24 C
Colombo
Wednesday, May 19, 2021
More

    Latest Posts

    අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සියලු දෙනාගේ කැපවීම මත ශිෂ්‍යත්ව ප්‍රතිඵල දින 33කින් නිකුත් කිරීමට හැකි වුණා – අධ්‍යාපන ඇමැති

    - Advertisement -

    අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සිටින සියලු දෙනාගේ කැපවීම මත පස්වැනි ශ්‍රේණියේ විභාග ලකුණු දින 33ක් ඇතුළත නිකුත් කිරිමට හැකි වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී .එල්. පීරිස් මහතා ඊයේ (16) පැවසුවේය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ජී .එල්. පීරිස් මහතා මේ බව කියා සිටියේය.

    - Advertisement -

    අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙසේ ද පැවසීය.

    මේ ආකාරයෙන්ම උසස් පෙළ විභාග ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරනවා.

    පස්වැනි ශ්‍රේණියේ විභාග ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ එම ප්‍රතිඵල තිබෙනවා. මේ විභාගයට සිසු දරුවන් 331,000ක් පමණ සහභාගි වුණා. මේ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට ගොස් තිබෙන්නේ දින 33ක් පමණයි. වෙනදාට මේ ප්‍රතිඵල නිකුත් කරන්න මාස දෙක තුනක් ගත වුණා. මේ ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ කැපවීම මත තමයි ‍ඉක්මනට ප්‍රතිඵල නිකුත් කරන්න හැකි වුණේ. විභාග කොමසාරිස්වරයා ඇතුළු සියලු නිලධාරීන්ට අපි ස්තුතිවන්ත වෙනවා. සිසු දරුවන් 10ක් සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න. ඒ කියන්නේ 200න් 200ම ගෙන තිබෙනවා. අපේ රටේ වටිනාම සම්පත මානව සම්පතයි. එය මැනවින් ඔප්පු වෙනවා මේ පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලින්. උසස් පෙළ විභාගය පවත්වෙලා පෙනී සිටි දූ දරුවන්ට මීට පෙර වසර එකහමාරකට පසුව තමයි සරසවි වරම් ලැබුණේ. ඒ ගැන සෑහිමකට පත් වෙන්න බෑ. ඒ නිසා ප්‍රමාදය වැළැක්වීමට අප දැඩි උත්සාහයක් දරනවා.

    - Advertisement -

    රටපුරාම පාසල්වල තුන්වන වාරය ආරම්භ කරන දිනයක් තවම තීරණය කර නැහැ. ආරම්භ කරන්න තිබුණේ මේ මාසයේ 09 වැනිදායි. සති දෙකකින් එය කල් දැමීමට ආණ්ඩුව තීරණය ගත්තා. ඒ කියන්නේ මේ මාසයේ 23 වැනිදා තමයි තුන්වන වාරය ආරම්භ කරන්න තියෙන්නේ. නමුත් අපොස සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18 සිට 27 දක්වා පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. අපට තීරණය කරන්න තිබෙන්නේ ලබන 2 වැනිදා පාසල්වල තුන්වන වාරය ආරම්භ කරනවා ද කියා. මේ සම්බන්ධයෙන් වැදගත් සාධක දෙකක් තිබෙනවා. අපේ දූ දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය, දරුවන්ගේ අනාගත යන සාධක දෙක සැලකිල්ලට ගෙන තමයි තීරණය කරන්නේ.. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ අදහස් විමසීමට නියමිතයි. එසේ කරනවා නම් ගනු ලබන ක්‍රමවේද පිළිබඳ ගැඹුරින් සලකා බලා කටයුතු කරනවා.

    පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා

    රජය මේ වන විට සාර්ථක අන්දමින් කොවිඩ් වසංගත තත්ත්ව පාලනය කරමින් තිබෙනවා. එම කාරණය නිසා රටේ සංවර්ධන කටයුතු අඩාළ කර නැහැ. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් දැඩි ලෙස අවධානය යොමු කර අවශ්‍ය සියලු පියවර ගනිමින් ඉන්නවා. මෙවැනි වසංගතකාරි තත්ත්වයක් තුළ අනිසි ප්‍රයෝජන ගැනීමට විපක්ෂය කටයුතු කරමින් ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා කොරොනා සම්බන්ධයෙන් කතා කරන්නේ කොහෙන් හරි තැනකින් සොයාගත් පොඩි දෙයක් අල්ලගෙන පමණයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් තවමත් කොරෝනාවලට බෙහෙතක් නිර්දේශ කර නැහැ. එසේ නිර්දේශ කළ වහාම ආණ්ඩුව එම ඖෂධය ලංකාවට ගෙනඒමට කටයුතු කරනවා. නමුත් විපක්ෂ නායකතුමා බොරදියේ මාළු බෑමක් සිදු කරන්නේ.

    - Advertisement -

    චන්දිමා කරුණාරත්න

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.