සුවෙන් ඉන්න හැදූ ‘Stay Safe’

0
18

කොවිඩ් 19 රෝගීන් හා අසාදිතයන්ගේ සංචරණ හඳුනාගෙන, වයිරසය පැතිර යෑම වළක්වාගැනීම සඳහා ‘සුවෙන් සිටිමු – Stay Safe’ නමින් නව ඩිජිටල් යෙදවුමක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් හඳුන්වා දී ඇත.

තම ජංගම දුරකතය උපයෝගි කරගෙන සෑම කෙනකුටම මෙහි ප්‍රයෝජන ලබාගත හැකිය. රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, වෙළෙඳසල්, පොදු ප්‍රවාහන සේවා හිමියන්ට staysafe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තම ආයතනය ලියාපදිංචි කිරීමෙන් QR කේතයක් ලබාගත හැකිය. එය තම ආයතනවල ප්‍රදර්ශනය කෙරෙන අතර, QR සංකේත පුවරුව දුරකතනයෙන් ස්කෑන් කිරීමෙන් හෝ තම දුරකතනයෙන් 1919ට ඇමතීමෙන් සෑම පුද්ගලයකුටම මීට සම්බන්ධ විය හැකිය. යන එන හැම තැනකදීම මේ QR සංකේත පුවරුව ස්කෑන් කිරීමෙන් තමන් ඒ ස්ථානයට පැමිණීම හා පිටවීමේ තොරතුරු දැනගත හැකිය.

එමඟින් ඒ ස්ථානයේ ආසදිතයකු හෝ රෝගියකු ගැවසී ඇත් නම් හෝ තමා ඊට නිරාවරණය වී ඇත් නම් ස්වයංක්‍රීයව ඒ බව තමාටම දැනගත හැකි වේ. එවිට ආරක්‍ෂාකාරීව සැරිසැරීමට හැකියාව ලැබේ. ස්මාට් දුරකතන පහසුකම් නොමැති නම් කෙටි පණිවිඩ මඟින් තොරතුරු ලබාගැනීමටද පහසුකම් ඇත. මේ අනුව පොදු ස්ථානවල තොරතුරු සටහන් පොත් තැබීමට අවශ්‍ය නොවේ. ලෝකයේ බොහෝ රටවල මෙවැනි ක්‍රම අනුගමනය කරන අතර එමඟින් පුරවැසියන්ට මෙවැනි වසංගත අවස්ථාවක නිදහසේ එදිනෙදා කටයුතු කරගෙන යෑමට ඉඩ සැලැසේ.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA)හඳුන්වාදෙන මේ යෙදවුම සඳහා ශානක පෙරේරා, නිසු මේයන්, ක්‍රිස්ටෝපර් අදිකාරම්, කනිෂ්ක බණ්ඩාර යන ස්වෙච්ඡා මෘදුකාංග වෘත්තිකයන්ගේ පූර්ණ දායකත්වය දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here