24 C
Colombo
Thursday, November 26, 2020

‘ස්පුට්නික් 5’ 95%ක් සාර්ථකයි

Author(s): මහින්ද අලුත්ගෙදරනව කොරෝනා වයිරසයට එරෙහිව නිෂ්පාදනය කළ ‘ස්පුට්නික් 5’ එන්නත සියයට 95ක්ම සාර්ථක වී ඇතැයි එම එන්නතේ සායනික අත්හදා බැලීම්වල දෙවැනි අන්තර්කාලීන විශ්ලේෂණ දත්ත...
More

    Latest Posts

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

    රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...

    අම්බලන්ගොඩ අම්මටයි,තාත්තටයි කොරෝනා…ළමයි පාසල් ගිහින්.

    පාසැල් යළි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට...

    බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්… වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා.

    බදු වංචාවක් පිළිබදව සමාජ මාධ්‍ය එස්සේ මෙසේ සටහන් වී තිබිණි…………………………………………………………………….. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින්...

    මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව ශිෂ්‍යාධාර හිමිකම් ලබන සිසුන් ගණන 20,000ක්

    Author(s): 
    සිතාරා සේනානි

    මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව ශිෂ්‍යාධාර හිමිකම් ලබන සිසුන් සංඛ්‍යාව 20,000ක් බවත්, එයින් ශිෂ්‍යත්ව 250ක් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා වෙන් කර ඇති බවත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු ව පවසයි.

    මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සමඟ එක් එක් දිස්ත්‍රික්ක සඳහා සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු ද නිකුත් කෙරිණි.

    එසේ නිකුත් කළ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු මෙසේ ය. කොළඹ 169, ගම්පහ 169, කළුතර 169, මහනුවර 169, මාතලේ 169, නුවරඑළිය 161, ගාල්ල 169, මාතර 169, හම්බන්තොට 164, වවුනියාව 157, මුලතිව් 157, අම්පාර 162, ත්‍රිකුණාමලය 161, කුරුණෑගල 169, පුත්තලම 163, අනුරාධපුරය 163, පොලොන්නරුව 163, බදුල්ල 163, මොනරාගල 162, රත්නපුර 165 සහ කෑගල්ල 169ක් වේ. එසේම දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු කොළඹ 162, ගම්පහ 162, කළුතර 162, මහනුවර 162, මහනුවර 162, මාතලේ 162, නුවරඑළිය 158, ගාල්ල 162, මාතර 162, හම්බන්තොට 160, කිළිනොච්චිය 160, මන්නාරම 158, වවුනියාව 160, මුලතිව් 160, මඩකළපුව 160, අම්පාර 160, ත්‍රිකුණාමලය 162, කුරුණෑගල 162, පුත්තලම 157, අනුරාධපුරය 158, පොලොන්නරුව 159, බදුල්ල 159, මොනරාගල 155, රත්නපුර 158 සහ කෑගල්ල 162 ලෙස දක්වා තිබේ.

    මෙවර විභාගයේ ප්‍රතිඵල පෙරේදා (15) නිකුත් කළ අතර එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk වෙත පිවිස නිවැරැදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකිය.

    එසේම අදාළ ප්‍රතිඵල සටහන බාගත කර මුද්‍රිත පිටපතක් ද ලබාගැනීමට පහසුකම් සලසා තිබේ.

    ප්‍රතිඵල නිකුත් කිරීමේ දී අපේක්ෂකයා ලබා ගත් මුළු ලකුණු සංඛ්‍යාව, දිස්ත්‍රික්කය හා මාධ්‍ය අනුව අදාළ කඩඉම් ලකුණු සමඟ සඳහන් කර තිබේ. විශේෂ අවශ්‍යතා ඛණ්ඩය යටතේ ශිෂ්‍යත්ව හිමිකම ලබන අපේක්ෂකයන්ගේ මුළු ලකුණු සමඟ ශිෂ්‍යත්ව හිමිකම් ලැබූ බවට විශේෂ සටහනක් ඇතුළත් කර තිබේ.

    සියලු විදුහල්පතිවරුන් වෙත අයැදුම්පත් එවීමට දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User Name) සහ මුරපද (Password) භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගැනීමට පහසුකම් සලසා ඇත. එසේම සියලු පාසල්වල ප්‍රතිඵල ලේඛන තැපැල් කර එවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    සියලු ම අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබා දී ඇති පරිශිලක නාම (User Name) සහ මුරපද (Password) භාවිත කර තම පළාතේ/කලාපයේ සියලු පාසල්වල ප්‍රතිඵල බාගත කර ගැනීම/නිරීක්ෂණය කිරීමට පහසුකම් සලසා ඇත. අභියාචනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පසුව දැනුම් දීමට නියමිතය.

    Latest Posts

    දරු සෙනෙහසේ අරුමය!

    පූජාවලියෙහි රස මුසු තැන් කෙරෙහි පසුගිය ලිපි දෙකෙන් අප කළ අනාවරණ, බොහෝ පාඨකයන්ගේ ධර්ම ඥානය මෙන්ම, සාහිත්‍ය රසය ද පුළුල් කිරීමෙහිලා සමත් විය. මෙවර...

    රහමාන් මුදියන්සේ සිංහල බළමුළු මෙහෙයවයි

    මැදින් මහ අහවර වී මැදියම ගෙවුණා පමණි. පුහුුල් පහන් එකලු කළ කැලණි නදිය මතින් උඩුගංබලා ඔරුව හබල් ගෑවේ කටුපැලැස්ස තොටුපළෙනි. බියගමින් දොම්පේ හරහා මල්වානට...

    ප්‍රාග් ඓතිහාසික වංශකථාවට නව මානයක් එක් කළ කුරුවිට බටදොඹ ලෙන

    මානව ශිෂ්ටාචාරයේ මුල්ම මානවයන් දකුණු අප්‍රිකාවෙන් බිහි වූ පසු සුවදායි මෙන්ම ආහාර සහිත පරිසර කලාප සොයා ගිය ගමනේ නවාතැන් පොළක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීමට...

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.