24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    නාපාන මහ­නා­හි­මිට මොක්සුව ලැබේවා..!

    - Advertisement -

    සැම සත් වග කෙරෙහි මෙත් කරුණා පාන

    සඟ තරු අතර බැබ­ළුණ පුන් සඳ පාන
    ගරු­තර පේම­සිරි සමි­ඳුට නාපාන
    පත­නෙමු නිව­න්සුව සැදැ­හෙන් අප­මාණ

    - Advertisement -

    නො පහන් අයගෙ සිත් පහදා හැඳින දැන
    පැහැ­දුණ සිත් තවත් සුප­හන් කරන මෙන
    ගත මෙන් සිත ද සංවර ලෙස හැසිර වුන
    මා හිමි ඔබයි, වැඩ­සිටි රට බබ­ළ­වන

    අත්තු­ක්කං­ස­නය පර­ව­ම්බ­නය කියා
    ගුණ­මකු බවෙක ලකු­ණ­ක්වත් නොමැති නියා
    හැම­විට සෙත් පතන කළ­ගුණ නොයෙක කියා
    පිළි­වෙත රැ‍ඳේ අප මත­කයෙ බැහැර නොයා

    හිමි හද­ව­තෙහි කරුණා ගුණ ගලා යන
    සිසි­ලැති වදන් කිය­මින් සිත් නිවා ලන
    හිමි සෙත් පතන විට හිස අත තියා­ගෙන
    අපි තුටු කඳුළු හෙළු­වෙමු දන නමා­ගෙන

    - Advertisement -

    දෝතට රැගත් මල් ගොමු­වක් පැහැති නෙක
    නො ගිලිහි යන පරිදි මල­කුදු එකම එක
    රැක­සිටි සඟ පිරිස සිරි­ලක් රමණ නක
    හිමි ඔබ පමණි මහ­නා­යක මෙසිරි ලක

    ගුණ නැණ දෙකින් යුතු පුතු­මය ඉතා ගරු
    යන පඬි­ව­දන සැබෑ­වක් බව පසක් කෙරූ
    හිම යහ­සි­රිත වෙන කිසි තැන නොදුටු විරූ
    ආදු­රු­ස­යක් ම ය අප දිවි කෙරෙන සරූ

    තිස්වැනි දිනට එළ­ඹුණු මේ නොවැ­ම්බරේ
    දිවි මඟ එකු­න්සිය වස­රට ගමන් කෙරේ
    සිහි කර තුටින් ඒ හා බැඳි කත­න්දරේ
    මොක්සුව පතමු මා හිමි වෙත නිර­න්තරේ!

    - Advertisement -

    ඕමල්පේ සෝභිත හිමි

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.