24 C
Colombo
Monday, November 23, 2020

රිමාන්ඩ් සිරකරු තදබදයට කඩිනම් විසදුමක්

    බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන සිරකරු තදබදයට හේතුවී ඇති රිමාන්ඩ් සිරකරුවන් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගවලට එළඹීම කෙරෙහි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ විශේෂ අවධානය...
More

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    මහජන ධනය ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය අකුරටම ඉටු කරමින් සිටිනවා – ඇමැති විමල් වීරවංශ

    Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නරටේ වගා කළ හැකි කහ ගැන ජනාධිපතිතුමා ගත් තීන්දු එලෙසමයි- රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන කොමිෂන් සභා යහපාලන කාලයේ වැඩ කළේ හිටපු අගමැති රනිල්ට හා විපක්ෂ...

    තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට.

    The post තවත් කොවිඩ් මරණ 03ක්…සමස්ත මරණ සංඛ්‍යාව 90ක් දක්වා ඉහලට. appeared first on Lanka News Column.

    පොල් කටු මාලය

    ටොම්සන් මහත්තයා පත්තරය බල බලා හිටපු ගමන් එක සැරේම ‘හොක් හොක්’ ගා සිනා සුණේය. ඇම්බන් මහත්තයා ද, උන්නැහේද බැලුවේ ටොම්සන් මහත්තයාට මේ මොකක්ද වෙන්න යන්නේ කියලාය.

    “මොකද ටොම්සන් මහත්තයා… පත්තරේ මොකක් හරි අමුතු දෙයක් තිබුණද?” කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

    “එහෙමට අමුත්තකුත් නෑ… මේක මේ මාසයක් විතර පරණ පත්තරයක්… මං මේ බැලුවේ මාසෙකට විතර ඉස්සෙල්ලා මේ පොල් ගැන මේ පත්තරවල ඇඳපු කාටුන්, එක එක දේශපාලනඥයෝ කියාපු දේවල් ගැන තිබුණු වාර්තා, එක එක විහිළු කතා… ඒකයි මට එක සැරේම හිනා ගියේ…” කියා ටොම්සන් මහත්තයා කීවේය.

    “ඉතින් ටොම්සන් මහත්තයා… ඕක හිනා වෙන්න තරම් දෙයක්ද? ඔය පොල් ගණන් ගියා කියලා නේ අවුල පටන් ගත්තේ…” කියා උන්නැහේ කීවේය.

    “කමක් නෑ අපි යමුද කඩේ පැත්තේ… දැන් කොහොමද පොල් කතන්දරේ කියලා දැනගන්න…” කියා ටොම්සන් මහත්තයා පිටත් වුණේය.

    ටික වේලාවකින් තිදෙනාම ළඟා වූයේ පොළටය.

    “කොහොමද මුදලාලි පොල්වල ගණන්…?” කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

    “පොල් ඉතින් ගල් වගේම තමයි. ගානෙ එච්චර වෙනසක් නෑ… දෙකම එක වගේ සැරයි…” කියා මුදලාලි කීවේ ඔලොක්කුවටය.

    “නෑ… මං ඇහුවේ මේ… ගහෙන් කඩන පොල් ගැන…”

    “ඒක මිසක්… මැනලද ඕනෑ… ගැනලද ඕනෑ…” කියා මුදලාලි ආපහු ඇසුවේය.

    “මොනවා මනින්නද මුදලාලි? ඕවා ලොකු පොඩි මැද සයිස් කියලා තෝරන්න මුදලාලි කොහොමත් දන්නවානේ… දැන් ඔය අඟල් ගානකින් මනින්න කිව්වා කියලා රට අනිත් පැත්තට පෙරළන්න හැදුවා නේ…” කියා උන්නැහේ පිළිතුරු දුන්නේය.

    “ඒක එහෙම තමයි.. දැන් ඉතින් ප්‍රකාශන නිදහස තියෙන කාලෙ නේ… මොකක් හරි වලිගයක් දැක්කාම ඒක බෙල්ල වටේ ඔතාගෙන දුවන්න කී දෙනෙක් නම් ඉන්නවාද? එහෙම නොකළොත් කොහොමද තමන්ට ලකුණු දා ගන්නේ…”“හරි ඉතින් මුදලාලි, මොකද පොල් දැන් ගණන්ද? නැති නම් ගණන් බැහැලාද? පොල් නැද්ද? තියෙනවාද?” කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

    “බිස්නස් කියන්නේ බොහොම වෙනස් වෙන දෙයක් නේ මහත්තයා… ඒක හරියට මේ ගෑනු වගේ නේ…” කියා මුදලාලි කීවේය.

    “ඒ කතාව හරි නෑ මුදලාලි… ගෑනු කියන්නේ එහෙම වෙනස් වෙන අය නෙවෙයි නේ…” කියා ටොම්සන් මහත්තයා බොහොම බරපතළ විදිහට කීවේය.

    “ඒ කතාව බරතපළෙට ගන්න එපා…. ඔය කතාවක කියන්නේ ගෑනු බොහොම වෙනස් වෙනවා කියලා… මං ඒකයි කීවේ… ඒක මේ නිකම් සාහිත්‍ය කියමනක් විතරයි නේ… මං මේ කාට වත් අපහාස වෙන්න නෙවෙයි කිව්වේ… මං කියන්නේ මහත්තයා පොල්, වට්ටක්කා, හාල්, අමුමිරිස්… ඕවා කෝවත් කෘෂි නිෂ්පාදන නේ… ඉතින් කෘෂි නිෂ්පාදනවල සැපයුම එක විදිහට තියෙන්නෙ නෑ. ඒවා පැක්ටරිවලින් හදන විදිහට එළියට දාන්න බෑ නේ… වැස්ස වැඩි වුණත් ප්‍රශ්න; පෑව්වත් ප්‍රශ්න. අස්වැන්න වැඩි වුණත් ප්‍රශ්න; හිඟ වුණත් ප්‍රශ්න. අපි තමයි ඉතින් ඒක පාලනය කරන්නේ…”

    “නෑ මුදලාලි… ඒ කතාව මට තේරෙනවා… අපි මේ අහන්න ආවේ… ඔය පහු ගිය කාලේ පොල් ගණන් ගියා කියලා මොන තරම් මැරෙන්න හැදුවද? පොල් ගණන් ගියා තමයි… ඒකෙන් ප්‍රශ්නයක් වුණා තමයි.. දැන් පොල් ගණන් නෑනේ… කාගෙ වත් කිසිම සද්දයකුත් නෑ නේ…”

    “ඒක එහෙම තමයි මහත්තයා… අර හනුමගෙ වලිගය ගිනි ගත්තා වාගේ තමයි. ඕනැ පොඩි සිද්ධියක් අල්ලාගෙන රට ගිනි තියන්න අද කාලේ පුළුවන්… ඒ ගින්න අවුළුවන්න ලෑස්ති වෙච්චි නිදහස් මාධ්‍ය කලාවකුත් තියෙනවා නේ… ඒ හින්දා පන්දම අරන් කාට හරි ඉස්සරහට එන එක විතරයි තියෙන්නේ… මාධ්‍ය අතේ ගින්දර තියෙනවා… ඒක පොඩ්ඩක් පන්දමට කිට්ටු කරන එක විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒක අරන් රට ගිනි තියන්න පුළුවන්… ” කියා මුදලාලි පොල් ගෙඩි දෙකක් අතට ගෙන එකට තට්ටු කළේය.

    “මුදලාලි කියන දේ නම් හරියටම හරි…. පොල් ප්‍රශ්නය සති දෙක-තුනකින් ඉවරයි… අලුත් පන්දමක් පත්තු කරගන්න කල් විතරයි පරණ පන්දමෙන් ගිනි තියන්නේ… මේවාට මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාව තමයි පිච්චෙන්නේ… ඇයි, වෙන්නේ මොකක්ද කියලා වත් තේරුම් ගන්න සාමාන්‍ය ජනයාට ඉඩක් නෑ නේ… ඒ තරම් ගින්දර සැරයි… පිච්චෙනවා…”

    පොළේ හිටි තවත් වෙළෙන්දෙක් එතැනට ආවේය.

    “මං නං විකුණන්නේ අමු මිරිස්… මේ දවස්වල නම් ඒ තරම් ගණන් නෑ… ඒ වුණාට එක කාලයක් තියෙනවා අමු මිරිස් ගණන් නඟිනවා නහුතෙට… එතකොට ඉතින් එක එක මිරිස් කරල තමයි කිරලා ගන්න වෙන්නේ…! මං මතකයි එක සැරයක් එංගලන්තේ තිබුණු රැස්වීමකට ගිය දේශපාලනඥයෙක් එහේදි පිළිගත්තේ අමුමිරිස් මාලයක් දාලා…” කියා අමු මිරිස් වෙළෙන්දා කීවේය.

    “ඒක හොඳ කතන්දරයක්… මං මේ කල්පනා කළේ පොල් කටු මාලයක් හදන්න… ඊළඟ අවුරුද්දෙත් මේ වගේ පොල් අහේනියක් එන කාලයක් එයි නේ.. එතකොට ඔය වලිගේ ගිනි තියාගෙන රට ගිනි තියන්න දුවන හනුමලාට පලන්දන්න… එහෙනම් අපි යන්නම් මුදලාලි…” කියා ටොම්සන් මහත්තයා ආපසු හැරුණේය.

    “ඇයි මහත්තයා… මේ පොල් ගෙඩියකුත් අරන් යන්න.. මං ගානේ නිකම් දෙන්නේ… ඔය දෙයියන්ට ගහන්න වුණත් ගන්නේ පොල් නේ…” කියා පොල් මුදලාලි පොල් ගෙඩියක් දිගු කළේය.

     

    බන්දුල පී. දයාරත්න

    Latest Posts

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

    The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්. appeared first on Lanka News Column.

    තවත් මරණ 03ක් 

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ තුනක් මෙරටින් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරු කරයි.. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව...

    ඉන්දියාවේ ධර්මපූරිහි ගැඹුරු ළිඳකට වැටුණු අලියකු ගොඩගනී

    දකුණු ඉන්දියාවේ ධර්මපූරිහි ඉතා ගැඹුරු ළිඳකට වැටී සිටි විශාල අලියකු ගොඩගැනීම හැකි වී තිබේ. මේ සඳහා 50කින් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගි වී තිබේ. ගම්වාසීන්...

    ලොව දුගී රටවලට කොරෝනා එන්නත ලබා ගැනීමේදී දුෂ්කරතා

    ලෝකයේ දුප්පත්ම රටවල්වලට කොරෝනා එන්නත ලබා ගැනීමේ දී ඇතිවන දුෂ්කරතා ගැන ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් කනගාටුව ප්‍රකාශ කර ඇත. ඇය මේ බව ප්‍රකාශ කර...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.