24 C
Colombo
Wednesday, May 19, 2021
More

    Latest Posts

    ත්‍රිරෝද රථ තුනක් එකිනෙක ගැටී 4කට තුවාල

    - Advertisement -
    Author(s): 
    අසේල කුරුළුවංශ

    හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල නගර මධ්‍යයේ දී ත්‍රිරෝද රථ තුනක් එකිනෙක ගැටීමෙන් එක් ත්‍රිරෝද රථයක ගමන් ගත් සිව් දෙනකු තුවාල ලැබ ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට සහ කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

    එක් ත්‍රිරෝද රථයක වේගය පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියට ඇදී ගොස් කොටගල නගරයේ ත්‍රිරෝද රථ ගාලේ නතර කර තිබූ ත්‍රිරෝද රථ දෙකක ගැටී අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසයි.

    - Advertisement -

    අධික වේගයෙන් ධාවනය ත්‍රිරෝද රථයේ රියැදුරා සහ එහි ගමන් ගත් දෙදෙනකුත් ගාල් කර තිබූ ත්‍රිරෝද රථ දෙකේ රියැදුරන් දෙදෙනකුත් තුවාල ලැබ ඇත. අනතුරෙන් ත්‍රිරෝද රථ තුනකට දැඩි අලාභ හානි සිදුව තිබෙන අතර දිඹුලපතන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

     

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.