24 C
Colombo
Thursday, November 26, 2020

මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක්...
More

    Latest Posts

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    පොහොට්ටු ලොක්කෙක්, මැතිවරණයට නාම යෝජනා දෙන්න මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා – මධුෂා රාමසිංහ

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක්...

    රහස් පොලිසියේ සිටින පොඩි ලැසීට දුරකතනයක් දීලා –ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටු

    ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටුසංවිධානාත්මක අපරාධ කරුවෙකු පොඩි ලැසී නැමැත්තාට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (25) අත්අඩංගුවට...

    සංචාරක කර්මාන්තය කොළ එළියට සූදානම්

    කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය වී නොමැති අවස්ථාවක, කොවිඩ් 19 වසංගතයෙහි බලපෑම අඩු රටවලින් සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩසටහනක් සකස් කරන අමාත්‍යාංශය, ඉදිරි සීත සෘතුව එළඹෙන යුක්රේනය, බෙලොරුසියාව, කසකස්ථානය යන රටවලින් දිවයිනට සංචාරකයන් රැගෙන ඒමට අදහස් කරන අතර ලබන ඔක්තෝබර් මස සිට 2021 වසරේ අප්‍රේල් දක්වා මෙම සංචාරකයන් පැමිණීම සඳහා සැලසුම් කර ඇත.

    සැලකිය යුතු මිනිස් අයිතියක් ලෙස වත්මන පෙරට පැමිණ ඇති මිනිසාගේ සංචරණ අයිතිවාසිකමට කොවිඩ් 19 ගෝලීය වයිරස ව්‍යාප්තිය දැඩි බාධාවක් එල්ල කර තිබේ. එය එක් අතකට මුහුණ දීමට නොහැකි අවදානමක් සහිත අභියෝගයකි. චීනයේ වූහාන්වලින් ජනිත වූ කොරෝනා වයිරසය ලොව පුරා සංචරණය කළේ ද එම රෝග වාහකයන් වන මිනිසා ද සමඟිනි. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට පමණක් නොව ලෝකයේම සංචාරක ක්ෂේත්‍රවලට දැඩි බලපෑමක් එල්ල කරන්නට හේතු විය.

    මෙරටට විදේශ විනිමය ගෙන එන තෙවන විශාලතම ව්‍යාපාරය ලෙස හඳුන්වා දිය හැකි සංචාරක කර්මාන්තයට පාස්කු ප්‍රහාරයෙන් සිදු වූ හානිය ද ඉමහත්ය. එහෙත් එම අභියෝගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර ඒ පසුපස ආ කොරෝනා හෙවණැල්ලේ මූලික වටය ජය ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයට හැකි විය. කොරෝනා මර්දන ව්‍යාපෘතිය පිළිබඳ කාර්ය සාධක බළකාය මෙහෙයවමින් රජය ගත් තීන්දු තීරණ හරහා දේශය යළි ගොඩනැංවීමට හැකියාව ලැබුණේ දෙස් විදෙස් පැසසුමට ලක් වෙමිනි. දේශය අළු ගසා නැඟී සිටිද්දී අවාසනාවකට මෙන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක මඟින් හඳුනාගත් කොරෝනා වසංගතය නැවතත් සමාජගත වීමට ගත් මොහොතේ පටන් මේ වන තෙක් රටේ සියලුම ක්ෂේත්‍ර ඇතුළුව සංචාරක කර්මාන්තයට ද වැටුණු රතු එළිය තවමත් නිවී ගොස් නැත.

    රජය දැඩි පරිශ්‍රමයක

    රටේ සුළු, මධ්‍ය හා මහා පරිමාණ වශයෙන් වන කර්මාන්ත සියල්ල නැවත වරක් සම්පූර්ණයෙන්ම අඩාළ නොකොට දේශය යළි නඟාසිටුවීමේ ආරක්ෂිත වාතාවරණය රැක ගැනීම සඳහා වත්මන් රජය දැඩි පරිශ්‍රමයක යෙදී සිටියි. සංචාරක කර්මාන්තයේ විදේශ සංචාරකයන්ගේ පරිච්ඡේදයට සුවිශේෂී අවධානයක් යොමු කරමින් දේශීය සංචාරකයන්ගේ පරිච්ඡේදය ද සංවර්ධනය කිරීම වෙනුවෙන් රජය පියවර රාශියක් ගෙන ඇති බව සංචාරක අමාත්‍යාංශය පෙන්වා දෙයි. යළි රට විවර වූ වහාම විදේශ සංචරණ කටයුතු යාවත්කාලීන කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලු විධිවිධාන සඳහා අවශ්‍ය සැලසුම්වලට අදාළ මූලික පියවර මේ වන විටත් ගෙන ඇති බව රජය පසුගිය දිනවල ගෙන ඇති නව තීන්දු තීරණවලින් ද පැහැදිලිය. පාස්කු සහ කොරෝනා අර්බුද මෙරට සංචාරක කර්මාන්තයට එල්ල කළ දැඩි බලපෑම අකා මකා දැමීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ කෙටි හා දීර්ඝකාලීන ක්‍රියාමාර්ග ඇතුළත් ව්‍යාපෘති සැලසුම් සම්පාදනය වෙමින් පවතින අතර බොහෝමයක වැඩ කටයුතු ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙය ගොඩනැඟෙන දේශයක සුබවාදී ලකුණකි.

    2020 වර්ෂයේ ඉදිරි සිව් මසක කාලසීමාව සඳහා රජය විසින් රුපියල් මිලියන 167.64 ක මුදල් ප්‍රතිපාදන සංචාරක අමාත්‍යාංශයට වෙන්කර දී තිබේ. ඉන් සංචාරක ආකර්ෂණීය ස්ථාන සංවර්ධනය වෙනුවෙන් ලබා දී ඇති මුදල රුපියල් මිලියන 18.96කි. ඒ යටතේ කුරුණෑගල, මාතලේ, මන්නාරම, මහනුවර, අම්පාර, බදුල්ල හා කෑගල්ල යන දිස්ත්‍රික්කයන්හි හඳුනාගත් සංචාරක ආකර්ෂණීය ස්ථාන 12 ක සංවර්ධන කටයුතු මේ වන විටත් අවසන් අදියරේ පවතී.

    සංචාරක සංවර්ධන අධිකාරිය, සංචරණ ව්‍යවස්ථාපිත ආයතන හා ජාතික සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තු සංවර්ධනය වෙනුවෙන් වන රජයේ සියලු සැලසුම් සඳහා ප්‍රමුඛ දායකත්වයක් සපයයි. සුළු, මධ්‍ය හා මහා පරිමාණ කර්මාන්ත නඟාසිටුවීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව සංචාරක ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපාරවලින් අය කරන වැට් බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීම, 4% ක සහන පොලී අනුපාතය මත ව්‍යාපාර සඳහා කාරක ප්‍රාග්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 50 දක්වා ණය මුදලක් දීම හා එකී ව්‍යාපාරවලට අදාළව ලැබී ඇති විදුලි හා ජල බිල්පත් සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද සහන දීමට සැලසුම් කිරීම, පළාත් පාලන ආයතන සංචාරක හෝටල්වලින් අය කරනු ලබන 1% ක බදු මුදල සංශෝධනය කිරීම සඳහා අවධානය යොමු කිරීම රජය ගෙන ඇති වැදගත් ක්‍රියාමාර්ග කිහිපයකි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මඟපෙන්වන්නන් 1832 දෙනකුට රුපියල් 20,000ක් බැගින් දීමනාවක් දී ඇති රජය, සංචාරක කුලී රථ රියැදුරන් අතුරින් ලියාපදිංචි වූවන්ට රුපියල් 15,000ක් බැගින් ද ලියාපදිංචි නොවූ රියදුරන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කොට එකී සහනය දීම ද දෙන සහනයකි.

    පරිගණක යෙදවුම

    කොවිඩ් 19 තත්ත්වය යටතේ සංචාරකයන්ට රට නැවත විවෘත කිරීමේදී සංචාරකයින්ගේ පී.සී.ආර්. වාර්තා තොරතුරු ඇතුළු සියලු තොරතුරු ද ඔවුන් මෙරට සංචාරය කරනු ලබන ස්ථාන හා අදාළ කාලවකවානු පිළිබඳ දත්ත සමුදාය ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සමඟ හවුලේ භාවිත කළ හැකි පරිගණක යෙදවුමක් (App.) මේ වන විටත් නිර්මාණය කර ඇත. එය භාවිතය සඳහා අවශ්‍ය වන අනුමැතිය ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති අතර එම යෙදවුම නිර්මාණය කිරීමේ සම්පූර්ණ වැය බර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් දරා ඇති බව දැනගන්නට තිබේ.

    ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ඉදිරි වැඩපිළිවෙළ යටතේ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුව වන තරුණ තරුණියන් පුහුණු කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාවේ ඉදිරි කාර්තුව වෙනුවෙන් සංචාරක මානව සම්පත් සංවර්ධනය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 29කි. පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වුව ද මෙම වසර සඳහා මේ වන විටත් අමාත්‍යාංශය මඟින් මෙහෙයවනු ලබන ත්‍රෛමාසික සත්කාරක සේවා පුහුණු වැඩසටහන් ව්‍යාපෘතිය යටතේ අභ්‍යාසලාභීන් 1050ක් පුහුණුව අවසන් කර ඇති අතර, තවත් 1220ක් හට පුහුණුව දීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කර ඇත. දිස්ත්‍රික්ක 14ක දැනට ක්‍රියාත්මක වන ඉන් දුෂ්කර ප්‍රදේශවල පාසල් හැර එක් දරුවකු වෙනුවෙන් රුපියල් 15,000ක් බැගින් වෙන් කර වටිනා වෘත්තීමය සහතිකයක් දීම ඉදිරි සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් අනාගත පරපුර සකස් කිරීමේ වටිනා කර්තව්‍යයකි. දකුණු පළාතේ මෙදේරිපිටිය, මධ්‍යම පළාතේ හීල්ඔය හා ඇටන්වල, ඌව පළාතේ බෝඹුරු ඇල්ල, සබරගමුව පළාතේ හීලෝගම ගම්මාන කිහිපය සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි ප්‍රජා සත්කාරක සංචාරක ගම්මාන ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් රජය මේ වන විට රුපියල් මිලියන 2.88ක් වෙන් කරදී තිබේ. ඒවා විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමට වෙබ් අඩවි නිර්මාණය කර තිබේ. එම ව්‍යපෘතිය ද සංචාරක කර්මාන්තය ආශ්‍රිතව රැකියා බිහි කරන්නක් බව පෙනේ.

    සංචාරකයන් සිය සංචරණ කටයුතු සඳහා වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවය භාවිත කරන බවට අධීක්ෂණය වීම නිසා ඇල්ල, හැටන්, ගාල්ල, බෙන්තොට, උණවටුන යනාදි දුම්ර්ය ස්ථානවල සංචාරකයින් සඳහා අවශ්‍ය වන මූලික පහසුකම් සහිත නවීකරණ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර මීගමුව, මහනුවර හා කළුතර දුම්රිය ස්ථානවල ද වැඩකටයුතු ආරම්භ කිරීම රජය ගෙන ඇති වැදගත් ක්‍රියාමාර්ගයකි. දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ එක්ව ආරම්භ කර ඇති මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 14.50ක් පමණ වැය වේ. එමෙන්ම, පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතිකයින්ගේ ආක්‍රමණයන් භාවිත කළ ලෝක සංචාරකයන්ගේ අවධානයට ලක් වූ පැරැණි බලකොටු කිහිපයක් සංවර්ධනය කිරීමට තීරණය කළ රජය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අධීක්ෂණය යටතේ පවතින මන්නාරම, කල්පිටිය හා මඩකළපුව යන බලකොටු තුනෙහි සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 29.40ක් වෙන් කිරීම ඉන්දියානු රජයේ රුපියල් මිලියන 300ක් යොදවා මන්නාරම මඩු දේවස්ථාන භූමියේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් හට නවාතැන් පහසුකම් සැපයීම සඳහා සංක්‍රාන්ති නිවාස ඒකක අලුතින් ඉදි කිරීම යන ව්‍යාපෘති ද මේ වසරේ සැප්තැම්බර් මස ආරම්භ කෙරෙන බව සංචාරක අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ සඳහා රුපියල් මිලියන 72.90ක් වෙන් කර තිබේ. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මඟින් දෙහිවල සත්වෝද්‍යානයේ හිපෝ අංගණය ඇතුළු තවත් ඉදි කිරීම් කටයුතු වෙනුවෙන් ද ගෝනපල ගොවිපළේ සතුන් සඳහා සංරක්ෂණ මධ්‍යස්ථානයක් ඉදි කිරීම වෙනුවෙන් ද රුපියල් මිලියන 95ක් වෙන් කර තිබේ. පින්නවල අලි අනාථාගාරයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 65ක් වෙන් කර ඇති රජය, සංචාරකයන්ගේ ආගමනය සමඟ වඩාත් අර්ථගැන්වීමට දරන උත්සාහයකි. දේශීය නරඹන්නන් අතර ජනප්‍රියතාවය‍ට පත්ව ඇති රිදියගම සෆාරි උද්‍යානය වෙත විදෙස් සංචාරක ආකර්ෂණය හිමිකර ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු පෙදෙස, සමනල උයන, සතුන් සුරතල් කරන පෙදෙස, සංරක්ෂණ මධ්‍යස්ථානය දිවියන් සිටින පෙදෙස හා කුරුලු උයන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 130ක් වැය කිරීමට රජය සැලසුම් කර අවසන්ය.

    ව්‍යාපෘතිය සඳහා මුදල් වෙන් කිරීම

    උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, ගම්පහ උද්‍යානයේ ඉඩම් සංවර්ධන කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරයි. මධ්‍යම අධිවේගී මාර්ගය හා සම්බන්ධ කර කෙරෙන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5ක් වෙන් කර ඇත. කුඩා පරිමාණ මල් වගාකරුවන්ගේ උන්නතිය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 23ක් පමණය. මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානයේ ඉඩම් හා මාර්ග පද්ධතිය සංවර්ධනය සඳහා ඉදිරි කාර්තුවේදී රුපියල් මිලියන 8ක් ද සීතාවක උද්භිද උද්‍යානයේ නව කාර්යාල ගොඩනැඟිල්ලේ කටයුතු අවසන් කිරීමට හා එහි ඉඩම් සංවර්ධනය සඳහා ඉදිරි කාර්තුව තුළ රුපියල් මිලියන 11ක් ද වැය කිරීමට අපේක්ෂා කෙරේ. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 25ක් පමණ වැය කිරීමට නියමිතය. මේ සංචාරක කර්මාන්තයේ නව පිබිදීමට හේතු වනු ඇත.

    කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය වී නොමැති අවස්ථාවක, කොවිඩ් 19 වසංගතයෙහි බලපෑම අඩු රටවලින් සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩසටහනක් සකස් කරන අමාත්‍යාංශය, ඉදිරි සීත සෘතුව එළඹෙන යුක්රේනය, බෙලොරුසියාව, කසකස්ථානය යන රටවලින් දිවයිනට සංචාරකයන් රැගෙන ඒමට අදහස් කරන අතර ලබන ඔක්තෝබර් මස සිට 2021 වසරේ අප්‍රේල් දක්වා මෙම සංචාරකයන් පැමිණීම සඳහා සැලසුම් කර ඇත. ඒ අනුව එම කාලය තුළ ගුවන්යානා 159 කින් පමණ ආසන්න වශයෙන් සංචාරකයන් 44,000 ක් රැගෙන ඒමට සංචාරක කටයුතු මෙහෙයවන ආයතන (Tour Operators) එකඟතාවය පළ කර ඇත. එබැවින් එම රටවලින් විශේෂ සෞඛ්‍ය කොන්දේසිවලට යටත්ව සංචාරකයින් ගෙන්වා ගැනීම සුදුසු බව හඳුනාගෙන ඇත. සියලු සංචාරක ගුවන් ගමන් හම්බන්තොට මත්තල ගුවන්තොටුපොළ හරහා (HRI) පමණක් සිදු කිරීම, සංචාරකයන් පමණක් ගෙන්වා ගැනීම හා ඔවුන් නැවතත් එම ගුවන්යානාවලින්ම පැමිණි ගමනාන්තය වෙත ආපසු රැගෙන යෑම, තම රටින් පිටත්වීමට පැය 72 කට ප්‍රථම PCR පරීක්ෂණයක් සිදු කර එය ඍණාත්මක (Negative) නම් පමණක් සංචාරක වීසා නිකුත් කිරීම, සියලුම සංචාරකයන් දිවයිනට ළඟා වන විටම Covid 19 වසංගතය ද ආවරණය වන සේ පූර්ණ සෞඛ්‍ය රක්ෂණාවරණයක් සහිතව පැමිණීම අනිවාර්ය කිරීම, සංචාරකයන් දිවයිනට පැමිණි වහාම ගුවන්තොටුපළේදී හෝ නවාතැන් ගන්නා හෝටලය තුළදී නැවත PCR පරීක්ෂණ සිදු කිරීම, ගුවන් තොටුපළේ සිට සෘජුවම සියලු සංචාරකයන් කලින් වෙන් කරන ලද හෝටලය වෙත රැගෙන යෑම, සියලු සංචාරකයන්ට පළමු දින 14 ක කාලය තුළ මුහුදු තීරය ආශ්‍රිත සංචාරක හෝටල්වල පමණක් නවාතැන් පහසුකම් දීම, සංචාරක කාලය දින 14 කට වඩා වැඩි වන්නේ නම් ඉන් අනතුරුව නැවත PCR පරීක්ෂණය සිදු කර රට අභ්‍යන්තරයේ සංචාරය සඳහා අවසර දීම, සියලු පහසුකම් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන්ට අනුකූලව දීම ඇතුළු සෞඛ්‍යාරක්ෂන පිළිවෙත් රැසකට අනුගත වෙමින් විදේශ සංචාරක ආගමනය විධිමත් කිරීමේ වැඩපිළිවෙළක් සංචාරක අමාත්‍යාංශය මඟින් සකස් කර තිබේ.

    ලෝක සංචරණ සහ සංචාරක කවුන්සිලය (World Travel & Tourism Council) ශ්‍රී ලංකාව වඩාත් සුරක්ෂිත ගමනාන්තයක් ලෙස නම් කළේ කොවිඩි 19 පළමු රැල්ල අති සාර්ථක ලෙස ජයග්‍රහණය කිරීමට රජය සමත් වීම හේතුවෙන් බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. ඒ මහතාට අනුව, මේ වසරේ ඉදිරි මාස තුනක කාර්තුව සඳහා සංචාරක කර්මාන්තය නංවාලීම වෙනුවෙන් රජය වෙන් කර ඇති රුපියල් මිලියන 167.64 ක මුදල යොදවා නව සංචාරක ආකර්ෂණීය ස්ථාන සංවර්ධනය, ප්‍රජා සත්කාරක සංචාරක ගම්මාන සංවර්ධනය, හඳුනාගත් දුම්රිය ස්ථාන සංවර්ධනය මෙන්ම, පුරා විද්‍යා ස්ථාන සංවර්ධනය කිරීමට ද සැලසුම් කර තිබේ. මෙය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලා එන්නක් නොඅනුමාන ය.

    දේශීය සංචාරක කර්මාන්තය නැංවීම

    මේ අතර සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සඳහා දේශීය සංචාරක කර්මාන්තය (Domestic Tourism‍) වැඩි දියුණු කිරීමේ වැදගත්කම රජය හොඳින් හඳුනාගෙන ඇති බවත් ඒ යටතේ විශේෂිත වැඩපිළිවෙළක් සකස් කොට රජයේ අනුමැතිය ගෙන ඇති බව ද පෙන්වා දෙයි.

    මේ නිසා කොවිඩ් 19 පීඩාවට පත් සංචාරක හෝටල් ඇතුළු නවාතැන් පහසුකම් සපයන ලද ආයතන හිමියන් සහ එම ආයතනවල කාර්ය මණ්ඩලය, සංචාරක මඟ පෙන්වන්නන්, සංචාරක කටයුතු මෙහෙයවන ආයතන (Tour Operators), සංචාරක වාහන හිමියන්, සංචාරක රියැදුරන්, සංචාරකයන් සඳහා විවිධ සේවා සපයන ලද ආයතන හා කාර්ය මණ්ඩලය ඇතුළු අති විශාල පිරිසකට පෞද්ගලික වශයෙන් සිය ආදායම් මාර්ග අහිමි වී ඇති බව පෙන්වා දෙන සංචාරක ඇමැතිවරයා, සංචාරක කර්මාන්තයේ නියුතු වූවන් රැක ගැනීම සදහා රජය විශේෂ අවධානය යොමු කර තිබෙන බව අවධාරණය කර සිටී.

    හිරෝෂිමා සහ නාගසාකි න්‍යෂ්ටික බෝම්බ හෙළීමෙන් අළු වූ ජපානය යළි හිස එස වූ ලෙස හා කොරෝනා වයිරසයේ නිජ භූමිය වූ චීනය යළි ගොඩනැඟෙමින් සිටින ලෙස ශ්‍රී ලංකාව ඇතුළු ලොව සෑම දේශයක්ම වයිරසය මතින් යළි ජීවන චක්‍රය ආරම්භ කළ යුතුව ඇත. කොරෝනාවට බියෙන් රටක් ලෙස හුදකලා වී සිටිය හොත් ලෝකයෙන් හුදකලා වන දිනය වැඩි ඈතක නැත.

    තොරතුරු දීමේදි සහාය වූ සංචාරක අමාත්‍යාශයේ නිලධාරිනට විශේෂ ස්තුතිය

    චින්තා රණසිංහ

    Latest Posts

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    පොහොට්ටු ලොක්කෙක්, මැතිවරණයට නාම යෝජනා දෙන්න මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා – මධුෂා රාමසිංහ

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක්...

    රහස් පොලිසියේ සිටින පොඩි ලැසීට දුරකතනයක් දීලා –ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටු

    ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටුසංවිධානාත්මක අපරාධ කරුවෙකු පොඩි ලැසී නැමැත්තාට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (25) අත්අඩංගුවට...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.