පොදු­ජන හදවත් එක් කළ හදවත මහින්ද

0
43
නිද­හ­සින් පසු ශ්‍රී  ලංකාවේ බිහිවු අති විශි­ෂ්ට­තම රාජ්‍ය  නාය­කයා ශ්‍රී ලංකාවේ පස්වන විධා­යක ජනා­ධි­පති සහ සිවුවන වර­ටත් අග්‍රා­මාත්‍ය ධුරයේ කට­යුතු කරන මහින්ද රාජ­ප­ක්ෂ­යන් බව කිව­හොත් අවි­වා­දි­තය. මහින්ද රාජ­ප­ක්ෂ­යන් ලාංකීය දේශ­පා­ල­නයේ රන් සල­කු­ණක් වැනිය. ඒ ලාංකීය දේශ­පා­ල­නයේ ඔහු නමින් ලිය­වෙන දේශ­පා­ලන වාර්තා­වන් නිසා­වෙනි. 
 
පස්වන විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා ලෙස දෙව­රක් මහ­ජන ඡන්ද­යෙන් තේරී පත් වීම, සිය 60 වන ඡන්ම දින­යේදී උප­න්දින තෑග්ග ලෙස විධා­යක ජනා­ධි­පති ධුරය සහ රාජ්‍ය නාය­ක­ත්වය හිමි වීම, වසර 30 කට වැඩි කාල­යක් මුළු රටට ශාප­යක් වු එල්.ටී.ටී.ඊ  ත්‍රස්ත­වා­දය නිමා කිරීම, අධි­වේගී මාර්ග පද්ධ­ති­යක් ඇති කර­මින් රටේ වේග­වත් සංව­ර්ධන යුග­යක් ඇති කිරීම සහ තෙවැනි වර­ටත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කට ඉදි­රි­පත්ව පරා­ජය ලබා දේශ­පා­ල­න­යෙන් විශ්‍රාම යාමට සුදා­නම් වු අව­ස්ථාවේ දහස් ගණන් ජන­තාව මහින්ද රාජපක්ෂ මැති­තු­මන් සොයා පැමිණ යළිත් දේශ­පා­ල­න­යට අව­තිර්ණ වන ලෙස ඉල්ලා සිටීම සහ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ නමින් නව දේශ­පා­ලන ව්‍යාපා­ර­යක් සදහා නාය­ක­ත්වය දෙමින් රටේ රාජ්‍ය බලය ලබා ගැනීම ආදී වශ­යෙන් මෙරට දේශ­පා­ලන වාර්තා රැසක් මහින්ද රාජ­පක්ෂ නාමය ඉදි­රියේ ලියැවී හමා­රය. 
 
ගිරු­වා­ප­ත්තුවේ තැලෙන පෑගෙන ජන­තා­වගේ බලා­පො­රො­ත්තුව වුයේ රාජ­ප­ක්ෂ­ව­රුන්ය.   රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රී­ව­ර­යකු සහ ඉඩම් හා කෘෂි­කර්ම කාරක සභා සාමා­ජි­ක­යකු වු රුහුණේ සිංහයා ලෙස හැදින්වු   ඩී.එම් රාජ­පක්ෂ මහතා සුදු අධි­රා­ජ්‍ය­වා­දීන්ගේ පරි­පා­ල­න­යෙන් පීඩා විඳි රුහුණේ ජන­තාව වෙනු­වෙන් නිර­තුරු අර­ගල කළේය.  1945 වස­රේදී ඩී.එම් රාජ­පක්ෂ මහ­තා දිවං­ගත වු පසුව ඔහුගේ පුර­ප්පා­ඩු­වට රුහුණේ ජන­තා­වගේ ඉල්ලීම වුයේ ඩී.ඒ රාජ­පක්ෂ මහ­තාගේ  එබාල සොයුරා වු  මහින්ද රාජ­පක්ෂ මැති­තු­මාගේ පිය­ාණන් වු ඩී.ඒ රාජ­පක්ෂ මැති­තු­මාය. කැත්ත , උදැල්ල සහ ගොවි­තැන සමග බද්ධව කට­යුතු කළ ඩී.ඒ රාජ­ප­ක්ෂ­යන්ට රාජ්‍ය මන්ත්‍රණ සභා මැති­ව­ර­ණ­යට හම්බ­න්තොට ආස­නයේ අපේ­ක්ෂ­කයා ලෙස ඉදි­රි­පත් වන ලෙස ජන­තා­ව­ගෙන් ඉල්ලීම් ආවද ඔහු එම ඉල්ලීම් ප්‍රති­ක්ෂේප කළේය. එහෙත් නාම යෝජනා බාර දිය යුතු අව­සන් දිනයේ ගිරු­වා­ප­ත්තුවේ මහ සෙන­ඟක් ඩී.ඒ රාජ­ප­ක්ෂ­යන් සොයා පැමි­ණි­යේය. ඒ වන විට ඔහු සිටියේ සුපු­රුදු කුඹුරු යායේ ගොවි­තැන් කර­මිනි. ජන­තා­වගේ බල­වත් ඉල්ලීම මත කුඹුර අස­ළින් ගලා යන දොළ පහ­ර­කින් දෑත් සෝදා ගෙන නාම­යෝ­ජනා පත්‍ර­යට අස්සන් කළ ඩී.ඒ රාජ­පක්ෂ මහතා 1945 ජුලි 14 දා පැවැත්වු රාජ්‍ය මන්ත්‍රණ සභා මැති­ව­ර­ණ­යෙන් හම්බ­න්තොට ආස­න­යට පත් වුයේ නිත­ර­ග­යෙනි. 1948 පැවැත්වු ප්‍රථම පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­ය­ට ද ඉදි­රි­පත් වන ඩී.ඒ රාජ­ප­ක්ෂ­යන් ඉන් ජය ගෙන 1951 වස­රේදී එස්.ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩා­ර­නා­යක මැති­තු­මාගේ සෙව­නැල්ල මෙන් සිටි­මින් විප­ක්ෂයේ අසුන් ගනි­මින් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය බිහි කිරීමේ පුරෝ­ගාමී නාය­ක­යකු ලෙස කට­යුතු කළේය. 
 
මහින්ද රාජ­පක්ෂ දේශ­පා­ලන චරි­තය වත්මන් දේශ­පා­ල­නඥ­යන්ට අත් පොතක් වැනිය. ඔහු  සිය ජන්ම දිනය සම­රන මොහො­තේදී මහින්ද රාජ­පක්ෂ දේශ­පා­ලන චරි­තය යළි යළිත් කිය­වීම වැද­ගත් වන්නේ ඒ නිසා­වෙනි. 1945 නොවැ­ම්බර් 18 වැනිදා රුහුණේ ගිරු­වා­ප­ත්තුවේ උපන් මහින්ද රාජ­ප­ක්ෂ­යන් උප­තින්ම දේශ­පා­ලන පවු­ලක සාමා­ජි­ක­යකු වීය. ගාල්ල රිච්මන්ඩ් විද්‍යා­ල­යෙන් මුලික අධ්‍යා­ප­නය ලබා පසුව කොළඹ තර්ස්ටන් විද්‍යා­ලය සහ නාලන්දා විද්‍යා­ලයේ අධ්‍යා­ප­නය ලබා එතුමා තම ජීවි­තයේ පළමු රැකි­යාව ලෙස විද්‍යෝ­දය විශ්ව­වි­ද්‍යා­ලයේ සහ­කාර පුස්ත­කා­ලයා­ධි­ප­ති­ව­ර­යකු ලෙස කට­යුතු කළේය. විදු­දය විශ්ව­වි­ද්‍යා­ලයේ ප්‍රථම වෘත්තීය සමි­තිය ආරම්භ කිරී­මට මුලික වන්නේ ද මහින්ද රාජ­පක්ෂ මහ­තාය. එකල වාමාං­ශික වෘත්තීය සමිති නාය­ක­යකු වු විප්ල­ව­කාරී සම සමාජ පක්ෂයේ බාලා තම්පෝ සහෝ­ද­රයා විදු­දය වෙත කැදවා වෘත්තීය සමි­ති­යක් ආරම්භ කර­නුයේ එතු­මාගේ මැදි­හත් වීමෙනි.
 
 1966 වසරේ සිට 1970 දක්වා විදු­දය විශ්ව­වි­ද්‍යා­ලයේ සේවය කරන එතු­මන් 1968 වස­රේදී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ බෙලි­අත්ත ආසන සංවි­ධා­ය­ක­ව­රයා ලෙස පත්වීය. එව­කට ශ්‍රී.ල.නි.ප නායිකා සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­ති­නි­යගේ ආරා­ධ­න­යෙන් 1970 දී බෙලි­අත්ත ආස­නයේ මැති­ව­රණ සට­නට එතුමා එක් වන්නේ විදු­දය සර­ස­වියේ සිය හිත­වත් තරුණ විප්ල­ව­කාරී සහෝ­ද­ර­යන් රැසක් සම­ගය. එම මැති­ව­ර­ණ­යෙන් ලංකාවේ ලාබා­ලම පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රයා ලෙස පත්වන මහින්ද රාජ­පක්ෂ මහතා  එදා මෙදා­තුර දේශ­පා­ලන ගම­න්මග යළි යළිත් කිය­විය යුතුය. 
පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු ලෙස පත් වී වස­රක් ගත වෙද්දී ජ.වි.පෙ විසින් ඇති කළ 1971 කැරැල්ල සමග බිහිවු දේශ­පා­ලන නොස­න්සුන්තා සම­නය කිරී­මට මහින්ද රාජ­ප­ක්ෂ­යන්ට මැදි­හත් වීමට සිදු වීය. වරක් එව­කට අග­මැ­තිනී සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නි­යගේ දිය­ණිය වු සුනේත්‍රා බණ්ඩා­ර­නා­යක සහ ජ.වි.පෙ නායක රෝහණ විජේ­වීර මුණ ගැස්වී­මට එතුමා උත්සාහ ක‍ළේය. එම උත්සා­හය සාර්ථක වුවා නම් එව­කට තරුණ ජීවිත දහස් ගණ­නක් රැක ගැනී­මට හැකි වනු නොඅ­නු­මා­නය.  
1971 වස­රේදී නීති විද්‍යා­ල­යට ඇතු­ළත්ව නීතිය හදා­රණ එතුමා 1974 වන විට නිතී­ඥ­යකු ලෙස සුදු­සු­කම් ලැබීය. නීති විද්‍යා­ලයේ සිටි­යදී නිය­මිත වේලා­වට දේශන සදහා සහ­භාගී වන මහින්ද රාජ­ප­ක්ෂ­යන් නීති විදු­හලේ ශිෂ්‍ය අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් සටන් කළ ශිෂ්‍ය නාය­ක­යකු විය. නීති­ඥ­යකු බවට පත් වු එතුමා ඉන් මුදල් උපයා ගැනී­මට වඩා කල්පනා කළේ අහිං­සක දුප්පත් නැති බැරි මිනි­සුන්ට නොමිලේ සිය සේවය ලබා දීම­ටය. 
 
නීතී­ඥ­යකු ලෙස අස­රණ ජන­තා­වට පිහිට වු මහින්ද රාජ­ප­ක්ෂ­යන්ට දේශ­පා­ල­නය නිසා සිර­බත් කන්නට සිදු වීය. එතු­මන් සිර ගෙදර සිටි­යදී සිය ආද­ර­ණීය මෑණි­යන්ගේ අභා­වය පිළි­බඳ ආරං­චිය ලැබිණි. මාංචු සහි­තව සිය මෑණි­යන්ට අව­සන් ගෞරව දැක්වී­මට පැමිණි එතුමා පැයක් ඇතු­ළත යළිත් බන්ධ­නා­ගා­රය වෙත ගෙන යෑමට එ.ජා.ප යේ එව­කට නාය­ක­යන් කට­යුතු කර තිබිණි. 1988-89 වක­වා­නුව මහින්ද රාජ­ප­ක්ෂ­යන්ගේ දේශ­පා­ලන ජීවි­තයේ අභි­යෝ­ගා­ත්මක කාල පරි­ච්ඡේ­ද­යක් වීය. ඒකීය ශ්‍රී ලංකා­වට අභි­යෝග කර­මින් ඇති කර ගත් ඉන්දු ලංකා ගිවි­සු­මට සහ එහි ප්‍රති­ඵ­ල­යක් වු පළාත් සභා ක්‍රම­යට විරු­ද්ධව රටේ තරුණ කැරැ­ල්ලක් නිර්මා­ණය වී තිබිණි. හම්බ­න්තොට දිසාවේ තරුණ තරු­ණි­යන්ද එම කැරැ­ල්ලට එක්ව සිටී­මත් ඒ හේතු­වෙන් රාජ්‍ය ත්‍රස්ත­වා­දය විසින් තරුණ තරු­ණි­යන් අතු­රු­දන් වෙද්දී මහින්ද රාජ­ප­ක්ෂ­යන් රාජ්‍ය ත්‍රස්ත­වා­ද­යට එරෙ­හිව පාර්ලි­මේ­න්තුවේ හඩ නැගු­වේය. එව­කට එ.ජා.ප මැති ඇමැ­ති­වරු තම නිල නිවාස වධ­කා­ගාර බවට පත් කර­ග­නි­මින් තරුණ ජීවිත විනාශ කරද්දී මහින්ද රාජ­ප­ක්ෂ­යන් ඒ සියලු තොර­තුරු පාර්ලි­මේ­න්තු­වේදී කතා කළේය. බට­ලන්ද වධ­කා­ගා­රයේ දී  නීතීඥ විජේ­දාස ලිය­න­ආ­රච්චි කෘර ලෙස ඝාත­නය වන්නේ එවැනි පසු­බි­ම­කදී ය. ඒ සම­ගම අමා­නු­ෂික තරුණ සංහා­රය ගැන ලෝක හමුවේ හෙළි කිරී­මට මහින්ද රාජ­ප­ක්ෂ­යන් තීන්දු කළේය. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස එතු­මාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ගේ මානව හිමි­කම් කමි­ටුව පිහි­ටුවා ගැණිණි. අතු­රු­දන් වු තරුණ තරු­ණි­යන්ගේ දෙමා­පි­යන් ඒ දින­වල මැදි­යම් රැයේ පවා කාල්ටන් නිව­සට පැමිණ හඩා වැටෙ­මින් දුක කිය­න්නට වුහ. අද මෙන්ම එදාත් උණු­වන හද­ව­තක් ඇති එතු­මන් ලංකාවේ තරුණ සංහා­රය ගැන කීමට එක්සත් ජාතින්ගේ සංවි­ධා­නයේ සාකච්ඡා සැසියේ ලොබි­යට ගමන් කර­නුයේ උප­ක්‍ර­ම­ශී­ලී­වය. ඉන් නොනැ­වතී විවිධ රට­වල රාජ්‍ය නාය­ක­යන් හමු වී ලංකාවේ තරුණ සංහා­රයේ බිහි­සුණු බව එතුමා ලෝක නාය­ක­යන් හමුවේ හෙළි කළේය. 
 
ඒ වන විට රටේ පැවැති භීෂ­ණ­කාරී යුගය නිමා කිරී­ම­ටත් තරුණ පර­පු­රක් අළු දූලි බවට පත් කළ යුගය නිමා කිරීමේ අව­ශ්‍ය­තා­වය මහින්ද රාජ­ප­ක්ෂ­යන්ට එදා තදින්ම දැනු­නේය. මිනී කඳු­ගොඩ ගැසෙ­මින් තිබු අවා­ස­නා­වන්ත යුගය නිමා කිරී­මට අවශ්‍ය දේශ­පා­ලන වෙන­සක් කිරී­මට එදා තිබු විප­ක්ෂ­යට පණ නොමැති තත්ත්ව­යක් උදා වී තිබිණි. ඒ වන විට ශ්‍රී.ල.නි.ප යේ නාය­ක­ත්ව­යට පොර­යක් නිර්මා­ණය වී තිබිණි. ඒ බණ්ඩා­ර­නා­යක පවුල තුළය. එවැනි පසු­බි­ම­කදී නිදා ගෙන සිටි විප­ක්ෂ­යට පණ දිමේ මෙහෙ­යු­මට මහින්ද රාජ­ප­ක්ෂ­යන් අත ගැසු­වේය. කොළඹ සිට කත­ර­ග­මට යෝධ පා ගම­නක් සැල­සුම් කළේ ඒ අනු­වය. විප­ක්ෂයේ ඇතැම් නායක නායි­කා­වන් පා ගමන අත­ර­තුර මාධ්‍ය­ව­ලට පෙනී සිට සැප වාහ­න­වල නැගී සිය මන්දි­ර­ව­ලට ගියහ. නමුත් මහින්ද රාජ­ප­ක්ෂ­යන් දින අටක් තිස්සේ සැත­පුම් එක­සිය අසු­ප­හක් පාද යාත්‍රාවේ ගමන් කළේය. මිනී­මරු එ.ජා.ප පාලන යුගය නිමා කිරී­මට ජන­තාව දහස් ගණ­නින් පාරට බැස පාද යාත්‍රාවේ ගමන් කළහ. ඉන් නොනැ­වතී විප­ක්ෂයේ බලය දිගින් දිග­ටම පෙන්ව­මින් මිනිස් දම්වැ­ලක් , ජන ඝෝෂා­වක් සංවි­ධා­නය කර­මින් විප­ක්ෂයේ ජවය ශක්තිය ඇති කිරී­මට මහින්ද රාජ­ප­ක්ෂ­යන් දිවා රෑ නොබලා වෙහෙස වුණි. එහි අග්‍ර ප්‍රථි­ඵ­ලය වුයේ නව දේශ­පා­ලන යුග­යක අරු­ණළු සම­ගින් 1993 වසරේ පැවැති පළාත් සභා මැති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කිරී­මට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ප්‍රමුඛ වු පොදු­ජන පෙර­මුණ සමත් වීමය. එහෙත් පළාත් සභාවේ නව මහ ඇමැ­ති­ව­රයා ලෙස අම­ර­සිරි දොඩං­ගොඩ මහ­තාට දිවු­රුම් දීම නැවැ­ත්වී­මට එ.ජා.ප ආණ්ඩුවේ ප්‍රබ­ල­යන් උත්සාහ කරද්දී උප­ක්‍ර­ම­ශී­ලීව නව මහ ඇමැ­ති­ව­ර­යාට දිවු­රුම් දීමට අව­ස්ථාව උදා කර දෙන්නේ ද මහින්ද රාජ­ප­ක්ෂ මැති­ඳුන්ගේ  දැඩි කැප­වීම හේතු­වෙනි. 
 
සැබැ­වින්ම 1994 වස­රේදී පොදු­ජන එක්සත් පෙර­මුණ ආණ්ඩුව බිහි වන්නේ මහින්ද රාජ­ප­ක්ෂ­යන් විසින් විප­ක්ෂ­යට ලබා දුන් ඔක්සි­ජන් නොහොත් ජන බලය නිසා­වෙනි. එහෙත් චන්ද්‍රිකා කුමා­ර­තුංග මැති­නිය ජනා­ධි­පති ධුර­යට පත් වු රජයේ මහින්ද රාජ­ප­ක්ෂ­යන්ට ලැබෙ­නුයේ කම්කරු ඇමැති ධුර­යයි. කෙසේ වෙතත් ලැබුණු ඇමැති ධුර­යෙන් එතුමා සුවි­සල් වැඩ කොට­සක් කළේය. වෘත්තීය පුහුණු අධි­කා­රිය පිහි­ටු­වීම , “ජීවි­ත­යට හැකි­යා­වක්- හැකි­යා­වට රැකි­යා­වක් සංක­ල්පය යටතේ ග්‍රාමීය වෘත්තීය පුහුණු මධ්‍ය­ස්ථාන 225 ක් රට පුරා ආරම්භ කිරීම, කම්කරු ප්‍රඥ­ප්ති­යක් ඉදි­රි­පත් කිරීම, වැඩ කරන ජන­තා­වගේ දු පුතුන්ගේ දරු­වන් 5 වසර ශිෂ්‍ය­ත්වය සමත් වීම සහ උසස් අධ්‍යා­ප­නය සදහා ශීෂ්‍යත්ව ක්‍රම­යක් හදුන්වා දීම , කොරි­යානු ජන රජය සමග සහ­යෝ­ගය වර්ධ­නය කර ගනි­මින් ලාංකික තරු­ණ­යන්ට කොරි­යානු රැකියා ලබා දීමට මුලික වීම , පෞද්ග­ලික අංශ­යට විකි­ණී­මට සැල­සුම් කර තිබු හම්බ­න්තොට ලුණු ලේවාය සහ මතු­රට වැවිලි සමා­ගම වැඩ කරන ජන­තා­වගේ හිමි­කා­රි­ත්වය යට­තට පත් කිරීම වැනි නිර්මා­ණ­ශීලී වැඩ කොට­සක් වසර දෙක­කට ආසන්න  කාල­ය­කදී සිදු කළේය. 
 
1997 දී සිදු කළ කැබි­නට් සංශෝ­ධ­න­යේදී එතුමාගේ ඇමැති ධුරය ධීවර හා ජලජ සම්පත් අමා­ත්‍ය­ව­රයා ලෙස වෙනස් කිරී­මට එව­කට ජන­ප­ති­ව­රිය කට­යුතු කළේය. සැබැ­වින්ම එය මහින්ද රාජ­ප­ක්ෂ­යන්ගේ ජන­ප්‍රි­ය­ත්වය සහ දේශ­පා­ලන ගමන අඩ­පණ කිරී­මට ලබා දුන් ඇමැති ධුර­යක් වීය. එහෙත් ඉන් නොසැ­ළුණු එතුමා එම ඇමැති ධුරය මගින් සුවි­සල් වැඩ කොට­සක් සිදු කළේය. ධීවර ජන­තා­වට වැඩි පිළි­ගැ­නී­මක් සහ මනා අධ්‍යා­ප­න­යක් ලබා දීමට සාගර විශ්ව විද්‍යා­ලය ආරම්භ කිරීම , මිරි­දිය ධීවර කර්මා­න්තය ප්‍රව­ර්ධ­නය කිරීම උදෙසා ශ්‍රී ලංකා ජල­ජීවී වගා සංව­ර්ධන අධි­කා­රිය පිහි­ටු­වීම, ධීවර කර්මා­න්තය රට ඇතු­ළ­තට ව්‍යාප්ත කිරී­මට කට­යුතු කිරීම, දිය­වර ගම්මාන සංක­ල්පය මගින් ධීවර ජන­තා­වගේ නිවාස ප්‍රශ්න­යට විස­ඳුම් ලබා දීම, මාළු ලෑල්ලට සීමා වී තිබු මත්ස්‍ය අළෙවි කට­යුතු විධි­මත් කිරී­මට ධීවර සංස්ථාව මගින් විධි­මත් අළෙවි ජාල­යක් ඇති කිරීම මගින් සිය අමාත්‍ය ධුරය මගින් ජන­තා­වට උප­රිම සේව­යක් සිදු කිරී­මට එතුමා කට­යුතු කළේය. 
 
ඉන් අන­තු­රුව පොදු ජන එක්සත් පෙර­මුණු ආණ්ඩුවේ ඇමැ­ති­වරු කීප දෙනෙක් විප­ක්ෂයේ අසුන් ගැනීම හේතු­වෙන් ජනතා විමුක්ති පෙර­මුණ සමග පරි­වාස ආණ්ඩු­වක් බිහි වීය. එහි පත් කළ  ඇමැති මණ්ඩ­ලයේ ධීවර හා වරාය සංව­ර්ධන ඇමැ­ති­ව­රයා ලෙස පත්වු එතුමා හම්බ­න්තොට වරාය ඇර­ඹී­මට අවශ්‍ය කට­යුතු ඇර­ඹු­වේය. ඉන් පසුව 2002 වස­රේදී පොදු­ජන පෙර­මුණු ආණ්ඩුව බිඳ වැටුණු අතර, 12 වන පාර්ලි­මේ­න්තුවේ විප­ක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක ධුර­යට එතුමා පත් වු අතර, ඉන් පසුව එම පාර්ලි­මේ­න්තුවේ විපක්ෂ නායක ධුර­යට පත් වීය. ඉන් පසුව කෙටි කාල­යක් තුළදී විප­ක්ෂයේ සියලු බල­වේග ඒක­රාශී කර­මින් “විරෝ­ධය “ නමින් දැවැන්ත ආණ්ඩු විරෝධී උද්ඝෝ­ෂණ ව්‍යාපා­ර­යක් සංවි­ධා­නය කළේය.  පසුව එතුමා 2004 වස­රේදී එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය යටතේ මහා මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වී ඉන් ජය ගෙන 13 වැනි පාර්ලි­මේ­න්තුවේ 17 වැනි අග්‍රා­මා­ත්‍ය­ව­රයා ලෙස පත් වීය. 
මහින්ද රාජ­පක්ෂ මහතා අග්‍රා­ම­ත්‍ය­ව­රයා ලෙස පත් වීමෙන් අන­තු­රුව ග්‍රාමීය මාර්ග සංව­ර්ධ­නය කිරීම උදෙසා “ මග නැගුම “නම් වැඩ­ස­ට­හන ආරම්භ කළේය. ග්‍රාමීය මාර්ග­යන්හි කොන්ක්‍රිට් කිරීම සහ අතුරු මාර්ග කාපට් කිරීම එහි ප්‍රධාන අර­මුණ වීය. අග්‍රා­මා­ත්‍ය­ව­රයා ලෙස තොර­තුරු තාක්ෂණ දැනුම ග්‍රාමීය දූද­රු­වන් වෙත ගෙන යාමට “ ඊ ණැන සල “ හදුන්වා දීමත් දිව­යින පුරා “ණැන­සල දහ­සක්“ ස්ථාපිත කෙරිණි. 
 
2005 ජනා­ධි­ප­ති­ව­ර­ණය මහින්ද රාජ­ප­ක්ෂ­යන්ගේ දේශ­පා­ලන ජීවි­තයේ තවත් කඩ­ඉ­මක් වීය. එතු­මාට ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­ක­ත්වය ලබා ගැනී­මට සිදු වුයේ සහ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී එව­කට පක්ෂ නායි­කාව වු චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­ය­ක­ගෙන් සැල­කිය යුතු සහා­යක් හිමි නොවීය. එවැනි පසු­බි­ම­කදී 2005 ජනා­ධි­ප­ති­ව­ර­ණය එතුමා ජය ගන්නේ අභි­යෝග රැසක් මැදය. “මහින්ද චින්ත­නය “ වැඩ­ස­ට­හන ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය බවට පත් වීය.
 
2005 ජනා­ධි­ප­ති­ව­ර­ණයේ එතු­මාගේ තවත් ප්‍රධාන ප්‍රති­ඥා­වක් වුයේ තිස් අවු­රුදු යුධ ශාප­යෙන් රට නිද­හස් කර ගැනී­මය. රටේ සමස්ත ජන­තා­වගේ ආර­ක්ෂාව අන­තු­රට පත් කර­මින් මහ­ජන දේපල විනාශ කර­මින් ඒ වන විටත් කොටි ත්‍රස්ත­වා­දීන් රටේ තැනින් තැන බෝම්බ පුපු­ර­ව­මින් විශාල භීති­යක් ඇති කර තිබිණි. ලෝක බල­ව­තුන් පවා කිය සිටියේ යුද්ධ­යෙන් නොව සාම සාකච්ඡා මගින් යුධ ගැටුම් නිමා කරන ලෙසය.  කොටි ත්‍රස්ත­වා­දීන් මාවි­ල්ආරු සොරොව්ව වසා යුද්ධ­යට අත වැනු පසුව මානු­ෂිය මෙහෙ­යුම ආරම්භ කර­මින් 2009 වස­රේදී නන්දි­ක­ඩාල් කල­පු­වෙන් යුද්ධය නිමා කර­නුයේ මහින්ද රාජ­ප­ක්ෂ­යන්ගේ දේශ­පා­ලන නාය­ක­ත්වය මතය. විධා­යක ජනා­ධි­ප­ති­ව­රුන් තිදෙ­නෙ­කුට නිම කළ නොහැකි වු යුද්ධය මහින්ද රාජ­ප­ක්ෂ­යන් නිම කර­නුයේ ඔහු­ගේම ශෛලි­යක් අනු­ග­ම­නය කර­මිනි. 
 
යුද්ධය සාර්ථ­කව ඉදි­රි­යට යමින් යුධ ජය­ග්‍ර­හණ එකින් එක ලබා ගනිද්දී අමෙ­රි­කාව ප්‍රමුඛ ලෝක බල­ව­තුන් සහ එක්සත් ජාතින්ගේ සංවි­ධා­නයේ මහ ලේක­ම්ව­රයා පවා යුද්ධයේ තීර­ණා­ත්මක අව­ස්ථා­ව­ලදී යම් රාජ්‍ය තාන්ත්‍රික බල­පෑම් එල්ල කරද්දී ඒ සියල්ල කළ­ම­නා­ක­ර­ණය කර ගැනී­මට මහින්ද රාජ­ප­ක්ෂ­යන් කට­යුතු කළේය. එක් අත­කින් ඉන්දි­යාවේ මැදි­හත් වීමත් තමි­ල්නාඩු දේශ­පා­ලන මැදි­හත් වීම් මනාව කළ­ම­නා­ක­ර­ණය කරමින් එතුමා පරි­ණත රාජ්‍ය ත්‍රාන්ත්‍රික භාව­යක් පෙන්නුම් කළේය. 
 
යුද ජය­ග්‍ර­හ­ණය පිටු­පස මහින්ද රාජ­ප­ක්ෂ­යන්ගේ නිර්භීත භාව­යත් නොප­සු­බස්නා විර්ය­යත් මහා සංඝ­යා­ව­හන්සේ ප්‍රමුඛ කොට ගත් ආග­මික නාය­ක­යන් සහ ප්‍රජා නාය­ක­යන්ගේ අද­හ­ස්ව­ලට ගරු කිරීම ආදි කොට ගත් ගති ලක්ෂණ රැසක් තිබේ. යුද්ධයේ උච්ච­තම අව­ස්ථා­වේදී ලෝක තෙල් මිල ඉහළ යාමත් ලෝක ආහාර අර්බු­ද­ය­ක­ට ද මුහුණ දීමට සිදු වීය. රටේ කෘෂි ආර්ථි­කය ශක්ති­මත් කර තිබු නිසා ලෝක අහාර අර්බු­දයේ බල­පෑම අපේ රටට නොදැ­නුන තරම්ය. 
 
ඒ නිසා යුද ජය­ග්‍ර­හ­ණය දක්වා රට මෙහෙ­ය­වී­මේදී මහින්ද රාජ­ප­ක්ෂ­යන් මුහුණ දුන් අභි­යෝ­ග­යන් දැන් රට වැසි­යාට පවා අම­තක විය හැකිය. යුද්ධයේ උච්ච­තම අව­ස්ථා­වේදී සාම්පුර් , වාකරේ සහ මාවි­ල්ආරු වැනි ප්‍රදේ­ශ­ව­ලට ගොස් රණ­වි­රු­වන්ගේ චිත්ත ශක්තිය වර්ධ­නය කිරී­මට තරම් එතුමා එඩි­තර වීය. යුද්ධයේ අත­ර­මැ­දදී පැවැති එක්සත් ජාතින්ගේ 61 වැනි මහා මණ්ඩල සැසි­වා­ර­යේදී මහින්ද රාජ­ප­ක්ෂ­යන් ලෝක ත්‍රස්ත­වා­දය මුලි­නු­පුටා දැමීම වෙනු­වෙන් සිදු කළ යෝජ­නා­වන් ලෝක නාය­ක­යන්ගේ පැස­සු­මට පවා ලක් වීය. යුද්ධය නිමා කිරී­මට මහින්ද රාජ­ප­ක්ෂ­යන් අනු­ග­ම­නය කළේ තම­න්ටම ආවේ­ණික නාය­කත්ව ආකෘ­ති­යකි. එය වෙනත් අයකු අනු­ක­ර­ණය කර­මින් ලබා ගත්තක් නොවේ. එතු­මන් තුළ ඇති දේශි­ය­ත්ව­යට ආද­රය කිරීම, අපේ ආගම දහ­මට සහ  සංස්කෘ­තිය මත පද­නම් වු නාය­කත්ව ශෛලී­යට අපේ රටේ ජන­තාව තුළ ඇත්තේ අසී­මිත ආද­ර­යකි. 
 
එතු­මන් ජනා­ධි­පති ධුරය දැරූ දස වස­රක කාල­යේදී වෙනත් කිසිදු රාජ්‍ය නාය­ක­යකු සිදු නොකළ සංව­ර්ධන ව්‍යාපෘති රැසක් සිදු කර­මින් රටේ වේග­වත් සංව­ර්ධන යුග­යක් ඇති කළේය. නොරො­ච්චෝලේ තාප බලා­ගා­රය, මොර­ග­හ­කන්ද ජල ව්‍යාපෘ­තිය, හම්බ­න්තොට වරාය සහ විර­විල ගුව­න්තො­ටු­පළ අධි­වේගී මාර්ග පද්ධ­තිය සහ රටේ සියලු මාර්ග කාපට් කිරීම ඇතු­ලුව එතු­මන් සිදු කළ සංව­ර්ධන ව්‍යාපෘති රැසකි. 
 
2015 වසරේ පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මහින්ද රාජ­ප­ක්ෂ­යන් නොසිතූ ලෙස පරා­ජ­යට පත් වුවද පරා­ජ­යට පසු දින සිට මැද­මු­ලන නිව­සට ජන­තාව දහස් ගණ­නින් ගමන් කළේ මහින් රාජ­ප­ක්ෂ­යන් ජන­තා­වගේ හද­වතේ නාය­කයා බව ඔප්පු කර­මිනි. 2015 මාර්තු මස නුගේ­ගො­ඩදී පැවැති ‘මහින්ද සමග නැගි­ටිමු’ ජන රැළි­යේදී එතුමා ජන­තා­වගේ හද­වතේ එකම නාය­කයා බව වඩ­ව­ඩාත් ඔප්පු කිරී­මට සමත් වීය. එතු­මන් වටා ගොඩ නැගී ඇත්තේ මෙරට කිසිදු නාය­ක­ය­කුට නොමැති ජනතා පවු­රකි. එතු­මන්ගේ දේශ­පා­ලන පෞරු­ෂ­යට සම කළ හැකි වෙනත් නාය­ක­යකු නොමැත්තේ ඒ දේශ­පා­ලන පෞරු­ෂය නිස­ඟ­යෙන්ම එතුමා සතු­වු­වක් නිසා­වෙනි. 
 
2016 වස­රේදී ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ බැසිල් රාජ­පක්ෂ මැති­තුමා නිර්මා­ණය කර­නුයේ මහින්ද රාජ­ප­ක්ෂ­යන් වටා ගොඩ­නැගී තිබු අස­ම­සම ජනතා පවුර උප­යෝගී කර ගනි­මිනි. එතැන් සිට වසර 4 ක් ගත වෙද්දී මහින්ද රාජ­ප­ක්ෂ­යන් 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට සුදු­සුම අපේ­ක්ෂ­කයා ලෙස සිය සොයුරු ගෝඨා­භය රාජ­ක්ෂ­යන් ඉදි­රි­පත් කර 7 වන විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා බවට පත් කර­නුයේ එතු­මන් වටා ගොඩ­නැ­ගුණු ජනතා පවුර උප­යෝගී කර ගනි­මිනි. 2020 මහා මැති­ව­ර­ණ­යේදී  මැති­ව­රණ ඉති­හා­ස­යට නව වාර්තා­වක් එක් කර­මින් සමා­නු­පා­තික ඡන්ද ක්‍රමය යටතේ පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙකක ජය­ග්‍ර­හ­ණය ක් කරා මෙහෙයු වුයේද මහින්ද රාජ­ප­ක්ෂ­යන්ය. 
 
ලාංකීය ජන­තා­වගේ හද­වතේ නාය­කයා ලෙසත්  කම්කරු නාය­ක­යකු , දේශ­ප්‍රේ­මි­යකු , සට­න්කාමී එඩි­තර නාය­ක­යකු ,සහ තැලෙන පෑගෙන ජන­තාව වෙනු­වෙන් හඬ නැගූ නාය­ක­යකු ලෙස ලෙස මහින්ද රාජ­ප­ක්ෂ­යන්ගේ භූමි­කාව අසම සමය. දෙව­රක් මෙරට විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා ලෙසත් තෙවැනි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී පරා­ජ­යට පත්ව පසුව ජන­තා­වගේ ඉල්ලීම මත නව පක්ෂ­යක් බිහි කර­මින් වර්ත­මා­නයේ සිවුවන වර­ටත් මෙරට අග්‍රා­මා­ත්‍ය­ව­රයා ලෙස කට­යුතු කරන එතු­මන්ගේ දේශ­පා­ලන භූමි­කාව ඓති­හා­සි­කය. එවන් අසි­රි­මත් නාය­ක­යන් පහළ වන්නේ ජාතියේ පින­ටම පමණි. චිරං ජයතු…පස්වන විධා­යක ජනා­ධි­ප­ති­තු­මනි.
 
 
චන්දන බණ්ඩාර 
 සභාපති 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුබද්ධ 
ප්‍රගතිශීලී සේවක සංගමය ලේක්හවුස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here