24 C
Colombo
Tuesday, November 24, 2020

චීනය සඳෙන් පස් සාම්පල ගෙන ඒමට සූදානම්

චීනය සඳෙන් සාම්පල නැවත ගෙන ඒමේ අභිලාෂකාමී මෙහෙයුම දියත් කරයි   සඳේ පාෂාණ සාම්පාල එකතු කිරීම සදහා චීනය විසින් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. එවැන්නක් සිදු...
More

    Latest Posts

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    ජනාධිපතිවරයා වූ පසු ඊට පෙර ඔහු දන්නා කරුණක් සම්බන්ධයෙන් අධිකරණයට තොරතුරු ලබාදීම මග හැරීමේ බලයක් ව්‍යවස්ථාවෙන් ලබාදී නැහැ.

    “ලලිත් සහ කුහන්  අතුරුදන් කිරීමට අදාලව සාක්ෂි දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවීම ගැන වන නඩුව අද අභියාචනාධිකරණයේදී විභාග විය. අභියාචනාධිකරණ තීන්දුවට අනුව ගෝඨාභය...

    චීනය, ඉන්දියාව, ඇමරිකාව අපේ රට ආක්‍රමණය කරමින් ඉන්නවා.

    ජනතා විමුක්ති පෙරමුණ අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ විශේෂ කරුණක් පදනම් කරගෙන. ආණ්ඩුව කොළඹ වරාය අවසන් හුස්ම හෙළීමට නියමිත තත්වයකට පත්කර තිබෙනවා. කොළඹ වරාය...

    ලලිත්-කුහන් නඩුවට සාක්ෂියට කැඳවන නියෝගය අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි.

    ලලිත් – කූගන් පැහැර ගෙනගොස් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ කැඳවීමට බලයක් යාපනය...

    Gadget පිටුව

    බැටරියෙන් වැඩ කරන මුඛ ආවරණය

    මුඛ ආවරණ යනු වර්තමානයේ සෑම පුද්ගලයකුම භාවිත කරන සාමාන්‍ය දෙයක් වී ඇති අතර, එය බොහෝ මිනිසුන් භාවිත කිරීමට පෙලඹී ඇත්තේ කොවිඩ්-19 වසංගතය හේතුවෙනි. මේ කියන්නට යන මුහුණු වැස්ම කොවිඩ්-19 සඳහාම විශේෂයෙන් නිපදවූවක් නොවූවත්, මෙය බාහිර සමාජයේ පවතින අපිරිසුදු වාතාශ්‍රයන් ගැලවී සිටීමට මනා පිටිවහලකි.

    Cliu නමැති මේ දියුණු කරන ලද මුඛ ආවරණයක් භාවිත කිරීමේදී පරිසරයේ පවතින අපිරිසුදු වාතය පෙරා ආශ්වාස කිරීමට පහසුව සලසන අතර, එහි කාබන් ෆිල්ටරයක්ද අඩංගු වේ. තවද Cliu පැලඳ සිටින අවස්ථාවක කුමන හෝ අයුරකින් එය ඉවත් කර කතා කිරීමට, දුරකතන ඇමතුමකට සම්බන්ධ වීමට අවශ්‍ය නොවන අතර, Bluetooth මඟින් දුරකතනය හා සම්බන්ධ වීමට මයික්‍රෆෝනයක්ද පවතී.

    ආහාර ගැනීමේදී සම්පූර්ණ මුඛ ආවරණය ඉවත් කිරීමට අවශ්‍ය නොවන අතර ඉදිරිපස පවතින කොටස පමණක් ඉවත් කර ආහාර ගැනීමට හෝ යම් දෙයක් පානය කිරීමට හැකියාව පවතී. විශේෂයෙන් තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ස්මාර්ට් දුරකතනයේ මෘදුකාංගයක් මඟින් දැනගැනීමටද හැකියාව පවතින අතර, ආරෝපණය කළ හැකි බැටරියකින්ද සමන්විතය.

     

    නෝනලාට උදව් කරන සුරතල් ‘ටැපියා’

    වර්තමානයේ කෘත්‍රිම බුද්ධිය සහිත ජන ජීවිතයට උදව් වන රොබෝවරුන් නිපදවීමට විද්‍යාඥයන් සමත් වී තිබේ. එවැනි රොබෝවරුන් ජනතාව අතර ඉතා ප්‍රචලිත වීමට එහි හැඩය, ක්‍රියාපටිපාටිය බෙහෙවින් බලපාන අතර Tapia විශේෂයෙන්ම කාන්තාවන් අතර වැඩි ආකර්ෂණයක් දිනාගැනීමට සමත් වී තිබේ. Tapiaගේ හුරුබුහුටි හැඩය කාන්තා සිත් දිනාගැනීමට වැඩි වශයෙන් ඉවහල් වී ඇති අතර, විවාහක කාන්තාවන් වෙනුවෙන් එදිනෙදා කාර්යයන්හිදී උදවු වීමට හැකි අයුරින් නිෂ්පාදනය කර ඇත.

    යම් කෙනකුගේ නින්ද කළමනාකරණය කර ඒ තැනැත්තාගේ ශරීර සුවතාව ආදරෙන් සොයා බලා දැනුම් දීම, තමා සින්දුවක් ගායනා කරන විට ඒ සින්දුව අන්තර්ජාලය ඔස්සේ සොයා වාදනය කරවීම, නිවෙසේ ඇති කෘත්‍රිම බුද්ධිය සහිත සියලු උපාංග මනා ලෙස ක්‍රියා කරවීම මෙන්ම අවශ්‍ය ද්‍රව්‍ය අන්තර්ජාලයෙන් සොයා ඇණවුම් කිරීම පවා කළ හැකි අයුරින් කෘත්‍රිම බුද්ධියක් Tapia හට දීමට විද්‍යාඥයන් සමත් වී තිබේ.

    මේ සියල්ලක්ම තම ස්වාමිදුවගේ කටහඬට ඇහුම්කන් දී ඉතා නිවැ‍රදිව තම සේවාව සැපයීමට Tapia දක්වන්නේ මනා දක්ෂතාවකි. තනිව සිටිනා කෙනකුට ඇයගේ හැඟීම් තේරුම් ගැනීමට තරම් මේ සුරතල් Tapiaට හැකි අතර, කෙනකුගේ මානසික ව්‍යාකුලත්වය මඟහැරවීමට රුසියෙකි.

     

    ගරාජයේ වැඩට පහසු නැමෙන හැරවෙන පු‍ටුව

    ගරාජයක වැඩ කටයුතු කිරීමේදී විවිධ ඉරියවුවලින් සිටිමින් වැඩකටයුතු කිරීමට සිදු වීම සාමාන්‍ය දෙයකි. බොහෝ අවස්ථාවලදී වාහන අලුත්වැඩියාවක් සිදු කිරීමට බිම දිගා වී රථයේ යට කොටසට රිංගීමට සිදු වන අතර, නැවත නැවත නැඟිට අවශ්‍ය උපකරණ ගැනීමට සිදු වීම හේතුවෙන් බොහෝ කාලයක් එක් වාහනයක් වෙනුවෙන් මිඩංගු කිරීමට සිදු වේ.

    එලෙසම ගුවන් යානා නිෂ්පාදන, විවිධ යන්ත්‍රසූත්‍ර නිෂ්පාදන ආයතනවලට ද මේ තත්ත්වය මෙසේමය. මෙහිදී සේවකයන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට විද්‍යාඥයන් පිරිසක් Human Hoist හඳුන්වා දී ඇත. මෙය පුටුවක ආකාරයෙන් පෙනුණද මෙමඟින් තම ශරීරයේ අංශක 0 සිට ඕනෑම අගයකට චලනය කරමින් ඉරියවු වෙනස් කරමින් තම කාර්යයේ නිරත වීමට හැකි වන පරිදි නිෂ්පාදනය කර තිබේ. මෙහිදී ඉතා සුළු වේලාවකදී තමාටම අවශ්‍ය ඉරියවුව වෙනස් කරගැනීමට හැකි කොටසක් පවතින අතර, රෝද මඟින් චලනය කරවිය හැකිය. කෙනකු බිම වාඩි වී නැඟිටිමින් තම කාර්යයේ නිරත වනවා වෙනුවට මේ Human Hoist මඟින් ක්ෂණික ඉරියවුව වෙනස් කරමින් වේගයෙන් ගමන් කරමින් කාලයද ඉතිරි කරගනිමින් සාර්ථකව වැඩකටයුතු සිදු කළ හැකිය.

     

    කාඩ් දමා පොත් අහන ‘යෝටෝ’ ප්ලේයරය

    කැසට් රොකෝඩරයකට කැසට් දමමින් සින්දු ඇසූ යුගය අමතකව යෑමට දැන් ඔන්න මෙන්නය. ඒ අතීතය සිහිපත් කරන විට සියුම් සතුටක් මුසු සාංකාමය මතකයක් හිතට ඇතුළු වේ. කැසට් පටයකට සවන් දෙන විට එක් සින්දුවක් මඟහැර වෙනත් සින්දුවක් වෙත පිවිසීමේ මාර්ගයක් නොතිබිණි. කළ හැකිව තිබූ එකම විකල්පය ෆාස්ට්ෆෝවඩ් බටනය එබීමයි. එහෙත් එමඟින් සවන් දිය යුතු ගීතය කොතැන තිබෙනවාදැයි නිශ්චිතව දැනගැනීම පහසු කටයුත්තක් නොවීය.

    කැසට් පට රොකෝඩරයට දැමීම, වාදනය කිරීමට අදාළ බොත්තම එබීමේ සිට ගීත ඇසීම තෙක් ඇත්තේ නොස්ටලැජියාවක් මුසු හැඟීම්ය. එකල කැසට් පටවල දිගු ටේප් පැන්සල්, පෑන යොදමින් එහාට-මෙහාට කැරකැවීම කුඩා දරුවන්ගේ සෙල්ලමකි. ටේප් පට රෙකෝඩරය මත ඇඹරී පැටලී යන්නේ මේ අතරය. ඒ සුළු තාක්ෂණික දෝෂ මතය. එවිට යාර ගණන් දිග ටේප් පට පැන්සල්, පෑන් යොදමින් නැවත කැසට් පටය ඇතුළට එකලස් කිරීමට එතීමට සිදු වේ. ඒ ළමා කාලයේ ඉමිහිරි මතකය.

    එහෙත් කාලයාගේ ඇවෑමෙන් එතැනට ඩීවීඩී, සීඩී, එම්පීත්‍රී ප්ලේයර් ආදිය පැමිණියේය; කැසට් පට සහ කැසට් රෙකෝඩර් අහෝසි වී ගියේය. මේ ඒ මිහිරි අතීතයට යළි පණ දෙන ගැජට්‍ටුවකි.

    කැසට් රෙකෝඩරයක සැකැස්මක් සහිත මේ ප්ලේයරයට කැසට් පට වෙනුවට දැමිය යුත්තේ කාඩ්පත්ය. සෑම කාඩ්පතකම ගීත වෙනුවට ඇත්තේ කතන්දරය. රෝල් ඩාල්ගේ ‘චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ට්‍රි’, ‘මොග්: ද ෆොගෙට්ෆුල් කැට්’, ‘ස්පේස් ඇඩ්වෙන්චර්’, ඉනිඩ් බ්ලයිටන්ගේ කෘති, ‘මැටිල්ඩා’ මෙන්ම තවත් බොහෝ පොත් මේ කාඩ් තුළ ඇත. ඕනෑ නම් පොඩ්කාස්ට් ආදියත් ඇසීමටද බාධාවක් නැත.

    රේඩියෝව ඇසීමට වුවමනා නම් ඒ සඳහාද පහසුකම් සලසා ඇත. ස්ක්‍රීනයක් වෙනුවට හුරුබුහුටි බොත්තම් කිහිපයකි. ශබ්දය අඩු-වැඩි කිරීමටත්, අදාළ වැඩසටහන් හෝ කතන්දර මඟහරිමින් ඉදිරියට යෑමටත් හැකිය.

    වයස අවුරුදු 02ක ළමයකුට පවා පහසුවෙන් භාවිත කළ හැකි තරමට මේ යෝටෝ ප්ලේයරය සරලව නිපදවා ඇත. එමෙන්ම එය ස්මාර්ට් ස්පීකරයකට එහා ගිය නිමැවුමකි. දැනට සකසා ඇති කාඩ්පත්වලට අමතරව කුඩා දරුවාට තමන්ගේ කතා පටිගත කළ කාඩ් තනාගැනීමටද හැකිය.

    ඒ වෙනුවෙන් හිස් කාඩ් පත් සපයා දී ඇත. මේ කාඩ්පත්වල ගීත පටිගත කර ඇත් නම් දරුවාට වුවමනා පිළිවෙළට ඒ ගීත පෙළගැස්විය හැකිය. එහි පටිගත කළේ කුඩා කතන්දර නම් ඒවාද ඔබේ රුචිකත්වය අනුව පෙළගස්වාගත හැකිය. දරුවාට අතින් අඳින ලද කවරයක් හෝ නමක් ඊට දීමටද හැකි වීම අනෙක් විශේෂත්වයයි. දරුවාගේ ක්‍රියාකාරකම් වර්ධනය කිරීමට උදවු දෙන යෝටෝ ප්ලේයරය ලංකාවේ මුදලින් රුපියල් 19,400ක් පමණ වේ.

    යෝටෝ ප්ලේයරය ඇතුළතම ස්ථාපිත බැටරියකි. එය ආරෝපණයට ස්මාර්ට් චුම්බක ගුණ සහිත කුඩා තැටියකි. ඒ මත තබා පහසුවෙන් ආරෝපණය කරගත හැකිය. මව්පියන්ගේ ජංගම දුරකතනයට යෝටෝ ඇප් එක සමඟ සම්බන්ධ කරමින් පාලනය කිරීමේ හැකියාවද පවතී. එමෙන්ම එහි ඇති බ්ලූටූත් උපාංගය යොදාගනිමින් සාමාන්‍ය ස්පීකරයක් බවටද යෝටෝ ප්ලේයරය රූපාන්තරණය කරගත හැකිය.

     ගයාන් සංජය

    ගැස්සෙන පැද්දෙන බෝට්ටු සන්සුන් කරන ගැජට්

    ඕනෑම කෙනකුට බෝට්ටුවක ගමන් කිරීමේ අත්දැකීමක් ඇති අතර, කලාතුරකින් කෙනකු එලෙස අත්දැකීමක් විඳ නැතිවාට හේතු විය හැක්කේ ඊට දක්වන බියක් විය හැකිය. ජලය මත ගමන් කිරීමේදී දැනෙන පැද්දෙන, ගැස්සෙන ගතිය හෝ ජලයේ ගිලී යා හැකි යනුවෙන් අනවශ්‍ය බියකින් පෙළීම ඊට හේතු විය හැකිය. මුහුදේ බෝට්ටු ගමනකදී මෙලෙස පැද්දෙන අත්දැකීම මුහුදු රළ හේතුවෙන් වැඩි වශයෙන් ධීවරයන් අත්දැක තිබේ. එවැනි ගමනකදී මනුෂ්‍ය ශරීරයටද බොහෝ අපහසුතා ඇති වනවාට සැකයක් නැත.

    මේ කියන්න යන්නේ එවැනි අවහිරතාවක් යම් තරමකට මැඬ පැවැත්වීමට බෝට්ටුවලට සවි කරන උපකරණයක් ගැනයි. එය Seakeeper නමින් හඳුන්වන අතර, එය බෝට්ටුවේ මධ්‍යයේ සවි කිරීමෙන් බෝට්ටුව අනවශ්‍ය ලෙස රළ හේතුවෙන් පැද්දීම බොහෝ දුරට අවම කරයි. ක්‍රියා කිරීමට විද්‍යුත් ධාරාවක් පමණක් අවශ්‍ය, ගෝලයක් වැනි මේ උපකරණය බෝට්ටුවට සවි කිරීමෙන් ඕනෑම රළු මුහුදු ගමනක සාර්ථකව අපහසුතාවකින් තොරව යෙදිය හැකි අතර, ටොන් 35ක් වැනි බෝට්ටුවලට මෙවැනි Seakeeper තනි උපකරණයක් සවි කළ යුතුය. ඊට වැඩි බරින් යුතු බෝට්ටු සඳහා එවැනි උපකරණ දෙකක් හෝ ඊට වැඩියෙන් බර අනුව සවි කළ යුතුය. ඩොලර් 81,000 සිට මිල ගණන්වලට Seakeeper මිල දී ගැනීමට හැකියාව පවතී.

     

     

    වතුරේ පැද යා හැකි අපූරු බයිසිකලයක්!

    අප කොතරම් ගොඩබිමේ බයිසිකල් පැද ඇති නමුත් කෙනකු ජලයේ බයිසිකල් පැද්දා යැයි කී විට හැඟෙන්නේ විහිළුවක් මෙනි. එහෙත් Manta5 ඒ විහිළුව ඇත්තක් බවට පරිවර්තනය කිරීමට සමත් වී තිබේ.

    සාමාන්‍ය පාරක මෙන් පහසුවෙන් ජලය මත සමබරව පැද යා හැකි යතුරු පැදියට පැඩලයක්ද ඇත. සාමාන්‍ය ජලයේ මෙන්ම මුහුදේද රළ මඟින් ඇති කරන බාධා බිඳදමමින් සාර්ථකව පාපැදියකින් ලැබෙන අත්දැකීම විඳගැනීමට හැකි අතර, යම් තරමක් ජලය තුළ කිමිදෙමින්ද ගමන් කළ හැකිය.

    මේ යතුරුපැදිය පිළිබඳ බොහෝ රටවල අවධානය යොමු වී ඇති අතර, යතුරුපැදිකරුවන් සඳහා සාගර, ජලාශ තරණය කරමින් ගමන් කිරීමට, සාගරවල ජලාශවල ගවේෂණවල නිරත පුද්ගලයන්ට පහසුවෙන් අධ්‍යයන කටයුතු සිදු කරගැනීමට උපකාර කරයි. පැයට සැතපුම් 12ක් දක්වා වේගයෙන් ගමන් කිරීමට හැකියාව පවතින Manta5 අනාගතයේදී ජල ක්‍රීඩා කරන්නන් අතරද පෙරළියක් ඇති කිරීමට හේතු වනු බවට විද්‍යාඥයෝ පවසති.

     

    නාල්ලා අල්ලන ‘කොරෝ කොක්ක’

    ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ්-19 වසංගතයට සාර්ථක එන්නතක් සොයා විවිධ රටවල අත්හදා බැලීම් කරන අතර ඒවා තවමත් පරීක්ෂණ මට්ටමේ පවතී. කෙසේ වෙතත් කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමඟ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එදිනෙදා කටයුතු කිරීමට බොහෝ රටවල් පියවර ගෙන ඇත.

    අප බාහිර සමාජය සමඟ කටයුතු කිරීමේදී විවිධ දෑ ස්පර්ශ කිරීමට සිදු වීම හේතුවෙන් කොවිඩ්-19 වයිරස ආසාදිතයකුගෙන් වෙනත් කෙනකුට පැතිරීමේ සම්භාවිතාව වැඩිය. Corohook භාවිත කිරීමෙන් ඒ අවදානම අඩු කරගත හැකි අතර, පොදු ද්‍රව්‍ය ස්පර්ශ නොකොට කටයුතු කරගැනීමට එය කදිම උපකාරයකි.

    තමන්ගේ අතට සරිලන අයුරින් ප්‍රමාණ දෙකකින් මිල දී ගත හැකි Corohook මඟින් කිලෝග්රෑම් 10ක බරක් ඉසිලීමට ද හැකියාව පවතී. කොක්කක් හැඩැති කොටසෙන් ඕනෑම දෙයක් ඉසිලීමේ හැකියාව ඇති අතර, බාහිර සමාජයේදී වෙනත් කෙනකු ස්පර්ශ කළ දෙයක් තමා ස්පර්ශ නොකර Corohook මඟින් ඇල්ලීමේ හැකියාව පවති. තවද බැංකු කාඩ්පතකින් මුදල් ගැනීමේදීද Corohookහි පවතින තුඩ කොටසෙන් ඇඟිල්ලෙන් ස්පර්ශ නොකර ආරක්ෂිතව ගනුදෙනු කිරීමට හැකි අතර, යම් වෙළෙඳසලකට ඇතුළු වීමේදී දොර විවෘත කරගැනීමටද මින් හැකියාව ලැබේ.

    නිතර නිතර විෂබීජ නාශක දියර භාවිත කිරීම වෙනුවට Corohook මඟින් එදිනෙදා බාහිර සමාජයේ සියලු කටයුතු එක්වර කර, අවසානයේ Corohook විෂබීජ නාශක දියරවලින් සෝදා නැවත භාවිතයට ගැනීමට පුළුවන.

     

    Latest Posts

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි – ඇමති කෙහෙළිය

    කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බව අමාත්‍යවරයා...

    ජනාධිපතිවරයා වූ පසු ඊට පෙර ඔහු දන්නා කරුණක් සම්බන්ධයෙන් අධිකරණයට තොරතුරු ලබාදීම මග හැරීමේ බලයක් ව්‍යවස්ථාවෙන් ලබාදී නැහැ.

    “ලලිත් සහ කුහන්  අතුරුදන් කිරීමට අදාලව සාක්ෂි දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවීම ගැන වන නඩුව අද අභියාචනාධිකරණයේදී විභාග විය. අභියාචනාධිකරණ තීන්දුවට අනුව ගෝඨාභය...

    චීනය, ඉන්දියාව, ඇමරිකාව අපේ රට ආක්‍රමණය කරමින් ඉන්නවා.

    ජනතා විමුක්ති පෙරමුණ අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ විශේෂ කරුණක් පදනම් කරගෙන. ආණ්ඩුව කොළඹ වරාය අවසන් හුස්ම හෙළීමට නියමිත තත්වයකට පත්කර තිබෙනවා. කොළඹ වරාය...

    ලලිත්-කුහන් නඩුවට සාක්ෂියට කැඳවන නියෝගය අභියාචනාධිකරණයෙන් බල රහිත කරයි.

    ලලිත් – කූගන් පැහැර ගෙනගොස් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ කැඳවීමට බලයක් යාපනය...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.