24 C
Colombo
Thursday, November 26, 2020

කැලෑ පාළුවන්ට නීතිය දැඩිව – ඇමැති සී. බී. රත්නායක

Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නවනාන්තර විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව දේශපාලන පක්ෂ පාට භේදයෙන් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව වන ජීවි හා වන සංරක්ෂණ...
More

    Latest Posts

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

    රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...

    අම්බලන්ගොඩ අම්මටයි,තාත්තටයි කොරෝනා…ළමයි පාසල් ගිහින්.

    පාසැල් යළි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට...

    බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්… වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා.

    බදු වංචාවක් පිළිබදව සමාජ මාධ්‍ය එස්සේ මෙසේ සටහන් වී තිබිණි…………………………………………………………………….. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින්...

    පසළොස්වක සඳ පහන යට

    එදවස පෑයූ පසළොස්වක පෝය සඳ අද දකින පුරසඳට වඩා විශාල නොවේදැයි මට සිතේ. එදා අප කුඩාවුන් නිසා සඳ එලෙස විශාලව පෙනුණා විය යුතුය.

    “දන්නවද, පසළොස්වක පෝයට පහුවදා එන්නෙ සොළොස්වක; හොඳටම පිරුණු හඳ. ඒ කියන්නෙ සොළොස්වක හඳ දකින්න පුළුවන් පෝයට පහුවදා. පසළොස්වක දාට පිරිලා තියෙන්නෙ හඳේ වක පහළොවයි. සොළොස්වකට හඳේ වක දාසයම පිරිලා.”

    ගෙමිදුල  කෙළවර පඩිපෙළෙහි වාඩිවීගෙන  සඳ එළියේ සිහිලස විඳින අප හා එක් වෙමින් තාත්තා එසේ පවසයි. 

    පසළොස්වක පෝයදාට පසුවදාද සඳේ අසිරිය විඳින්න මා පුරුදු වූයේ එතැන් පටන්ය.

    ඈත වෑවියතලා කඳු මුදුනින් මතුව අවුදින් රබර් යායට ඉහළින් අපේ ගමට එබී බලන පුර සඳ මඬල මට සිහිපත් කොට දුන්නේ අපූරු උපමාවකි. ඒ ඇලිස් නැන්දා පාසලේ ප්‍රාථමික පන්තිවල දරුවන් සඳහා කිරි උණු කරන ඇලුමිනියම් කල්දේරමේ රිදී පැහැති වටකුරු වස්නයයි. 

    පෝදා සන්ධ්‍යා භාගයේදී පන්සලට යන්නට අප මල් නෙළන්නේ ඇඳිරිය වැටෙන්නට හෝරා දෙක-තුනක්ම තිබියදීය. ඒ අවදියේ සිලිසිලි බෑග තිබුණේ නැත. අප මලින් පුරවාලූයේ අම්මා වියා දුන්, නැත හොත් අප අපම වියාගත් කුඩා පොල්කොළ වට්ටිය.

    පන්සලේ මල් ආසනය පුරවන්න ඇති තරම් මල් අපේ ගෙවත්ත පුරා පිපී තිබිණි. තාර පාරට මායිම් වූ ගෙවත්තෙහි උස් වූ ඉවුර වටා ගණව වැවී තිබූ තැඹිලි පාටැති අසෝකා මල් යාය හැමදාමත් ගමකට පුදන්නට මල් පුබුදුවාලූයේය. ඒ හැරුණු විට, එහි තැන තැන රුක්අත්තන, වතුසුදු, හෙන්දිරික්කා සහ බෝලිද්ද මල්ද බුදු පුදට යන්නට පේවී බලා සිටියා සේ ය. 

    අපේ වද මල් වැට අපමණ රතු මලින් සැරසී සිටියද කිසිවකුත් බුදුන්  පුදන්න වද මල් නෙළුවේ නැත. 

    “බුදුහාමුදුරුවන්ට වද මල් පූජා කරන්නේ නෑ.”

    අප හය-හතර නොදන්නා කාලයේ පටන්  අපේ අම්මා එවන් උපදේශයක් දුන්නේ මන්දැයි මට අදටත් නොවැටහේ. බුදු  මලසුනෙහි ඉඩ කඩක් නොදී අප වදමලට කරන්නේ බලවත් අසාධාරණයක් නොවේදැයි මට නොයෙක් වර සිතේ.

    පෝය දාට වේලාසනින්ම ගමේ පන්සලට යන අප වැඳ-පුදා හමාර වන විට සඳ එළිය බෝමලුවට වී අප එන තුරු සැදී-පැහැදී බලා හිඳී. අපේ සිත් පවසන්නේ අර අසිරිමත් සඳ එළිය යට තව බොහෝ දුරක් ඇවිද යන්න අවැසි බවය. 

    “අපි මේ ගමන්ම බිබිලිඔය පන්සල් යමු.” කාගේ හෝ මුවින් පිට වන්නේ හුරු-පුරුදු යෝජනාවකි. 

    අහල පහළ නිවෙස් තුන-හතරක දූදරුවන් කණ්ඩායමක් ඒ සඳහා එකට එකතු වන්නේ මිනිත්තු කිහිපයක් ඇතුළතය.

    “අනේ, නෝනෙ නංගියෙ, මං තාම  රෑට උයල නෑ. මේ දරුවො ටිකත් එක්ක ගිහින් වරෙන්කො. මං උඹලටත් එක්ක උයන්නම්.”

    අම්මාට අප හා එක් විය නොහැකි විටෙක ඇය අපගේ තනි-නොතනියට වෙනත් වැඩිහිටි කාන්තාවක පංගාර්තු කරන්නීය. 

    හින්දු කෝවිලට යන සරස්වතී අක්කා බොහෝ විට අප හා පන්සල් ගමනට එක් වූවාය. ඇය කිතුල්ගල රජයේ රෝහලේ සුළු සේවකයකු වූ කන්දසාමි මාමාගේ වැඩිමල් දියණිය යි. 

    අපගේ අසල්වැසි ආනන්ද අයියාද නොවරදවාම අපගේ කණ්ඩායමට එක් වූයේය. මෝහිණී, මහසෝනා සහ රීරි යකා වැනි යක්ෂයන්, කුම්භාණ්ඩයන් ගැන හොල්මන් කතා පවසමින් අපගේ සිත් කීරිගස්වන්නට ඔහු යස රුසියෙකි.

    සරස්වතී අක්කාත් ආනන්ද අයියාත් අතර පෙම් පළහිලවුවක් පැවැති බව අප ස්ථිර වශයෙන්ම දැනගත්තේ පසු කලෙකය. ඒ කන්දසාමි මාමාට වවුනියාවේ රෝහලකට මාරු වීමක් ලැබුණු දවසේය. අවසන සරස්වතී අක්කා ගම හැර ගියේ වවුනියා යා නොහැකියැයි හඬා වැටෙමිනි. එවකට සාමාන්‍ය පෙළ සමත්ව සිටි ආනන්ද අයියා රැකියාවක් සොයාගෙන කොළඹට සංක්‍රමණය වූයේද ඒ දිනවලමය.

    බිබිලිඔය පිළිමලෙන පන්සල රාජමහා විහාරයකි. ලෙන් විහාරයක් වන එය වළගම්බා රජු විසින් කරවන ලද්දකි.

    ගල්ලෙනෙහි වහලය සහ බිත්ති පුරා ඇඳ ඇති වර්ණවත් සිතුවම් ආකර්ෂණීය ය. ලෙන තුළ ඇති දැවැන්ත  බුද්ධ  ප්‍රතිමාව අතිශයින්  ශාන්ත ය. ඒ අසලින්ම අඹා ඇති සැරියුත් මුගලන් ප්‍රතිමා ද්විත්වය ජීවමාන ස්වරූපයක් ගනී. පර්වත ද්වාරයෙහි ලියවී ඇති සෙල්ලිපි අක්ෂර පෙළද තැන තැන ඉදි කෙරුණු ශෛලමය පඩිපේළිද අප සිත් තුළ ජනිත කළේ ඉතිහාසය පිළිබඳ ගෞරවනීය ආඩම්බරයකි. 

    කළු ගල් තලාවක් මත ඉදි වූ ධවල වර්ණ චෛත්‍යයද රාත්‍රිය පුරා ඒ අවට සුගන්ධවත්  කළ සේපාලිකා පවුරද බොදු බැති සිත් තව තවත් පහන් කළේය.

    පිළිමලෙන පන්සල හා බැඳුණු අපූරු ජනප්‍රවාද කිහිපයකි. ‘පර්වතය මුදුනේ සිට දිවෙන උමඟක් සැතපුම් කාලක් පමණ දුරින් වූ කැලණි ගං ඉවුරේ පිහිටි තවත් ගල් කුළක් යටින් නිමා වන පවත’ ඒ අතුරින් ප්‍රධාන වේ. වළගම්බා රජුට සතුරන්ගෙන් බේරී පලා යන්නට එම උමඟ තැනවූ බව කියැවේ.

    වසර හතළිස් ගණනකට පෙර පන්සලේ වැඩ සිටි තරුණ භික්ෂුවක එකී උමගෙහි කිසියම් දුරකට ගිය බව මා දන්නා හැටියට සත්‍යයකි. ප්‍රදේශයේ  නිර්භීත  තරුණ පිරිසක්ද උන් වහන්සේ හා එක් වූහ.

    ‘උමඟෙහි අන්තයයැයි පැවසෙන කැලණි ගඟට යාව පිහිටි ගල්ලෙන අසලට පැද ගිය ඔරුවක් ලෙන තුළට ඇදී ගියේය’ යන්න තවත් ප්‍රකට පුවතකි. එහිදී තොටියා සමග ඔරුව ද අතුරුදන් වී ඇත. ඉවුරට ආසන්න ඒ ගැඹුරු හා අඳුරු වූ නිශ්ශබ්ද දිය අඩවියට අදටත් කිසිවකු හෝ නොයන්නේ එනිසා විය යුතුය

    එවන් වූ බොහෝ රසකතා නැවත නැවතත් සිහිපත් කරමින් අප ආපසු ආවේ අප්‍රමාණ වූ සතුටකින් හා සැහැල්ලුවකිනි.

    අප එන මඟට සමාන්තරව ගඟ ගලා යයි. ගං දියට සඳ කිරණ පතිතව ඇතැම් තැනක රන් පැහැයෙන්ද තවත් තැනක රිදී පැහැයෙන්ද බබළයි. කළු ගල් පර මතින් පනිමින්ද වරෙක ඒවා මඟහරිමින්ද දිය කඳ ඇදී යන්නේ මහත් ආඩම්බරයකිනි.

    අනෙක් පස අන්ධකාර රබර් ගස් යායකි. මහලුව කිරි වැරූ රබර් ගස් ගැලවූ  කාලයට නිරුවත් කඳු යාය පුරා සඳ එළිය දෝරෙ ගලා යයි. ඒ දකින අපේ සිත් මිහිරි සිහින මවන්නේ කඳු මුදුනට නැඟ අහස අල්ලන්නය.

    “හා හා පය ඉක්මන් කරමු ළමයි! දැන් රෑ නමයටත් කිට්ටු ඇති.” නෝනෙ නැන්දා අප දෙපා කඩිනම් කරවන්නීය.

    අඩ පැයක පා ගමනට හෝරාවක්ම ගනිමින් සොඳුරු සඳ එළියේ අසීමිත මිහිර විඳිමින් අප ආ ගිය ඒ ගමන් කෙතරම් අසිරිමත්ද?

    එකල අපේ ගම්වලට විදුලි ආලෝකය  තිබුණේ නැත. රූපවාහිනිය හෝ පරිගණකය පිළිබඳ අප දැන සිටියේ නැත. අපගේ ශබ්දකෝෂයේ ‘ටියුෂන්’ යන වචනය තිබුණේද නැත.

     

    සුනිලා විජේසිංහ

     

    ———————————————-

     

    කෝ මල්සරෝ මගෙ එක!

     

    නූලට ඉලක්කය ගෙන දෙවරක් හිතලා

    ගානට කැපෙන දෙන්නකු එන තුරු ඉඳලා

    රූලට තිතට විද්දා දුනුදිය මුදලා

    මලවිට වැරදුණේ එතකොට ඉඳ-හිටලා

     

     

    සාලිය සැඬොල් කෙල්ලක ළඟ දණ නැමුවා

    තහනම් ගහේ ගිය දස්කොන් දිවි පිදුවා

    ඉඳ-හිට එකට හීසර දෙක-තුන යැවුවා

    කෙහෙවලු පැටලෙද්දි එතනින් පැන දිවුවා

     

     

    දැන් කාලයක සිට සිදු වන වැරදි ගොඩයි

    දුන්නත් ඊතලත් මලකඩ කාපු හැඩයි

    හීසර වැදුණ උන්දල හට වැටුණෙ ලෙඩයි

    වයසට ගිහින් ආරල දැන් කඳයි බඩයි

     

     

    යන්තම් ඇටෙන් පොත්තෙන් ආ කජු කොල්ලෝ

    තානායම්වලට ගෙන යති ඇට කෙල්ලෝ

    මලවිගෙ ඇහේ සුද දැන් අම්මා පල්ලෝ

    නැත් නම් වැරදෙයිද යන මඟ ඒ ගොල්ලෝ

     

    ඇන්ටික් බඩුවකිය විදිනා ඒ දුන්න

    කටුගෙට දෙන්ට වෙයි ඉක්මනටම ඔන්න

    තවමත් බැරි වෙලා හීයක් ඇන ගන්න

    දැන් වත් පුතෙක් හදපං උඹෙ තැන ගන්න

     

    පිස්සෙක් වගේ හැරෙනා පැත්තට ඇද්දේ

    ඇහුණේ නැද්ද තනියම සිටි මගෙ සද්දේ

    සීයේ කියයි පොඩි උන් මහ සබ මැද්දේ

    කෝ මල්සරෝ මගෙ එක! කාටද විද්දේ

     

    දිල්රූ ජයසේකර

    Latest Posts

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

    රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...

    අම්බලන්ගොඩ අම්මටයි,තාත්තටයි කොරෝනා…ළමයි පාසල් ගිහින්.

    පාසැල් යළි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට...

    බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්… වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා.

    බදු වංචාවක් පිළිබදව සමාජ මාධ්‍ය එස්සේ මෙසේ සටහන් වී තිබිණි…………………………………………………………………….. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.