නවසීලන්ත කණ්ඩායමට දකුණු අප්‍රිකානු පිතිකරුවෙක්

0
15

නවසීලන්තයේ සංචාරය කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා කෝඩුකාර පිතිකරුවකු ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. පළමුවරට නවසීලන්ත ජාතික කණ්ඩායමට එක්වූ මේ ක්‍රීඩකයා දකුණු අප්‍රිකානු ජාතිකයකු වීම කැපී පෙනේ.

දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර උපන් 29 හැවිරිදි ඩෙවොන් කොන්වේ නමැති මේ පිතිකරු ආරම්භයේදී දකුණු අප්‍රිකාවේ පළමුපෙළ තරග බිමේ දස්කම් දැක්වූ අතර, නවසීලන්තයට සංක්‍රමණය වීමෙන් පසු එරට පළමුපෙළ ක්‍රිකට් පිටියේ ප්‍රහාරාත්මක පිතිකරුවකු බවට පත් විය.

මේ මස 27, 29 සහ 30 පැවැත්වෙන කොදෙව් – නවසීලන්ත විස්සයි20 තරගාවලියට ඩෙවොන් කැඳවා ඇත්තේ ප්‍රබල පිතිකරු කොලින් මුන්රෝ වෙනුවටය. නවසීලන්ත පිලේ සුපිරි පිතිකරුවකු වන මුන්රෝ මේ දිනවල ඔස්ට්‍රේලියාවේ බිග්බෑෂ් තරගාවලියට එක්වී සිටින බැවින් ඔහු කොදෙව් තරගාවලියට ඇතුළත් වී නැත.

නවසීලන්ත විස්සයි20 සංචිතය මෙසේය- ටිම් සවුති (නායක), හමීෂ් බෙනෙට්, ඩෙවොන් කොන්වේ, ලොකී ෆර්ගියුසන්, මාටින් ගප්ටිල්, කයිලි ජෙමීසන්, ඩැරිල් මිචෙල්, ජිමී නේෂම්, ග්ලෙන් පිලිප්ස්, මිචෙල් සැන්ට්නර්, ඉෂ් සෝඩි, ටිම් සයිෆර්ට්, රොස් ටේලර්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here