දෙස-බස-රැස වෙනුවෙන් හිස මෙහෙය වූ නායකයාණෝ

0
8

ජන විඤ්ඤාණය හඳුනාගෙන මිනිසුන් අතරට පැමිණි අපට හුරුපුරුදු නිතර ඇසෙන සටන් පාඨවලට යට නොවී ඒවා හඳුනාගෙන ඉටුකිරීමට පැමිණි අසහාය නායකයා වූවේ මහින්ද රාජපක්ෂ මැතිඳුන්ය. සිංහලකම එතුමා දකින සැණෙන් කාගේත් සිතට දැනෙයි. අතීත හෙළ විරුවන් සිහිගන්වමින් ප්‍රෞඪත්වය උරුමයෙන් ආ එකක් බැව් නොකියාම බැරිය.

මහා සංඝරත්නයේ නොමද ආශීර්වාදය ලැබූ එතුමා “මා ඔබේ දේශයේ අයිතිකරුවා නොව භාරකරුවා” යන සැබෑව වඩාත්ම වර්තමානයේ දී පැවැත් වූ සෑම මැතිවරණයකින්ම විශිෂ්ට ප්‍රතිඵලවලින් මොනවට පැහැදිලි කරයි ද?

ජනතා අපේක්ෂාවන් මල්පල ගැන්වීමට ගන්නා තීන්දු තීරණ කාගේත් ගෞරවයට පාත්‍ර වී ඇත. මහා යුද්ධයකින් අප රට වෙළා ගද්දී ඒ දුෂ්කර වසර 30ක් පමණ වූ කාලය නිමා කරමින් කාගේත් සිත් සතුටට පත්කරමින් සාමකාමී රටකට දොර විවෘත කළේ එතුමාගේ නායකත්වයේ ඇති සුපරික්ෂාව මෙන්ම එය හැසිරවීමේ මහඟු බලය නිසාමය. නිර්භීතකම රාජපක්ෂ මැතිඳුන්ගේ නායකත්ව ප්‍රතිරූපයේ “ගාමක බලය” විය.

ගිරුවාපත්තුවෙන් ලැබුණු නොසිඳෙන අදිටනත්, නිර්භීතකමත් උපතින්ම ලැබුණු දායාදයකි. බොදු හැදියාව මහින්ද රාජපක්ෂ නම් වූ නායකයාට, අගමැතිතුමාට උරුම වූ ගුණාංගයක් විය. තමා අදහන ආගමට මෙන්ම අන්‍යයන් අදහන ආගම්වලට ගරු කිරීම එතුමාගේ ප්‍රජාතාන්ත්‍රීය ගුණාර්ථ සමුදායේ මූලිකාංගයකි. කොපමණ බාධා පැමිණියත් නිර්භයව ඒවාට මුහුණ දෙන්නේ හදවත තුළ ඇති අභීත ශක්තිය නිසාමය. චතුර කතා ශෛලියක් හිමි වූ එතුමා අවශ්‍ය දේ අවශ්‍ය තැන්වල දී ප්‍රකාශ කරන්නේ අසන්නන්ගේ හදවතට කතා කරමිනි. අවස්ථානුකූලව බස හැසිරවීමේ හැකියාව එතුමා ලද ආශීර්වාදයකි.

වර්තමානයේ මුළු ලොවම කොරෝනා 19 හමුවේ දහස් සංඛ්‍යාත මිනිසුන් මැරී වැටෙද්දී ඊට අනුකූලව අප රට මෙහෙය වූ හා දැනටත් මෙහෙයවන ආකාරයත් අගය කළ යුතුය. එක්ව එක්සිත්ව කටයුතු කිරීමට එතුමා ගන්නා මේ ආයාසයට අප‍ෙග් ගෞරවය හිමිකරමු.

දෙස් විදෙස් ජනනායකයන් හමුවේ එතුමාගේ ප්‍රෞඪ දේහය අපේ රජවරුන්ගේ ගාම්භීරත්වය මතු වී දක්නට ලැබෙන්නේ ලක්වැසි අපට ද සතුටක් ඇති කරමිනි. එතුමාගේ මඟ පෙන්වීමෙන් අප රටට එක් වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ බුද්ධිමත් පාලනය අනාගත සෞභ්‍යාග්‍යය රටකට අත්තිවාරමක් දැමීමක් යැයි පැවසීම නිවැරදි බව දැනේ.

අභියෝග ජය ගැනීම වර්තමාන අගමැති වූත් අතීතයේ ජනාධිපතිවූත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට එතරම් දෙයක් නොව, එතුමා පක්ෂ විපක්ෂ භේද නොමැතිව එකිනෙකා හඳුනා ගැනීමේ හැකියාව ඇත. එය ජයග්‍රහණයේ ආරම්භය බව කිව යුතුය.

අතීතයේ රටපුරා ඇති වූ සංවර්ධනය සංඛ්‍යාත්මක අයුරින් ලුහුඬින් හෝ ලියා නොදැක්වුවහොත් අඩුවක් යැයි මට සිතේ. නමුත් ඉදිරි සෞභ්‍යාග්‍යයේ දැක්ම තුළින් අප හිතනවාට වඩා විශාල සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වනු ඇත. එනිසා එතුමාගේ වචනවලින් කිවහොත් “අපේ ඉදිරි පිම්මේ මහා ප්‍රමුඛ ඉලක්ක වනුයේ ලංකාව භූගෝලීය වශයෙන් වැදගත් ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමයි. ඒ සඳහා අප රට සේද මා‍වතේ මුතු ඇටය බවට පත් කරන්නට මම අධිෂ්ඨාන කරගෙන සිටිමි. අප රට එහි විස්මිත භූගෝලීය පිහිටීම උපයෝගී කොටගෙන බටහිර හා නැඟෙනහිර යා කරන නාවික, ගුවන් වාණිජ බලශක්ති හා දැනුමේ කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු කිරීමට මම පියවර ගතිමි.”

(මහින්ද චින්තනය)

එසේ නම්…

ඒ උදාරතර වූ චරිතයක් හිමි,

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට

නිරෝගි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නේ හදවතින්මය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here