24 C
Colombo
Monday, November 23, 2020

රිමාන්ඩ් සිරකරු තදබදයට කඩිනම් විසදුමක්

    බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන සිරකරු තදබදයට හේතුවී ඇති රිමාන්ඩ් සිරකරුවන් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගවලට එළඹීම කෙරෙහි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ විශේෂ අවධානය...
More

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    මහජන ධනය ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය අකුරටම ඉටු කරමින් සිටිනවා – ඇමැති විමල් වීරවංශ

    Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නරටේ වගා කළ හැකි කහ ගැන ජනාධිපතිතුමා ගත් තීන්දු එලෙසමයි- රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන කොමිෂන් සභා යහපාලන කාලයේ වැඩ කළේ හිටපු අගමැති රනිල්ට හා විපක්ෂ...

    තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට.

    The post තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.

    සයිප්‍රස් සමාජ ආරක්ෂණ අරමුදල ලංකාවට ලබා ගන්න මෙතෙක් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැහැ – එතෙර අපි සංවිධානයේ ලේකම් ලක්ෂ්මන් නිපුනආරච්චි

    සයිප්‍රස් සමාජ ආරක්ෂණ අරමුදල ලංකාවට ගැනීම සඳහා මෙතෙක් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැති බැවින් ඒ සඳහා සාකච්ඡාවක් දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එතෙර අපි සංවිධානයේ ලේකම් ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය දා (15) මාධ්‍ය හමුවකදීය.

    තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

    සමාජ ආරක්ෂණ අරමුදල කියන්නේ සයිප්‍රස්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට රැකියාවෙන් පසු ලැබිය යුතු අරමුදලක්. සයිප්‍රස්හි සේවය කරන ලංකාවේ සේවකයන්ගේ වැටුපෙන් 7.5%ක් සහ හාම්පුතාගෙන් 7.5%ක මුදලක් මෙම අරමුදලට බැර වෙනවා. එනම් 15%ක මුදලක් මාසිකව එකතු වෙනවා. නමුත් සයිප්‍රස් සේවය කළ කිසිවකුට මෙම මුදල් තවම ලැබී නැහැ. එය වෙන කාටවත් ගන්නත් බැහැ. මුදල ලැබෙන්නේ නැත්තේ ඇයි . පසුගිය ආණ්ඩුවලට මේ ගැටලුව අපි කියා තිබෙනවා. නමුත් අවශ්‍ය රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග ගත්තේ නැහැ.

    මෙයට හේතුව අපේ රටේ ආණ්ඩු, ඇමැතිවරු වගකිව යුත්තෝ රාජ්‍යතාන්ත්‍රිකව මේ සම්බන්ධයෙන් අවශ්‍ය ගනුදෙනු කරන්නේ නැහැ. මෙය විශාල මුදලක්. මෙම මුදල රටට එනවා කියන්නේ ඒක රටේ ආර්ථික අර්බුදයටත් යම්කිසි විසඳුමක් වෙනවා. පුද්ගලිකව සේවකයාට මුදල ලැබෙනවා කියන්නේ එය රටට ලැබෙන මුදලක්. එය ලබා ගන්න රාජතාන්ත්‍රික ගනුදෙනුවක් කළ යුතුව තිබෙනවා. අපි මේ ගැන හැමදාම කතා කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්න කලින් සිට මේ ගැන අපි කියලා තිබෙනවා. විදේශ සේවා භාරව සිටි හැම ඇමැතිවරයකුටම මේ ගැටලුව ගැන කියලා තිබෙනවා. මේක ඉතා විශාල මුදලක්. සමහර අයෙකුට ලක්ෂ 30ක් වැනි මුදලක් ලැබිය යුතුව තිබෙනවා. මෙම මුදල් ලැබිය යුතු පුද්ගලයන් ලක්ෂ එකහමාරක් පමණ සිටිනවා.

    එතෙර අපි සංවිධානය ලෙස අපිත් මේ ගැන මැදිහත් වෙන අතරේ සයිප්‍රස් සේවක එකමුතුව කියලා සංවිධානයක් ගොඩනඟා ගත්තා. ඒ සංවිධානයත් මේ ගැන වගකිව යුත්තන්ට දැනුම් දීලා තිබෙනවා. දුර පළාත්වල සිට ආපු 2000ක් වැනි පිරිසක් උද්ඝෝෂණය කළා. ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් ඉල්ලුවා. නමුත් ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් තමයි සාකච්ඡාවට ආවේ. ඔවුන් පිළිගත්තා මෙය විසඳුමක් ලබාගත යුතු ප්‍රශ්නයක් කියලා. විදේශ කටයුතු ඇමැතිවරයාගේ රාජතාන්ත්‍රික කටයුතු භාර ලේකම් හමුවෙලා තිබෙනවා. ආණ්ඩුව අපිට කියන්නේ ඔවුන්ට මේ ගැන තොරතුරු නැහැ කියලා. ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මේ ගැන තොරතුරු තියෙන්න ඕනෑ අදාළ අමාත්‍යාංශය සතුව. නමුත් ඔවුන් අපිට කියනවා තොරතුරු නැහැ කියලා. අපිට කිව්වා තොරතුරු දෙන්න කියලා. රට වටේ ගිහින් තොරතුරු එකතු කරලා අපි තොරතුරු ගත්තා. දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමාට මේ ගැන තොරතුරු දෙන්න අවස්ථාවක් ඉල්ලුවා. නමුත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ජවිපෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ මේ ගැන ඇති වෙන්න කතා කරලා තිබෙනවා. නමුත් විසඳුමක් නැහැ.

    කනගාටුවට කරුණ වෙලා තිබෙන්නේ මේ ගැන අපි යවන ලිපි කම්කරු ඇමැතිගේ, විදේශ රැකියා ඇමැතිගේ සම්බන්ධීකරණ ලේකම්වරුන්ට තමයි යොමු කරන්නේ. මේ තරම් වැදගත් ප්‍රශ්නයක් අඩුම තරමේ ඇමැතිවරයාටවත් යොමු කරන්නේ නැහැ. ඒකෙන් පේනවා මේ ගැටලුව පිළිබඳ අවධානයේ තරම. අඩුම තරමේ ආණ්ඩුව තවම අදාළ වගකිව යුතු ඇමැතිවරයා තෝරා ගෙන නැහැ. කොරෝනා පිට දාලා හැම දෙයක්ම පස්සට දානවා. මේ වේලාවේ මේ ඇමැතිවරු මොනවද කරන වැඩ. වැදගත් වැඩක් කරනවා කියලා මේ රටේ ජනතාවට පේනවද?. සංවර්ධන ව්‍යාපෘති කරනවද?. ජනාධිපති පත්වෙලා අවුරුද්දක් වෙනවා. ආණ්ඩුව පත්වෙලා සෑහෙන කාලයක් වෙනවා. අදාළ ඇමැතිට යවලා මේ ගැටලුවට පිළිතුරක් ගන්න බැරි තරම් මේ ඇමැතිවරුන්ට තිබෙන වැඩ මොනවද?. රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න ගැන වගේ වගක් නැහැ. ඉතාම කනගාටුදායක තත්ත්වයක්.

    මේ අරමුදල ලැබිය යුතු විශාල පිරිසක් අසරණ තත්ත්වයට පත් වෙලා. ඇතැම් අය සේවය හමාර වෙලා ලංකාවට ඇවිත් වසර ගණනාවක් වෙනවා. බොහෝ අය මහලු තත්ත්වයට පත ්වෙලා. තවත් සමහරු මරණයට පත්වෙලා. තමන්ට ලැබිය යුතු මුදල නොලැබී මැරිලා ගිහිල්ලා. ඒ නිසා අපිට අහන්න තිබෙන්නේ මේ ආණ්ඩුවට මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි ඇයි කියලා. මේ සම්බන්ධයෙන් විෂය භාර ඇමැති කවුද කියලා ආණ්ඩුව දන්නේ නැහැ.

    නදී මාණික්කගේ

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    ඉන්දියාවේ ධර්මපූරිහි ගැඹුරු ළිඳකට වැටුණු අලියකු ගොඩගනී

    දකුණු ඉන්දියාවේ ධර්මපූරිහි ඉතා ගැඹුරු ළිඳකට වැටී සිටි විශාල අලියකු ගොඩගැනීම හැකි වී තිබේ. මේ සඳහා 50කින් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගි වී තිබේ. ගම්වාසීන්...

    ලොව දුගී රටවලට කොරෝනා එන්නත ලබා ගැනීමේදී දුෂ්කරතා

    ලෝකයේ දුප්පත්ම රටවල්වලට කොරෝනා එන්නත ලබා ගැනීමේ දී ඇතිවන දුෂ්කරතා ගැන ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් කනගාටුව ප්‍රකාශ කර ඇත. ඇය මේ බව ප්‍රකාශ කර...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.