24 C
Colombo
Tuesday, November 24, 2020

ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...
More

    Latest Posts

    මෘත දේහයක දින 27කට පසුවත් කොරෝනා වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ!

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක...

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    ර‍ටේ සහ ජාතියේ හෙට දවස වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසක්

     චීනයේ වූහාන් ප්‍රාන්තයේ හුබෙයි පළාතෙන් ව්‍යාප්තිය ආරම්භ වූ කොරෝනා වසංගතය පසුගිය මාර්තු මාසයේදී මෙරටට පැමිණීමටත් පෙර ඊට මුහුණ දිය යුතු ආකාරය සහ ඒ වෙනුවෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා යුහුසුලු විය.

    සෞඛ්‍ය අංශ පමණක් නොව මේ වෙනුවෙන් ආරක්ෂක අංශය ද සම්බන්ධ කර ගනිමින් එම වයිරසයේ ව්‍යාප්තියට එරෙහිව කටයුතු කිරීමට පියවර ගැණිණි. විශේෂයෙන්ම ඒ වෙනුවෙන් විශේෂ කමිටුවක් පත් කරමින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙහිලා ප්‍රමුඛතාවය දීමට අවශ්‍ය පියවර ගත්තේය. යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වශයෙන් ද කලක් කටයුතු කර තිබෙන ගෝඨාභය රාජපක්ෂ මහතා විනයක් ඇති රාජ්‍ය පාලකයෙක් ලෙස පොදුජන යහපත වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගෙන තිබෙන බව පැහැදිලිය. මහජනතාවගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙමින් ජනාධිපති කාර්යාලය සඳහා ඔම්බුඩ්ස්මන්වරයකු පත් කිරීම, පාතාලය හා මත්ද්‍රව්‍ය අපරාධ මෙහෙයුම් නතර කිරීම සඳහා පියවර ගැනීම, සුරක්ෂිත විනයගරුක රටක් ගොඩනැඟීම වෙනුවෙන් ජනාධිපති කාර්යසාධක බළකායක් ස්ථාපිත කිරීම, නිවෙසක් නොමැති දුගී පවුලක් තෝරාගෙන එක් ග්‍රාමසේවා වසමකට එක් නිවෙසක් බැගින් නිවාස 14,000 ක් ඉදි කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම ඒ අතර වෙයි.

    වැට් බද්ධ සියයට 15 සිට සියයට 8 දක්වා අඩු කිරීම, දුරකතන ගාස්තු මත අයකර තිබූ බද්ද සියයට 25කින් පහත දැමීම, ගෘහස්ථ භාණ්ඩ මත අයකරන ලද NBT බද්ද අහෝසි කිරීම, ආර්ථික සේවා බද්ද අහෝසි කිරීම, බැංකු හා මුල්‍ය ආයතනය මත පනවා තිබූ හර බද්ද ඉවත් කිරීම, කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධන ලාභ බද්ද අහෝසි කිරීම, බැංකු ණය පොලී අනුපාතිකය සියයට 14 සිට සියයට 9 දක්වා තනි ඉලක්කමකට පහත හෙළීම, කර්මාන්ත සඳහා සියයට 4 ක පොලී අනුපාතිකය යටතේ ව්‍යාපාර ප්‍රවර්ධන ණය නිකුත් කිරීම, දුම්රිය මැදිරි දේශීයව නිෂ්පාදනය ආරම්භ කිරීම, ඉදිකිරීම් අංශයේ බදු සියයට 28 සිට සියයට 14 දක්වා අඩු කිරීම ආදිය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ක්‍රියාවට නංවන ලද ක්‍රියාදාමයන් ය.

    ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩපිළිවෙළට අනුව අද වන විට රට පුරා සාධනීය වැඩකොටසක් සිදු කිරීමට පියවර ගෙන තිබෙන මුත් කොවිඩ් 19 වසංගතය ඒ සඳහා බාධාවක්ව පැවතීම කනගාටුවට කරුණකි. කෙසේ වුවද, දැනටමත් රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් සාධනීය තීන්දු තීරණ රැසක් ගෙන තිබෙන අතර, අධිවේගී මාර්ගවල ඉදි කිරීම් කඩිනම් කිරීම, උපාධිධාරීන් 50,000 කට සහ අඩු ආදායම්ලාභීන් 100,000 කට රැකියා දීම, තවත් උපාධිධාරීන් 10,000 ට රැකියා දීම, නෙළුව ලංකාගම මාර්ගය දින 90කින් ප්‍රතිසංස්කරණය කිරීම, රට පුරා වැව් 5,000 ප්‍රතිසංස්කරණය කිරීම, එළැඹෙන 2030 පමණ වන විට රටේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය සපයා ගැනීම, ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 100,000ක් සංවර්ධනය කිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කිරීම, එතනෝල් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීම, ගොවීන්ගේ වී සඳහා රුපියල් 50ක සහතික මිලක් නියම කිරීම, රාජ්‍ය ආයතනවල ජනාධිපතිතුමාගේ පින්තූර ප්‍රදර්ශනය නවතාලීම, වසර තුනක් යන තෙක් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් රජයට වාහන මිලදී ගැනීම නතර කිරීම මෙහිදී වැදගත් පියවරයන්ය.

    ඊට අමතරව එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් සවිස්තරාත්මක අධ්‍යයනයක් කොට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම, ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුව විසඳමින් ස්ථාවර දීමනාව නමින් නව දීමනාවක් දීම, ජනාධිපති කාර්ය මණ්ඩලය 2500 සිට 300 දක්වා අඩු කිරීම, ජනාධිපති පරිවාර රථ 03 කට සීමා කිරීම, රටට අහිතකර ජිනීවා මානව හිමිකම් සමුළුවේ 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ශ්‍රී ලංකාව ඉවත් වීම, මහනුවර අධිවේගී මාර්ගයේ හිඟ මුදල් ගෙවා දේශීය ඉංජිනේරුවන්ගේ මූලිකත්වයෙන් අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු වේගවත් කිරීම, මාසිකව රුපියල් මිලියන 21ක විශාල කුලියක් ගෙවූ කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරයට ගෙනයෑම, කොරෝනා වයිරසය නිසා අසරණ වූ පවුල් හා අනු පවුල් ලක්ෂ 72ක් වෙනුවෙන් මසකට රුපියල් 5000 බැගින් මාස දෙකක් කොරෝනා පළමු රැල්ල වෙනුවෙන් දීම ද මෙලෙස ක්‍රියාත්මක කරන ලද වැදගත් පියවරයන් අතර වෙයි.

    බණ්ඩාරනායක ගුවන් තොටුපළේ දෙවැනි පර්යන්තයේ ඉදි කිරීම් 2023 වන විට අවසන් කිරීමට පියවර ගෙන තිබීම, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම, සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 10 ක වාර්ෂික ආදායමක් අපේක්ෂා කිරීම, ඉදිරි වසර තුනක කාලයේදී දේශීය ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 50ක් දේශීයව නිෂ්පාදනය කිරීමට පියවර ගැනීම, විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ඖෂධ නිෂ්පාදනය සඳහා අක්කර 400ක ආයෝජන කලාපයක් හම්බන්තොට කර්මාන්ත පුරයේ ඉදි කිරීම, යල කන්නයේ වගා කරන‍ භෝග වර්ග 16ක් සඳහා ස්ථාවර මිලක් දීම, පෝට්සිටි අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු කඩිනම් කිරීම, විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය 10,000කින් වැඩි කිරීම, වසර හතරක් පුරා විසඳීමට නොහැකි වු ETI තැන්පතුකරුවන්ගේ තැන්පතුවලින් සියයට 80ක් ආපසු ගෙවා අවසන් කිරීම වැනි තීන්දු තීරණ ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගෙන තිබීම අගය කළ යුතුය.

    මේ අතර කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය සිදුව තිබෙන පසුබිමක ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව වැඩසටහන් රැසක් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබීම අතිශය වැදගත්ය. මේ වසංගත තත්ත්වය හමුවේ අසරණ වී සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 40,000 ට වැඩි පිරිසක් මේ කාලය තුළ යළි මෙරටට ගෙන්වා ගෙන තිබෙන අතර, ඊට අමතරව මෙම වයිරසයේ ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් සාධනීය පියවරයන් රැසක් ගෙන තිබේ. මේ සඳහා සෞඛ්‍ය අංශය මෙන්ම ආරක්ෂක අංශ ද සපයන දායකත්වය පැසසුමට ලක් කළ යුතුය.

    කොසු, හඳුන්කූරු, සරුංගල් වෙසක් කූඩු වැනි අත්‍යවශ්‍ය නොවන පරිභෝජන ද්‍රව්‍ය ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම, ප්‍රතිඅපනයන සඳහා ගම්මිරිස්, තේ, කහ ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම, පාර්ලිමේන්තු සැසිවාර වෙනුවෙන් සිදු වන මුදල් නාස්තිය අවම කරමින් හමුදා උත්තමාචාර ආදිය අවලංගු කිරීම, මරණ දඬුවම නියම වී සිටි සුනිල් රත්නායක රණවිරුවා නිදහස් කිරීම, වාලච්චේන කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීම, පාතාලය, මත්ද්‍රව්‍ය වැටලීම් වේගවත් කරමින් ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායට බලය දීම, උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බළකායක් පිහිටු වීම හා මුහුදු මහා විහාරයට නාවික හමුදා ඛණ්ඩයක් දීම, නිදහස් දිනයේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීම නතර කිරීම, කසළ ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීම හා පසුගිය යහපාලන රජය යටතේ රට තුළට ගෙන්වන ලද කසළ කන්ටේනර් නැවත අපනයනය කිරීම ආදිය ද මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගන්නා ලද සාධනීය තීන්දු තීරණ සේ දැක්විය හැකිය.

    මෙලෙස වැදගත් තීන්දු තීරණ ගන්නා අතරතුර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන ශ්‍රී ලංකාව අන්තර්ජාතික සහයෝගය දිනා ගැනීමට සමත්ව ඇත. බටහිර කඳවුරේ රටවල් සමඟ සිටින ජපානය, ශ්‍රී ලංකාවට බෙහෙවින් මිත්‍රශීලි රටක් වීම හොඳම නිදසුනකි. අන්තර් ජාතික වශයෙන් සහයෝගයෙන් ක්‍රියා කරන බවට හොඳම නිදසුන නම් පසුගිය දා සංචාරයක් සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයයි. ඊට අමතරව චීනයේ ප්‍රබල දේශපාලනඥයන් කණ්ඩායමක් ද ශ්‍රී ලංකාවේ සංචාරය කළහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුහදශීලි ප්‍රතිපත්තිය වඩාත් අර්ථවත් කරමින් අද වන විට ලෝකයේ සෑම රටක් සමඟම මිත්‍රශීලි ආකාරයෙන් කටයුතු කරයි.

    ජාතිකවාදී අදහස් සහිත මෙන්ම ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියා කරන නව ලිබරල් ව්‍යාපෘතිවලට මුළුමනින් අවනත නොවූ මෙන්ම බටහිර ආධිපත්‍යයට අභියෝග කරන නායකයන් හා ආණ්ඩු සමඟ ජනතා බලය ඇති බව පෙනෙන්නට තිබේ. වෙනිසියුලාවේ චාවෙස්, රුසියාවේ පුටින්, ඉරානයේ අහමදින් ජාඩ් ආදී නායකයන් කිහිපදෙනකුම ඊට නිදසුන් ය. ශ්‍රී ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා පියවර ගනිමින් සිටී. අඩු ආදායම් ලබන ජනයාට ආදායම් බෙදී යා යුතුය. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද රාජ්‍ය අංශය ශක්තිමත් කළ යුතුය යන දැක්මෙන් යුතුව ක්‍රියාකරන නායකයෙකි. එමෙන්ම ඔහු අධිපති රටවල නොනිසි බලපෑම්වලට යට නොවන නායකයකු වීම විශේෂත්වයකි. ඔහුගේ නායකත්වය මෙරට ජනයා ඉහළින් පිළිගන්නා බවට 2019 වසරේ නොවැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් මනාව තහවුරු විය. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලය ජාතියේ ඉරණම තීන්දු කරන කාල පරිච්ඡේදයක් වනු නොඅනුමානය.

     

    මහින්ද අලුත්ගෙදර

     

    Latest Posts

    මෘත දේහයක දින 27කට පසුවත් කොරෝනා වෛරසය – ඔස්ට්‍රේලියාවේ පර්යේෂණයකින් හෙළිවේ!

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ප්‍රකාශ කරන්නේ, කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔස්ට්‍රේලියාවේ පර්යේෂක...

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...

    පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර...

    බන්ධනාගාර කොරෝනා ආසාදිතයින් 719ක් වෙයි

    බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද(24) වන විට 719ක් දක්වා ඉහළ ගොස් ඇත.    එසේම අද දිනයේ දී පමණක් ආසාදිතයින් 37දෙනෙකු වාර්තා වී ඇති බව සදහන්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.