24 C
Colombo
Tuesday, November 24, 2020

මහජන ධනය ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය අකුරටම ඉටු කරමින් සිටිනවා – ඇමැති විමල් වීරවංශ

Author(s): ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාරසන්ධ්‍යා කරුණාරත්නරටේ වගා කළ හැකි කහ ගැන ජනාධිපතිතුමා ගත් තීන්දු එලෙසමයි- රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන කොමිෂන් සභා යහපාලන කාලයේ වැඩ කළේ හිටපු අගමැති රනිල්ට හා විපක්ෂ...
More

    Latest Posts

    ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

    ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...

    යුදහමුදාවෙන් හදිසි ආපදා කළමනාකරණයට විශේෂ සේනාවක්

    ශ්‍රී ලංකා යුද හමුදා 58වන සේනාංකය යටතේ 'හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්' නිර්මාණය කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

    මැදපෙරදිග සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව

    මැදපෙරදිග රටවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන්...

    අද කාලගුණ වාර්තාව

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී.370 දුරින් (9.3N,84.5E) මුහුදු ප්‍රදේශයේ...

    ආහාර සුරක්ෂිතතාව සූදානම ඇඟට ගුණයි

    ආහාර සුරක්ෂිතතාව යටතේ අවශ්‍ය ප්‍රමාණයට ආහාර සපයා ගැනීමට ඇති හැකියාව, ආහාරවල ආරක්ෂිත බව, සහ ආහාරවල ගුණාත්මක බව යන කාරණා තුන ඉතා වැදගත්ය. මෙය තවදුරටත් අවධාරණය කරන්නේ නම් කොවිඩ් වසංගතය හමුවේ මේ කාරණා තුන අතිශය වැදගත්ය. තීරණාත්මකය. මෙහිදි ජාතික දේහය තුළ දැවැන්ත ව්‍යසනයක් ක්‍රියාත්මක මෙහොතක දී ආහාර සුලබ වුවත් ආහාර මිලදී ගැනීමට ජනතාවට ආර්ථික ශක්තියක් නොමැති වීම ද සිදු විය හැකිය. 

    මූලික මිනිස් අවශ්‍යතා අතරින් අන් සියල්ලම අබිබවා සිටින්නේ ආහාරයි. එහෙත් ආහාර සුලබ නම් ආහාරවල දැඩි අවශ්‍යතාව අපට එතරම් දැනෙන්නේ හෝ හැඟෙන්නේ නැත. මේ නිසා ඇතැම් රටවල් ආහාර හිඟයකින්, එසේත් නොමැති නම් ආහාර අහේනියකින් පෙළෙන විට ආහාර සුලබ අයට ඒ ගැන සානුකම්පිත හැඟිමක් හැර අපටත් එවැන්නක් සිදු වේ දෝයි බියක් ජනිත නොවෙයි. අතැම් අප්‍රිකානු රටවල මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාව දකින විට අප තුළ ඇති වන්නේ දුක්මුසු හැඟීමක් මිස බියක් නොවන්නේ අද අපට රිසිසේ ආහාර ඇති නිසාය.

    ආහාර බෙදි යෑමේ විෂමතාව, මන්දපෝෂණය, දරිද්‍රතාව වැනි මාතෘකා මෙන්ම ආහාර හිඟයට බලපාන නියඟය, ගංවතුර වැනි ස්වාභාවික විපත් මුළු ලෝකයටම බලපවත්වන වඩාත් සුලබ කාරණා වන මුත් ආහාර සුරක්ෂිතතාව යන මාතෘකාව එතරම් කතාබහට ලක් වුණු සෙයක් දක්නට නොලැබෙයි. එහෙත් පෙර නොවූ විරූ පරිදි මේ මාතෘකාව දැන් කරළියට පැමිණ තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව මුළු ලෝකයම එකම ව්‍යසනයක් හමුවේ දණ නමා ඇති මොහොතක ඊළඟට පැන නඟින අර්බුදය ආහාර හිඟයත් සමඟ මතු වන පෝෂණ ඌණතාවකින් පෙළෙන පරපුරක් නිර්මාණය වේය යන්නයි.

    කොවිඩ් 19 වසංගතය ලොව පුරා පැතිර ගොස් මාස එකොළහක් පමණ දැනටමත් ගෙවී ගොස් හමාරය. මේ වසංගතය 2021ට ද ඇදී යනු ඇතැයි දැන් පවතින මතයයි. බොහොමයක් යුරෝපා රටවල් මෙන්ම ආසියානු රටවල් ද මේ හේතුවෙන් ආර්ථිකමය වශයෙන් අර්බුදකාරි තත්ත්වයකට පත්ව ඇත. ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයන් ලෙස සිටින ඉන්දියාව වැනි රටවල්වල දෛනික ජන ජීවිතය පවා අක්‍රිය වී ඇති මොහොතක ආහාර නිෂ්පාදනය කරන රටවල් මෙන්ම ආනයන අපනයනයෙන් තම රටේ බඩ වියත රැක ගන්නා රටවල් ද මේ උභතෝකෝටික ප්‍රශ්නයට මැදි වී සිටී. එම නිසා බොහොමයක් රටවල් දූරදර්ශීව මේ වන විට කොවිඩ් පැරදවිමේ සටනක මෙන්ම ආහාර සුරක්ෂිතතාව සඳහා වූ සංග්‍රාමයක ද නියැළි සිටී.

    කෘෂි කර්මාන්තය හා ආහාර කර්මාන්තය පෙරටු කර ගත් ආර්ථිකයක් මත රැඳී පවතින අප වැනි රටකට මේ මාතෘකාවේ ඇති වැදගත්කම අතිශය වැදගත්ය. මේ මොහොතේ අප ගෙවමින් සිටින්නේ කොව්ඩ් 19 වසංගතයේ අවසන් තීරණාත්මක අවස්ථාව නොවන්නට පුළුවන. මේ වන විට මේ ව්‍යසනය ලෝකයෙන් තුරන් වී යන තත්ත්වයක් ද නොමැති නිසා ඉදිරියට මීට වඩා දැවැන්ත අභියෝගයක් දේශීය ආර්ථිකයට එල්ල විය හැකිය. මේ නිසා අනාගතයේ ඇති විය හැකි ආහාර හිඟයක්, නිෂ්පාදන කඩා වැටීමක්, ආනයනය අඩාළ වීමක්, අපනයන වෙළෙඳපොළ දොරටු මුළුමනින්ම වැසී යෑමක් සිදු වන්නට බැරිකමක් නැත. මේ නිසා රටේ ජනතාවට ඕනෑම අවස්ථාවක අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා ගැනීමට ආහාර සුරක්ෂිතව තිබිය යුතුය.

    ආහාර සුරක්ෂිතතාව යටතේ අවශ්‍ය ප්‍රමාණයට ආහාර සපයා ගැනීමට ඇති හැකියාව, ආහාරවල ආරක්ෂිත බව, සහ ආහාරවල ගුණාත්මක බව යන කාරණා තුන ඉතා වැදගත්ය. මෙය තවදුරටත් අවධාරණය කරන්නේ නම් කොවිඩ් වසංගතය හමුවේ මේ කාරණා තුන අතිශය වැදගත්ය. තීරණාත්මකය. මෙහිදි ජාතික දේහය තුළ දැවැන්ත ව්‍යසනයක් ක්‍රියාත්මක මොහොතකදී ආහාර සුලබ වුවත් ආහාර මිල දී ගැනීමට ජනතාවට ආර්ථික ශක්තියක් නොමැති වීම ද සිදු විය හැකිය. එහෙත් වාසනාවකට මෙන් මේ අවස්ථාවට අප ළඟා වී නොමැති වුවත් අවදානමට පෙර සුදානම ඉතා අවශ්‍යය.

    රටේ ජනතාවට ප්‍රමාණවත් පරිදි පරිභෝජනයට ආහාර පැවතීම යනු සමෘද්ධිමත් සහ ස්වයංපෝෂිත බවයි. එවැනි සියයට සියයක් සමෘද්ධිමත් මට්ටමකට ළඟා වීම දුෂ්කර කටයුත්තක් විය හැකි මුත් ආහාර හිඟය වැළැක්වීම සඳහා නිෂ්පාදන ඉහළ නංවා ඉතා ප්‍රශස්ත ආහාර සංචිතයක් රට තුළ පවත්වා ගෙන යෑමට අපට ඉතා ඉහළින්ම හැකියාවක් ඇත. මක් නිසාද අපේ රට කෘෂි කර්මාන්තයෙන් ගොඩනැඟුණු රටක් නිසාය. මේ මොහොතේ අපේ රටේ ද ඇතැම් ප්‍රදේශ කොවිඩ් වසංගතය නිසා වැසි ඇත. එහෙත් ආහාර නිෂ්පාදන දාමයේ බිම් මට්ටමේ සිටින මූලික පුරුක වන ගොවි බිම් තවමත් කොවිඩ් ව්‍යාප්තියෙන් තොර සුරක්ෂිත ප්‍රදේශවල පිහිටා ඇත. මේ නිසා ප්‍රාදේශීයව පවතින ආහාර නිෂ්පාදන යාන්ත්‍රණය වඩාත් ප්‍රබල ලෙස බල ගැන්වීම මෙම ආහාර සුරක්ෂිත වැඩසටහනේ මූලික පියවර බවට පත් විය යුතුය.

    මේ වන විටත් අපේ රටේ ප්‍රාථමික නිෂ්පාදන පියවර තවමත් අඩාළ වී නොමැත. එහෙත් ආහාර වගා කිරීමට මූලික යටිතල පහසුකම් නිදසුනක් ලෙස පොහොර ආදිය නොලැබෙන තත්ත්වයට පත්ව හෝ වගා බිම්වල ශ්‍රමය වපුරන ගොවි ජනතාවට ඒ කාර්ය කිරීමට බාධාවක් පැන නැඟී ඇත්නම් මේ මූලික පියවර කඩා වැටෙනු ඇත. එහෙත් මේ වන විට එවැනි තත්ත්වයක් මතු වී නොමැති නිසා මේ ප්‍රාදේශීය මට්ටමේ ආහාර නිෂ්පාදනය ශක්තිමත් කිරීමට අවධානය යොමු කළ යුතුව ඇත. මේ වන විටත් රජයේ උපදෙස් පරිදි ගෙවතු වගා සංග්‍රාමයක් ඇරඹී තිබේ. එය ඉතාමත් අගය කළ යුතුය. ඉන් ද නොනැවතී වැඩි ධාරිතාවකින් ආහාර නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට සැපයෙන නිෂ්පාදන ක්‍රමවේදයකට අප වහ වහා අවතීර්ණ විය යුතුය.

    ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම මෙන්ම ආහාර සැකසුම්කරණය ද මේ මොහොතේ ඉතා වැදගත්ය. නිෂ්පාදනය කරන දෑ අනාගතය සඳහා සුරක්ෂිත ව ගබඩා කර ගැනීමට නොහැකි නම් ආහාර සුරක්ෂිතතා දාමය බිඳ වැටෙනු ඇත. මෙහිදී අප සන්නද්ධ වන්නේ කොවිඩ් වසංගතය හමුවේ ආහාර සුරක්ෂිතා සංග්‍රාමයකට නම් උක්ත සැකසුම්කරණයේදී ආහාර විවිධාංගීකරණයට වඩා අත්‍යවශ්‍ය ආහාර බෙදා හැරීම සහ ගබඩාකරණයට දැඩිව වග බලා ගත යුතුය. අත්‍යවශ්‍ය ආහාර යනු ජනතාවගේ පෝෂණ තත්ත්වය බිඳ නොවැටීම සඳහා වුවමනා වන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටින සහ ලිපිඩමය ආහාරයි.

    ජනතාවගේ අනාගත පරිභෝජන අවශ්‍යතා සඳහා ගබඩාකරණය ඉතා වැදගත්ය. ගබඩා පහසුකම් නොමැති නම් නිෂ්පාදකයා එම කාර්යයෙන් ඉවත් වීමට උත්සාහ දැරීම නො වැළැක්විය හැකියි. මෙහිදි සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන වී සංචිත පමණක් නොව ධාන්‍ය, එළවළු, පලතුරු ආදියට ද විධිමත් ගබඩා පහසුකම් අවශ්‍යය.

    වසංගත තත්ත්වයක් යනු නියඟයක් හෝ ගංවතුර වැනි තත්ත්වයක් නොවේ. ජනතාවගේ සෞඛ්‍යයට බලපවත්වන ප්‍රබල තර්ජනයකි. මේ නිසා රජය සහ සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි සංචරණ සීමා පැනවීමට සිදු වෙයි. මේ කාරණයේදී ප්‍රාදේශීය නිෂ්පාදන හා බෙදා හැරීමේ යන්ත්‍රණය ඉතා වැදගත්ය. මෙය එක් අංශයකින් පමණක් නොව නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය බෙදා හැරිමේ ක්‍රමවේද ගබඩා කිරීමේ ක්‍රමවේද මේ සියල්ලට පහසුකම් සැපයීමට රජයට සිදු වෙයි. මේ වන විට බොහොමයක් විදෙස් රටවල මේ කාර්යය ශක්තිමත් කරමින් පවතී. වපසරිය අනුව විශාල ප්‍රදේශයකටම වඩා ප්‍රාදේශීය මට්ටමින් නිෂ්පාදනය, ගබඩාකරණය සහ බෙදා හැරිම සිදු වන්නේ නම් පාරිභෝගික ජනතාව මුහුණ පාන ආහාර හිඟය වැනි ගැටලු ඉතා හොඳින් කළමනාකරණයකින් විසඳා ගත හැකිය.

    රටක හදිසි තත්ත්වයක් මතු වූ විට මුලින්ම සිදු වන්නේ අත්‍යවශ්‍ය ආහාර ආදියෙහි මිල වැඩි වන පරිසරයක් නිර්මාණය කිරීමට පෞද්ගලික වෙළෙඳ මාෆියාව උත්සාහ දැරීමයි. මෙවැනි අවස්ථාවලදී රටේ ජනතාවගේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන ආහාර ආනයනය කිරීමට රජයට සිදු වෙයි. ඉකුත් සමයේ සහල් හිඟයක් මවා පෑමට දැරූ උත්සාහයේදී රජය දූරදර්ශීව සහල් ආනයනය කරන බව පැවසීමත් සමඟ පෞද්ගලික වෙළෙන්දන්ගේ සහල් සංචිත වෙළෙඳපොළට ගලාගෙන ආවේය. මෙවැනි තත්ත්වයන් මඟ හැරවිම සඳහා රජය සතුව ශක්තිමත් ආහාර සංචිතයක් පැවතීම මෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ හැකිය.

    එමෙන්ම ආහාර සුරක්ෂිතතාවේදී නිෂ්පාදන දාමය වැඩි වශයෙන් සිදු වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ගෙනි. මේ පිරිස සිදු කරන ජාතික කර්තව්‍යය ශක්තිමත් කිරීමට ණය සහන ලබා දීම, රක්ෂණ වන්දි ආදිය හඳුන්වා දීම, වෙනත් දිරි ගැන්වීම් වැදගත්ය. එහිදි සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයා ආරක්ෂා කර ගන්නේ නම් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ඇතැම් විට නොලැබෙන සහායක් මෙන්ම හදිසි තත්ත්වයන්හිදී අවම කොන්දේසි හෝ කොන්දේසි විරහිතව රජයට ඔවුන්ගේ භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමට ද පරිසරය උදා වෙයි. 

    කොවිඩ් වසංගතයේ පළමු රැල්ලට වඩා මේ මොහොතේ පවතින තත්ත්වය අවදානම් වන්නේ සෞඛ්‍යමය වශයෙන් පමණක් නොවෙයි. මේ තත්ත්වය සමනය වීම කවදා කිනම් මොහොතකදී සිදු වේ දැයි කිව නොහැකිය. මේ නිසා ආහාර සුරක්ෂිතතාවයේදී පසුඅස්වනු හානිය සහ ආහාර පරීක්ෂණය ද ඉතා වැදගත් වෙයි. නිෂ්පාදනය අඩාළ විය හැකි නිසා නිපදවන දෑ සකසුරුවම් කිරීමේදී සිදු වන පසු අස්වනු හානිය ඉතාමත් අඩු කර ගත යුතුය. විශේෂයෙන් එළවළු, පලතුරු ආදියෙහි අද දවසේ සිදු වන නාස්තිය හෙට දිනයේ බරපතළ ආහාර අර්බුදයකට හේතුවක් විය හැකිය. එමෙන්ම පරීක්ෂණය යනු කල් තබා ගැනීමයි. මෙය නිවෙසේ මුළුතැන්ගෙයි සිට මහා පරිමාණයෙන් ද සිදු විය යුතුය. ජනතාවට ආහාර කල් තබා ගැනීමේ වැදගත්කම සහ ඒ සඳහා නිවෙසේදී අනුගමනය කළ හැකි තාක්ෂණය පිළිබඳ දැනුම දිය හැකිය. එමෙන්ම මහා පරිමාණයෙන් නම් කිරි, මස් , මාළු බිත්තර, සහල් සහ වෙනත් ධාන්‍ය ආදී අත්‍යවශ්‍ය ආහාර කල් තබා ගැනීමේ තාක්ෂණය ඉහළ නැංවීම වඩාත් බුද්ධිගෝචරය. එය සිදු විය යුතුය.

    ආහාර සුරක්ෂිතතාවයේදී ඉතා වැදගත්ම කාරණයක් වන්නේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ නංවමින් එම කාර්යය සිදු වීමයි. වසංගත තත්ත්වයකදී අවශ්‍යම කාරණය වන්නේ බෝවන රෝග වළක්වාලමින් හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට ජනතාවට මඟ සලසා දීමයි. ඒ සඳහා සෑම පුරවැසියකුටම පෝෂ්‍යදායි සමබල ආහාර වේලක් ලබා ගැනීමට වෙනදාටත් වඩා වැඩි ඉඩ කඩක් ඇති කිරීම කළ යුතුය. මෙය යම් අභියෝගයක් මුත් වගකීමකි. ඒ සඳහා වත්මන් රජයේ වැඩපිළිවෙළ ජනතා ප්‍රශංසාවට ලක්ව ඇත. නිරෝධායනය වන පවුල්වලට මෙන්ම ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල ජනතාවට වියළි ආහාර බෙදා දීම, ඉකුත් සමයේ රුපියල් පන්දහසක දීමනාවක් දීම අගය කළ යුතුය. මේ තුළින් මානසිකව වැටී සිටින ජනතාව කායිකව ශක්තිමත් කිරීම සිදු වේ.

    තවද, ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳ සහතිකය ජනතාව මේ මොහොතේ වැඩියෙන් අපේක්ෂා කරයි. මේ සඳහා ආහාර නිෂ්පාදනය කරන්නන්, ගබඩාකරුවන්, ප්‍රවාහනය කරන්නන්, සැකසුම්කරුවන් මේ සියලු පාර්ශ්වවලට තිබෙන වගකීම ගැන ඔවුන් නිරන්තරයෙන් දැනුම්වත් කළ යුතුය.කොවිඩ් යනු ක්ෂණික, විශාල පිරිසකට පැතිර යා හැකි වසංගතයක් නිසා ආහාර නිෂ්පාදන දාමයේ සිටින අයගෙන් රෝගය සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට මේ දැනුම්වත් බව ඉතා වැදගත්ය. එමෙන්ම පාරිභෝගික ජනතාව අතර පවතින දුර්මත දුරලීම ද මීට අදාළ වෙයි. දැනට තහවුරු වී ඇති ආකාරයට මෙම වයිරසය ආහාර පෘෂ්ඨයක් මත පැවතිය හැකි මුත් ගුණනය විමක් සිදු නොවේ. මේ නිසා මාළු හෝ වෙනත් ආහාර අනුභව කිරීමෙන් වයිරසය ආසාදනය වීමක් සිදු නොවේ.

    කෙසේ වෙතත් ජාතියක් වශයෙන් අභියෝගාත්මක මොහොතේදී අප සියලු දෙනාටම බරපතළ වගකීමක් පැවරී ඇත. එමෙන්ම අපි සියලු දෙනාටම තනිව සහ සාමුහිකව කළ හැකි බොහෝ දේ ඇත. සාමුහිකව කළ හැකි දේ වඩාත් ප්‍රශස්ත ලෙස ඉටු කර ගැනීමට සාකච්ඡාමය ක්‍රමවේදය ඉතා වැදගත්ය. මේ මොහොතේ කොවිඩ් පාලනයට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින සාමූහික තීරණ ගැනීම මෙන්ම ඉදිරියේදී ඇති විය හැකි පෝෂණ ගැටලු ජය ගැනීමට ද සාකච්ඡාමය මණ්ඩපයක් අවශ්‍ය බව අපි යෝජනා කරමු. විශේෂයෙන් දරුවන් සහ වැඩිහිටි ජනතාව පෝෂණයෙන් ශක්තිමත් කර බෝවන රෝග රැල්ලෙන් ආරක්ෂා කර ගත යුතුව ඇත. ලෝකයේ කොවිඩ් පාලනයෙන් හැමටම ආදර්ශයක් දුන් ශ්‍රි ලංකාවට මේ ව්‍යායාමය ද සාර්ථක කර ගැනීම අවශ්‍යය.

    සකුන්තලා ජයසිංහ

    Latest Posts

    ආසාදිතයින් සංඛ්‍යාව 20508ක් දක්වා ඉහලට.

    ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 20508 දක්වා ඉහළ ගියේය. ආසාදිතයන් 5921 තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින්...

    යුදහමුදාවෙන් හදිසි ආපදා කළමනාකරණයට විශේෂ සේනාවක්

    ශ්‍රී ලංකා යුද හමුදා 58වන සේනාංකය යටතේ 'හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්' නිර්මාණය කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

    මැදපෙරදිග සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාව

    මැදපෙරදිග රටවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවක් ලබා දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන්...

    ඔක්ස්ෆර්ඩ් කොවිඩ් වැක්සිනය සාර්ථක බවට වාර්තාවක්

    බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය නිෂ්පාදනය කෙරෙන කොවිඩ් එන්නත, කොරෝනාවට එරෙහිව සියයට 70ක් සාර්ථක මෙන්ම ආරක්‍ෂිත බවට එරට මාධ්‍ය වාර්තා කර ඇත.    එම ප්‍රතිඵල නිකුත් වූයේ ඔක්ස්ෆර්ඩ්...

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.