අගමැතිට සෙත්පතා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී බෝධි පූජා පින්කමක්

0
22
Author(s): 
ස්වර්ණා විජේකෝන්
නුවන් කොඩිකාර
සන්ධ්‍යා කරුණාරත්න

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් බෝධි පූජාමය පින්කමක් ඊයේ (18) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණ. අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා මේ විශේෂ බෝධිපූජාමය පින්කම සංවිධාන කර තිබිණ.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පාර්ලිමේන්තු බෞද්ධ සංගමය විසින් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සමඟ එක්ව මෙය සංවිධාන කෙරිණි.මරදාන බෞද්ධායතනාධිපති ලුණුගම්වෙහෙර විමලානන්ද හිමියන් විසින් කෙටි අනුශාසනාවක් පැවැත්වීමෙන් අනතුරුව පිරිත් සජ්ඣායනා කොට අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සෙත් පැතීම සිදු කෙරිණි.

මහින්ද රාජපක්ෂ මහතා 2004 වසරේ අගමැතිව සිටි සමයේ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ එතුමා විසින් රෝපණය කරන ලද බෝධීන් වහන්සේ අභියස සිට මේ බෝධිපූජාමය පින්කම පැවැත්වීම ද විශේෂත්වයකි.මැති ඇමැතිවරු, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here