රෝහල්ගතව සිටින පිරිස 5,422ක්
කොවිඩ් 19 ආසාදනය වූ 18,075 දෙනකුගෙන් ඊයේ (18) උදෑසන වන විට 12,587ක් සුවය ලබා ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මින් 5,422ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් 66 දෙනකු ඊයේ වන විට මියගොස් ඇති බවත් එම මධ්‍යස්ථානය කියා සිටියි.
ඊයේ (18) හඳුනාගත් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 401 දෙනකු සිටින බවත් ඉන් දේශීයව පුද්ගලයන් 398 දෙනකු සහ විදේශීය රටවල සිට මෙරටට පැමිණි විදේශීය මුහුදු ආරක්ෂකයන් 03 දෙනකු ලෙස වාර්තා වන බවත් පවසන එම මධ්‍යස්ථානය හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ කොළඹ ප්‍රදේශයෙන් බවත් ආසාදිතයන් 201ක්, ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයන් 82ක් සහ කළුතර ප්‍රදේශයෙන් ආසාදිතයන් 32ක් වශයෙන් වාර්තා වී ඇති බවත් කියා සිටියි.