24 C
Colombo
Thursday, November 26, 2020

ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වෙයි.

ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන 1986 පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට දිනා දුන් ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිවසේ සිටියදී...
More

    Latest Posts

    දේශීයව යතුරුපැදි එකලස් කිරීමට සහ අමතර කොටස් නිෂ්පාදනයට පියවර!

    දේශීයව යතුරුපැදි එකලස් කිරීම සහ යතුරු පැදි අමතර කොටස් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන ලෙස යතුරුපැදි එකළස්කරුවන් සහ කර්මාන්ත...

    කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති හදිසියේ මියයයි – හලාවත හිමිනමකුත් අපවත් වෙයි

    කොළඹ ගාලුමුවදොර පිටියේදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන්...

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    සුවපත් මනසක අසිරිය

    වසංගත තත්ත්වය සාමාජයට බලපෑමක් බවට පත් වන අවස්ථා කිහිපයක් හඳුනා ගත හැකිය. ඉන් පළමු වැන්න රෝගයට දක්වන බියය. රෝගයට දක්වන බිය ආකාර කිහිපයකින් පැවතිය හැකිය. මින් වැඩි බලපෑමක් ඇති පිරිස නම් ලෙඩ රෝගවලට බිය පිරිසය. නැතහොත් මේ වන විටත් තමන් කිසියම් ලෙඩකින් පෙළෙන බව සිතමින් සැකයෙන් යුතුව කටයුතු කරන පිරිසය.

    කොවිඩ්-19 ශාරීරික රෝගයකි. ඒත් එහි දැඩි බලපෑමක් මානසිකව සිදු වන බව සාමාජික මෙන්ම සමාජ විද්‍යාත්මක කරුණු ඇසුරින් තහවුරු වේ‍‍. මෙම රෝගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචන අනුව ලෝක වසංගතයක් ලෙස නම් කරවූයේ යම් රෝගි තත්ත්වයක් ලොව පුරා පාලනය කළ නොහැකි මට්ටමින් පැතිර යමින් පැවතීම නිසයි. ශ්‍රී ලංකාව මෙම රෝග තත්ත්වය මුලින් පාලනයට යටත් කර ගත්ත ද මේ වන විට එය දරුණු මට්ටමින් පැතිරී යන තත්ත්වයක් උද්ගත වී තිබේ. මෙය මානසිකවත් විවිධාකාරයෙන් බලපෑම් ඇති කරන රෝගයක් බව හඳුනාගෙන තිබේ.

    මෙම තත්ත්වය අවස්ථානුකූලව මෙන්ම පුද්ගලානුබද්ධව විවිධ මට්ටමින් බලපෑම් ඇති කරන බව අනාවරණය වේ. දරුවන්ට, වැඩිහිටියන්ට, තරුණ සහ මැදිවියේ අයට වශයෙන් සමස්ත සමාජයටම බලපෑම් කරනු ලබන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබේ.

    මෙම බලපෑම මූලික වශයෙන් දෙයාකාර බව හඳුනාගත හැකිය. ඉන් පළමු වැන්න කොවිඩ් වයිරසය හේතුවෙන් මානසික සංකූලතාය. දෙවැන්න ‌වන්නේ වයිරසය හේතුවෙන් ඇති වන සමාජ බලපෑම නිසා ඇති විය හැකි මානසික බිඳවැටීම් රෝග තත්ත්වයන් බවට උත්සන්න වීමයි. වයිරසය නිසාම ඇති වන මානසික සංකූලතා පිළිබඳ මේ වන විට පර්යේෂණ කිහිපයකින්ම අනාවරණය කොට තිබේ. ඒ අනුව එංගලන්තයේ කළ පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ වයිරසය ආසාදනය වීම හේතුවෙන් මොළයට පවා හානි විය හැකි බවය. එපමණක් නොව මෙම හානිවීම වයිරසය ආසාදනය වී සති කිහිපයක් හෝ මාස කිහිපයක් ඇතුළත විය හැකි බවට ද පැවසේ.

    මානසික ආබාධ සංකූලතා

    මෙසේ කෙටි කාලීනව හෝ දීර්ඝ කාලීනව විවිධ ස්නායු සහ මානසික ආබාධ සංකූලතා ඇති විය හැකි බවටත් හඳුනා ‌ගෙන ඇත. එසේ ඇති විය හැකි ස්නායු ආබාධ හේතුවෙන් මතක ශක්තිය හීන වීම, අවධානය ගිලිහී යෑම විශාදය, ආවේග පාලනය කර ගත නොහැකි බව වැනි තත්ත්වයන් උද්ගත විය හැකිය. ඊට අමතරව මොළයේ උණ ඇතිවීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වයට සෘජුව බලපෑම් එල්ල වීමේ අවස්ථා ද පවතී.

    වසංගත තත්ත්වය සාමාජයට බලපෑමක් බවට පත් වන අවස්ථා කිහිපයක් හඳුනා ගත හැකිය. ඉන් පළමු වැන්න රෝගයට දක්වන බියය. රෝගයට දක්වන බිය ආකාර කිහිපයකින් පැවතිය හැකිය. මින් වැඩි බලපෑමක් ඇති පිරිස නම් ලෙඩ රෝගවලට බිය පිරිසය. නැතහොත් මේ වන විටත් තමන් කිසියම් ලෙඩකින් පෙළෙන බව සිතමින් සැකයෙන් යුතුව කටයුතු කරන පිරිසය. ඒ අය නිතර පසුවන්නේ තමන්ට කිසියම් රෝගයක් ඇතැයි යන සැකයෙනි. බොහෝ විට මෙවැනි අයට රෝගයක් නැතත් තමන්ගේ ශරීරයේ කුඩා වේදනාවක් අඩුපාඩුවක් පැවති විට එය කායික රෝගයක් යැයි සිතමින් කටයුතු කරති. මෙම තත්ත්වය අපි හඳුන්වන්නේ Health anxiety එනම් සෞඛ්‍ය පිළිබඳ ඇති කාන්සා රෝග තත්ත්වය ලෙසයි. කොවිඩ්-19 රෝගය පැමිණීමෙන් අනතුරුව මේ අය තමන්ට කොවිඩ් වැලදේවි යැයි බියෙන් පසුවෙති. මේ පිළිබඳ මාධ්‍ය වාර්තා ආදිය දැකීමෙන් මේ අය තුළ ඇති තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකිය. මෙම රෝග තත්ත්වයෙන් පීඩා විඳින අය එදිනෙදා ජීවිතයේ කටයුතු මඟ හරිමින් කොවිඩ් 19 පිළිබඳ සිතමින් ඒ පිළිබඳ සොයමින් කාලය ගත කරනු හඳුනා ගත හැකිය.

    මේ මානසික ස්වභාවය නිසාවෙන් කාන්සා, තත්ත්වයක් ඇති විය හැකිය. ඒ අනුව හුස්ම ගැනීමේ අපහසුතාව, දහදිය දැමීම, හිසෙහි කැක්කුම, හෘදය ස්පන්දනය වැඩි වීම වැනි අපහසුතා ඇති විය හැකිය.

    දිගින් දිගටම බිය වර්ධනය වීම හේතුවෙන් මේ තත්ත්වයන් වර්ධනය විය හැකිය. එපමණක් නොව මෙසේ මානසික බිඳ වැටීම ශරීරයේ ප්‍රතිශක්තිය දුර්වලවීමට ද හේතුවක් වේ. මෙවැනි පිරිස් කොවිඩ් 19 නැතත් වෙනත් වයිරස් හෝ බැක්ටීරියා රෝගවලට ගොදුරු වීමට වැඩි ඉඩකඩක් පවතී.

    අසුබවාදී ආකල්ප

    කොවිඩ් 19 රෝගය මානසිකව දරුණු ආකාරයෙන් බලපෑ හැකි තවත් විශේෂ පිරිසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ යුතුය. එනම් ජීවිතය පිළිබඳ නිරන්තරයෙන් අසුබවාදීව සිතමින් කලකිරීමෙන් යුතුව පසුවන පිරිසය. මානසික රෝගි තත්ත්වයක් වන මේ තත්ත්වයේ පසුවන පිරිස බොහෝ විට තමා මරණයට පත් වේ යැයි නිතර කනගාටුවෙන් අසතුටින් පසු වන ස්වභාවයක් පවතී. මේ අය සමාජයේ පවතින ඕනෑම පීඩනයක් පිළිබඳ පවතින්නේ අසුබවාදී ආකල්පයකි. මේ හේතු නිසාම මේ අය තමාටත් කොවිඩ් 19 වැලදේවි දැයි පසුතැවීමෙන් පසුවන අතර, තමා ඉන් රෝගිව මිය ගිය හොත් තම සමීපතමයන් තනිවේ යැයි ආදී වශයෙන් දිගින් දිගට කල්පනා කරමින් රෝගි මානසිකත්වයෙන් පෙළෙණු හඳුනා ගත හැකියි. මෙවැනි අය රෝගයට ඇති බිය නිසා ඇති විශාදය තත්ත්වය උත්සන්න වී තමන්ගේ ජීවිතය ද වටිනාකමක් නැති බවට තීරණය කර ජීවිත හානි පවා සිදු කර ගැනීමට පෙලඹෙන අවස්ථා හඳුනාගත හැකිය. පසුගිය දිනවල එවන් අවස්ථා දෙකක් වාර්තා වී තිබුණි. එක් කාන්තාවක් තම පවුලේ තිදෙනකුට කොවිඩ් 19 වැලඳීම නිසා එය දරාගත නොහැකිව ජීවිතය හානි කර ගැනීමට පෙලඹී තිබිණි. අනෙක් කාරණය බස් රියැදුරකු තම බස් රථයේ ගිය මගියකුට කොවිඩ් 19 වැලඳි බවට දැන ගැනීමෙන් අනතුරුව තමාටත් මේ රෝගය වැලදේවි යැයි බියෙන් මෙන්ම තම නිවැසියන්ට ද තමා වෙතින් මේ රෝගය බෝවේ යැයි වන මානසිකත්වයෙන් යුතුව ජීවිතය අහිමි කර ගෙන තිබිණි.

    දෙවැන්න කොවිඩ් 19 වැලඳීම නිසා සියල්ල අවසන් යැයි සිතා තවදුරටත් ජීවත්වීම තේරුමක් නැති බවට තීරණ ගැනීම යන කාරණා දෙකම හේතුවෙන් මානසික බිඳ වැටීමක් විශාදය තත්ත්වයට වර්ධනය වීමෙන් ඇති වූ රෝග තත්ත්වයකි.

    නිරෝධායන ක්‍රියාවලිය

    කොවිඩ් 19 රෝගය පාලනය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග හේතුවෙන් ද මානසික රෝග උත්සන්න වීම හෝ ඇතිවීමක් ද සිදු වේ. රෝග පාලනය සඳහා වන නිරෝධායන ක්‍රියාවලියේදී තමන් ආදරය කරන අයගෙන් දුරස්වීමට සිදු වීම නිසා ගැටලු ඇති විය හැකිය. විශේෂයෙන් රෝගය පිළිබඳ පවතින බියත් සමඟම නිරෝධායන කටයුතු සඳහා වෙන්වීමට සිදුවීමේදී තමන් යන තැන පිළිබඳ කුමක් සඳහා පිටත් වී යන්නේ ද වැනි කාරණා පිළිබඳ දැනුවත් වීම වඩාත් වැදගත් වේ. මෙවැනි අවස්ථාවලදී ඇති වන මානසික බිඳවැටීම් අවම කළ හැක්කේ නිරෝධායනය සඳහා ගෙන යෑමේ අවශ්‍යතාව මෙන්ම රැගෙන යන ස්ථානය පිළිබඳත් නිවැරැදිව දැනුවත් කිරීමෙන් අනතුරුව එම කාර්යයන් කිරීමට ඒ සඳහා රාජකාරියේ නිරත පිරිස් වගකීමෙන් යුතුව කටයුතු කිරීමෙනි. එපමණක් නොව නිරෝධායනය හෝ ප්‍රතිකාර සඳහා නිවෙසකින් කෙනකු හෝ කිහිපදෙනකු බැහැරට රැගෙන යෑමෙන් අනතුරුව නිවෙසේ වෙසෙන අන් අය පිළිබඳ වගකිව යුතු අංශ මෙන්ම අසල්වාසීන් විසින් ද සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් සොයා බැලීමට කටයුතු කළ යුතු වෙයි.

    විශේෂයෙන් නිවෙසේ විශේෂ අවශ්‍යතා ඇති කෙනකු සිටී නම් එවන් අය පිළිබඳ විශේෂයෙන් සොයා බැලීමට ඒ අයගේ මානසික තත්ත්වය නඟාසිටුවමින් එවන් අය තනි නොකිරීමටත් වැඩපිළිවෙළක් තිබිය යුතු වේ. මෙවන් සිදුවීමක් පිළිබඳ පසුගිය දිනෙක වාර්තා වූයේ මව නිරෝධායනයට ගෙන යෑමෙන් අනතුරුව විශේෂ අවශ්‍යතා ඇති දරුවා තම රැකවරණය අහිමි වේ යැයි සංවේගයට පත් වී දිවි තොර කර ගැනීමක් පිළිබඳවය. නිරෝධායන ක්‍රියාවලිය තුළදී ඇතැම් විට ආහාර, ඉඳුම් හිටුම් පිළිබඳ බොහෝ ගැටලු තත්ත්වයන් ඇති කර ගනුයේ පවතින මානසික පීඩාව එවන් කාරණා ඔස්සේ මුදාහැරීමක් ලෙසිනි.

    මෙපමණක් නොව නිරෝධායනය සඳහා වෙන් වූ නිවෙසක් යන දැන්වීම හේතුවෙන් කෙනකු රෝගියකු යැයි සැක කිරීම නිසා හෝ ආශ්‍රිතයකු ලෙස හඳුනා ගැනීම හේතුවෙන් නිරෝධායනයට යටත්වීම නිසා අසල් වැසියන් වෙතින් කොන් කිරීමකට ලක්විය හැකිය. ඒ අය නොසලකා හැරිය නොහැකිය. එවන් හේතු මානසික රෝගි තත්ත්වක් කරා වර්ධනය වීමට වැඩි ඉඩක් පවතින බැවිනි.

    කොවිඩ් 19 රෝගයෙන් වැළකීම සඳහා දෙනු ලබන උපදෙස් ඇතැමකුට මානසිකව නරක ආකාරයෙන් බලපෑමක් ඇති විය හැකිය. තේරුමක් නැති එකම සිතිවිල්ලක් නිතර නිතර ඇති වන “ග්‍රන්ථිය” යනුවෙන් හඳුන්වන රෝගි තත්ත්වයක් ඇත. සාමාන්‍යයෙන් එම පුද්ගලයන්ට නිතර නිතර අත සේදීමට සිතීම නැවත නැවත නෑමට වුවමනා වීම වැනි දේ දක්නට ලැ‌බේ. කොවිඩ් වළක්වා ගැනීම සඳහා දෙනු ලබන උපදෙස්වලින් නිතර අත සේදිය යුතු යැයි කියැවේ. එහෙත් මෙවැනි රෝගීන්ට මනෝවිද්‍යාත්මකව දෙනු ලබන උපදෙස් වන්නේ නැවත නැවත එකම දේ කිරීමට සිතුණ ද ඉන් වැළකීමට පුහුණු වන ලෙසය. මෙවැනි තත්ත්වයකදී මෙවැනි රෝගයකින් පෙළෙන පිරිස් කුමන උපදෙස පිළිපැදිය යුතුදැයි කනස්සල්ලට පත්විය හැකිය. එවැනි අයට දිය හැකි උපදෙස වන්නේ සෞඛ්‍ය උපදෙස් අනුව එවැනි පිළිවෙත් අනුගමනය කළ යුතුය යන්නයි.

    ගෘහස්ථ හිංසනය

    කොවිඩ් 19 නිසා මේ වකවානුවේ අඹු සැමියන් ද දරුවන් ද බොහෝදුරට නිවෙසට සීමා වී සිටී. පසුගිය සමයේ ගෘහස්ථ හිංසනය පිළිබඳ පැමිණිලි බහුල වූ බවක් වාර්තා විණි. මෙවන් වකවානුවක තම නිවෙස තම ආදරණීයයන් සමඟ හැකිතාක් ළෙන්ගතුව ගෙවිය හැකි ක්‍රමයන් සොයා ගැනීම වඩාත් වැදගත් වේ.

    එමෙන්ම දරුවන් සහ වැඩිහිටියන් මානසිකව බිඳ වැටීමට නොදී ආරක්ෂා කිරීම සමාජ වගකීමක් බවට පත්ව තිබේ. මේ වකවානුවේ දරුවන් නිවෙස්වලට සීමා වී ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රීඩා කටයුතු මිතුරු සමාගම් මේ සියල්ලෙන් දුරස්ව සිටී. අවිධිමත් ආකාරයෙන් අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කෙරුණ ද ඒ හේතුවෙන් නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වී තිබේ. බොහෝ දරුවන් ස්මාට් දුරකථන මෙන්ම පරිගණක ඔස්සේ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීම වැනි ගැටලු මතු වී තිබේ. මේ සෑම තත්ත්වයක්ම දරුවන්ගේ පෞරුෂ වර්ධනයට බලපාන කරුණු බවට පත් වී ඇත. මවුපියන් මෙන්ම වැඩිහිටියන් ද දරුවන්ට වඩාත් ආදරයෙන් යුතුව සලකමින් වැය වන කාලය ඔවුන් සමඟ සමීපව ගත කිරීමට උනන්දු විය යුතුය.

    එමෙන්ම නිතර ජනමාධ්‍යයන්ගෙන් ප්‍රචාරය වන තොරතුරු හේතුවෙන් බෝ නොවන වර්ගයේ දියවැඩියාව හෘදය රෝග අධිරුධිර පීඩනය ආදිය සඳහා සායනික මට්ටමින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් මේ අවස්ථාවේ මහත් අසරණ තත්ත්වයකට පත්වීමට වැඩි ඉඩකඩක් තිබේ. පළ වන පුවත් අනුව තමා මිය යෑම සමාජය අනුමත කරන බවක් ඔවුන් වෙත සන්නිවේදනය විය හැකිය. එසේම පවතින තත්ත්වයෙන් ගැලවීමක් නොවන බවත් තමන් කඩිනමින් මරණයට පත් විය හැකි බවටත් කනස්සල්ලෙන් පසුවීමට ඉඩකඩ තිබේ. මෙවැනි පිරිස් ආරක්ෂා කර ගැනීම ඔවුන් නිති පතා ගන්නා බෙහෙත් ඖෂධ ආදිය භාවිත කිරීම පිළිබඳ සොයා බැලීම කළ යුතුය.

    මෙවන් වකවානුවක කොවිඩ් ආසාදනය නිසා රෝගි වූ හෝ ජීවිත හානියට පත් පවුල්වල තත්ත්වය පිළිබඳව විශේෂයෙන් විමසිලිමත් විය යුතුයි. හදිසියේ සිදු වන මෙවන් මරණ තත්ත්වයක් දරාගැ නීම අසීරු බව හැඟී යයි. එසේම මරණයවත් හරි හැටි දැක ගැනීමට නොහැකි ලෙස අවසන් කටයුතු සිදු වේ. සමීප කෙනකුගේ වියෝගයෙන් ඇති වන දුක සමනය කර ගැනීම ඔවුන්ගේ සමීපතමයන්ට කාලයක් හෝ අවස්ථාවක් නැති තත්ත්වයක් උද්ගතව තිබේ. මේ නිසා මේ අය මානසික අසහනයන්ට මෙන්ම කම්පනයන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් තිබේ. මේ තත්ත්වයන්ගෙන් මිදීමට ඒ අයට සහාය දැක්විය යුතුය.

    මෙවැනි අවස්ථාවකදී මෙතෙක් කරගෙන ආ පුරුදු ජීවිතය වෙනස්වීම නිසා ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වී තිබේ. බොහෝ දෙනකුට විනෝද චාරිකාවලට සහභාගි වීම, ආහාර ගැනීම සඳහා පිටතට යෑම වැනි කටයුතු සඳහා පුරුදු වී සිටිය ද මේ වන විට මේ කටයුතු වෙනස් වී තිබීම ඇතැමකුට දරා ගැනීමට අපහසු වී ඇත. එහෙත් පවතින තත්ත්වයට සතුටින් සැහැල්ලුවෙන් මුහුණ දීම වඩාත් වැදගත් වේ.

    උපදෙස් සහ ඖෂධමය ප්‍රතිකාර

    කෙසේ වෙතත් මානසිකව බිඳ වැටීම දරා ගත නොහැකි බව වැනි තත්ත්වයන්ට මුහුණ දීමට අපහසු වේ නම් ඒ අයට උපදෙස් ගැනීම සහ ඖෂධමය ප්‍රතිකාර ගැනීම රජයේ රෝහල්වලින් සිදු කෙරේ.

    මේ අවස්ථාවේ අනෙකුත් සෑම පාර්ශ්වයක් පිළිබඳ මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ආරක්ෂක අංශ සහ අත්‍යවශ්‍ය සේවාවල නිරතවී සිටින අයගේ මානසික තත්ත්වය යහපත්ව පවත්වා ගැනීමට අවැසි සහාය දිය යුතු වේ. පඩි දීම, දිරි දීමනා දීම වැනි කටයුතුවලට වැඩි යමක් ඔවුන්ගේ සේවය අගයනු වස් කළ යුතුය. ඔවුනට අවැසි පහසුකම් විවේකය මෙන්ම ඔවුන්ගේ නිවැසියන්ගේ ආරක්ෂාව මෙන්ම පරිස්සම පිළිබඳ සැලකිලිමත් වීම ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා කටයුතු කළ යුතුය.

    ව්‍යසන, වසංගත, යුද්ධ, දුර්භික්ෂ ආදිය මානව ඉතිහාසය තුළ කොතෙකුත් පැමිණ තිබේ. එහෙත් ඒවා මැඬගෙන පැමිණීමට තරම් සෑම අවස්ථාවකම ශක්තිමත්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. කොවිඩ් 19 පැරදවීමට ලොවම එකාවන්ව කැප වෙමින් සිටී. කොවිඩ් පරාජය කිරීමට දිය හැකි සහාය නම් හැකි තාක් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමය. මනසින් ශක්තිමත්ව වඩාත් හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කිරීම කළ යුතුය.

    බුද්ධිකා බ්‍රාහ්මණගේ

    Latest Posts

    දේශීයව යතුරුපැදි එකලස් කිරීමට සහ අමතර කොටස් නිෂ්පාදනයට පියවර!

    දේශීයව යතුරුපැදි එකලස් කිරීම සහ යතුරු පැදි අමතර කොටස් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කරන ලෙස යතුරුපැදි එකළස්කරුවන් සහ කර්මාන්ත...

    කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපති හදිසියේ මියයයි – හලාවත හිමිනමකුත් අපවත් වෙයි

    කොළඹ ගාලුමුවදොර පිටියේදී හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන්...

    ජපාන කෝටිපතියෙකුගේ දියණිය පන්නාගෙන ආ ලාංකික තරුණයා අත්අඩංගුවට – තරුණියත් හමුවෙයි

    ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණියක් මෙරටට පැහැරගෙන ආ බව කියන ශ්‍රී ලාංකික පෙම්වතා සහ එම තරුණිය කොච්චිකඩේ පොලිසිය විසින් සොයාගෙන තිබේ.එම පෙම්වතාගේ...

    “නිවාර්” ක්‍රමයෙන් දුර්වල වෙයි

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.