයට ලක් කිරීමේ හැකියාවැති නිසා පූර්ණ පරිසර හිතකාමි නිමැවුමකි.

     

    චුම්බකිත සබන්

    මේ අතර සමුද්‍රික පරිසරයට වින කරන තෙල් ඉහිරුම්වලට විසඳුමක් ලෙස බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය හඳුන්වා දී තිබෙන්නේ ‘චුම්බකමය සබන් වර්ගයකි’. යකඩවලින් පොහොසත්, ජලයේ ද්‍රාව්‍ය ලවණවලින් සමන්විත මේ සබන් වර්ගය, දියරයක් තුළදී වුවද චුම්බක ක්ෂේත්‍රවලට ප්‍රතිචාර දීමේ හැකියාවෙන් යුතුය. සාගරවල තෙල් ඉහිරුම්වලට අමතරව සෙසු පාරිසරික පිරිසිදු කිරීමේ ක්‍රියාවලි සඳහාද යොදා ගත හැකි මෙම චුම්බකමය සබන් නුදුරු අනාගතයේදි වාණිජ හා කාර්මික මට්ටමේ පවිත්‍ර කිරීමේ මෙහෙයුම් විප්ලවීය වෙනසකට බඳුන් කරනු ඇතැයි බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජුලියන් එස්ටෝ බලාපොරොත්තු පළ කරන්නේ හේතු සාධක ඇතිවය. ඔහු ඊට හේතු ලෙස පෙන්වා දෙන්නේ මේ සබන් වර්ගය, බාහිර උත්තේජකයන්ට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව, එහි විද්යුත් සන්නායකතාව, හිමාංකය, ප්‍රමාණය හා හැඩය, ජලයේ ද්‍රාව්‍ය වේගය වැනි ගුණාංග සරළ චුම්බක ස්විචයක් ආධාරයෙන් වෙනස් කිරීමට හැකි වීමය. බොර තෙල් ඉහිරුම් පවිත්‍ර කිරීමේදී මෙකී ගුණාංගවලින් ඉටු කෙරෙන මෙහෙය සුළුපටු නොවේ.

    මීට දශකයකට පමණ ඉහතදී පුවත් මැවු ඇමරිකා එක්සත් ජනපදය අසළ සිදු වූ ‘ඩීප්වෝටර් හොරයිසන්’ තෙල් ඉහිරුම් සංසිද්ධියේදී දූෂිත සාගර ජලය පිරිසුදු කිරීම සඳහා සුප්‍රකට මැසචුසෙට්ස් තාක්ෂණික ආයතන විශ්වවිද්‍යාලයෙන් (MIT) හඳුන්වාදුන් ‘සී ස්වෝම්’ නමැති ස්වයංපාලක යාන්ත්‍රිකයාද තෙල් ඉහිරුම් පවිත්‍ර කිරීම සඳහා කදිම තාක්ෂණික විසඳුමක් ලෙස විද්වතුන්ගේ ගෞරවයට පාත්‍ර වූවකි. මැසචුසෙට්ස් තාක්ෂණික ආයතන විශ්වවිද්‍යාලයේ ‘Senseable City lab’ හි අධ්‍යක්ෂවරයා වන ‘කාලෝ රටී’ ගේ පුරෝගාමිත්වයෙන් මෙම යාන්ත්‍රික රොබෝවා නිර්මාණය කෙරුණේ සාගර, සමුද්‍ර හා ගංගා වැනි ලොව ඕනෑම ස්ථානයකදි භාවිත කිරීමට හැකි වන අයුරිනි. රටී පවසන ආකාරයට මෙහි භාවිතය වඩාත්ම ප්‍රයෝජනවත් වන්නේ වෙනත් තාක්ෂණික ක්‍රමවලින් ළඟා වීමට පවා දුෂ්කර වූ අක්වක් හැඩැති වෙරළ තීර හා ඩෙල්ටාවන් අසල සිදු වන මෙවැනි දූෂිත තත්ත්වවලදීය.

     

    සියුම් නැනෝ කම්බි

    ප්‍රකාශ වෝල්ටීය ශක්ති ප්‍රභවයන්ගෙන් බල ගැන්වුණු සී ස්වෝම් වූකලි ඕනෑම තත්ත්වයකදී හෝ පරිසරයකදී තමන් විසින්ම, ගමන් කළ යුතු දිශාව සොයා ගනිමින්, ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන රොබෝවකු වුවද එය ක්‍රියාත්මක වන්නේ ජීපීඑස් තාක්ෂණයෙන් එකිනෙකා අතර තොරතුරු හුවමාරු කර ගනිමින්, තනි සංයුක්තයක් ලෙස ක්‍රියා කරන වාහන සමූහයක් පරිද්දෙනි. ජීපීඑස් ඔස්සේ එකම අරමුණක් වෙනුවෙන් කැප වූ යාන්ත්‍රිකයන් සෑම එකෙකුගේම හිස, ප්‍රකාශ වෝල්ටීය කෝෂවලින් ආවරණය වී ඇති අතර, සෑම යාන්ත්‍රිකයකුම සතු අතිශය සියුම් නැනෝ කම්බි දැල්වලින් තැනුණ වාහක පටිවලට ස්වයංක්‍රියව භ්‍රමණය වෙමින් ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය බලය සැපයෙන්නේ මෙකී කෝෂවලිනි. එකවර සති ගණනාවක් වුවද නොනවත්වා ඉදිරියට ගමන් කරමින්, පවිත්‍ර කිරීමේ කටයුතුවල නියැලීමට තරම් ප්‍රමාණවත් විදුලි බලයක් උත්පාදනය කිරිමට මෙකී කෝෂ සමත්ය. සී ස්වෝම් ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යක්ෂ රෙටී විස්තර කරන්නේ මෙයාකාරයෙනි:

    “ප්‍රකාශ වෝල්ටීය කෝෂ සහිත හිස ජලය කපාගෙන ඉදිරියට යත්දි, වාහක පටිය නොනවත්වාම ඉදිරියට කරකැවෙමින් ඉහිරුණු තෙල් උරාගැනීම සිදු කරනවා. පටිය වටයක් කරකැවිලා ආපහු එළියට එන්නේ, හොඳින් මිරිකිලා, උරාගත්ත තෙල් ටික ඉවත් වෙලා, පිරිසුදු වෙලයි. මේ නිසා දිගින් දිගටම තෙල් උරාගනිමින් නොනවත්වාම ඉදිරියට ගමන් කරන්න සී ස්වෝම්ට පුළුවනි.”

    මෙහි ඇති විශේෂත්වය වන්නේ සෑම පිරිසුදු කිරීමක් අවසානයේම නැනෝ කම්බි දැල්වලින් තැනුණු වාහක පටිය ඉහළ උෂ්ණත්වයකට රත් කොට මුළුමනින්ම පිරිසුදු කිරීමට ඇති හැකියාවයි. මේ නිසා නැවත නැවත ප්‍රතිචක්‍රීකරණය කරමින් දීර්ඝ කාලයක් පුරා එය තෙල් ඉහිරුම් පිරිසුදු කිරීමේ ක්‍රියාවලීන්ට යොදාගැනීමට හැකිය.

     

    රුක්ලන්ති පෙරේරා 

    Latest Posts

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    ජනාධිපතිවරයා වූ පසු ඊට පෙර ඔහු දන්නා කරුණක් සම්බන්ධයෙන් අධිකරණයට තොරතුරු ලබාදීම මග හැරීමේ බලයක් ව්‍යවස්ථාවෙන් ලබාදී නැහැ.

    “ලලිත් සහ කුහන්  අතුරුදන් කිරීමට අදාලව සාක්ෂි දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවීම ගැන වන නඩුව අද අභියාචනාධිකරණයේදී විභාග විය. අභියාචනාධිකරණ තීන්දුවට අනුව ගෝඨාභය...

    චීනය, ඉන්දියාව, ඇමරිකාව අපේ රට ආක්‍රමණය කරමින් ඉන්නවා.

    ජනතා විමුක්ති පෙරමුණ අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ විශේෂ කරුණක් පදනම් කරගෙන. ආණ්ඩුව කොළඹ වරාය අවසන් හුස්ම හෙළීමට නියමිත තත්වයකට පත්කර තිබෙනවා. කොළඹ වරාය...

    ලලිත්-කුහන් නඩුවට සාක්ෂියට කැඳවන නියෝගය අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි.

    ලලිත් – කූගන් පැහැර ගෙනගොස් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ කැඳවීමට බලයක් යාපනය...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.