24 C
Colombo
Thursday, November 26, 2020

මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක්...
More

    Latest Posts

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    පොහොට්ටු ලොක්කෙක්, මැතිවරණයට නාම යෝජනා දෙන්න මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා – මධුෂා රාමසිංහ

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක්...

    රහස් පොලිසියේ සිටින පොඩි ලැසීට දුරකතනයක් දීලා –ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටු

    ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටුසංවිධානාත්මක අපරාධ කරුවෙකු පොඩි ලැසී නැමැත්තාට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (25) අත්අඩංගුවට...

    අසත්‍ය පුවත් ප්‍රචාරණය

    අසත්‍ය පුවත් ප්‍රචාරණය මේ දිනවල ඉතා ශීඝ්‍රයෙන් සිදුවන බව පෙනෙන්නට තිබේ. ඒවා කටකතා මඟින් හෝ සමාජ මාධ්‍ය හරහා වේගයෙන් සිදුවන බව ද පෙනේ. මෙවැනි පුවත් නිර්මාණය කිරීම හා ප්‍රචාරය කිරීම හේතුවෙන් එය නිර්මාණය කරන්නා ද ප්‍රචාරයට හසුවන සමාජයට ද සිදුවන්නේ සුගතියක් නොව අගතිය කි. සමාජයේ බොහෝ දෙනා ඉන් කලබලයට පත් වීමත්, අනිසි බියට පත් වීමත් නොවැළැක්විය හැක්කකි. මේ වන විට සමස්ත ලෝකයම වෙළාගෙන ඇති දරුණු වසංගත තත්ත්වය හමුවේ, මෙවැනි අසත්‍ය ප්‍රචාර පැතිරී යාමෙන් සමස්ත රටත්, සමාජයත් තැති ගැන්මට ද ලක් වීම නොවැළැක්විය හැක්කකි.

    එක් අයකු විසින් තමාගේ හිතලුවක් හෝ යමක් වැරදියට අවබෝධ කර ගැනීමකින් හෝ නිවැරදි තොරතුරු ග්‍රහණය කර නොගැනීමෙන් මෙවැනි ප්‍රචාරයන් සිදු කරයි. එසේම මේවා ප්‍රචාරය තුළින් තමා බලාපොරොත්තු වන්නේ ප්‍රසිද්ධියට පත් වීම හෝ සරල අදහසකින් කියනවානම් ‘පොරක්’ වීම විය හැකිය. නැතහොත් ඔහු මන්ද මානසිකත්වයකට පත් වූවකු විය හැකිය. එසේත් නොවන්නේ නම්, වෙනත් දේශපාලන හෝ ආර්ථික හෝ වෙනයම් හෝ වාසියක් බලාපොරොත්තුවෙන් විය හැකිය. එසේ අසත්‍ය පුවත් හරහා සමස්ත සමාජයටම වන අගතිය ඔහු කිසිදු අයුරකින් තැකීමකට පත් නො කරන්නේ, පෙර කී අපේක්ෂා අබිබවා සිටීම හේතුවෙනි. ඔහු ද අපකීර්තියට පත් වන බව නොවැටහෙන්නේ ද පෙර කී අභිලාෂයෙන් සියල්ල අබිබවා සිටීම හේතුවෙනි. එබැවින් අසත්‍ය පුවත් ප්‍රචාරය කරන්නා ද නීත්‍යනුකූල දඬුවමකට ලක් වන බව පසුගිය දිනවල දී සිදු වූ සිද්ධීන්ගෙන් පසක් කරයි.

    ඇඳිරි නීතිය පැනවූ බවට ජනපති මාධ්‍ය ඒකකයේ ලිපි ශීර්ෂයක සාවද්‍ය පුවතක් සඳහන් කර සමාජ මාධ්‍යයෙහි පළ කර තරුණයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    covid වැලඳී විශාල පිරිසක් මහමඟ මිය ගිය බවට අසත්‍ය පුවත් පළ කළ අයකු සී.අයි.ඩී. අත්අඩංගුවට…..

    යන පුවත් යටතේ ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබිණි…

    අද වන විට සමාජ මාධ්‍ය ජාලා යනු බොහෝ දෙනා නිතර දෙවේලේ භාවිතා කරන සන්නිවේදන ක්‍රමෝපායක් වන හෙයින් එයින් පලවන ප්‍රවෘත්ති තරයේ විශ්වාස කරන ස්වභාවයක් පවතී. එසේ හෙයින් එහි පළවන සත්‍ය පුවත් හෝ අසත්‍ය පුවත් වග විභාගයකින් තොරව, තරයේම විශ්වාස කිරීමට පෙලඹේ. එමෙන්ම අසත්‍ය පුවත් ඉතා වේගයෙන් මේ හරහා සමාජගත වීම ද නොවැළැක්විය හැක්කකි. අසත්‍යයක් සමාජගත වූ විට එය නිවැරැදි කිරීම ද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එය වගකිවයුතු නිලධාරියකු විසින් ප්‍රසිද්ධ මාධ්‍යයක් හරහා කොතරම් නිවැරදි කළ ද සමාජයට වී ඇති හානිය බරපතළය. එසේ හෙයින් ඔවුන්ට නීතියේ සහය පැතීමට සිදුව ඇත. එබැවින් මේ අසත්‍ය ප්‍රචාර ජාතික ආරක්ෂාවට තර්ජනයකි. සමාජයට ව්‍යසනයකි. කැළලකි. එසේ හෙයින් මින් සිදුවන හානිය බරපතළය.

    විශේෂයෙන් සමාජ ජාලා තුළ කොවිඩ් මරණ සිදුවීම සම්බන්ධයෙන් විවිධ වූ අසත්‍ය ප්‍රචාර සංසරණය වෙමින් පවතී. ඒවා කොතරම් බරපතළද යත්, සමාජ අගතියට කරුණක් ද යත් එය වළක්වා ගැනීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

    covid 19 වසංගතය වැලඳීම හේතුකොට ගෙන රටේ විවිධ ප්‍රදේශවල මහා මාර්ගවල covid ආසාදිතයන් මිය යන බව පවසමින් විවිධ සමාජ ජාලා මෙන්ම වෙබ් අඩවි තුළ පින්තූර ද සහිතව අසත්‍ය ප්‍රචාර සංසරණය කොට ඇත. මෙවැන්නක් සමාජගත වන්නේ ඉතා වේගයෙනි. මෙය සත්‍යයක් බවට තහවුරු කරන්නට පින්තූර යොමුකර හුවා දක්වා තිබීමෙන් එය තවදුරටත් සත්‍යයක්ම බවට පසක් කරවයි.

    මෙවැනි ආකාරයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි රටේ අපරාධ යුක්ති ක්‍රමයට අදාළ වන ආයතනවලට යම් ආකාරයක ද්වේශයක් ඇති කරවන අසත්‍ය පුවතකි.

    සිඟමන් යදින්නා විඳිනුයේ මහ මඟය. ඔහුගේ නිවස්නය මහමගය. එබැවින් ඔහුගේ සියලු කටයුතු සිදු වන්නේද මහමගය. එසේ හෙයින් ඔහු මැරී සිටියේ ද මහමඟය. රටේ පවතින වසංගත තත්ත්වය අඩු වැඩි වශයෙන් ඔහුගේ මරණයට බලපෑ හෝ නොපෑවා විය හැකිය. එහෙත් ඔහු හිඳිනුයේ මහ මඟය. මෙය තත්කාලීනව අසත්‍ය ප්‍රචාරවලට තටු සලන පුවතකි. පින්තූර ද සමඟ මහමඟ මිනිසුන් මැරී වැටී සිටින අයුරු හුවා දක්වා සමාජගත කිරීමෙන් සමස්ත රටේ ජන විඥානයට බරපතළ ගණයේ අපරාධයක් සහ භීතියක් පතුරවා ඇත.

    කළ යුත්තේ වෙබ් අඩවි හරහා හෝ කිසියම් සමාජ මාධ්‍යයක් හරහා මෙවැනි අසත්‍ය පුවත් පැතිර වූවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමයි.

    Latest Posts

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    පොහොට්ටු ලොක්කෙක්, මැතිවරණයට නාම යෝජනා දෙන්න මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා – මධුෂා රාමසිංහ

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක්...

    රහස් පොලිසියේ සිටින පොඩි ලැසීට දුරකතනයක් දීලා –ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටු

    ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටුසංවිධානාත්මක අපරාධ කරුවෙකු පොඩි ලැසී නැමැත්තාට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (25) අත්අඩංගුවට...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.