24 C
Colombo
Tuesday, November 24, 2020

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...
More

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    අඳුරෙන් එළියක්

    Author(s): 
    උදිත ගුණවර්ධන

    සෑම කළු වලාවකම රිදී ඉරක් ඇතැයි ප්‍රකට කියමනක් තිබේ. එනම් ඕනෑම අයහපත් දේකම යහපත් පැතිකඩක් තිබීමය. එනිසා සෑම නරක දෙයකම හොඳ මතු කර වලාකුළේ අඳුර වෙනුවට රිදී රේඛාවේ එළියෙන් පරිස්සමින් ප්‍රයෝජන ගැනීමට අප හුරු විය යුතුය. අප සෑම විටම අඳුරට දෙස් තබනවා වෙනුවට එහි ඇති යහපත් දේ ගැන කල්පනා කළ යුතුය. අප රටක් ලෙස මේ ගත කරන්නේ සරල සුමට කාලයක් නොවේ. අප රට පමණක් නොව මුළු රටම මුහුණ දී තිබෙන්නේ නරක කාලයකටය. එය ගෝලීය වසංගත තත්ත්වයකි. මේ නිසා ලොව පුරා ආර්ථික අවපාතයකි. රැකියා දහස් ගණන් අහිමි වීම්ය. මෙහි නරක ප්‍රතිඵලය ලෝකයම අත් විඳිමින් සිටිති. එය මේ කාලයේ නිමා වී නැවත යහපත් කාලයක් එළැඹෙතැයි අපට අනාවැකි කීමට ද කිසිදු හැකියාවක් නොමැත. එහෙත් පසුගියදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සුවිශේෂ හෙළිදරවුවක් කළේය. එනම් කොවිඩ් දෙවන රැල්ල ඇරඹි ඔක්තෝබර් මුල් සතියේ සිට රට පුරා දෛනිකව වාර්තා වූ මාරක රිය අනතුරු ප්‍රමාණය ශුන්‍ය අගයක් ගත් බවය. එසේ නොමැති නම් දෛනිකව මෙරට රිය අනතුරු නිසා පස් දෙනකු මිය යයි. එය ඇත්තෙන්ම කොවිඩ් වසංගතයටත් වඩා බියයුතු කරුණකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන ආකාරයට වසරකදී මාරක අනතුරු නිසා පුද්ගලයන් තුන්දහසක් මිය යති. ඒ ප්‍රමාණය එකක් හෝ වැඩි වනවා මිස අඩු වන්නේ නැත. ඇත්තෙන්ම මෙය සැලකිල්ලට ගත යුතු බරපතළ තත්ත්වයකි. එහෙත් පසු ගිය මාස දෙකේදී මෙන්ම පළමු කොවිඩ් තත්ත්වය පැවැති මාර්තු-මැයි කාලය තුළ ද රිය අනතුරු ප්‍රමාණය විශාල ලෙස අඩුව තිබේ. මෙයට හේතු වී ඇත්තේ මිනිසුන් තුළ ඇති අනවශ්‍ය කලබලය නැති වීමත් ධාවනය කරන්නන් ද නිසි ආකාරයට රිය පැදවීමත්ය. මෙය ඇත්තෙන්ම යහපත් දෙයකි. එහෙත් බස්නාහිර පළාතට පැන වූ ඇඳිරිනීතිය අවසන්ව සතියක් යන තැන මාරක අනතුරු නැවත වාර්තා වෙමින් තිබේ. එහි එක් අනතුරක් නුගේගොඩය. ඉන් තරුණයන් දෙ‍දෙනෙක් මිය ගියහ. එයට හේතු වී ඇත්තේ වසංගතය ගැන තිබූ අවධානය මඳක් දුරස් වූ සැණින් නැවතත් මිනිසුන් කලබලකාරී දිවියකට පිවිසීමය. එනිසා අප නිතරම අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ මාරක රිය අනතුරු සිදු වන ප්‍රමාණය අඩු කර ගැනීමටය. එයට එක් හේතුවක් වන්නේ රිය අනතුරු නිසා මෙරටට අහිමි වන්නේ අතිශය වටිනා තරුණ ජීවිත වීමය වීමය. තවත් දහස් ගණනක් ආබාධිත තත්ත්වයට පත්වන්නේ සදහටමය. එය කනගාටුවට කරුණකි. එනිසා අප කොවිඩ් කාලය පාඩමකට ගෙන දිගටම විනීත රියැදුරු රටාවකට හුරු විය යුතුය. අද සිදු වන බොහෝ අනතුරු වළක්වාගත හැකි අනතුරුය. ඒවා මාරක අනතුරු බවට පත්වන්නේ අපගේ නොසැලකිල්ල නිසාය. කොවිඩ් කළු වලාව තුළ සැඟව තිබෙන තවත් රිදී රේඛාවක් වන්නේ පරිසරයට සිදු වන හානිකර ක්‍රියාකාරකම් මේ කාලය තුළ අවම වීමය. පරිසරය දෙසට මිනිසා නැඹුරු වීමය. එය හොඳ ප්‍රවේශයකි. කලබලකාරි මානව රටාවට හුරු වූ ප්‍රදේශවල පරිසරය මේ මාස කිහිපය තුළ බොහෝ සෙයින් තරුණව තිබේ. ඒ ප්‍රදේශවල ලියුම්කරු ගමන් කරන විට අපට සිහිපත් වන්නේ අසූව දශකයේ තිබූ පරිසර සුන්දරත්වයයි. එය අප ඇස් මට්ටමින් දකින දෙයක් වුව ද ලෝක මට්ටමින් ද මේ කරුණ තහවුරු වී තිබේ. එනම් මේ වසර තුළ පරිසර හානිය, වායු දූෂණය මෙන්ම ඕසෝන් වියනට සිදුව තිබූ හානිය ද කෙමෙන් යථා තත්ත්වයට පත්ව ඇති බවය. මේ අනුව සලකා බලන විට කොවිඩ් අපට කියා දුන් පාඩම වන්නේ පරිසරය සමඟ බද්ධව විනයගරුක ජීවිතයක් ගත කළ යුතු බවය. අප රටක් සමාජයක් වශයෙන් මේ තත්ත්වය තේරුම් ගත යුතුය. ඒ අනුව වැඩ කළ යුතුය. එය එසේ වුව හොත් අපට පසුගිය කාලයේ අයහපත් දේ අමතක කර යහපත් දේවල් සමඟ ජීවිතය අනාගතය වෙත රැගෙන යෑමට පුළුවන. එමෙන්ම අප අමතක කර තිබූ ගෙවතු වගාව ද පසු ගිය කාලයේදී නැවත පණ ගැන්වුණි. එතෙක් කල් රූපවාහිනි යන්ත්‍රය ඉදිරියේ හෝ ස්මාර්ට් දුරකථනය ඉදිරියේ ගත කළ කාලය මෙවැනි ප්‍රයෝජනවත් දෙයක් වෙනුවෙන් ගත කිරීම සුවිශේෂය. මේ යහපත් දේ ද ඉදිරියට පවත්වාගෙන යා යුතුය. වර්තමානයේ ඇති කර ගත් යහපත් දේ අනාගත ජයග්‍රහණය වෙනුවෙන් ආයෝජනයක් ලෙස යොදා ගත හැකිය.

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.