24 C
Colombo
Tuesday, November 24, 2020

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු පහකට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5දෙනා ඇප මත මුදා හැර තිබේ.අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ...
More

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    අපේ අවට රුවට දිලෙන ගෙවතු පැළ

    දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන නව නිවෙසක් ඉදිකරන ඔබ ඊළඟට විපරම් කරනුයේ ගෙමිදුල ඇතුළු අවට පරිසරය දැකුම්කලු අන්දමින් අලංකාර කර ගන්නේ කෙසේදැයි කියායි. අතමිට සරුවට ඇති අය අධික මුදල් වැයකරමින් ගෙමිදුල අලංකාරයට විවිධ පැළ වර්ග මිලට ගෙන වගා කර ඇති අන්දමට ඔබත් මුදල් වැයකිරීමට සිතනු නොඅනුමානය. නිර්මාණශීලී හැකියාවක් ඔබට ඇත්නම් ඇතැම් විට තම අවටින් අලංකාර පැළ වර්ග නොමිලයේම සොයා ගත හැකිය.

    මෙයට අමතරව කහ හා ඉඟුරු වැනි වගාවන් තුළින් ද අලංකාර ගෙමිදුලක වටපිටාවක් ඔබට නිර්මාණය කර ගැනීමෙන් අතමිට සරුකර ගන්නද හැකි වනු ඇත. ඇතැම් විට මෙවන් ගෙඋයනක් නිර්මාණය කිරීමට ඔබට සුළු මුදලක් වැය විය හැකි මුත් එමඟින් ලැබෙන මානසික සතුට කියා නිම කළ නොහැකිය.

    තම අතේ ඇති මුදලට මිලදී ගන්නා මෙම ශාකවලින් ඔබට කැමති ආකාරයේ නිර්මාණයක් ගෙමිදුලේ සාදා ගැනීමට හැකියාවක් ඇත. විවිධ හැඩතල ස්වාභාවිකව ලබා දෙන ශාකවලට වඩා තම සිතැඟි ආකාරයට විවිධ හැඩතලවලට අනුව ශාකය හැසිරවීමට හැකියාවක් ඇති නිසා ඔබගේ නිවෙසට දර්ශනීය අලංකාරයක් නිතැතින්ම හිමිවෙයි. තමන්ගේ දෑතින් නිම කරන ලද අලංකාර නිමවුම දකින මොහොතක් පාසා සිතට දැනෙන මානසික සතුට මානසික සුවය කියා නිම කළ නොහැක.

    මෙසේ තම සිතැඟි අන්දමට රටා මවමින් ගෙමිදුල අලංකාර කිරීමට බෝගන්විලා (අන්දර) හා සයිප්‍රස් ශාකයන් දෙක ප්‍රසිද්ධියක් උසුලයි. ඕනෑම දේශගුණයකට ඔරොත්තු දෙන මෙම ශාකයන් අතීතයේ දී වනාන්තරවල දක්නට ලැබුණි. බෝගන්විලා නොඑසේනම් අන්දර ලෙසින් හඳුන්වන ශාකය අද වන විට විවිධ ප්‍රභේදයන්ට ලක්ව නිවෙස්වල මල් පෝච්චි තුළ අලංකාරව වගා කර ඇත. එසේම පයිනස් ගස යුරෝපයෙන් ගෙනැවිත් මුඩු බිම්වල වගා කිරීම සිදු කළත් පසුකාලීනව නිවෙස්වල අලංකාරයට වගා කිරීමට පටන් ගෙන ඇත.

    එහෙත් මෙම බෝගන්විලා වැලෙන් හා සයිප්‍රස් ගසෙන් තමන්ට රිසි සේ රටා මැවිය හැකි බවට මොහොතකට ඔබ සිතා බැලුවා ද? බෝගන්විලා දම් පැහැති මල් පිපෙන වැල් ඇදී යන ශාකය කටුවලින් යුක්ත වුවද නිවැරදි ලෙසින් නඩත්තු කරමින් අලංකාර හැඩතල ගැන්විය හැක. මෙම බෝගන්විලා ශාකය දස අතට විහිදී යන වැල් සහිත කටුවලින් යුක්තය. ඕනෑම පරිසරයක ඉතාමත් සරුවට වගා කිරීමට හැකිය. මෙය අතු රිකිළිවලින් පැළ ලබා ගත හැකිය. ගෙමිදුලේ සුදුසු ස්ථානයක වළක් කපා කොළ පොහොර වලින් පුරවා බෝගන්විලා අතු සිටුවන්න. පැළය හොඳින් වැඩිමට ඉඩ කඩ තිබිය යුතුය.

    හොදින් වැඩෙන විට අතු ඉහළට ඇදී යෑමට ආධාරක කණුවක් සිටුවන්න. ඉහළට ඇදෙන අත්තේ අනෙක් පරිවාර අතු එකතු කරමින් අදාළ රටාවන් නිර්මාණය කිරීම ආරම්භ කරන්න. වැලේ බිම් මට්ටමෙන් හැදෙන අතිරේක රිකිළි ඉවත් කරමින් හිරු එළිය හොඳින් ලැබීමට සලස්වන්න. ඔබට ගසේ වේගවත් වර්ධනයක් අවශ්‍ය නම් කොළ පොහොර ගස වටා අතුරන්න. මෙසේ වසර 4-5 පමණ කාලයක් ගත වන විට වර්ධනය වන බෝගන්විලා ගස කතුරක ආධාරයෙන් ඔබට අවශ්‍ය අන්දමට හැඩතල නිර්මාණය කර ගත හැකිය.

    මේ සමඟම ගෙමිදුල අලංකාරයට සයිප්‍රස් ගස ද උපයෝගි කර ගත හැක. උඩරට සීතල දේශගුණයක් පවතින ප්‍රදේශවල සරුවට වැවෙන සයිප්‍රස් ගස නත්තල් ගස ලෙස ද හැඳින්වේ. බීජවලින් පැළ ලබා ගන්නා ප්‍රභේදයකි. සිහින් කොළවලින් යුක්ත ඉතාමත් දැකුම්කලු ශාකයක් වන සයිප්‍රස් ගස උපයෝගි කර ගනිමින් නුවරඑළිය ප්‍රදේශයේ හෝටල් සහ මල් වතු අලංකාර අන්දමින් සකස් කර ඇති අන්දම දක්නට ලැබේ.

    මෙම සයිප්‍රස් පැළ ඔබ ගෙමිදුලේ සුදුසු ස්ථානයක සිටුවා හොඳින් නඩත්තු කරන්න. ගස ඉහළට වැඩෙන අන්දමට අතු අලංකාර ලෙසින් වටේට කප්පාදු කිරීම වැදගත්ය. ඔබට නඩත්තු කිරීමට හැකි උසකින් ඉහළට ඇදී යන අතු කපා දැමීමට මතක තබා ගන්න. එසේම ගස මුල සිට අඩි දෙකක් හෝ තුනක් පමණ උසට අතු ඉවත් කිරිමෙන් ඔබ මවන හැඩතල කැපී පෙනේ. මෙම අලංකාර හැඩ තල මැවීමට ඔබට අවශ්‍ය වන්නේ යකඩ කතුරක් පමණි.

    සයිප්‍රස් ගස නිවෙසට වැටි ඇති මාර්ග දෙපස වැටක් ලෙසින් අලංකාරයක් ගෙන දෙන ලෙසට සැකසිය හැක. අන්දර ශාකය ද ගෙමිදුල සහ මල් වතු උද්‍යාන අලංකාරයට පහසුවෙන් යොදා ගත හැකිය. රිකිළිවලින් පැළ ගැනීමට හැකි අතර ගෙමිදුල වටා වැටක් ලෙසින් ද මල් පාත්ති වෙන් කරන අලංකාර රටාවක් ද මෙමඟින් මතු කර ගත හැකිය. ගස වර්ධනය විමෙන් පසු තමන්ට කැමති උසකට කප්පාදු කර ගැනීමෙන් ඔබගේ ගෙමිදුලට අලංකාරයක් ලැබෙනු ඇත.

    ඔබට ඇන්තූරියම්, ඕකිඩ් වැනි මල් පැළ හා අලංකාර විසිතුරුපැළ වර්ගවලින් ද ගෙමිදුල මේ ආකාරයට අලංකාර කර ගැනීමට පුළුවන. මෙසේ අලංකාර ගෙමිදුලක් ඔබට නිර්මාණය කර ගැනීමට හැකියාවක් ඇති සේම වර්තමානයට ගැළපෙන අන්දමට කහ වගාවෙන් ද ගෙමිදුලෙහි අලංකාර නිර්මාණයක් සකසා ගත හැකිය. තම ගෙමිදුලේ කෙළවරක කහ වගාවක් සිදු කරන්නේ නම් එම කහ වගාවේ පඳුරුවලින් දිස්වන හරිත පැහැයෙන් අමුතුම අලංකාරයක් ලැබෙන අතරම සරු අස්වැන්නක් ගෙන අතමිට සරුකර ගැනීමට අනියමින් ඉවහල් වේ. තම ගෙවත්තේ ඉවත ලන දේවලින් සකසා ගන්නා කාබනික පොහොර හා ගැඩවිල් පොහොර යොදා ගනිමින් සරුසාර කහ වගාවක් නඩත්තු කිරීමට පුළුවන. මෙම වගාවෙන් රටේ කහ අවශ්‍යතාව ද විසඳීමට රුකුලක් වනු ඇත.

     

     

     

    ආර්. රාජමන්ත්‍රී

    වැලිමඩ සමූහ

    Latest Posts

    සියලු සහනාධාර ජනතාවට නොපිරිහෙළා ලබා දෙනවා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ

      ජනතාවට දෙන සියලු සහනාධාර නොපිරිහෙළා ලබා දෙන අතර, ඒ ගැන කවුරුත් කලබලයට පත්විය යුතු නැතැයි ද, කිසිම අවස්ථාවක ජනතාව අසීරුතාවට පත් කිරීමට ඉඩ තබන්නේ...

    අධිවේගී මාර්ග සංවර්ධනය සමාජ – ආර්ථික ප්‍රවර්ධනයට සුවිශාල රුකුලක් ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

    අධිවේගී මාර්ග සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනයට ලැබෙන දායකත්වය සුවිශාල බව මහා මාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා...

    ස්වජාතික නිෂ්පාදකයන් සුරක්ෂිත කිරීමට රජය මැදිහත් වෙනවා – ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    'ස්වජාතික නිෂ්පාදකයන් වඩාත් සුරක්ෂිත කිරීමට රජය මැදිහත්ව කටයුතු කරනවා.' යැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) මීගමුව...

    කොරෝනා පෙරට දමා ජනතාව කුලප්පු කරන්න එපා විපක්ෂ නායකට රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ කියයි

    කොරෝනා වසංගතය ප්‍රශ්නයක් බවට පත්කර ඉන් ජනතාව කුලප්පු නොකරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.