24 C
Colombo
Thursday, November 26, 2020

මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක්...
More

    Latest Posts

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    පොහොට්ටු ලොක්කෙක්, මැතිවරණයට නාම යෝජනා දෙන්න මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා – මධුෂා රාමසිංහ

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක්...

    රහස් පොලිසියේ සිටින පොඩි ලැසීට දුරකතනයක් දීලා –ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටු

    ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටුසංවිධානාත්මක අපරාධ කරුවෙකු පොඩි ලැසී නැමැත්තාට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (25) අත්අඩංගුවට...

    නොනිමි පොදුජන මෙහෙවර

    නිදහසින් පසු මෙරට බලයට පත් සෑම රාජ්‍ය නායකයකුටම දේශීයව මෙන්ම අන්තර්ජාතිකව ද විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදු විය. 1977 න් මෙපිට ඉතිහාසය දෙස ආපසු හැරී බලන විට ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන සෑම රාජ්‍ය නායකයකුටම රට තුළදී සන්නද්ධ බෙදුම්වාදය යනුවෙන් හඳුනාගන්නා ප්‍රමුඛ අභියෝගය එල්ල වී තිබිණි.

    ඒ සමඟම ඒ ඒ නායකයන්ට ගනුදෙනු කිරීමට සිදු වූ අන්තර්ජාතික සන්දර්භය විවිධය. ජයවර්ධන, ප්‍රේමදාස ජනාධිපතිවරුන්ට අන්තර්ජාතික වශයෙන් බල කඳවුරු දෙකක් සමඟ ගනුදෙනු කිරීමට සිදු වුව ද චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය බලයට පත් වන විට ලෝක දේශපාලනයේ බලතුලනය බිඳ වැටී තිබිණි. සෝවියට් දේශය බෙදී වෙන්ව ගොස් සීතල යුද්ධය ද නිමාවට පත් වූ පසුබිමක් නිර්මාණය වී පැවැතිණි. ජයවර්ධන – ප්‍රේමදාස ජනාධිපතිවරු බෙදුම්වාදී ත්‍රස්තවාදී අභියෝගයට මුහුණ දුන් ආකාරයට වඩා වෙනස් ස්වරූපයකින් චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පාලන සමය තුළ ඊට මුහුණ දුන් බව පැහැදිලිය. ත්‍රස්තවාදයට එරෙහි යුදමය ක්‍රියාදාමයක් පවතින අතර සාම ක්‍රියාදාමය යනුවෙන් හඳුන්වා ගත් ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මකව තිබිණි.

    රාජ්‍ය නොවන සංවිධානවල භූමිකාව ජාතික ප්‍රශ්නයේදී කැපී පෙනුණු වකවානුවක් ලෙස ද චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පාලන සමය හැඳින්විය හැකිය. එකී මැදිහත් වීම කොපමණ ප්‍රබල අන්දමින් ක්‍රියාත්මක වීද යත් ආරක්ෂක හමුදාවල ඉහළ පත් කිරීම් සිදු වූ අවස්ථාවල පවා රාජ්‍ය නොවන සංවිධාන ඒවාට බලපෑම් කළේ ය. රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ත්‍රිකුණාමලයේ නාවික ආඥාපති ලෙස පත් කළ අවස්ථාවේ මේ පිරිස්වල විරෝධය බලවත් විය. බටහිර තානාපති කාර්යාල හා රාජ්‍ය නොවන සංවිධාන එම පත් කිරීමට එරෙහිව බලපෑම් ඇති කිරීමේ ප්‍රතිඵලය වූයේ එම පත්වීම වෙනස් වීමයි. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රී ලංකාවට ගුවන් හමුදාවක් අවශ්‍ය නොවන බව කියමින් රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් උපදෙස් දීමට තරම් තත්ත්වය බරපතළ වී තිබිණි.

    2005 දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස රට බාරගන්නා විට ඔහු මුහුණ දී සිටියේ නිදහසින් පසු බලයට පත් රාජ්‍ය නායකයකු හමුවේ තිබූ දුෂ්කරම අභියෝගයට බව ශ්‍රී ලාංකික අප පමණක් නොව 2009 වර්ෂයට පෙර ඉපදුණු ලෝවැසි සියලු දෙනා හොඳින් දන්නා කරුණකි. එනම් රට දෙකඩ වීමේ අනතුරක සිටි බව අපි දනිමු. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, (2001 – 2004) විසින් ගිවිසුමකින්ම එල්. ටී. ටී. ඊයට නිශ්චිත පාලන ප්‍රදේශ පවරා තිබිණි. එම ප්‍රදේශ ආරක්ෂක හමුදාවන්ට පවා තහනම් කලාපයක් විය. එහෙත් මේ වකවානුවේ දී එල්. ටී. ටී. ඊයට රජයේ පාලන ප්‍රදේශවලට පැමිණීමේ හැකියාව තිබූ අතර දේශපාලන කටයුතු යනුවෙන් හඳුන්වා ගත් ක්‍රියාකාරකම්වල නියැළීමේ අවසරය ද විය.

    කෙසේ වුවද, කිසි දිනෙක පරාජයට පත් කළ නොහැකි යැයි මත ඉදිරිපත් කළ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කරන්නට 2009 වසරේ මැයි මාසයේදී එවකට රාජ්‍ය නායකයා වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයට හැකි විය. කෙසේ වුවද, යුද්ධය අවසන් කිරීම සඳහා සාධනීය මෙහෙවරක් ඉටු කළ එවකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා පසු කලෙක මේ රටට නායකත්වය දෙනු ඇතැයි කිසිවකු නොසිතන්නට ඇත. එහෙත් අද එය යථාර්ථයක් බවට පත්ව තිබේ. පසුගිය 2019 වසරේ නොවැම්බර් මාසයේ 16 දා මේ රටේ පැවැති ජනාධිපතිවරණය රට වැසියන්ට පමණක් නොව රටේ අනාගතය වෙනුවෙන් තීරණාත්මක මැතිවරණයක් විය. එම මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට පෙර සිටම එල්ල වූ අභියෝග සුළු පටු නොවේ. අමෙරිකානු පුරවැසිභාවයක් අල්ලා ගත් එවකට අඳබාල ආණ්ඩුව අධිකරණය හමුවට යෑමට පවා පියවර ගත්තේය.

    කෙසේ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය ඉවත් කිරීම හුදෙක්ම ඔවුන්ගේ අපේක්ෂාව විය. ඒ කෙසේ වුවද, ජාතියේ ඉරණම විසඳන්නට එදා අධිකරණය සමත් විය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම් ඉවත් කිරීමට අධිකරණය පියවර ගත්තේය. ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වී විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් අනුරාධපුර, ඵෙතිහාසික රුවන්මැලි චෛත්‍යාරාමය අබියසදී දිවුරුම් දුන්නේය. ඒ මහතා ජනාධිපති ධුරයට පැමිණි ගමන් මඟ දෙස ආපසු හැරී බැලීමක් කරන්නේ නම් එය රෝස මල් මාවතක පැමිණි ගමනක් නොවේ. විවිධ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් පැමිණ තිබෙන බව සත්‍යයකි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ පාලනය බාර ගන්නා විට අපේ රටේ ආර්ථිකය, සංවර්ධනය, මූල්‍ය ශක්තිය, අපනයන ආදායම ආදී සියලු ක්ෂේත්‍රයන් දරුණු ලෙස කඩා වැටීමකට ලක්ව තිබිණි. විශේෂයෙන්ම ජනාධිපතිවරයෙක් වශයෙන් බලයට පත්ව පසුගිය කාලය තුළ ඇතැම් නායකයන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විවේචන ද පවති. කෙසේ වෙතත් වැටී තිබෙන ආර්ථිකය සමෘද්ධිමත් කරමින් ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරුණු ප්‍රබලම අභියෝගය විය. රටට සහ ජනතාවට හිතැති රාජ්‍ය පාලනයක් වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැදගත් තීන්දු තීරණ රැසක් ගෙන තිබේ. කෙසේ වුවද ඒ මහතා බලයට පත්වී තුන් මසක් පමණ ගතවන තැන ලෝකයේ සෑම රටකටම දැඩි බලපෑමක් එල්ල වී තිබෙන කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වසංගතයට මුහුණ දෙන්නට ද සිදු විය.

    Latest Posts

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    පොහොට්ටු ලොක්කෙක්, මැතිවරණයට නාම යෝජනා දෙන්න මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා – මධුෂා රාමසිංහ

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට නාම යෝජනා ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බව ලක් මවට හඬක්...

    රහස් පොලිසියේ සිටින පොඩි ලැසීට දුරකතනයක් දීලා –ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටු

    ලක්ෂ පහක අල්ලසක් ගත් කොස්තාපල් මාට්ටුසංවිධානාත්මක අපරාධ කරුවෙකු පොඩි ලැසී නැමැත්තාට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (25) අත්අඩංගුවට...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.