සිල් රෙදි නඩුවේ අභියාචන තීන්දුව හෙට

0
6

සිල් රෙදි නඩුවේ මහාධිකරණ තීන්දුවට එරෙහිව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ගොනු කර ඇති අභියාචන පෙත්සම් පිළිබඳ තීන්දුව හෙට (19)ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (17) තීරණය කළේය. එම තීන්දුව ඉකුත් 13වැනිදා ප්‍රකාශ කිරීමට නියමිත ව තිබුණ නමුත් උපරිමාධිකරණ සංකීර්ණය පිහිටි කෙසෙල් වත්ත ආශ්‍රිත ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම නිසා නඩු කටයුතු කැඳවීමට නොහැකි විය.

ඊයේ (17) මෙම පෙත්සම් කැඳවූ අභියාචනාධිකරණය එම නඩු තීන්දුව සූදානම් කර ඇති බැවින් එය ප්‍රකාශ කිරීමට පෙත්සම් මෙම මස 19 වැනිදා කැඳවීමට තීරණය කළේය.

ඒ අනුව එම පෙත්සම්ෙවල පාර්ශවකරුවන් ට එදින අධිකරණයේ පෙනී දන්වා නොතිසි යවන ලෙස අභියාචනාධිකරණ ලේඛකාධිකාරීවරයාට නියම කෙරිණ.

මෙම පෙත්සම් කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් එම කොමිසමේ හිටපු සභාපති, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ එම කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණි.

එම නඩුව විනිසුරුවරුන් කිහිප දෙනෙකු ඉදිරියේ වරින් වර විභාගයට ගත් අතර අවසන් වරට එය විභාග කළ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සිය තීන්දුව 2017 වසරේ සැප්තැම්බර් මස 07 වනදා ප්‍රකාශ කළේය.

විත්තිකරුවන් අධිචෝදනාවන්ට වරදකරුවන් බවට තීන්දු කර ඔවුන්ට බරපතල වැඩ සහිතව වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් ද කොළඹ මහාධිකරණය මගින් නියම කරනු ලැබීය.

තමන්ට දඬුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත්, තමන් ට සාධාරණ නඩු විභාගයක් නොලැබුණු බ‍ෙත් පවසමින් විත්තිකාර අභියාචකයන් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ලෙස සහ මහාධිකරණ තීන්දුව බල රහිත කරන ලෙස පෙත්සම් මගින් ඉල්ලා ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here