පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් නිදහස් කරන්න රිෂාඩ් තෙවරක් කතා කළා – හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක

0
12

පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් නිදහස් කර ගැනීමේ අරමුණෙන් හිටපු කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා තුනකදී දුරකථන ඇමැතුම් දුන් බව හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පාස්කු කොමිසම හමුවේ පෙරේදා (16) කියා සිටියේය.

කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකි නිසා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාක්ෂි දෙමින් සේනානායක මහතා කියා සිටියේ බදියුදීන් මහතා විමසා සිටියේ ඉස්හාම් අහමඩ් නමැත්තා සම්බන්ධයෙන් බවය.

එහිදී සාක්ෂි දුන් සේනානායක මහතා මෙසේද කීවේය.

රිෂාඩ් බදියුදීන් මහතා දුරකථන ඇමතුමක් දීලා ඇහුවා අහමඩ් කියලා කෙනෙක් අත්අඩංගුවට ගත්තද කියලා. මම කිව්වා එහෙම මතකයක් නැහැ කියලා. නැවතත් දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙලා පැය කිහිපයකට පසුව ඇහුවා සොයා ගත්තාද කියලා මම කිව්වා ඒ ළමයා ගැන හොයනවට වඩා මට වැඩ තියෙනවා කියලා. එවිට රිෂාඩ් බදියුදීන් මහතා කිව්වා ඒ ළමයා මගේ අමාත්‍යාංශයේ සාමාන්‍යාධිකාරිවරයෙක්ගේ පුතෙක් කියලා. ඒ අවස්ථාවේ මම සොයා බැලීමක් කළා. දෙහිවලදී අත්අඩංගුවට ගෙන තිබුනේ ඉස්හාම් අහමඩ් නමැති අයෙක් කියලා යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මට කිව්වා. නැවතත් රිෂාඩ් බදියුදීන් මහතා මට කතා කළා. ඒ වනවිටත් සැකකරු අපි සොයමින් ඉන්න විශාල ජාලයකට සම්බන්ධ අයෙක් බව මා දැන සිටියා. මම කිව්වා වසර එක හමාරකින් විතර කතා කරන්න අපි ඔහු රඳවා ප්‍රශ්න කරන බවත් ඒ බලය මට තිබෙන බවත් මා ඔහුට කිව්වා යැයිද ඒ මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

 

සුභාෂිණී සේනානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here