ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට ගුවන් නියමුවරියන් දෙදෙනෙක්! [PHOTOS]

0
11

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට ගුවන් නියමුවරියන් දෙදෙනෙකුට පියාසර නිල ලාංඡන පැළඳවීම අද (16) සිදු විය.

ඒ, ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කඳවුරේ පැවති ගුවන් හමුදා නිලධාරීන් විසිර යාමේ උත්සවයේදී ය.

නව ගුවන් නියමුවරියන් දෙදෙනා සැහැල්ලු ගුවන් යානා නියමුවරියන් ලෙස ගුවන් හමුදාවට එක් වන බව ගුවන් හමුදා මූලස්ථානය දන්වා සිටී.

ඊට අමතරව, ප්‍රථම වරට කැඩෙට් නිලධාරිනියක් සෑම අතින් ම දක්ෂත ම කැඩෙට් නිලධාරිනියට හිමි රන් අසිපතින් පිදුම් ලැබීම (Sword of Honor) සහ ප්‍රථම වරට ජනාධිපති වර්ණධජ සමන්විත විසිර යාමේ පෙළපාලියක් සඳහා කාන්තා නිලධාරීවරියක් අණ දීම ද මෙම විසිර යාමේ උත්සවයේ දී සිදු විය.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විසිර යාමේ උත්සවය පැවැත්විණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here