24 C
Colombo
Thursday, November 26, 2020

‘ස්පුට්නික් 5’ 95%ක් සාර්ථකයි

Author(s): මහින්ද අලුත්ගෙදරනව කොරෝනා වයිරසයට එරෙහිව නිෂ්පාදනය කළ ‘ස්පුට්නික් 5’ එන්නත සියයට 95ක්ම සාර්ථක වී ඇතැයි එම එන්නතේ සායනික අත්හදා බැලීම්වල දෙවැනි අන්තර්කාලීන විශ්ලේෂණ දත්ත...
More

    Latest Posts

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    මින් පසු රජයේ ආයතවලින් වෙළද දැන්වීම් නෑ.

    රජයෙන් සියලුම මාධ්‍ය ආයතන වෙත ලබා දී තිබූ වෙළෙද දැන්වීම් වහාම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  නියෝග කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ ආයතන, සංස්ථා,...

    අම්බලන්ගොඩ අම්මටයි,තාත්තටයි කොරෝනා…ළමයි පාසල් ගිහින්.

    පාසැල් යළි විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු සඳහා (23) දිනයේදී පාසැල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ්  වෛරසය ආසාදනය වී ඇති බවට...

    බදු වංචාව ගැන ජනපති නියමයෙන් පරික්ෂණයක්… වයඹ අරක්කු පටන් ගන්න අලිරාජාත් මිලියන 150ක් දිලා.

    බදු වංචාවක් පිළිබදව සමාජ මාධ්‍ය එස්සේ මෙසේ සටහන් වී තිබිණි…………………………………………………………………….. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්ටලරීස් සමාගම බදු වංචා කරමින් නියමිත ක්‍රියා පටිපාටියට පිටින් යමින්...

    සිතට ගෙනෙන සැනසිල්ල සුකොමළ පරෙයියන් ඇල්ල

    සුන්දර නමුණුකුළ කඳු වැටියෙන් ආරම්භ වන මැණික් නදිය ඌව වෙල්ලස්සේ කෙත්වතු සරුසාර කරමින් යන ගමනෙහි අතරමඟ මැවූ සුන්දර නිමැවුමක් ලෙස පරෙයියන් ඇල්ල අපට හමුවෙයි. වන වදුලේ සැඟව සුකොමළ ලීලා මවන මේ අපූරු සොබාදම් නිමැවුම බැලූ බැල්මට එක ඇල්ලක් නොව දිය ඇලි දෙකකි. මැණික් නදියෙහි ජල කඳෙන් උපත ලබා තිබෙන මෙම දිය කොමළිය අවුරුද්දෙහි වැඩි කාලයක් ගල් කුළ මතින් දෙකට බෙදී කඩා හැලෙන්නේ එකම රූ සොබා ඇති සුන්දර ලලනාවන් දෙදෙනකු ලෙසිනි. මැණික් නදියෙහි වතුර වැඩිවන කාලයට මෙම ළඳුන් දෙදෙනා එකට එක්කාසුව එකම දිය ඇල්ලක් බවට පත් වන බව ගම්මු පවසති.

    පරෙයියන් ඇල්ලේ ඉහළ කොටසෙහි ජල ක්‍රීඩා කිරීමට සුදුසු ලෙස සකස් වී ඇති කොටස අතීතයේ මානාභරණ කුමරුන් දිය කෙළියේ යෙදුණ ස්ථානයක් ලෙස මතයක් පවතියි. මෙහි දක්නට ඇති ගල් පඩි එකී විශ්වාසය ප්‍රත්‍යක්ෂ කරන සාධකයන්ය. දිය ඇල්ල කඩා හැලෙන උස් ගල් කුළක් මත පරවියකුගේ රූපය කොටා ඇති නිසා මෙලෙස සරැලි මවන කොමළ ළියට පරෙයියන් ඇල්ල යන නම යොදා තිබෙන බවත් ගම්වැසියෝ පවසති. එපමණක් නොව එසේ පරෙවියකුගේ රූපය කොටා ඇති ස්ථානයේ නිධානයක් ඇති බවත් එම නිධානය කිසිදා කිසිවකුට ළඟා විය නොහැකි බවත් ගැමියන්ගේ අදහසයි.

    සොඳුරු අත්දැකීම් අත පොවන මානයේ නම් රැඳෙන්නේ නැත. සැබැවින්ම අරමුණු කරා ළඟා වීම දුෂ්කරය. අතිශයින්ම වෙහෙසකාරීය. එහෙත් අරමුණ දිනා ගත් විට දැනෙන හැඟීම වචනයට නැඟිය නොහැකි තරම්ම තෘප්තිමත්ය. මෙකී දහම පරෙයියන් ඇල්ල සම්බන්ධව ද අපූරුවට ගැළපෙයි. පරෙයියන් ඇල්ලෙහි චමත්කාරය විඳීමට නම් තරමක වෙහෙසකාරී ගමන් අත්දැකීම විඳ ගත යුතුමය. කඳු වැටි හා රක්ෂිතයෙහි විසල් තුරු ලතා අතරින් යන මේ ගමනෙහි ඇත්තේ අමුතුම සුන්දරත්වයකි.

    පරෙයියන් ඇල්ල දකින්නට ඔබ පැමිණිය යුත්තේ බුත්තල බඩල්කුඹුර මාර්ගයෙහිය. එම මාර්ගයෙහි පැමිණ බඩල්කුඹුර නගරයෙන් බුත්තල දෙසට කි.මී. 4ක් පැමිණි විට දකුණු පැත්තෙහි ඇති පරෙයියන් ඇල්ල යනුවෙන් සටහන් වූ පුවරුව ඔබට මඟ කියනු ඇත. එතැන් සිට දුන්හිඳයාය ගම්මානය හරහා වැටුණ අඩක් කොන්ක්‍රීට් කරන ලද පාර දිගේ කි.මි. 2 ක් ගමන් කළ පසු හමුවන බෝ ගහ හන්දියෙන් ඔබ හැරිය යුත්තේ දකුණටය. එතැනින් ගල් පඩි පෙළ බැස ගඟ දිගේ ඉහළට යන්න යැයි මඟ අසන ගැමියකුගෙන් උපදෙස් ලැබෙනු ඇත. ගඟ දිගේ ඉහළට යන්නැයි පැවසුව ද ඔබ යා යුත්තේ ගං ඉවුර දිගේ උඩහටය.

    මීටර් 22 ක පමණ විසල් ගල් කුළක් මතින් මැණික් නදියෙහි ගමන් මඟ වැටී ඇති තැනකින් මෙම ඇල්ල නිර්මාණය වි ඇති අපූරුව දෑසින් බලා පසක් කර ගැනීමේ අවස්ථාව ඔබට උදා වනු ඇත. හැම දෙයක්ම සැබැවින්ම සුන්දරය, චමත්කාරජනකය. ඇල්ල සිසාරා විසල් ගල් කුළු, එම ගල් කුළු පසාරු කර ගත් ගල් කුහර මෙහි ඇති විශේෂත්වයයි. මෙම ගල් කුහරයක කි.මි. 5ක පමණ උමඟක් ද ඇති බව ගම්මු පවසති. ඇල්ල පාමුල ඇති ලොකු ගල් ගෙඩි ජලය අතරින් මතුවෙමින් නොයෙකුත් රටා මවන්නේ මෙහි සුන්දරත්වය දෙගුණ තෙගුණ කරමිනි. මේ දසුන නෙත දුටු සැණින් ඔබ පෙළූ ගමන් වෙහෙස ඔබ හැර ගියේ කොතනකටදැයි සිතා ගත නොහැකි වනු ඇත.

     

     

    සටහන – ධම්මිකා සුරංජි පතිරණ

    ඡායාරූප – ආසිරි උපේන්ද්‍ර ඩයස්

    Latest Posts

    දරු සෙනෙහසේ අරුමය!

    පූජාවලියෙහි රස මුසු තැන් කෙරෙහි පසුගිය ලිපි දෙකෙන් අප කළ අනාවරණ, බොහෝ පාඨකයන්ගේ ධර්ම ඥානය මෙන්ම, සාහිත්‍ය රසය ද පුළුල් කිරීමෙහිලා සමත් විය. මෙවර...

    රහමාන් මුදියන්සේ සිංහල බළමුළු මෙහෙයවයි

    මැදින් මහ අහවර වී මැදියම ගෙවුණා පමණි. පුහුුල් පහන් එකලු කළ කැලණි නදිය මතින් උඩුගංබලා ඔරුව හබල් ගෑවේ කටුපැලැස්ස තොටුපළෙනි. බියගමින් දොම්පේ හරහා මල්වානට...

    ප්‍රාග් ඓතිහාසික වංශකථාවට නව මානයක් එක් කළ කුරුවිට බටදොඹ ලෙන

    මානව ශිෂ්ටාචාරයේ මුල්ම මානවයන් දකුණු අප්‍රිකාවෙන් බිහි වූ පසු සුවදායි මෙන්ම ආහාර සහිත පරිසර කලාප සොයා ගිය ගමනේ නවාතැන් පොළක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීමට...

    දුවගේ වැඩ නිසා SSP තාත්තා සාමාන්‍ය රාජකාරියට මාරු කරයි.

    පසුගිය දිනෙක රියැදුරු බලපත් නොමැතිව රිය පදවා කුරුදුවත්තේදී කෝටි 6කට ආසන්න අලාභයක් කළ බව කියන දියණියගේ පියා වන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.