24 C
Colombo
Thursday, November 26, 2020

මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක්...
More

    Latest Posts

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    පොහොට්ටු ලොක්කෙක්, මැතිවරණයට නාම යෝජනා දෙන්න මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා – මධුෂා රාමසිංහ

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක්...

    රහස් පොලිසියේ සිටින පොඩි ලැසීට දුරකතනයක් දීලා –ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටු

    ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටුසංවිධානාත්මක අපරාධ කරුවෙකු පොඩි ලැසී නැමැත්තාට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (25) අත්අඩංගුවට...

    කොවිඩ් රෝගින් මිය ගිය විට අවසන් කටයුතු සිදු කළ යුත්තේ ආරක්ෂාකාරී පියවර මතයි – මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියෝ

    Author(s): 
    උපාලි කරුණාරත්න

    ලෝකයටම ආගන්තුක වූ කොවිඩ් 19 වයිරසයෙන් මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් ඉතා ආරක්ෂාකාරීම ඉහළම පියවර ගත යුතු බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියෝ පැවසූහ.

    උන්වහන්සේ එසේ ප්‍රකාශ කෙළේ ඊයේ (16) පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේදී පැවැති ජාතික විද්වත් භික්ෂු සංසදයේ මාධ්‍ය හමුවට සහභාගි වෙමිණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියෝ මෙසේ ද පැවසූහ.

    කොරෝනා සෑදී මිය ගිය පුද්ගලයකු වළ දැමීම ද අදාහනය කිරීම ද සුදුසු කියන කාරණය සම්බන්ධව අප පවතින තත්ත්වය අනුව සාකච්ඡා කළ යුතුයි. ලොව පුරා පවතින කොරෝනා වයිරස තත්ත්වයෙන් මිදීම සඳහා සමාජ, ආගමික මතවාදවලට යට නොවී අප මේ අවස්ථාවේ කටයුතු කරන්න ඕනේ විද්‍යානුකූල පදනමක් මත සිටයි. කොරෝනා ආදාහනය සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුවක් මඟින් ගත් තීරණ දේශපාලන තීන්දුවලට යටත් නොකළ යුතුයි.

    කොරෝනා වයිරසයේ හැසිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් තිබෙනවා. මෘත දේහයන්වල කොරෝනා වයිරසය පවතින අන්දම පිළිබඳව පර්යේෂණ සිදු කරනවා. ඒ අනුව එක් දිනකින් වළදාන දේහයකින් මෙම වයිරසය අනිවාර්යයෙන් භූගත වීමට ඉඩ තිබෙනවා. තවම කොරෝනා වයිරසයේ හැසිරීම ලෝකයටම ආගන්තුකයි. ඒ නිසා එයින් ආරක්ෂා වීම පිළිබඳ ගත හැකි ඉහළම තීන්දු තීරණ අප ගත යුතුයි.

    මුස්ලිම් ජනතාවට ආගමික සංස්කෘතික බන්ධනයන් තිබෙන්න පුළුවන්. හැබැයි ඒ සියල්ල මානව වර්ගයාගේ අනාගතය වෙනුවෙන් කැප කරන්න සිදු වෙනවා. කොරෝනා වයිරසයෙන් මිය යන බෞද්ධයන් වෙනුවෙන් දියයුතු පාංශුකූලය සම්බන්ධයෙන් ඔවුන් ගැටලුවක් ඇති කර ගත්තේ නැහැ. විවිධ ආගම් අදහන්නන් මේ අවස්ථාවේදී විද්‍යාත්මකව කටයුතු කරන්න ඕනේ. මේ පිළිබඳව ඉස්ලාම් භක්තිකයන් ද කල්පනා කළ යුතුයි. කෙරෝනා වයිරසය නිසා සමස්ත මානව සංහතියම ඛේදනීය අවස්ථාවකට මුහුණ දී තිබෙනවා.

    ආගම්වාදී අන්තවාදයට ද විවිධ පෙරමුණු තිබෙනවා. එයින් එක් පෙරමුණක් තමා එයට අදාළ න්‍යාය නිර්මාණය කරන පිරිස. සහරාන්ලා නිර්මාණය වූ බව මතක තබා ගන්න ඕනෙ. විවිධ සමාජ ජාලා ඔස්සේ මොවුන්ගේ මතවාද පෝෂණය කරන පිරිසක් ද සිටිනවා. සන්නද්ධ අංශ තිබෙනවා. මේ සියල්ල සක්‍රියව සූක්ෂ්මව ක්‍රියාත්මක වෙනවා. දේශපාලන පෙරමුණක්ද මොවුන් අතර ක්‍රියාත්මක වෙනවා. ඔවුන් පරිසරයට සම්බන්ධ වුවහොත් ඔවුන්ට අවශ්‍ය ලෙස කැලෑ කපනවා. අනෙක් විෂයන් සම්බන්ධයෙනුත් එසේමයි. ඔවුන්ට තම අරමුණු ඉටු කර ගැනීමට කුමන පක්ෂයක් වුවත් කමක් නැහැ. මොවුන් ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිටිමින් අන්තවාදය පෝෂණය කරනවා.මේ තත්ත්වය පාලකයෝ තේරුම් ගන්න ඕනේ. ජනාධිපතිතුමාගෙන් එක රටක්, එක නීතියක් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව අප විශ්වාසය තබා තිබෙනවා.

    හෑගොඩ විපස්සී නාහිමි –

    කොරෝනා වයිරසයෙන් මිය යන පුද්ගලයකුගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ පොදු එකඟතාවයකට පත් වී තිබෙද්දීත් මුස්ලිම් ජනතාව භූමදානය කිරීමක් ඉල්ලා සිටිනවා. ඉස්ලාම් භක්තිකයකුගේ මරණයකදී කළ යුතු වත් පිළිවෙත් තිබෙනවා. කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයකු සඳහා එම වත් පිළිවෙත් කළහොත් වයිරසය පැතිරිය හැකියි. මිය ගිය කොරෝනා රෝගියකුගේ සිරුර පුච්චා දැමිය යුතුයි.

    මෙම අවස්ථාව සඳහා මහාචාර්ය මොරගොල්ලාගම උපරතන නාහිමියෝ ද සහභාගි වූහ.

     

    Latest Posts

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    පොහොට්ටු ලොක්කෙක්, මැතිවරණයට නාම යෝජනා දෙන්න මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා – මධුෂා රාමසිංහ

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක්...

    රහස් පොලිසියේ සිටින පොඩි ලැසීට දුරකතනයක් දීලා –ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටු

    ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටුසංවිධානාත්මක අපරාධ කරුවෙකු පොඩි ලැසී නැමැත්තාට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (25) අත්අඩංගුවට...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.