24 C
Colombo
Tuesday, November 24, 2020

ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...
More

    Latest Posts

    මෘත දේහයක දින 27කට පසුවත් කොරෝනා වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ!

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක...

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    සංඛ්‍යා ලේඛන, ඉලක්කම් විජ්ජාවෙන් ආර්ථික අර්බුදය සැඟවීමට බැහැ – මන්ත්‍රී පාඨලී චම්පික රණවක

    සංඛ්‍යා ලේඛන, ඉලක්කම් විජ්ජාවන් මඟින් රටේ දැවැන්ත රාජ්‍ය මූල්‍ය අර්බුදය, විදේශ ණය අර්බුදය හා ආර්ථික අර්බුදය සැඟවීමට නෙහැකි බව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    සමඟි ජන බ‍ලවේග ප්‍රධාන කාර්යාලයේ පසුගිය දා (15) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ‍ ඒ මහතා මේ බව පැවසීය.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

    අද රටේ රාජ්‍ය මූල්‍ය බිඳ වැටී සංචිත පහළ ගොස් තිබෙනවා. ආණ්ඩුව ආර්ථිකය පිළිබඳ පරස්පර සංඛ්‍ය ලේඛන ඉදිරිපත් කරමින් සිටිනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වීම සඳහා මූලික කාරණා දෙකක් මේ රට ඉදිරියේ තැබුවා. එම මූලික කාරණා දෙක තමයි, රටේ ජාතික ආරක්ෂාව තරකර යුක්තිගරුක ධර්මිෂ්ඨ පාලනයක් ගෙන ඒම සහ ඥාති සංග්‍රහයකින් තොරව ක්‍රියාශීලී කාර්යක්ෂමව රටේ ආර්ථිකය ශක්තිමත් කර සෞභාග්‍යය කරා ගෙන යෑම. අද මේ කාරණා මේ විදියටම වත්මන් ජනාධිපතිතුමා ක්‍රියාවට නංවා තිබේ ද ?.

    අපේ යහපාලන ආණ්ඩුවට එවකට විපක්ෂයෙන් එල්ල වුණු චෝදනා අතර, යම්කිසි දුරකට හරි පදනමක් පසුබිමක් තිබුණ චෝදනා දෙකක් තිබුණා. 2015 පෙබරවාරි 27 හා 2016 මාර්තු 28 මහ බැංකුවේ සිදු වුණා යැයි කියන බැඳුම්කර වංචාව හා 2019 අප්‍රේල් 21 වැනි දින සිදුවුණු පාස්කු ප්‍රහාරය. මේ කාරණා දෙක පමණයි අපට එල්ල වුණු චෝදනාවලින් පසුබිමක් පදනමක් තිබිච්ච කාරණා. අනකුත් MCC එක ගැන, ශාබ් ශාබ්දීන් ගැන, හිස්බුල්ල ගැන, කළ චෝදනා කූට නාටකයක කොටස්.

    දැන් ජනාධිපතිතුමා කියනවා, ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න නම් මට විසඳන්න පුළුවන්, කොවිඩ් වගේ ප්‍රශ්න නම් මට විසඳන්න බෑ කියල. අපි අහනව දැන්, අර්ජුන් මහේන්ද්‍රන් කනෙන් අල්ලන් එනව කියල කිව්වා. කෝ අල්ලගෙන ආවද ?. එතුමාගේ ජාතික ආරක්ෂක ශක්තිය මැනවින්ම පෙන්වපු එක තමයි මේ රටට කියපු පට්ටපල් බොරුව. වසරක් ගත වෙලත් ඒ සම්බන්ධයෙන් කිසිම පියවරක් ගන්න බැරි වුණා පමණක් නොවෙයි, අර්ජුන් ඇලෝසියස්ව අත්අඩංගුවේ තියා ගන්නවත් මේ ආණ්ඩුවට හැකියාවක් ලැබුණෙ නෑ.

    අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට, අර්ජුන් ඇලෝසියස් ඇතුළු පිරිස නීතිය ඉදිරියට ගෙනල්ලා මේ රටේ ජනතාවට යුක්තිය ඉෂ්ට කිරීමට නොහැකි වී තිබෙන්නේ ඇයි ?. එය නොහැකියාවද , එසේත් නැත්නම් 2008 ඉඳන් සිදු වෙච්ච මේ වංචනික ක්‍රියාවලියේ සහකරුවන් අද මේ ආණ්ඩුවේ ඉන්න නිසා ද කියන එක ඉතාම පැහැදිලිව අප ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්ට නීතිය ක්‍රියාත්මක නොවන තාක්කල් මේ ආණ්ඩුවේ ප්‍රධානීන් මේ මහ බැංකු වංචාවේ කොටස්කරුවන් හැටියට නම් කරන්න අපි කිසිසේත්ම පසුබට වන්නේ නැහැ.

    පාස්කු ප්‍රහාරය අපේ ආණ්ඩුවේ විශාල අඩුපාඩුවක් ඇති කළ දෙයක්. ඒ අඩුපාඩුවට එක ප්‍රධාන හේතුවක් තමයි 2018 ඔක්තෝම්බර් 26 වැනි දා කරපු දේශපාලන කුමන්ත්‍රණය. ඒ කුමන්ත්‍රණයෙන් පස්සේ ජනාධිපති හා අගමැති අතර ඇති වෙච්ච විරසකය සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම බරපතළ ලෙස බලපෑමක් ඇති කළා. දැන් නඩු පවරල තියෙනවා. ජනාධිපති කොමිෂන් සභා තියෙනවා. හැබැයි එක පැත්තයි හොයන්නේ. මොකක්ද පැත්ත, තොරතුරක් දීල තිබුණ සහරාන් හෂීම්ගේ තව්හිද් ජමාත් සංවිධානයෙන් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා කියල, ඒක නොසලකා හැර කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට, හිටපු ජනාධිපතිතුමාට ඒ නොසැලකිල්ල පිළිබඳ තොරතුරු හොයනවා. එය හොඳයි. හැබැයි වැදගත් දේ මොකක් ද ?

    සහරාන් හෂීම් 2017 දී කාත්තන්කුඩියේ ඇති වෙච්ච සිදුවීම්වලින් පස්සෙ ඔහුව අත්අඩංගුවට ගන්න නියෝග කරල තිබෙන විට ඔහු කොහොමද කාත්තන්කුඩියේ පොලිසියෙන් බේරී පළාගියේ.

    අද මේ ආණ්ඩුවේ ප්‍රබලම දේශපාලනඥයන් දෙන්නෙක් ඔහුට සහාය දුන්න බවට වාර්තා වෙලා තියෙනවා. ඒව හොයන්නෙ නෑ, සහරාන් ඉන්දියාවට ගියේ කොහොමද ?. 2016 ඉඳන් ISIS කණ්ඩායමත් සමඟ එකතු වෙලා ලංකාවේ අපේ අය කටයුතු කරනව කියලා විදේශීය ඔත්තු සේවා අපට තොරතුරු දුන්නා. ඒ තොරතුරු මත පදනම් වෙලා 45 දෙනෙක්ගේ නම් තමන් හොයා ගත්ත බව අපේ ආරක්ෂක අංශ, බුද්ධි අංශ ඒ කාලේ වාර්තා කළා. ඒ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග මොනවද? පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල වුණ අයට තාමත් යුක්තිය ඉටු කරල නෑ.

    ශිවන්ති ප්‍රනාන්දු

    Latest Posts

    මෘත දේහයක දින 27කට පසුවත් කොරෝනා වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ!

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක...

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.